Cosmos with Krishni

Cosmos with Krishni Amateur Astronomer | Researcher | Visiting Lecturer in Astronomy & Physics | Performance Strategist | Science Communicator.

Passionate about exploring the Universe and making science simple, engaging, and inspiring for everyone.

18/08/2026

අහසේ දිදුලන රතු දැවැන්තයා, Antares!
වෘශ්චික රාශියේ හදවත ලෙස සැලකෙන, සූර්යයාට වඩා ඉතා විශාල තාරකාව Antares

Antares, the red super giant of the night sky!
The “Heart of the Scorpion,” this enormous red supergiant several times larger than our Sun.

18/08/2026

එකම මන්දාකිණියක කළු කුහර තුනක්!

තාරකා විද්‍යාඥයන් James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන්, අපෙන් ආලෝක වර්ෂ බිලියන 12.5කටත් වඩා ඈතින් පිහිටි මන්දාකිණියක, ක්‍රියාකාරී supermassive black holes තුනක් හඳුනාගෙන තිබෙනවා.

මේ මන්දාකිණිය අපි දකින්නේ මහා පිපිරුමෙන් වසර බිලියන 1.2ක් පමණක් ගතවූ කාලයේ තිබූ ආකාරයෙන්.

මෙහි කළු කුහර දෙකක් මන්දාකිණියේ මධ්‍යයට ඉතා ආසන්නව තිබෙන අතර, තුන්වැන්න ඊට තරමක් ඈතින් පිහිටා තිබෙනවා.

මෙම සොයාගැනීමෙන්, මුල් විශ්වයේ මන්දාකිණි එකිනෙක ගැටීම සහ ඒවායේ කළු කුහර එකට එකතු වීම, supermassive black holes ඉතා වේගයෙන් වර්ධනය වීමට හේතුවක් විය හැකි බවට නව සාක්ෂි ලැබෙනවා.

දුරස්ථ විශ්වයේ එකම මන්දාකිණියක සක්‍රීය කළු කුහර තුනක් හඳුනාගත් බවට ලැබුණු පළමු සාක්ෂිය මෙයයි. යනුවෙන් MPE හි පර්යේෂණ කණ්ඩායම් නායිකා සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන Hannah Übler පවසනවා.

17/08/2026

අනාගතේ දවසක උතුරු තරුව වන Vega!

වේගා කියන්නේ අහසේ දකින්න ලැබෙන්නේ ලස්සන අයිස් නිල් සහ සුදු පාටින් දිස්වෙන තරුවක්. මේ තරුව අපේ සූර්යයා වගේ 2.5 ගුණයක් විශාලයි. තාරකා විද්‍යාඥයන් අනෙක් හැම තරුවකම දීප්තිය මනින්නේ වේගා තරුව පදනම් කරගෙනයි.

තව අවුරුදු 12,000කින් විතර අපේ උතුරු තරුව (Polaris) වෙනස් වෙලා, වේගා තරුව පෘථිවියේ අලුත් උතුරු තරුව බවට පත් වෙනවා. ඒ වගේම වේගා තරුව වටේට විශාල දූවිලි සහ අයිස් වළල්ලක් තියෙනවා. ඒ කියන්නේ මේ තරුව වටා අලුත් ග්‍රහලෝක පද්ධතියක් හැදෙමින් පවතිනවා.

17/08/2026

අපේ විශ්වයේ අඳුරු ශක්තිය, අඳුරු පදාර්ථය සහ දුරස්ථ ග්‍රහලෝක ගැන තවත් සොයාගන්න එන විශේෂ අභ්‍යවකාශ දුරේක්ෂයක් තමයි Nancy Grace Roman Space Telescope.

මේක නම් කරලා තියෙන්නේ NASA හි පළමු Chief Astronomer වූ Nancy Grace Roman සිහිපත් කරමින්. ඇය Hubble Space Telescope ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් නිසා, ඇයව “Mother of Hubble” ලෙසත් හඳුන්වනවා.

Roman Telescope එක ප්‍රධාන වශයෙන් අධෝරක්ත, එනම් infrared ආලෝකයේ නිරීක්ෂණ සිදුකරනවා. විශේෂයෙන් near-infrared තරංග ආයාම පරාසයේ, ආසන්න වශයෙන් 0.5 සිට 2.3 micrometers දක්වා නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.

Hubbleට වඩා විශාල අහස් ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කළ හැකි නිසා, Roman Telescope එක විශ්වයේ තවමත් නොවිසඳුණු රහස් සොයාගැනීමට ඉතා වැදගත් මෙවලමක් වේවි!

16/08/2026

අහසත් ඉතිහාසයත් එකම රාමුවක!

වසර දහස් ගණනක් පැරණි Stonehenge පසුබිමේ, 2026 අගෝස්තු 12 වනදා අපූරු සූර්යග්‍රහණයක් දිස්වුණා.

සඳ සූර්යයාගෙන් විශාල කොටසක් වසාගත් මේ අවස්ථාව, ඡායාරූප ශිල්පීන් Stonehenge සමඟ එකම රාමුවකට හසුකරගත්තා.

ඒ විතරක් නෙමෙයි, එදින රාත්‍රියේ දිස්වූ Perseid උල්කාපාත වර්ෂාවත් මේ දර්ශනය තවත් ලස්සන කළා.

අවුරුදු දහස් ගණනකට පෙර අහස දෙස බලා සිටි Stonehenge, අදත් අහසේ අපූරු සිදුවීම්වලට පසුබිමක් වෙලා තියෙනවා.

16/08/2026

අපි හැම අවුරුද්දකම දකින උල්කාපාත වර්ෂා, හැම එකක්ම එකම ආකාරයකින් ඇතිවෙන්නේ නැහැ.

Perseids වර්ෂාව ඇතිවෙන්නේ Swift-Tuttle වල්ගාතරුවේ ඉතිරි කළ දූවිලි සහ කුඩා කැබලි නිසා.

Orionids වර්ෂාවට හේතුව සුප්‍රසිද්ධ Halley වල්ගාතරුවයි. Lyrids වර්ෂාව පැමිණෙන්නේ Thatcher වල්ගාතරුවෙන්.

නමුත් Geminids ටිකක් වෙනස්. ඒවායේ මූලාශ්‍රය වන්නේ 3200 Phaethon කියන ග්‍රහකයයි.

ඒ වගේම Quadrantids වර්ෂාවට සම්බන්ධ වෙන්නේ 2003 EH1 කියන ග්‍රහකයයි. එය පැරණි වල්ගාතරුවක ඉතිරි වූ කොටසක් විය හැකි බව විද්‍යාඥයන් විශ්වාස කරනවා.

15/08/2026

1955 ජුනි 20 වනදා ශ්‍රී ලංකාවට ඉතිහාසගත පූර්ණ සූර්යග්‍රහණයක්!

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශය මෙම පූර්ණ සූර්යග්‍රහණයේ මාර්ගයට හසු වූ අතර, එය නිරීක්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥ කණ්ඩායම්ද පැමිණ තිබුණා. නමුත් ග්‍රහණයේ පූර්ණ අවස්ථාවේදී පැවති ඝන වලාකුළු නිසා පොළොන්නරුවේ විද්‍යාඥයන්ට සූර්යයා නිරීක්ෂණය කරගැනීමට නොහැකි වුණ බව සදහන් වෙනවා.

මෙම පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට අමතරව මියන්මාරය, තායිලන්තය, ලාඕසය, වියට්නාමය සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ හරහාත් දිස්වුණා.

වසර 71කට පෙර සිදුවූ මේ සූර්යග්‍රහණය, ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යා ඉතිහාසයේ මෙන්ම ඓතිහාසිකවත් සිදු වුන විශේෂ සිදුවීමක්.

14/08/2026

ශ්‍රී ලංකාවෙන් පෙනුණු සූර්යග්‍රහණ ගැන ඔබ දැනගෙන හිටියාද?

ශ්‍රී ලංකාවෙන් අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දැකගන්න ලැබුණේ 1955 ජුනි 20 වනදා.

එදා පූර්ණ සූර්යග්‍රහණයේ මාර්ගය ශ්‍රී ලංකාව හරහා ගමන් කළා. විශේෂයෙන්ම පොළොන්නරුව වැනි ප්‍රදේශවලදී මිනිත්තු කිහිපයක් පුරා සූර්යයා සම්පූර්ණයෙන්ම සඳෙන් වැසී ගියා. මේ සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන්න විදේශීය විද්‍යාඥ කණ්ඩායම් පවා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

ඉන් වසර ගණනාවකට පස්සේ, 2019 දෙසැම්බර් 26 වනදා, ශ්‍රී ලංකාවට තවත් විශේෂ සූර්යග්‍රහණයක් දැකගන්න ලැබුණා. ඒ තමයි වළයාකාර සූර්යග්‍රහණයක්.

ඊළඟට 2020 ජුනි 21 වනදා, ලෝක මට්ටමින් එය වළයාකාර සූර්යග්‍රහණයක් වුණත්, ශ්‍රී ලංකාවෙන් පෙනුණේ අර්ධ සූර්යග්‍රහණයක්.

ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණ කිහිපයක් දැකගන්න පුළුවන්.

2027 අගෝස්තු 2 වනදා, ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් පූර්ණ සූර්යග්‍රහණයක් දැකගන්න පුළුවන් වුණත්, ශ්‍රී ලංකාවෙන් පෙනෙන්නේ අර්ධ සූර්යග්‍රහණයක්.

ඊට පස්සේ 2031 මැයි 21 වනදා, ශ්‍රී ලංකාවට තවත් විශේෂ අවස්ථාවක් ලැබෙනවා. එදා වළයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ හරහා පෙනෙනවා. නමුත් කොළඹ වැනි ප්‍රදේශවලින් පෙනෙන්නේ අර්ධ සූර්යග්‍රහණයක්.

හැබැයි ශ්‍රී ලංකාවෙන් ඊළඟට පූර්ණ සූර්යග්‍රහණයක් දැකගන්න නම් තවත් කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ අවස්ථාව උදාවෙන්නේ 2070 දීයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmos with Krishni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share