Cosmos with Krishni

Cosmos with Krishni Amateur Astronomer | Researcher | Visiting Lecturer in Astronomy & Physics | Performance Strategist | Science Communicator.

Passionate about exploring the Universe and making science simple, engaging, and inspiring for everyone.

22/10/2026

සූර්යයන් තුනක් තිබුණොත් මොන වගේ වෙයිද?

වස්තු තුනක් අතර ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා ඒවායේ චලිතය පුරෝකථනය කිරීම සංකීර්ණ විය හැකියි. මේ විද්‍යාත්මක අභියෝගය තමයි Three-Body Problem කියලා හඳුන්වන්නේ.

මේ වගේ පද්ධතිවල චලිතය ඇතැම් අවස්ථාවල ඉතා සංකීර්ණ හා අවුල් සහගත (Chaotic) වෙන්න පුළුවන්.

Netflix හි 3 Body Problem කතා මාලාව තුළත් මේ අපූරු විද්‍යාත්මක සංකල්පය විද්‍යා ප්‍රබන්ධයක් හරහා නිරූපණය වෙනවා.

ඔබට හිතෙනවද සූර්යයන් තුනක් තියෙන ග්‍රහලෝකයක ජීවය පවතින්න පුළුවන් කියලා?
ඔබේ අදහස පහළින් Comment කරන්න!

#විශ්වය

21/10/2026

ඔබත් අද රාත්‍රියේ අහස දෙස බලන්න සූදානම්ද?

හැලීගේ ධූමකේතුවෙන් ඉතිරි වූ දූවිලි අංශු නිසා ඇතිවන සුන්දර ඔරියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට මේ දිනවල ශ්‍රී ලාංකික ඔබටත් අවස්ථාව තිබෙනවා.

මෙම උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව යෙදී ඇත්තේ ඔක්තෝබර් 21 සහ 22 අතර රාත්‍රියේයි.

ශ්‍රී ලංකාවේ සිට නිරීක්ෂණය කිරීමට හොඳම වේලාව අලුයම දෙකත් හතරත් අතර කාලයයි. විශේෂයෙන් සඳ බැසීමෙන් පසු අහස වඩාත් අඳුරු වන නිසා නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන්න.

දිශාව ගැනත් මතක තබාගන්න! ඔරියන් තාරකා රාශිය හඳුනාගැනීමට උත්සාහ කරමින් උතුරු, ඊශාණ දිශාවට ඉහළ අහස නිරීක්ෂණය කරන්න. නමුත් උල්කාපාත දැකගැනීමට එම දිශාවටම පමණක් සීමා වෙන්න එපා. මුළු අහසම විවෘතව පෙනෙන පරිදි නිරීක්ෂණය කරන්න.

විශ්වයේ මේ අපූරු දසුන දැකගැනීමට ඔබත් අද රාත්‍රියේ අහස දෙස බලන්න!

#විශ්වය

20/10/2026

අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටත්, අපට තවමත් අභිරහසක් වූ ලෝක දහස් ගණනක්!

ඔයාලා දන්නවාද, අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතත් ග්‍රහලෝක දහස් ගණනක් සොයාගෙන තිබෙන බව? මේවා හඳුන්වන්නේ Exo planets කියලා. සරලවම කිව්වොත්, අපේ සූර්යයා හැර වෙනත් තාරකා වටා කක්ෂගතව ගමන් කරන ග්‍රහලෝක තමයි මේ.

2026 ඔක්තෝබර් 15 වන විට, NASA Exoplanet Archive දත්ත අනුව, මෙවැනි ග්‍රහලෝක 6,445 ක් පමණ තහවුරු කර තිබෙනවා. මේ ගණන තවත් වැඩි වෙනවා ඉදිරි පර්යේෂණ වලින් එන දත්ත වලින්.

අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නතම, ග්‍රහලෝක සහිත තාරකාව තමයි Proxima Centauri. එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 4.2ක් පමණ දුරින්. මෙය Alpha Centauri නම් ත්‍රිත්ව තාරකා පද්ධතියට අයත් රතු වාමන තාරකාවක්. මෙම තාරකාව වටා කක්ෂගත වන Proxima Centauri b තමයි අප දන්නා අපට ආසන්නතම Exo planet එක.

ඉතින් වෙනත් තාරකා වටා සැඟවුණු මේ ග්‍රහලෝක අතර ජීවය පවතින ලෝකයක් තිබේවිද?

#විශ්වය

19/10/2026

විශ්වයේ අභිරහස් අතරින් තවත් විස්මිත සොයාගැනීමක්!

ආලෝක වර්ෂ 326ක් පමණ ඈතින් පිහිටි WD J1330+6435 සුදු වාමන තාරකාව, එහි වායුගෝලයේ සෝඩියම් මඟින් කහ-තැඹිලි ආලෝකය අවශෝෂණය වීම නිසා ඇති විය හැකි අසාමාන්‍ය කොළ පැහැති දීප්තියෙන් විද්‍යාඥයන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.

විශ්වය තවමත් අපට හෙළි කරමින් සිටින්නේ කොතරම් විස්මිත රහස්ද!

#විශ්වය

17/10/2026

අපේ ක්ෂීරපථ මන්දාකිණිය විශ්වයේ දැවැන්ත ප්‍රදේශයක් දෙසට ඇදී යනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද?

අපේ ක්ෂීරපථ මන්දාකිණිය විශ්වයේ නිශ්චලව පවතින දෙයක් නෙවෙයි! එය ඇතුළු මන්දාකිණි රැසක චලනයට බලපාන දැවැන්ත ගුරුත්වාකර්ෂණ කලාපයක් තමයි Great Attractor.

අපේ මන්දාකිණිය අයත් වන Laniakea Supercluster එකේ පිහිටි මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බලපෑමට Norma Galaxy Cluster ඇතුළු දැවැන්ත පදාර්ථ සාන්ද්‍රණ දායක වෙනවා. ඒත් අපේ ක්ෂීරපථයේ තාරකා සහ දූවිලි නිසා මේ ප්‍රදේශය සෘජුව නිරීක්ෂණය කිරීම අභියෝගයක්!

විශ්වයේ අපි නොදන්නා තවත් කොපමණ දේවල් සැඟවී තිබෙනවාද?

ඔබ මේ ගැන කලින් අහලා තිබුණාද? අදහස Comment කරන්න!

#විශ්වය

16/10/2026

ධූමකේතුවකට බිය වූ ලෝකය! Halley’s Comet, 1910

1910 වසරේදී Halley’s Comet පෘථිවියට ආසන්නයෙන් ගමන් කළ විට, එහි වලිගයේ සයනොජන් (Cyanogen) නම් විෂ සහිත රසායනික සංයෝගයක් ඇති බව හඳුනාගැනීමත් සමඟ ලොව පුරා භීතියක් පැතිර ගියා. 😨 ඇතැමුන් සිතුවේ මේ ධූමකේතුව පෘථිවියේ වායුගෝලය විෂ කරාවි කියලා!

නමුත් ඒ භීතිය සැබෑවක් වුණේ නැහැ. විද්‍යාවට හැකි වුණා මිථ්‍යාව සහ යථාර්ථය වෙන් කර පෙන්වන්න.

අදත් මේ ධූමකේතුව අපට මතක් කර දෙන්නේ අපූරු අභ්‍යවකාශ සංසිද්ධියක්. ඒ Orionid උල්කාපාත වර්ෂාවයි. Halley’s Comet එක විසින් අභ්‍යවකාශයේ ඉතිරි කළ දූවිලි අංශු නිසා ඇති වන මේ උල්කාපාත වර්ෂාව 2026 වසරේදීත් ඔක්තෝබර් 21–22 රාත්‍රියේ උච්චතම අවස්ථාවට පැමිණීමට නියමිතයි. ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් ඔක්තෝබර් 2 වැනිදා පමණ ආරම්භ වී නොවැම්බර් 7 වැනිදා පමණ අවසන් වේ.

#විශ්වය

14/10/2026

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා සහභාගි වන්න කැමති ඔබට නොමිලේ මාර්ගගත තාරකා විද්‍යා පාඨමාලාවක්!

ඔබත් තාරකා විද්‍යාවට ඇලුම් කරන පාසල් සිසුවෙක්ද? ශ්‍රී ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සාර්ථකව සූදානම් වීමට මෙන්න වටිනා අවස්ථාවක්!

ඒවගේම ඔබේ පුතාට, දුවට, සහෝදරයෙකුට, සහෝදරියකට හෝ තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීමට කැමති මිතුරෙකුට මේ වටිනා අවස්ථාව ගැන දැනුම් දෙන්න, ඔවුන් සමඟත් මේ තොරතුරු බෙදාගන්න!

ශ්‍රී ලංකා තාරකාවිද්‍යා අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම දින හතරක නොමිලේ මාර්ගගත පාඨමාලා මාලාව, ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස කොටස් දෙකකින් පැවැත්වේ.

📅 ආරම්භක දිනය: ඔක්තෝබර් 16

🔹 කනිෂ්ඨ පාඨමාලාව (6–9 ශ්‍රේණි)
ලියාපදිංචිය: https://ioas.lk/item-detail/product/35486

🔹 ජ්‍යෙෂ්ඨ පාඨමාලාව (10–13 ශ්‍රේණි)
ලියාපදිංචිය: https://ioas.lk/item-detail/product/35487

💻 පාඨමාලාව Zoom ඔස්සේ මාර්ගගතව පැවැත්වේ.

📞 විමසීම් / WhatsApp: 077 626 2032

විශ්වයේ අභිරහස් ගැන දැනුම වර්ධනය කරගනිමින්, තාරකා විද්‍යාවට ඇති ඔබේ ආශාව තවත් ඉදිරියට ගෙන යන්න. අදම නොමිලේ ලියාපදිංචි වන්න!

14/10/2026

දුරේක්ෂයකින් ඇරඹුණු විශ්වීය විප්ලවය!

1610දී ගැලීලියෝ ගැලීලි බ්‍රහස්පති වටා භ්‍රමණය වන චන්ද්‍රයන් හතරක් නිරීක්ෂණය කළා. එය පෘථිවිය විශ්වයේ සියල්ලේම කේන්ද්‍රය නොවන බව පෙන්වා දුන් වැදගත් සොයාගැනීමක් වූ අතර, සූර්ය කේන්ද්‍රීය ආකෘතියටත් ප්‍රබල සහායක් ලබා දුන්නා!

#විශ්වය

අද, ඔක්තෝබර් දහතුන්වැනිදා, අභ්‍යවකාශයේ අපූරු සිදුවීමක්!ඒ තමයි Vesta කියන ග්‍රහකය Opposition කියන අවස්ථාවට ළඟා වීම. Vesta...
13/10/2026

අද, ඔක්තෝබර් දහතුන්වැනිදා, අභ්‍යවකාශයේ අපූරු සිදුවීමක්!

ඒ තමයි Vesta කියන ග්‍රහකය Opposition කියන අවස්ථාවට ළඟා වීම.

Vesta කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ප්‍රධාන ග්‍රහක වළල්ලේ පිහිටා තිබෙන, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහක අතරින් එකක්.

අද Vesta, පෘථිවියේ ඉඳන් බලනකොට සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවක පිහිටන, Opposition කියන අවස්ථාවට ළඟා වෙනවා. ඒ නිසා මේ කාලය එය නිරීක්ෂණය කරන්න හොඳම කාලයක්.

හැබැයි, මෙන්න වැදගත් දෙයක්!

Vesta පියවි ඇසට දැකගන්න අමාරුයි. ඒ නිසා Binocular දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිත කරන එක තමයි වඩාත් සුදුසු. වෙස්ටා ග්‍රහකය කිලෝමීටර මිලියන ගණනක් ඈතින් පිහිටි කුඩා වස්තුවක් බැවින්, බයිනොකියුලර් මඟින් එය නිරීක්ෂණය කරන විට එහි සැබෑ හැඩය වෙනුවට පෙනෙන්නේ නිසලව දිදුලන තිතක් වැනි තාරකාවක් ලෙසයි.

කෙසේ නමුත් මේ දිනවල තියෙන වැසි සහිත කාළගුණ තත්වය නිසා දෙනෙතියක් (Binocular) හෝ දුරේක්ෂයක් භාවිතයෙන් වුනත් මෙය නිරීක්ෂණය කරන එක නම් ලේසි නෑ.

අපි බලමු මේ Vesta කියන ග්‍රහකය ගැන තව විස්තර ටිකක්.

Vesta කියන්නේ සාමාන්‍යයෙන් පියවි ඇසට පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වස්තුවක් නෙවෙයි. අද එහි දීප්තිය දෘශ්‍ය තාරකා විශාලත්ව පරිමාණයෙන් (apparent magnitude) 6.5ක් පමණ වෙනවා. ඒ නිසා දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. පැහැදිලි, ආලෝක දූෂණය අඩු අහසක් යටතේ එය සොයාගැනීම වඩාත් පහසු වෙනවා.

Vesta කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටා ඇති ප්‍රධාන ග්‍රහක වළල්ලේ දෙවැනියට වැඩිම ස්කන්ධයක් ඇති වස්තුවයි. එයට වඩා වැඩි ස්කන්ධයක් ඇත්තේ වාමන ග්‍රහලෝකයක් වන Ceres හට පමණයි. Vesta හි සාමාන්‍ය විෂ්කම්භය කිලෝමීටර් 525ක් පමණ වන අතර, එය වසර බිලියන 4.5කට පමණ පෙර සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ මුල් කාලයේදී බිහි වූවක් ලෙස සැලකෙනවා.

Vesta 1807 මාර්තු 29 වැනිදා ජර්මානු තාරකා විද්‍යාඥ Heinrich Wilhelm Olbers විසින් සොයාගනු ලැබුවා. එය සොයාගත් සිව්වැනි ග්‍රහකය වන නිසා එහි නිල නාමය 4 Vesta ලෙස භාවිත වෙනවා.

Vesta හි වඩාත්ම සුවිශේෂී ලක්ෂණයක් තමයි එහි අභ්‍යන්තර ව්‍යුහය. පෘථිවිය වගේම එයටත් යකඩ සහ නිකල්වලින් සමන්විත හරයක්, පාෂාණමය ආවරණයක් සහ පිටත පෘෂ්ඨයක් තිබෙනවා. මේ නිසා Vesta සාමාන්‍ය ග්‍රහකයකට වඩා ග්‍රහලෝකයක මුල් අවධියට සමාන ලක්ෂණ පෙන්වන වස්තුවක් ලෙස විද්‍යාඥයන් සලකනවා.

තවත් පුදුම සහගත දෙයක් තමයි Vesta හි දකුණු ධ්‍රැවය ආසන්නයේ තිබෙන Rheasilvia නම් දැවැන්ත ගැටුම් ආවාටය. එහි පළල කිලෝමීටර් 500ක් පමණ වෙනවා. එම ගැටුමෙන් Vesta වෙතින් පාෂාණ කොටස් අභ්‍යවකාශයට විසිවී ගොස් ඇති අතර, ඒවායින් සමහරක් පසුව පෘථිවියට උල්කාපාත ලෙස පැමිණ තිබෙනවා. NASA හි Dawn අභ්‍යවකාශ යානය 2011 සිට 2012 දක්වා Vesta වටා කක්ෂගතව අධ්‍යයනය කරමින් එහි මතුපිට, සංයුතිය සහ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ වටිනා තොරතුරු ලබාගත්තා.

ඒ නිසා අද Vesta නිරීක්ෂණය කිරීම කියන්නේ අහසේ තවත් අභ්‍යාවකාශ වස්තුවක් සොයාගැනීම විතරක් නෙවෙයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ මුල් කාලය සහ ග්‍රහලෝක නිර්මාණය වූ ආකාරය ගැන තොරතුරු හෙළි කරන පුරාණ අභ්‍යවකාශ වස්තුවක් අධ්‍යයනය කිරීමේ අවස්ථාවක්!
මූලාශ්‍ර

* NASA - 4 Vesta [Vesta පිළිබඳ විද්‍යාත්මක තොරතුරු] (https://science.nasa.gov/solar-system/asteroids/4-vesta/)

* NASA - Dawn Mission [Vesta හි Dawn මෙහෙයුම] (https://science.nasa.gov/mission/dawn/science/vesta/)

දින 237ක අභ්‍යවකාශ මෙහෙයුමකින් පසු සොෆී ඇඩෙනෝ නැවත පෘථිවියට!ප්‍රංශ ජාතික යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ගගනගාමිනී සොෆී ...
11/10/2026

දින 237ක අභ්‍යවකාශ මෙහෙයුමකින් පසු සොෆී ඇඩෙනෝ නැවත පෘථිවියට!

ප්‍රංශ ජාතික යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ගගනගාමිනී සොෆී ඇඩෙනෝ (Sophie Adenot) දින 237ක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් 2026 ඔක්තෝබර් 8 වැනිදා ආරක්ෂිතව පෘථිවියට පැමිණියාය. ඇය ඇතුළු ගගනගාමීන් සිව්දෙනා රැගත් SpaceX Dragon Freedom යානය කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයට ගොඩබස්වන ලදී.

සොෆී ඇඩෙනෝ කවුද?
1982 ජූලි 5 වැනිදා උපත ලැබූ සොෆී ඇඩෙනෝ ප්‍රංශ ඉංජිනේරුවරියක සහ ගගනගාමිනියක වේ. ඇයගේ පළමු අභ්‍යවකාශ ගමන වූ εpsilon මෙහෙයුම 2026 පෙබරවාරි 13 වැනිදා ආරම්භ විය. මෙම මෙහෙයුමේදී ඇය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ගොස් සිදුකරන අභ්‍යවකාශ ඇවිදීම් (Spacewalks) තුනකට සහභාගී වූ අතර, එමඟින් අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු ප්‍රංශ කාන්තාව බවට පත්වුණාය.

මෙහෙයුම අතරතුර ඇය ජීව විද්‍යාව, සෞඛ්‍යය, ද්‍රව්‍ය විද්‍යාව සහ අනාගත අභ්‍යවකාශ ගවේෂණ සඳහා අවශ්‍ය තාක්ෂණයන් සම්බන්ධ පර්යේෂණවලට දායක විය. ඇයගේ දින 237ක අඛණ්ඩ අභ්‍යවකාශ වාසය තනි අභ්‍යවකාශ මෙහෙයුමකදී යුරෝපීය ගගනගාමියකු වාර්තා කළ දීර්ඝතම කාලය ලෙස නව වාර්තාවක් පිහිටුවීය.

මූලාශ්‍ර: NASA Crew-12 මෙහෙයුමේ නිල වාර්තාව | European Space Agency (ESA), සොෆී ඇඩෙනෝගේ මෙහෙයුම පිළිබඳ නිල වාර්තාව.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmos with Krishni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share