Renewable Energy Engineering

Renewable Energy Engineering Renewable Energy Education Page
Solar • EV • Renewable Energy
Learn • Understand • Share Knowledge
🇱🇰 Sri Lanka

ශ්‍රී ලංකාවේ Renewable Energy Tariff අලුත් වෙයි! ☀️🇱🇰PUCSL විසින් 2026 අගෝස්තු 25 සිට 2027 පෙබරවාරි 24 දක්වා බලපැවැත්වෙන...
26/08/2026

ශ්‍රී ලංකාවේ Renewable Energy Tariff අලුත් වෙයි! ☀️🇱🇰

PUCSL විසින් 2026 අගෝස්තු 25 සිට 2027 පෙබරවාරි 24 දක්වා බලපැවැත්වෙන නව Feed-in Tariff ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

☀️ Solar PV Tariff

🔹 Ground Mounted Solar PV – Rs. 18.00 + 2.72/kWh
🔹 Floating Solar PV – Rs. 23.58 + 3.92/kWh

🏠 Rooftop Solar

🔹 0–10 kW – Rs. 23.11/kWh
🔹 10–40 kW – Rs. 19.15/kWh
🔹 40–250 kW – Rs. 17.11/kWh
🔹 250–1000 kW – Rs. 15.81/kWh

🔋 Solar + Battery (BESS)

🔹 Rooftop Solar + BESS – Rs. 45.53/kWh
📌 Priority Time | පළමු වසර 15 සඳහා
➡️ ඉන් පසුව – Rs. 15.81/kWh

⚡ Solar PV + BESS

🔹 Ground Mounted + BESS
Priority Time – Rs. 47.08/kWh
Other Periods – Rs. 18.00/kWh

🔹 Floating Solar + BESS
Priority Time – Rs. 53.28/kWh
Other Periods – Rs. 23.58/kWh

☀️🔋 Solar PV සමඟ Battery Energy Storage (BESS) සඳහාත් වැඩි අවධානයක් යොමු වීම ශ්‍රී ලංකාවේ Renewable Energy sector එකේ වැදගත් වෙනසක්.

📌 ඔබගේ Solar System එකට මේ Tariff එකෙන් ඇතිවන බලපෑම දැනගන්න අවශ්‍යද?

වහලයක සවි කළ හැකි තරම් කුඩා මෙම සුළං යන්ත්‍රය, දිනපතා හමන සුළඟ නිවෙස් සඳහා අවශ්‍ය පිරිසිදු විදුලිය බවට පත් කරයි. 🌬️🏠⚡​ජර...
26/08/2026

වහලයක සවි කළ හැකි තරම් කුඩා මෙම සුළං යන්ත්‍රය, දිනපතා හමන සුළඟ නිවෙස් සඳහා අවශ්‍ය පිරිසිදු විදුලිය බවට පත් කරයි. 🌬️🏠⚡

​ජර්මනියේ SkyWind Energy සමාගම විසින් නිෂ්පාදනය කර ඇති SkyWind NG නම් මෙම කුඩා සුළං යන්ත්‍රය, මීටර් 1.5 ක විෂ්කම්භයකින් යුත් රෝටරයකින් සහ කිලෝග්‍රෑම් 19 ක පමණ බරකින් යුත් ජෙනරේටරයකින් සමන්විත වේ.

​නිවෙස් සහ කුඩා මට්ටමේ භාවිතයන් සඳහා ඩිසයින් කර ඇති මෙම සුළං යන්ත්‍රය, සුළඟේ බලය විදුලිය බවට පත් කර ගොඩනැගිල්ලේ ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කළ හැක. ⚡

​ස්වාධීන සහතික කිරීමේ වාර්තාවලට අනුව, සම්මත සුළං තත්ත්ව යටතේ වසරකට විදුලිය කිලෝවොට්-පැය (kWh) 615 ක් පමණ නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් මීට ඇත.

​මේ අනුව, නිසි ලෙස සුළං හමන ස්ථානයක සවි කළහොත්, කුඩා වහල සුළං යන්ත්‍ර මගින් පවා නිවසට අවශ්‍ය පුනර්ජනනීය විදුලි බලයට යම් දායකත්වයක් ලබා දිය හැකි බව පැහැදිලි වේ. 🌱

​

​මූලාශ්‍ර:
• SkyWind Energy GmbH – SkyWind NG තාක්ෂණික දත්ත සහ නිෂ්පාදන විස්තර

On-Grid Solar System එකක් කියන්නේ මොකක්ද? පසුගිය post එකෙන් අපි Solar PV System එකක ප්‍රධාන වර්ග 3ක් ගැන කතා කළා.🔹 On-Gr...
20/08/2026

On-Grid Solar System එකක් කියන්නේ මොකක්ද?

පසුගිය post එකෙන් අපි Solar PV System එකක ප්‍රධාන වර්ග 3ක් ගැන කතා කළා.

🔹 On-Grid
🔹 Off-Grid
🔹 Hybrid

අද අපි ඒ අතරින් On-Grid Solar System එක ගැන ටිකක් ගැඹුරින් බලමු.

On-Grid Solar System එකක් කියන්නේ?

සරලව කිව්වොත්, Solar PV System එක National Electricity Grid එක සමඟ සම්බන්ධ කර ඇති පද්ධතියක් තමයි On-Grid Solar System එකක් කියන්නේ.

මෙහිදී Solar Panels මගින් දවසේ සූර්යාලෝකය ඇති වේලාවන්හි විදුලිය නිපදවනවා. එම විදුලිය Grid-Tied Inverter එකක් හරහා නිවසේ භාවිතා කළ හැකි AC විදුලිය බවට පත් කරනවා.

☀️ Solar Panels
⬇️
⚡ Grid-Tied Inverter
⬇️
🏠 Home Loads
↕️
🔌 National Grid

දවල් වෙලාවේ මොකද වෙන්නේ?

Solar Panels මගින් නිපදවන විදුලිය මුලින්ම නිවසේ එම අවස්ථාවේ ක්‍රියාත්මක වන උපකරණ සඳහා භාවිතා කළ හැකියි.

උදාහරණයක් ලෙස,

☀️ Solar Power = 3 kW
🏠 Home Load = 2 kW

නම්, නිවසේ අවශ්‍ය 2 kW Solar වලින් ලබාගෙන ඉතිරි 1 kW පද්ධතියේ configuration එක අනුව Grid එකට export කළ හැකියි.

රෑ වෙලාවේ?

රෑට Solar Panels වලින් විදුලිය නිපදවන්නේ නැහැ. සාමාන්‍ය Battery-less On-Grid System එකකදී එවිට අවශ්‍ය විදුලිය National Grid එකෙන් ලබාගන්නවා.

ඒ නිසා සාමාන්‍ය On-Grid System එකක Battery එක අනිවාර්ය component එකක් නොවේ. 🔋❌

🔄 Excess Solar Power එකට මොකද වෙන්නේ?

නිවසේ අවශ්‍යතාවයට වඩා Solar Power නිපදවන අවස්ථාවක, පද්ධතියේ configuration සහ අදාළ Grid connection scheme එක අනුව අමතර විදුලිය Grid එකට export කළ හැකියි.

ඒ නිසා On-Grid Solar System එකකදී Solar generation එක සහ household consumption එක අතර balance එක වැදගත්.

On-Grid System එකක ප්‍රධාන Components

🔹 Solar PV Panels
🔹 Grid-Tied Inverter
🔹 DC & AC Protection Devices
🔹 DC/AC Cables
🔹 Mounting Structure
🔹 Energy Meter / Grid Connection

✅ On-Grid Solar System එකේ වාසි

✔️ Battery එකක් නොමැතිව System එකක් සැලසුම් කළ හැකියි
✔️ සාමාන්‍යයෙන් Battery-based systems වලට වඩා සරල configuration එකක්
✔️ Solar Energy භාවිතයෙන් Grid Electricity consumption එක අඩු කරගත හැකියි
✔️ නිසි System Design එකක් මගින් දිගුකාලීනව විදුලි වියදම කළමනාකරණය කරගැනීමට උපකාරී වේ

⚠️ වැදගත් කරුණක්!

On-Grid System එකක් තිබුණා කියලා Grid එකේ විදුලිය නැති වෙලාවක Solar Panels වලින් නිවසේ විදුලිය අඛණ්ඩව ලැබෙනවා කියලා අදහස් වෙන්නේ නැහැ.

සාමාන්‍ය Grid-Tied Inverter එකක් Grid failure එකක් හඳුනාගත් විට safety requirement එකක් ලෙස system එක shutdown/isolate කරනවා.

👉 Backup Power අවශ්‍ය නම් Battery සහ backup-capable inverter configuration එකක් අවශ්‍ය විය හැකියි.

එහෙනම් On-Grid System එක ඔබට සුදුසුද? 💡

ඔබේ දෛනික විදුලි භාවිතය, දවල් කාලයේ electricity consumption එක, roof space, Solar potential සහ Grid connection requirements වැනි කරුණු සලකා බලා System එක නිවැරදිව size කිරීම වැදගත්.

📚 ඊළඟට අපි බලමු…

🔋 Off-Grid Solar System එකක් කියන්නේ මොකක්ද?
Grid එකක් නැතිව Solar + Battery මගින් විදුලිය ලබාගන්නේ කොහොමද?

Renewable Energy Engineering ඉංජිනේරු දැනුමෙන් බලශක්ති අනාගතය තේරුම් ගනිමු.

එක්සත් රාජධානියේ දැවැන්තම "සූර්ය බලශක්ති උද්‍යානය" අක්කර 900ක් පුරා විහිදෙයි! 🇬🇧☀️🔋සාම්ප්‍රදායික හරිත තණබිම් වෙනුවට, ඉර ...
20/08/2026

එක්සත් රාජධානියේ දැවැන්තම "සූර්ය බලශක්ති උද්‍යානය" අක්කර 900ක් පුරා විහිදෙයි! 🇬🇧☀️🔋

සාම්ප්‍රදායික හරිත තණබිම් වෙනුවට, ඉර එළියෙන් දිලිසෙන සූර්ය පැනල 800,000කට ආසන්න "වීදුරු සාගරයක්" ගැන සිතන්න.

මේ තමා Cleve Hill Solar Park — දැනට එක්සත් රාජධානියේ (UK) ක්‍රියාත්මක වන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියයි.

බලශක්ති ඉංජිනේරු විද්‍යාත්මක ඇසකින් බලන කල, මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂී තාක්ෂණික කරුණු කිහිපයක් පහත දැක්වේ:

🔹 373 MW (Megawatt) දැවැන්ත ධාරිතාව:
මෙහි සමස්ත ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 373කි. මෙය සාමාන්‍ය මට්ටමේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට වඩා හතර ගුණයකටත් වඩා විශාල පරිමාණයකි.

🔹 නිවාස 102,000කට පිරිසිදු විදුලිය:
මෙමගින් වසරකට සාමාන්‍ය නිවාස ලක්ෂයකට (100,000+) අධික ප්‍රමාණයකට අවශ්‍ය පිරිසිදු පුනර්ජනනීය විදුලිය ජාතික පද්ධතියට එක් කෙරේ.

🔹 150 MW / 300 MWh දැවැන්ත බැටරි ගබඩාව (BESS):
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පැනල පමණක් නොව, එය සතුව පවතින මෙගාවොට් 150ක දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධතියයි (Battery Energy Storage System). සූර්යාලෝකය නොමැති රාත්‍රී කාලයේදී සහ පද්ධතියේ විදුලි ඉල්ලුම උපරිම වන අවස්ථාවලදී (Peak demand) ස්ථාවර විදුලි සැපයුමක් ලබා දීමට මෙය ඉවහල් වේ.

🔹 අක්කර 900ක භූමි ප්‍රමාණය:
මෙය වහලවල් මත සිදු කරන කුඩා පරිමාණ සවිකිරීමක් නොව — අක්කර 900කට (හෙක්ටයාර් 360ක්) ආසන්න භූමි ප්‍රමාණයක පැතිරුණු "Utility-scale" සූර්ය බලශක්ති උද්‍යානයකි.

🔹 ඉංජිනේරු සැලසුම්කරණය සහ ජෛව විවිධත්වය:
තාක්ෂණික අංශයට අමතරව, පරිසර පද්ධතිය රැකගැනීම සඳහාද මෙහි විශේෂ ඉංජිනේරු සැලසුම් ඇතුළත් වේ. පක්ෂීන් සහ ප්‍රදේශයේ සතුන් සඳහා අක්කර 130කට වැඩි ප්‍රමාණයක් (56 ha) රක්ෂිත ප්‍රදේශයක් ලෙස වෙන්කර ඇති අතර, ව්‍යාපෘතිය මගින් 65%ක ජෛව විවිධත්ව වර්ධනයක් (Biodiversity Net Gain) අපේක්ෂා කෙරේ.
ගෝලීය වශයෙන් පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) වෙත වේගයෙන් ගමන් කරන මොහොතක, මෙවැනි මහා පරිමාණ ඉංජිනේරු ව්‍යාපෘති කාලගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුමක් සපයයි.

ඉංජිනේරු දැනුමෙන් බලශක්ති අනාගතය තේරුම් ගනිමු.

Solar PV System එකක් කියන්නේ මොකක්ද?පසුගිය post එකෙන් අපි සූර්ය බලශක්තිය කියන්නේ මොකක්ද? කියලා කතා කළා. අද අපි බලමු ඒ සූ...
19/08/2026

Solar PV System එකක් කියන්නේ මොකක්ද?

පසුගිය post එකෙන් අපි සූර්ය බලශක්තිය කියන්නේ මොකක්ද? කියලා කතා කළා.

අද අපි බලමු ඒ සූර්ය බලශක්තිය භාවිතා කරලා විදුලිය නිපදවා ගන්න භාවිතා කරන Solar PV System එකක් කියන්නේ මොකක්ද කියලා.

සරලව කිව්වොත්, සූර්යාලෝකයෙන් විදුලිය නිපදවා එය නිවසකට, ව්‍යාපාරයකට හෝ වෙනත් විදුලි පද්ධතියකට භාවිතා කළ හැකි ආකාරයට සකස් කරන සම්පූර්ණ පද්ධතියක් තමයි Solar PV System එකක් කියන්නේ.

සාමාන්‍ය Solar PV System එකක Solar Panels, Inverter, Protection Devices, Cables සහ අවශ්‍ය නම් Battery System වැනි කොටස් ඇතුළත් වෙනවා.

ප්‍රධාන Solar System වර්ග 3ක් තිබෙනවා.

1️⃣ On-Grid Solar System

මෙය National Grid එක සමඟ සම්බන්ධ කර ඇති Solar System එකක්.

Solar Panels මගින් නිපදවන විදුලිය මුලින්ම නිවසේ භාවිතා කළ හැකි අතර, අවශ්‍යතාවයට අනුව Grid එකෙන් විදුලිය ලබාගැනීමටත් හැකියි.

➡️ Solar → Inverter → Home ↔ Grid

සාමාන්‍යයෙන් Battery එකක් නොමැති නිසා, විදුලි බිල අඩු කරගැනීමට අවශ්‍ය අයට මෙය ජනප්‍රිය විසඳුමක්.

2️⃣ Off-Grid Solar System

මෙය National Grid එක මත රඳා නොපවතින Solar System එකක්.

Solar Panels මගින් නිපදවන විදුලිය Battery එකක ගබඩා කර අවශ්‍ය වේලාවට භාවිතා කරනවා.

➡️ Solar → Inverter → Battery → Home

National Grid එක නොමැති දුරස්ථ ප්‍රදේශවලට හෝ සම්පූර්ණයෙන්ම ස්වාධීන විදුලි පද්ධතියක් අවශ්‍ය අවස්ථාවල මෙය වැදගත්.

3️⃣ Hybrid Solar System 🔄

Hybrid System එකක් කියන්නේ Solar + Battery + Grid යන තුනම එකට සම්බන්ධ කර භාවිතා කළ හැකි පද්ධතියක්.

Solar Panels මගින් නිපදවන විදුලිය නිවසේ භාවිතා කරන්න පුළුවන්. අමතර විදුලිය Battery එකේ ගබඩා කළ හැකි අතර අවශ්‍ය අවස්ථාවල Grid එකත් භාවිතා කළ හැකියි.

➡️ Solar → Hybrid Inverter → Home + Battery + Grid

ඒ නිසා Solar Energy එක උපරිම ලෙස භාවිතා කරමින් Backup Power එකක් ලබාගැනීමටත් Hybrid System එක උපකාරී වෙනවා.

එහෙනම් ඔබට ගැලපෙන්නේ කුමන System එකද? 💡

එය තීරණය වන්නේ ඔබේ විදුලි භාවිතය, Grid එකේ තත්ත්වය, Backup අවශ්‍යතාව, Battery අවශ්‍යතාව සහ ඔබේ Budget එක වැනි කරුණු මතයි.

On-Grid, Off-Grid සහ Hybrid කියන්නේ එකිනෙකට වෙනස් අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති Solar PV System වර්ග තුනක්.

මේ Series එකෙන් ඉදිරියට අපි එකින් එක මේ System තුන ඇතුළත ඇත්තටම විදුලිය ගමන් කරන්නේ කොහොමද, ඒවායේ වාසි හා අවාසි මොනවාද, සහ නිවසකට සුදුසු System එක තෝරාගන්නේ කොහොමද කියලා සරලව සහ තාක්ෂණිකව ඉගෙන ගමු. 📚

Renewable Energy Engineering ඉංජිනේරු දැනුමෙන් බලශක්ති අනාගතය තේරුම් ගනිමු.

මොකක්ද මේ සූර්ය බලශක්තිය කියන්නේ? ☀️අද අපි වැඩි වශයෙන් කතා කරන Renewable Energy අතරින් සූර්ය බලශක්තියට හිමිවන්නේ ඉතා වැද...
19/08/2026

මොකක්ද මේ සූර්ය බලශක්තිය කියන්නේ? ☀️

අද අපි වැඩි වශයෙන් කතා කරන Renewable Energy අතරින් සූර්ය බලශක්තියට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්.

සරලව කිව්වොත්, සූර්යයාගෙන් ලැබෙන ආලෝක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කර භාවිතා කිරීම තමයි සූර්ය බලශක්තිය කියන්නේ.

කොහොමද මේක සිදුවෙන්නේ?

නිවසක වහලය මත සවි කරන Solar Panels තුළ ඇති Photovoltaic (PV) Cells මගින් සූර්යාලෝකය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරනවා. එමගින් නිපදවන විදුලිය සාමාන්‍යයෙන් Inverter එකක් හරහා නිවසේ භාවිතයට සුදුසු විදුලියක් බවට පත් කරනවා.

ඒ නිසා ඔබේ නිවසේ විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, ආලෝක පද්ධති ඇතුළු විදුලි උපකරණ රැසක් සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

ඇයි සූර්ය බලශක්තිය වැදගත්?

සූර්ය බලශක්තිය යනු නැවත නැවත ලබාගත හැකි ස්වභාවික බලශක්ති ප්‍රභවයක්. ඒ නිසා සීමිත ඉන්ධන මත ඇති අපගේ බලශක්ති අවශ්‍යතාව අඩු කිරීමටත්, පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමටත් මෙය උපකාරී වෙනවා.

තවද, නිසි ලෙස සැලසුම් කර ස්ථාපනය කළ Solar PV System එකක් මගින් දිගුකාලීනව විදුලි වියදම කළමනාකරණය කරගැනීමට ද හැකියාව ලැබෙනවා.

Solar Energy කියන්නේ Panel එකක් වහලයට සවි කිරීම විතරක් නෙවෙයි.

ඒ පිටුපස Solar PV Technology, Electrical Engineering, Power Electronics, Energy Management සහ නිවැරදි System Design වැනි තාක්ෂණික කරුණු රැසක් තිබෙනවා.

ඒ නිසාම සූර්ය බලශක්තිය ගැන නිවැරදිව දැනගැනීම, අනාගතයේදී වඩාත් කාර්යක්ෂම සහ තිරසාර බලශක්ති භාවිතයකට අපව රැගෙන යන වැදගත් පියවරක්.

Renewable Energy Engineering
ඉංජිනේරු දැනුමෙන් බලශක්ති අනාගතය තේරුම් ගනිමු.

පුනර්ජනනීය බලශක්තිය යනු කුමක්ද?"පරිසර හිතකාමී," "හරිත බලශක්තිය," "තිරසාර". මේ වචන අප නිතර අසන නමුත්, ඒවායින් සැබවින්ම අද...
14/08/2026

පුනර්ජනනීය බලශක්තිය යනු කුමක්ද?

"පරිසර හිතකාමී," "හරිත බලශක්තිය," "තිරසාර". මේ වචන අප නිතර අසන නමුත්, ඒවායින් සැබවින්ම අදහස් වන්නේ කුමක්දැයි ඔබ දන්නවාද? අපගේ අනාගතය රැඳී පවතින්නේ මේ සංකල්ප මතයි.

සරලවම කිවහොත්, පුනර්ජනනීය බලශක්තිය යනු ස්වභාවිකවම නැවත නැවතත් කෙටි කාලයකින් අලුත් වන ප්‍රභවයන්ගෙන් ලබාගන්නා ශක්තියයි. අප සාමාන්‍යයෙන් භාවිතා කරන පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු (පොසිල ඉන්ධන) මෙන් නොව, මෙම ප්‍රභවයන් කිසිදා අවසන් නොවේ.

පෘථිවියේ පැවැත්ම සහ අපගේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අප හඳුනාගත යුතු ප්‍රධාන ප්‍රභවයන් කිහිපයක් මෙන්න:

1. සූර්ය බලය (Solar Energy): හිරු එළිය භාවිතා කර ෆොටෝවෝල්ටීය (PV) පැනල හරහා කෙලින්ම විදුලිය නිපදවීම. ශ්‍රී ලංකාව වැනි රටකට මෙය මහඟු සම්පතකි.

2. සුළං බලය (Wind Energy): සුළඟේ වේගය භාවිතා කර විශාල ටර්බයින් මගින් විදුලිය නිපදවීම. මුහුදු බඩ සහ කඳුකර ප්‍රදේශ සඳහා මෙය ඉතා යෝග්‍ය වේ.

3. ජල විදුලිය (Hydro Energy): ගලා යන ජලයේ චාලක ශක්තිය භාවිතා කර ටර්බයින් මගින් විදුලිය නිපදවීම. (මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපෘති).

4. ජෛව ස්කන්ධය (Biomass Energy): ශාක සහ සත්ව ද්‍රව්‍ය (උදා: කෘෂිකාර්මික අපද්‍රව්‍ය, දැව, ජෛව වායුව) දහනය කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් ලබාගන්නා ශක්තිය.

5. භූ-තාප බලය (Geothermal Energy): පෘථිවිය අභ්‍යන්තරයේ ඇති තාපය භාවිතා කර විදුලිය නිපදවීම.

ඇයි අප පුනර්ජනනීය බලශක්තියට යොමු විය යුත්තේ?

✅ පරිසර හිතකාමීයි: ගෝලීය උණුසුම වැඩි කරන හරිතාගාර වායු පිට නොකරයි.

✅ තිරසාරයි: පෘථිවිය පවතින තාක් කල් මෙම බලශක්ති ප්‍රභවයන් පවතී.

✅ ආර්ථිකමය වශයෙන් ලාභදායීයි: පොසිල ඉන්ධන මිල ඉහල යාමෙන් මිදී, දිගුකාලීනව බලශක්ති පිරිවැය අඩු කරගැනීමට ඉවහල් වේ.

✅ දේශීය සම්පත්: රටේ දේශීය සම්පත් භාවිතා කරන බැවින් විදේශීය ඉන්ධන මත යැපීම අඩු වේ.

Renewable Energy Engineering වන අපගේ අරමුණ, ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධ නවීනතම තාක්ෂණය සහ විශ්වාසදායක විසඳුම් ඔබට ලබා දී, හරිත අනාගතයක් කරා ඔබව ගෙන යාමයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Renewable Energy Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share