CTS Engineers

CTS Engineers Established in Cairns,

CTS Engineers is a Civil and Structural Engineering Design and Project Management consultancy capable of servicing the needs of a wide range of clients ranging from Builders to Local Councils.

14/06/2026

**මසල් හැදෙන්න නම් පේශි ඉරෙන්නම ඕනද? 🤔**

Gym යන ගොඩක් අය තාම හිතන්නේ...

🏋️ Weight උස්සනවා
➡️ පේශි තන්තු වල කුඩා ඉරි තැලීම් (micro tears) ඇතිවෙනවා
➡️ ඒවා repair වෙනවා
➡️ මසල් ලොකු වෙනවා

කියලා.

ඒත් අද තියෙන විද්‍යාත්මක සාක්ෂි වලින් නම් පේන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ කියලා.

ඇත්තටම මාංශ පේශී වර්ධනය සඳහා බලපාන ප්‍රධාන සාධකය **micro tears (කුඩා ඉරිතැලීම්)** නෙවෙයි.

ප්‍රධාන driver එක **mechanical tension**.

Weight එකක් උස්සනකොට පේශිය ඇතුළේ tension එකක් (ආතතියක්) ඇති වෙනවා. Body එක ඒ tension එක වර්ධනය සඳහා ලබාදෙන සංඥාවක් (growth signa) විදිහට හඳුනා ගන්නවා.

ඊට පස්සේ:

🏋️ Lift
➡️ Mechanical Tension
➡️ Mechanotransduction
➡️ Muscle Protein Synthesis (MPS) වැඩි වීම
➡️ Repeated Adaptation
➡️ Bigger Muscle 💪

# # # එතකොට Micro Tears කියන්නේ බොරුද?

නෑ.

Micro tears ඇත්තටම තියෙනවා.

Resistance training වලින්:

✔ Z-line streaming
✔ Sarcomere disruption
✔ Cytoskeletal damage
✔ Cell membrane damage

වගේ දේවල් වෙන්න පුළුවන්.

මේවා laboratory studies වලින් හොඳින්ම පෙන්නලා තියෙනවා.

නමුත් මෙතන ගොඩක් අය කරන වැරැද්ද තමයි...

❌ "ඉරිතැලීම් වෙනවා, ඒ නිසා මසල් හැදෙනවා"

කියලා හිතන එක.

ඒක evidence එකෙන් support වෙන්නේ නෑ.

# # # Chris Beardsley ඇතුළු researchersලා යෝජනා කරන model එක

👉 Damage එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි (optional).

👉 මාංශ පේශී තන්තු ආතතියට ලක්වීම අනිවාර්යයි (Tension එක mandatory).

Muscle damage අඩුවෙන් තිබුණත් growth වෙන්න පුළුවන්.

නමුත් tension නැතුව growth වෙන්නේ නෑ.

---

🔥 **Interesting Fact #1**

අලුත් ව්‍යායාමයක් කරද්දී දවස් 3-4ක් සුළු වේදනාවක් එන්න පුළුවන්.

මාස 2කට පස්සේ ඒ වේදනාව නැති වෙනවා.

ඒත් muscle growth තවමත් සිද්ධ වෙනවා.

ඉතින් වේදනාව හෝ damage තමයි මාංශ පේශී වර්ධනයට ප්‍රධාන හේතුව නම් වර්ධනය නවතින්න ඕන.

නමුත් එහෙම වෙන්නේ නෑ.

🔥 **Interesting Fact #2**

Advanced liftersලාට beginner කෙනෙකුට වගේ DOMS (Delayed Onset mescle Soreness/ පසුදින ඇතිවන සුළු වේදනාව)එන්නේ නැති තරම්.

ඒත් ඔවුන් තවමත් muscle build කරනවා.

🔥 **Interesting Fact #3**

වැඩිපුර damage හැමවෙලේම හොඳ දෙයක් නෙවෙයි.

Excessive damage නිසා:

❌ Recovery ප්‍රමාද වෙනවා
❌ Performance අඩු වෙනවා
❌ Training frequency අඩු වෙනවා

🔥 **Interesting Fact #4**

**Blood Flow Restriction (BFR) Training** කියන්නේ ඉතාම සැහැල්ලු weight (20-30% 1RM වගේ) භාවිතා කරලා කරන training method එකක්.

මේ training වලදී:

✔ Muscle damage සාමාන්‍යයෙන් අඩුයි
✔ Heavy weights අවශ්‍ය නෑ
✔ විශාල micro tears ඇතිවෙන්නෙත් නෑ

හැබැයි...

Studies ගණනාවකින් පෙන්නලා තියෙන්නේ BFR training එකෙන්ත් සැලකිය යුතු muscle growth ලබාගන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ...

👉 Muscle damage අඩුවෙන් තිබුණත් muscle growth වෙන්න පුළුවන්.

ඒ නිසා hypertrophy එකේ ප්‍රධාන driver එක damage නෙවෙයි කියන අදහසට BFR training හොඳ practical example එකක්.

සරලව කිව්වොත්...

මසල් හැදෙන්නේ:

❌ පේශි ඉරෙන නිසා නෙවෙයි

✅ පේශිය මත ඇතිවන mechanical tension එක body එක growth signal එකක් බවට පරිවර්තනය කරන නිසයි.

ඒ නිසා workout එකකින් පස්සේ අහන්න ඕන ප්‍රශ්නය:

❌ "අද පේශි ඉරුණද?"
❌ "අද DOMS එයිද?"

නෙවෙයි.

✅ "අද මම පේශියට ප්‍රමාණවත් tension එකක් දුන්නද?" කියන එකයි.

**Micro tears ඇතිවෙන්න පුළුවන්.**

**හැබැයි muscle growth එකට ඒවා අත්‍යවශ්‍ය නෑ.**

**Growth එක පටන් ගන්නේ muscle fiber එකට ලැබෙන mechanical tension එකෙන්.** 💪🔥

සුභ දවසක්.
බර අඩු කරමූ, සතුටින් සිටිමු.

07/06/2026
26/05/2026

“වැඩිපුර මස් කන නිසා Hong Kong අය වැඩිපුර ජීවත් වෙනවා” කියන කතාව මේ දිනවල social media වල දකින්න පුළුවන්.
හැබැයි මේකේ ලොකුම ගැටලුව තමයි, correlation (සම්බන්ධය) එක causation (හේතුව) එකක් වගේ පෙන්නන එක.

ඔව්, Hong Kong වල life expectancy එක ඇත්තටම world-leading.
2023 data අනුව අවසාන වශයෙන් අවුරුදු 85+
ඒක Japan, Switzerland, Australia වගේ රටවල්ටත් ඉහළ අගයක්

හැබැයි ඒක “මස් කන නිසා” කියලා කවුරු හරි නිගමනය කරන එක කරන එක විද්‍යාත්මක සාක්ෂි දත්ත අනුව නිවැරදි කාරණයක් නොවේ.

මොකද Hong Kong අය වැඩිපුර ජීවත් වෙන එකට බලපාන ප්‍රධාන කාරණා ගොඩක් තියෙනවා:

• Very low smoking rates 🚭
• Excellent healthcare access
• Low cardiovascular mortality
• High daily walking/public transport lifestyle
• Strong public health system
• Very low infant mortality

ඒ අතරේ වැදගත්ම එක තමයි,
social media වල“රතු මස් වැඩිපුරම ආහාර ගැනීම” කියන අගය පටලවාගෙන තියෙනවා Hong Kong වල නිෂ්පාදනය කරන රතු මස් ප්‍රමාණය සමඟ.
මොකද රතු මස් වැඩිපුර පරිභෝජනය කරනවා කියන අගය mostly food supply data එකක්. එහෙම නැතුව ඇත්තටම Hong Kong වැසියන් දෛනිකව ආහාරයට ගන්න කරන අගය නෙවෙයි.

Hong Kong රජයේ ආහාර පරිභෝජනය සම්බන්ධව සිදුකර ඇති සමීක්ෂණ අනුව සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දෛනිකව පරිභෝජනය කරන්නේ,

🥩 රතු මස් ~78g/day
🍗 කුකුළු මස් ~32g/day
🐟 මාළු ~43g/day
🍚 Cereals & grains තමයි වැඩිපුරම භාවිතා කරන ආහාරය වර්ගය වෙන්නේ

ඒ කියන්නේ social media වල පෙන්නන්න උත්සාහ කරනවා වගේ Hong Kong හැම කෙනෙක්ම Dr.Wannaku ගෙ භාෂාවෙන්ම කියනවා වගේ බුරිය උල් වෙන්න රතු මස් කනවා කියල එකක් නෑ 😅

තවත් වැදගත් කාරණයක්👇

Hong Kong කියන්නේ:
• 7.5 million residents
• massive tourism hub
• restaurant-heavy economy
• huge imported food system

ඒ නිසා supply numbers = personal intake කියලා assume කරන්න බෑ.

අනිත් කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි දත්ත අනුව

• Processed meat → පිළිකාකාරකයි
• High processed meat intake → colorectal cancer risk increase
• Healthy diet සඳහා fruits, vegetables, legumes, whole grains ආහාරයට එකතු කරගත යුතු බව.

ඒ කියන්නේ “වැඩිපුර මස් කන නිසා Hong Kong අය වැඩිපුර ජීවත් වෙනවා” කියන කාරණය එක විද්‍යාත්මක සහ අනෙකුත් දත්ත සමග එකඟ වෙන්නේ නැහැ’

ඇත්තටම Hong Kong උදාහරණය පෙන්නන්නේ වෙන දෙයක්.

👉 රටක පුද්ගලයන් කියන්නේ කියන්නේ එක ආහාර වර්ගයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කතාවක් නෙවෙයි.
👉 Overall lifestyle + healthcare + smoking + activity + environment + socioeconomic system කරුණු කීපයක් නිසා ඇතිවන තත්ත්වයක්

ඒක තමයි ඇත්ත.

රතු මස් කියන්නේ නරක දෙයක් නෙවෙයි, ඉතා පෝෂණයෙන් ඉහළ විශේෂයෙන්ම protein බහුල ආහාරයක්, ඔබ රතු මස් ආහාරයට ගන්න කෙනෙක් නම්, ඔයාගේ ආහාරයට රතු මස් නිවැරදි ප්‍රමාණයෙන් එක් කරගන්න, ඒ වගේම කුකුළු මස්, මාළු, බිත්තර, එළවළු, පලතුරු, තන්තු ආහාර, legumes නිවැරදි ප්‍රමාණවලින් ආහාරයට එක් කරගන්න.

සුභ දවසක්
බර කරමු සතුටින් සිටිමු

18/05/2026

100% ක් ඔයාටම ගැලපෙන සති 8ක ව්‍යායාම සැලැස්මක්...

Gym යනවා… ඒත්
Muscle build වෙන්නේ නැද්ද?
ශරීරයේ බර අඩුවෙන්නේ නැද්ද?

ඔයා වේලාව අරගෙන උනන්දුවෙන් training කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද?

එහෙනම් ගැටලුව ඔයාගේ training schedule එක වෙන්න පුළුවන්
ගොඩක් අය කරන්නේ

# අද එකක්, හෙට එකක් try කරනවා
# Same weights වලම stuck වෙලා ඉන්නවා
# Proper plan එකක් follow කරන්නෙ නෑ

ඒක නිසා තමයි ප්‍රතිඵල නැත්තේ.
ඒක වෙනස් කරන්න.

මෙතනින් ඔයාට ලැබෙන්නේ
>>100% ක් ඔයාගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන fully customized muscle plan එකක්
# ඔයාගේ goal එකට ගැලපෙන (muscle gain)
# ඔයාගේ fitness level එකට ගැලපෙන
# Full 8-week structured program එකක්
# 25+ page clear PDF guide එකක්
# Exercise video links (guess කරන්න ඕන නෑ)

මේ සියල්ලට ම ඔයාට ගෙවන්න තියෙන්නේ $1 පමණයි.
https://fitbuilder.net

18/05/2026

FIT RIDDLE
මාංශ පේශී වර්ධනය සඳහා වඩාත්ම වැදගත් වන්නේ?
පෝෂණයද? ප්‍රතිරෝධ ව්‍යායාමද?

මාංශ පේශී වර්ධනය සඳහා පෝෂණය සහ ප්‍රතිරෝධ ව්‍යායාම කාරණා දෙකම ඉතාමත් වැදගත් බව අපි හැමදෙනාම දන්නවා, මෙතන අප ප්‍රශ්න කරන්නේ මේ අතරින් වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද කියලා.

විද්‍යාත්මක කරුණු, සාක්ෂි, දත්ත, අත්දැකීම්, පදනම් කරගෙන ලබාදෙන වඩාත්ම නිවැරදි සහ සාර්ථක පිළිතුරු සඳහා Rs 5000 මුදල් ත්‍යාගයක් දිනාගන්න පුළුවන්.

සුභ දවසක්,
බර අඩු කරමු, සතුටින් සිටිමු

10/05/2026

මේ තියෙන්නේ Drවන්නකු ඇමරිකන් dietary guideline එක ගැන කියලා තියෙන කතාවක්.

American Dietary Guideline ගැන පසුගිය දවස්වල දිගටම මෙම වෛද්‍යවරයා නිවැරදි නොවන කරුණු රාශියක් කියලා තිබුණා,
මොහු කියන කාරණා නිවැරදි නොවන බව තහවුරු කරන්න අපි එක කාරණයක් පෙන්නලා දෙන්නම්.

මේ පෝස්ට් එකේ වෛද්‍යවරයා කියනවා guideline එක නිර්දේශ කරල තියෙනවලු කාබෝහයිඩ්‍රේට් කෝප්ප 2-4ට සීමා කරන්න කියලා.

Commnet එකේ තියෙන link එකෙන් ඔයාලට American Dietary Guideline එක බලාගන්න පුලුවන්.

Guideline එකේ කිසිම තැනක කාබෝහයිඩ්‍රේට් මෙතරම් ප්‍රමාණයක් ගන්න කියලා නිර්දේශ කරලා නෑ. ඒකෙ සඳහන් කරල තියෙන්නෙ,

Vegetables: 3 servings
Fruits: 2 servings
Whole grains: 2–4 servings
Dairy: 3 servings

මෙතන වෛද්‍යවරයා පටලවාගෙන තියෙන්නේ ඔහු හිතනවා කාබෝහයිඩ්‍රේට් කියන්නේ Whole grains කියලා,
Whole grains කියන්නේ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් වුණාට කාබෝහයිඩ්‍රේට් කියන්නේ Whole grains පමණක් නෙවෙයි, එළවළු, පලතුරු Dairy හැම දේකම කාබෝහයිඩ්‍රේට් තියෙනවා.

අපි මේ කියන්න හදන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ආහාරයට එක් කරගන්න කියලා නෙමෙයි, නමුත් එළවළු පලතුරු Whole grains, diary ඔබේ ආහාරයට නිවැරදි ලෙස එක් කරගන්න,

American Dietary Guideline එක100%ක් නිවැරදි කියල අපි කියන්නේ නැහැ. නමුත් මේ වන විට ඇති විද්‍යාත්මක සාක්ෂි දත්ත අනුව එහි කරුණු බොහොමයක් නිවැරදියි.

ඒ වගේම වෛද්‍යවරයා කියනවාTrump එයාගෙන් උපදෙස් අරගෙනලු Dietary Guideline එක හැදුවේ කියලා. Trump කොහොමත් බොහෝ විට විහිළුකාරයන්ගෙන් උපදෙස් ගන්න නිසා ඒ කතාව නම් ඇත්ත වෙන්න ඇති.

සුභ දවසක්.

බර අඩු කරමු. සතුටින් සිටිමු.

04/04/2026

චන්දිමාල් ඇත්තටම කෙට්ටු වුනේ කොහොමද?

මාස තුනක් ඇතුළත 40kgක් බර අඩු කරගෙන තිබෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා ඔහු භාවිතා කරපු ක්‍රමය සහ එහි ඇති වාසි, අවාසි, ගැටලු side effects (long/short term) පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමට.

සුභ දවසක්,

බර අඩු කරමු, සතුටින් සිටිමු.

Address

Cairns City, QLD
4870

Alerts

Be the first to know and let us send you an email when CTS Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share