03/04/2026
🌄 Malaysia Trip: Experience Sharing 🥰❤️
This is about my bike tour experience in Malaysia 🇲🇾
⚠️ Bike එකෙන් Road Trip යන්න කැමති අය අනිවාර්යෙන් මේක කියවන්න!
ඉතින් මේ මුලු trip එකම plan කලේ තනියෙන්. Visa, Ait Ticket Booking පවා තනියෙන් තමා කර ගත්තේ. කිසිම traveling agent කෙනෙක් සම්බන්ධ කර ගත්තේ නෑ...
📅 Trip Duration: 8 Days (25 March 2026 – 01 April 2026)
🏍️ Bike Tour Duration: 3 Days
--------------------------------------------------------
මැලේසියා tour එකේ වැදගතම කොටස තමයි bike එකක් rent කරල ගිය 500 KM+ road tour එක. මේ post එකේ මම ඒකට ලෑස්ති උන විදිහ තියෙනවා.
-------------------------------------------------------
Bike rent කරන්න ඔයාට ඕනේ:
✅ Passport
✅ International Driving Permit (IDP)
👉 Passport නම් easy.
👉 IDP එක ගන්න විදිහ දැනගන්න ඕනේ නම් comment එකක් දාන්න 👍
KL වල Bike rent එකට දෙන් කිහිපයක් ම තියෙනවා. මම ගත්තේ Rev Bike Rental කියන තැනින්. මෙයාලගේ daily Rate එක වැඩි. නමුත් Bike හොද condition එකේ තියෙනවා.
Bike එකක් ගන්නකොට 150 CC එකක් වත් ගන්න බලන්න. මොකද අපි යන්නේ කදු වල. අනික ගන්න bike එකේ condition එක හොද වෙන්න ඔනේ. මම නන් ගත්තේ 150 CC Scooter එකක්.
Budget :
දවස් තුනට rent එක උනේ RM 510 ක් ( LKR 40000 ක් වගේ). තව RM 300 ක deposit එකක් තියන්නත් උනා. Bike එක return කලාම ඒක දෙනවා.
තව ඉතින් දවසට RM 80 ගානේ වගේ ඉදන් bike rent එකට දෙන places තියෙනවා.
Petrol වලට ගියේ RS. 3000ක් වගේ.
------------------------------------------------------
මම select කලේ Highlands travel කරන්න. Malaysia වල main highlands කිහිපයක් ම තියෙන්වා.
1. Cameron Highlands
2. Genting Highlands
3. Fraser's Hill
KL වලට දුරින්ම තියෙන්නෙ Cameron. ඉතින් cameron යන්න select කලා.
-----------------------------------------------------
Route එක :
Day 01 : Kuala Lumpur → Cameron Highlands
(Bukit Bintang -> Bidor -> Tapah -> Cameron Highlands)
Day 02 : Cameron Highlands වටේ රව්මක් ගැහුවා
Day 03 : Cameron Highlands → Kuala Lumpur
(Cameron Highlands -> Ringlet -> Sungai Koyan -> Bentong -> Bukit Bintang)
----------------------------
අපි දැන් කතා කරමු route එක ගැන. සරලව කිව්වොත් පට්ට.
ඇත්තම කිව්වොත් KL vs KL වලින් පිට towns කියන්නේ අහසයි පොලවයි වගේ.
පලවෙනි දවස..
ලංකාවේ වගේ නෙවේ. මෙහෙ highway වල bike වලට යන්න පුලුවන්. ඒකත් කිසි ගාස්තුවක් නැතුව. KL වල ඉදන් Bidor වලට Highway එකේ ගිහින් exit වෙලා Tapah වලට තමයි මුලින් ගියේ. Bidor ඉදන් Tapah වලට තියෙනේ ටිකක් වලල් තියෙන කාපට් පාරක්. මට තේරුන විදිහට පාරට ගංවතුර දානවා. තියෙන towns ටිකක් පරන පෙනුමක් තියෙනේ. නිකන් පරණ europe towns වගේ. Tapah ඉදන් තියෙනේ කදු. මේ පාරේ එපාම වෙන දේ තමයි lorries පස්සෙන් යන්න වෙන එක. මොකද එක දිගට අනිත් පැත්තෙන් වාහන එනවා. ඉස්සර කරන්න බෑ. තව පොඩි පොඩි ගස් පාරට වැටුන තැන් කිහිපයක්ම තිබ්බා.
Cameron වල මම නැවතුනේ Ratan Tata හරියේ. මේ හරිය තියෙන්නේ cameron වල මැද්දෙ වගේ. ඒක නිසා බලන්න තියෙන places වලට යන්න ලේසි.
දෙවෙනි දවස..
මෙදා කලේ cameron වටේ රවුම් ගහන එක. උදේම ගියා Mossy Forest සහ BOH Tea එකේ Sungei Palas Garden බලන්න. මේ පාර ගොඩක් පටුයි. ඒ වගේම ලස්සනයි. තේ වතු මැදින් තියෙන පාරක්. ලංකාවේ මන්දාරම් නුවර ඉදන් නුවරඑළියට යන පාර වගේ. ගොඩක් ප්‍රපාත තියෙන නිසා කල්පනාවෙන් bike එක පදින්න ඕනේ. පස්සේ ගියේ Blue Valley පැත්තට.
Mossy Forest එක ඇතුලටම ගියේ නෑ. පාරේ ගොඩක් දුර ගිහින් bike එක හරවන් ආවා. හේතුව ඒ පාරේ bike යන්න අමාරුයි. 4 wheel තමා ගැලපෙන්නේ.
හවස Ratan Tata town එක වටේ පයින් රව්මක් දැම්මා.
තෙවෙනි දවස..
මේක තමා challenging ම දවස. Ringlet ඉදන් 80 Km+ කදු තියෙන ලොකු කැලයක් මැද්දෙන් එන්න ඕන උනා. මුලින් cameron ඉදන් ringlet වලට ඇවිත් bike එක full tank කරල රෝද වල හුලන් check කලා. Ringlet ඉදන් Sungai Koyan වලට පාර තියෙන්නේ Temerlah Forest එක මැද්දෙන්. මේ පාරේ කිසිම කඩයක් හෝ petrol station එකක් නෑ. ඒත් එක්කම පාරේ වාහනත් අඩුයි. සමහර තැන් වල අලි ඉන්න පුලුවන් කියලා board තිබ්බා. තව සර්පයන් එහෙමත් ගොඩක් ඉන්නවා කියල හිතුනා. මොකද ගොඩක් සර්පයන් වාහන වලට අහු වෙලා මැරිලා හිටියා.
Sungai Koyan ඉදන් පාර වැටිලා තියෙනේ Farm Oil වතු මැද්දෙන්. මගේ මුලින් plan එක තිබේ Koyan ඉදන් Raub වලට ඇවිත් පසේ එතනින් Fraser's Hill වලට ඇවිත් batu dam එක හරහා KL එන්න. නමුත් Raub වලට එනකොට දවල් උන නිසා සහ මේ පාරත් කදුකර පාරක් නිසා (මේ පාරේ ගියොත් KL වලට යන්න රෑ වෙන නිසා) කෙලින්ම Bentong වලට ඇවිත් highway එකෙන් KL වලට ආවා.
මේ මුලු ගමනෙම මට bike එක පදින්න අමාරු උනේ KL town එකේ. හේතුව පාරවල් complex වැඩි google map එකේ උනත් හොයා ගන්න අමාරුයි.
දැනට මේ post එක ඉවරයි. තව හෑලකින් හම්බ වෙමු 🥰.
Share Please.