10/04/2024
Seeking a career in Accounting and/or Finance? ගනකාධිකරණය් වෘත්තියකට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ සටහන එකතු කරනව...
-------------------
කෙටි හැඳින්වීමක්
-------------------
Accounting studies, career prospects, salary වගේ දේවල් ගැන ප්‍රශ්නයකට එකතු කරන සටහනක්. මේක Accounting රැකියාවක් බලාපොරොත්තු වන බොහෝදෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් නිසා පොදු අවකාශයකට එකතු කරනව. කෙටියෙන් කිව්වොත් අනාගයෙදි මේ රැකියාවෙ වැඩි අවශ්‍යතාවයක් ඇතිවෙන්න හේතුවෙන කාරණා ගණනාවක් තියනව. ඒ නිසා කෙනෙකුට රැකියාවක් උදෙසා ඇතුළු වෙන්න හොඳ පාත් එකක් තමයි මේ.
-------------------------------
අරමුණු, අභිමතාර්ථ සහ දිශානති
-------------------------------
Accouting නැත්නම් ගනකාධිකරණය ඉල්ලුම අඩු නොවෙන රැකියා පථයක්. නමුත් ඒකෙ දිශානතිය මේ වෙනකොට සෑහෙන වෙනසකට භාජනය වෙලා තියනව.
Sustainability, Social responsibility (budgeting), governance policies වල අවශ්‍යතා, risk assessment analysis/predictions, Blockchain/Crypto era, Metaverse, AI/Automation වගේ දේවල් එක්ක clear-cut රෝල්ස් ඇවිත් තියනව අකව්න්ටිං සහ විශේෂයෙන් ම ෆයිනෑන්ස් සෙක්ට එකේ. ESG තමයි නවමු ට්‍රෙන්ඩ් එක. එතනදි environmental, social, and governance තුනම සමබර කරගන්න key role එකක් play කරන්න වෙනව ගනකාධිකාරිවරයෙකුට. දත්ත සහ automations වගේම ඒ අයි වල ආගමනය වගේම Blockchain වගේ වෙනත් fields නිසා සාම්ප්‍රදායික ගනකාධිකාරිලගෙ slow phase එකෙන් නැගිටල අළු ගසල දාල එන්න අවශ්‍ය වෙනව. මේ නව ප්‍රවනතා සහ තාක්ෂණික හැදෑවීම වගේම වේගවත් යාවත්කාලීන වීම අවශ්‍ය පථයක් නිසා කම්මැලි කෙනෙකුට ඉස්සර වගේ පොත් වල ගණන් ලියල ඒක හදල, balance කරල නවතින එකෙන් ලොකු පිම්මක් පනින්නත් වෙනව.
Asia Pacific region එකේම 2024 office careersවලදි ගනකාධිකරණය අංක එකේ ඉල්ලුම තියන රැකියාව විදියට හඳුනාගෙන තියනව. Remote jobs වලින් ඉතා ඉහළ ඉල්ලුමක් ගනකාධිකාරිවරුන්ට තියනව.
---------------------------------------------------------------------
සාම්ප්‍රදායික ගනකාධිකරණයේ සහ කලමනාකරණ ගනකාධිකරණය අතර වෙනස්කම්
---------------------------------------------------------------------
Management Accounting සහ සාම්ප්‍රදායික ගනකාධිකරණය අතර විශාල වෙනසක් තියනව. ඒකත් වැදගත් කාරණයක්. දත්ත විශ්ලේෂණය කරල ෆෝකාස්ටිං සහ බජටිං කරන්න, ඒ හරහා තීරණ ගන්න උපකාර කරන්න ෆයිනෑන්ෂල් පෆෝමන්ස් සම්බන්ධ කටයුතු කරන්න, කොලිටේටිව් සහ කොන්ටිටේටිව් ස්ටඩීස් කරන්න වගේ වෙනස් දේවල් කරන්න වෙනව. අවශ්‍ය ඕනම වෙලාවක මේ ක්ෂේත්‍රයට අදාළ වෙන හෝ විශේෂිත කාර්‍යයන් වෙනුවෙන් උපකාර කරන්නත් වෙනව. ආයතනික ව්‍යාපාරික මොඩලය දන්නා, ක්‍රමෝපාය හොඳින් දන්නා, සහ ව්‍යාපාරයෙ තරඟාකරී ස්ථානය දන්නා කෙනෙක්. ඒ අනුව advising, decision making, forcasting සියල්ල කරන්න හැකියාවක් තියනව.
--------------------------------------------
උපාධියක් ද වෘත්තීය සහතිකයක් ද වඩා හොඳ?
---------------------------------------------
Accounting වලදි උපාධියක් ගන්න හිතන කෙනෙකුට BBA ද BS ද කියන ප්‍රශ්නය එන්න පුළුවන්. CPA (Certified Public Accountant), Auditing, Forensic Accounting වගේ ෆෝක්ස්ඩ් ඒවට යන්න නම් BS වඩා හොඳයි. BBA වඩාත් වැදගත් වෙන්නෙ ව්‍යාපාර කලමනාකරණය සම්බන්ධයෙන් ෆෝකස් එකක් තියනවනම්.මේ දෙකේම top up උපාධිත් ගන්න පුළුවන් (ලංකාවෙත්).
A Guide: https://www.collegevaluesonline.com/faq/what-is-the-difference-between-a-bba-in-accounting-and-a-bs-in-accounting
එහෙම නැතිව AAT වගේ පාරකින් එන කෙනෙකුට work experience එක්ක CIMA වගේ ඉතාම හොඳ ජාත්‍යන්තර ඉල්ලුමක් තියන වෘත්තීය සහතිකයක් ගන්නත් පුළුවන්. CIMA වගේ awarding/certifying/accrediting bodies කීපයක් තියනව.
CIMA විශේෂයෙන් focus කරන්නෙ management accounting/business strategy කොටස. ACCA accounting/Auduting/Finance focus කරනව. Business leadership role එකක් අරමුණූ කරනව නම් CIMA කරන්න පුළුවන්. CMA(US region), CIMA (Europe/Asiapacific/Commonwealth) විදියට හඳුනගන්න පුළුවන්. CMA කියන්නෙ ඊටවඩා තරමක් පහසු පාරක්. CMA වලට BSc එකක සහ කොටස් දෙකක විභාගයක් තියනව, නමුත් CIMA වලදි විභාග 15ක් එක්ක අවුරුදු 3ක වගේ රැකියා අත්දැකීමක් සමග endorsement අවශ්‍ය වෙනව.
------------------------------------------
කුමන ආකාරයේ රැකියා අවස්ථා තියනව ද?
-------------------------------------------
මේ ක්ෂේත්‍රයට එන අයට Corporate Controller, Director of Finance/CFO, Comptroller (ගිණුම්කරණයේ සහ මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක බව අධීක්ෂණය කරයි) වගේ Top Level positions වලට යන්න පුළුවන් කාලය සහ අත්දැකීම් එක්ක. CPA, Acc.Manager, Financial Analyst, Acc. Administrator, Charted Accountant, Auditor, Forensic Accountant (අපරාධ පිළිබඳ සාක්ෂි සඳහා මූල්ය වාර්තා සහ ගිණුම් විශ්ලේෂණය කරයි), Actuary (ආයතනික විනිශ්චිතතා/අවදානම් සම්බන්ධ පිරිවැය විශ්ලේෂණය කරයි), Arbitrator (dispute resolution), Economist, Mortage advisor, Procurmant Manager, Banker, Appraiser, Tax Advisor, Compliance Officer, Business Consultant, Book Keeper, වගේ රැකියා ගණනාවකට ප්‍රවේශ වෙන්න පුළුවන්. හොඳ වේතන ලබාගන්නත් පුළුවන්.
-------------------------------------
Finance කියන්නෙ වෙනස් පථයක් ද?
-------------------------------------
Accounting focus එක එක්කම හෝ සමාන්තරව යන Finance කොටස ගැන කතා කළොත් මේ වෙනකොට විශාල වෙනස්කම් වෙලා තියනව සාම්ප්‍රදායික ක්‍රමවේද වලට එහායන. ඊට පළමුවෙන් මේ දෙකේ වෙනස වටහාගන්න ඕන.
Accounting ක්ෂේත්‍රයෙ අරමුණ ආයතනයක සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රමානුකූලව ගනුදෙනු සහ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය/විශ්ලේෂණ/වාර්තා කිරීම. Finance ක්ෂේත්‍රය තුළ වත්කම්, කොටස්, වගකීම් කලමනාකරණය මූලික වෙනව. ඒ එක්කම accounting වලදි අපි ඉලක්ක කරන්නෙ realtime
මූල්‍ය තත්ත්වය්න්. අනෙකෙදි අනාගත කාර්‍යක්ෂමතාව ඉලක්ක කෙරෙනව. අවදානම් විශ්ලේෂණය, කලමනාකරණය, ප්රාග්ධන අයවැයකරණය වගේ කාරණා සහ තාක්ෂණික කාරණා සමුදායක් Finance කොටසට එක් වෙනව.
ගෝලීය වශයෙන් Fintech සහ Digital Banking sectors වල වේගවත් සංවර්ධනය, පරිගනක ආරක්ෂණය, AI/ML (Machine Learning), ESG goals, Compliance changes, Blockchain/Crypto වගේ කාරණා එක්ක ඉතා හොඳ ඉල්ලුමක් මේ ක්ෂේත්‍රයෙ ඇතිවෙලා තියනව. Digital Enablement/Integration/Security, Predictions, Forcasting, Risk Management කියන කාරණා critically අවශ්‍ය වෙන කාලයක් නිසා ඒ සම්බන්ධ විශේෂිත රැකියාත් බිහිවෙමින් යනව. අධ්‍යාපනික වශයෙන් Stats, Maths, Business Management, Accounting එකතුවකින් මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්.බොහෝවිට Accounting/Finance දෙකම Accounting සම්බන්ධ උපාධි වලිනුත් යම් මට්ටමකට හදාරනව. විශේෂිත (specialized) උපාධිත් ලබාගන්න පුළුවන්. CFA (Chartered Financial Analyst) වගේ පාඨමාලාවක් කරන්න හිතන කෙනෙකුට පහත යොමුව වැදගත් වේවි.
https://www.zelleducation.com/blog/cima-vs-cfa/
Sri Lankan CFA Society: https://cfasocietysrilanka.org/
---------------------
අනාගතය?
---------------------
CIMA aඅයතනය විසින් පළකරන ලද පර්‍යේෂණයක් තමයි Future of Finance 2.0 - Insights into an evolving finance profession කියන්නෙ. මේ resources හදාරන එක ඉතාම වැදගත් වෙනව මෙරට හෝ පිටරට Accounting/Finance රැකියාවක් අරමුණු කරන කෙනෙකුට.
Link: https://www.aicpa-cima.com/resources/landing/future-of-finance-2-0
මේ ඕනම රැකියාවක් දුරස්ථාව කරන්න හැකියාව මේ වෙනකොට තියනව.
-------------------------------------------
මෙරට සහ පිටරට රැකියා තනතුරු සහ වේතන
--------------------------------------------
මේ සම්බන්ධ මෙරට සහ ජාත්‍යන්තර වේතන වල යොමු පහතින් බලන්න පුළුවන්. General accounting සහ specific roles වල විස්තර තියනව ආශ්‍රිත යොමු වල.
Sri Lanka:
- https://www.payscale.com/research/LK/Job=Accountant/Salary
https://www.glassdoor.com/Salaries/sri-lanka-accountant-salary-SRCH_IL.0,9_IN45_KO10,20.htm
- https://www.glassdoor.com/Salaries/sri-lanka-accounting-manager-salary-SRCH_IL.0,9_IN45_KO10,28.htm
US: https://www.glassdoor.co.in/Salaries/united-states-accountant-salary-SRCH_IL.0,13_IN1_KO14,24.htm
Europe: https://www.glassdoor.co.uk/Salaries/accountant-europe-salary-SRCH_KO0,17.htm
Aus: https://www.glassdoor.com.au/Salaries/accountant-salary-SRCH_KO0,10.htm
Finance (Analyst)
Sri Lanka: https://www.glassdoor.com/Salaries/sri-lanka-financial-analyst-salary-SRCH_IL.0,9_IN45_KO10,27.htm
USA: https://www.glassdoor.com/Salaries/finance-salary-SRCH_KO0,7.htm
UK: https://www.glassdoor.com/Salaries/london-financial-analyst-europe-salary-SRCH_IL.0,6_IM1035_KO7,31.htm
Aus: https://au.talent.com/salary?job=finance
-----------------------------------------------------------------
Best Remote Job Searching Sites for Accounting/Finance:
-----------------------------------------------------------------
- Indeed
- Flexjobs
- LinkedIn
- Remote.co
- Upwork
Image Credit: AIMST University