Sanka Chandima Abayawardena

Sanka Chandima Abayawardena රට වෙනස් කරන්නේ කොහොම කියල අපි කතාකරමු. කර්මාන්ත දියුණු කරලා ආර්ථිකය හදන්නේ කොහොමද කියල හිතමු.

ධර්ම - විනය අධ්‍යාපනය වෙසක් දිනයේ කියවිය යුතුම සටහන්, ආචාර්ය වරුණ චන්ද්‍රකිර්ති විසින් අපේ ස්වාමීන්වහන්සේලා ගැන මහා විවේ...
30/05/2026

ධර්ම - විනය අධ්‍යාපනය වෙසක් දිනයේ කියවිය යුතුම සටහන්, ආචාර්ය වරුණ චන්ද්‍රකිර්ති විසින්

අපේ ස්වාමීන්වහන්සේලා ගැන මහා විවේචනයක් එල්ලවෙමින් තියෙනවා. මේ විදිහට සද්ද කරන අය අතර ඉස්සරහින් ම ඉන්නේ නිරාගමික වේශයෙන් පෙනී ඉන්න බෞද්ධ විරෝධී ලිබ්බෝ බව ඇත්ත. කවුරු මුල් වුනත්, මේ සද්දය මහ දැවැන්ත එකක් බවට පත් කරලා ඉවරයි. ඒ හින්දා මේ ඝෝෂාව හරහා ඇතිවෙන්න පුළුවන් හානි වළක්වාගන්න උත්සාහකිරීම බෞද්ධ අපේ වගකීමක්. අද වෙසක් දවසේ මම මේ ලිපිය ලියන්නේ අදාළ මූලික කාරණයක් ගැන කෙටියෙන් යමක් කීමේ අදහසින්.
ධර්මධර, විනයධර සංඝ සංස්ථාවක් කියන්නේ අපේ රටට මහා සම්පතක්. එහෙම සංඝ සංස්ථාවක් ඉබේ ඇතිවෙන්නේ නෑ. මේ වැඩේට අදාළ අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම අධ්‍යාපනයක් ලබපු සහ ලබන ස්වාමීන්වහන්සේලා යම් ප්‍රමාණයක් තවමත් අපේ රටේ වැඩ ඉන්නවා. ඒ වගේ ම, ප්‍රමාණවත් ත්‍රිපිටක අධ්‍යාපනයක් සහ විනය පුහුණුවක් නැති ස්වාමීන්වහන්සේලා සැළැකිය යුතු ප්‍රමාණයකුත් අපේ රටේ වැඩ ඉන්නවා.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කැමැති කුණු ප්‍රචාරය කරන්න. ඒ හින්දා මේ කියපු දෙවැනි පිරිසට අදාළ කාගේ හරි යම් යම් නරක සිද්දියක් ඇතිවුණා කියලා ඕපදූපයක් ඉස්සරහට ආවාම ඒකට අදාළ ප්‍රවෘත්ති ලොකු ඝෝෂාවක් කර කර අපි අතර ප්‍රචාරය කරන්න පටන්ගන්නවා. ඉතින් අපේ සමහර අය හොඳ, නරක භේදයක් සළකන්නේ නැතුව ස්වාමීන්වහන්සේලා ඔක්කොම එකට තියලා බනිනවා. ශාසනයට ගර්හා කරනවා. සංඝ රත්නයට අපහාස කරනවා.

මේ කලබැගෑනියට අදාළ මූලික ම වැරැද්ද තියෙන්නේ අපේ රටේ බෞද්ධ අධ්‍යාපනය මූණදීලා තියෙන නස්පැත්තිය ඇතුළේ. දේශ දේශාන්තරවල ගෞරවයට, බුහුමනට ලක්වෙච්ච ඉතාමත් හොඳ පිරිවෙන් අධ්‍යාපනයක් අපේ රටේ තිබුණා. ඒත් 1959 අවුරුද්දේ ඉඳලා අපේ පිරිවෙන් අධ්‍යාපනය පිරිහෙන තැනට පාර කැපුණා.
1958 දෙසැම්බර් මාසේ ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු “1958 අංක 45 දරන විද්‍යොදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත” තමයි මේ විනාශයේ ආරම්භය. 1958 දෙසැම්බර් 19 වැනි දා, බ්‍රිතාන්‍ය රාජකීය අනුමැතිය ලැබිච්ච මේ පනත 1959 ජනවාරි 1 වැනි දා ඉඳලා ක්‍රියාත්මක වුණා. ඉතින් විද්‍යොදය සහ විද්‍යාලංකාර මහා පිරිවෙන් ඒ දවසේ ඉඳලා විශ්වවිද්‍යාල බවට පත්වුණා. (මේ වැඩේ හොඳ අරමුණකින් කරපු බවට සැකයක් නෑ. ඒත් සිද්දවුණේ වෙනස් දෙයක්).

මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙන 1873 අවුරුද්දේත් කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන 1875 අවුරුද්දෙත් ආරම්භ කරපු බව අපි දන්නවා. ඒ මහා පිරිවෙන්වලින් ලබාදීපු අධ්‍යාපනයත් ඉතාමත් සාරවත් එකක්. ඒ ගැන විස්තර කියන්න ඕන නෑ 1959 ආරම්භ වෙද්දි, මේ මහා පිරිවෙන් දෙකේ ම (අලුත් විශ්වවිද්‍යාල දෙකේ ම) බහුතර ශිෂ්‍යගහනය බවට පත්වෙලා හිටියෙත් අපේ ස්වාමීන්වහන්සේලා තමයි. අපි උදාහරණයක් විදිහට විද්‍යොදය විශ්වවිද්‍යාලය සළකමු. 1959 අවුරුද්ද ආරම්භයේ ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ 1500 කට කිට්ටු ප්‍රමාණයක් ඉගෙනගත්තා. ඒ අතර ගිහි පිරිමි ශිෂ්‍යයෝ හිටියේ 466 දෙනෙක් විතරයි. පිරිවෙන්වලට ගිහි ශිෂ්‍යාවෝ බඳවාගත්තේ නෑ. ඉතින් 1959 අවුරුද්ද ආරම්භ වෙද්දි, විද්‍යොදය විශ්වවිද්‍යාලයේවත් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේවත් එක ම එක ශිෂ්‍යාවක්වත් හිටියේ නෑ.

ඒත් 1966 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු “1966 අංක 20 දරන ලංකා උසස් අධ්‍යාපන පනත” විසින් මේ තත්ත්වය කනපිට හැරෙව්වා. විද්‍යොදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යාවන් බඳවාගැනීමත් ආරම්භ කළා. ඉතින් ඒ අනුව බඳවාගත්ත ආරම්භක කණ්ඩායමේ ශිෂ්‍යාවෝ 319 දෙනෙක් හිටියා. ගිහි පිරිමි සිසුන් ප්‍රමාණයත් විශාල විදිහට වැඩිවුණා. විද්‍යොදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල දෙකේ පැවිදි ශිෂ්‍යගහනය ඉක්මවපු ගිහි ශිෂ්‍යගහනයක් ඇතිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ කැති පිහි විප්ලවයට සටන්කාමීන් බඳවාගැනීමටත් මේ විශ්වවිද්‍යාල දෙක පාවිච්චි කළා. ඒ කලබල වැඩවලට තරුණ පැවිදි ශිෂ්‍යයන්වත් පටලවාගත්තා. කැති, පිහි විප්ලවයට අමතරව කන බොන, නටන පනින, කසිප්පු බොන, ගංජා ගහන විප්ලවත් මේ බෞද්ධ අධ්‍යාපන උරුමය ආක්‍රමණය කරන්න පටන්ගත්තා.
“1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත” විසින් මේ විශ්වවිද්‍යාල දෙකේ නම් දෙකත් නැති කරලා දැම්මා. 1979 ජනවාරි 1 වැනි දා ඉදලා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ නම “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය” කියලත් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නම “කැලණිය විශ්වවිද්‍යාලය” කියලත් වෙනස් කෙරුණා. ඔටුව කුඪාරම ඇතුළට ගියා. අරාබියා එළියට විසිවුණා. ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලවල සිද්දවෙච්ච ධර්ම - විනය අධ්‍යාපනය ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න ඕන නෑ.

අපේ රටේ බෞද්ධ ජනගහනය එක් කෝටි හැට ලක්‍ෂයක් විතර ඇති. අපේ රටේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා 42 දාහකට ටිකක් වැඩි පිරිසක් (42,122 ක්) වැඩ ඉන්නවා. විහාරස්ථාන 12,235 ක් රට පුරා විසිරිලා තියෙනවා. ඊට අමතරව, දශ සිල් මාතා ආශ්‍රම 743 කුත් තියෙනවා. පිරිවෙන් 790 ක් විතර තියෙනවා කියලත් කියනවා. මේ පිරිවෙන් මූලික, මහා, සහ විද්‍යායතන කියලා මට්ටම් තුනකට වර්ග කරනවා.

මූලික පිරිවෙන්වල ලබාදෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයක්. ඒ පිරිවෙන්වල මූලික පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි භාෂාත් ත්‍රිපිටක ධර්මය සහ ගණිතයත් උගන්වනවා. දැනට අපේ රටේ මෙහෙම පිරිවෙන් 466 ක් තියෙනවා. මහා පිරිවෙන්වල අධ්‍යාපනයට ඉතිහාසය, දර්ශනය වගේ විෂයයනුත් එකතුවෙනවා. මෙහෙම පිරිවෙන් 492 ක් තියෙනවා. විද්‍යායතන පිරිවෙන්වල හුඟක් ඉහළ මට්ටමක අධ්‍යාපනයක් ලබාදෙනවා. දැනට මෙහෙම විද්‍යායත පිරිවෙන් 65 ක් අපේ රටේ තියෙනවා. විද්‍යායතන පිරිවෙන්වල විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් ලබාදෙනවා කියලා කියනවා. මේවා ගැන දැනුමක් මට නෑ.
පිරිවෙන්වල ඉගෙනගන්න සම්පූර්ණ ශිෂ්‍ය ප්‍රමාණය 70 දාහකට කිට්ටුයි. රටේ වැඩ ඉන්න සම්පූර්ණ භික්‍ෂූන්වහන්සේලා ප්‍රමාණය 42 දාහක් හින්දා පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා ප්‍රමාණය හුඟක් අඩු බව පැහැදිළියි. (ඒ ගණන හරියට ම දන්නේ නෑ). ඒ ප්‍රමාණය කීයක් වුනත් අපේ පිරිවෙන්වලත් බහුතරය ගිහි ශිෂ්‍යයෝ බව අපි හැමෝම දන්නවා.

අපේ පිරිවෙන් අධ්‍යාපනය මුළුමනින් ම ආණ්ඩුවේ පාලනයට යට කරපු එකක්. ඉතින් අපේ පිරිවෙන් සම්බන්ධ අවසාන විධායක බලධාරියා විදිහට අධ්‍යාපන ඇමැතිවරයාට (දැන් නම්, හරිනි අමරසූරිය ඇමැතිවරියට) වගකීම් පවරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිරිවෙන් පාලනය කරනවා. පිරිවෙන්වල උගන්නන්න ඕන දේවල් ජාතික අධ්‍යාපන ආයතනය විසින් තීරණය කරනවා. ඒ අය හදන විෂයය නිර්දේශවල තියෙන කරුණු පිරිවෙන්වල උගන්වනවා. ගුරු පුහුණුව ලබාදීමත් ඒ ආයතනය මුල්වෙලා ම සිද්ද කරනවා.

අපේ රටේ කතෝලික පූජකවරු හදන වැඩේ සිද්දවෙන්නේ මීට වඩා හාත්පසින් ම වෙනස් විදිහකට. පොඩි සන්සන්දනයක් කරන්න පුළුවන් හින්දා අපි ඒ ගැනත් විමසලා බලමු.

දැනට අපේ රටේ ලක්‍ෂ 16 ක විතර කතෝලික ජනගහනයක් ඉන්නවා. (ඒ කියන්නේ, බෞද්ධ ජනගහනයෙන් දහයෙන් එකක් විතර ප්‍රමාණයක්). ඒ ජනගහනය ජීවත්වෙන්නේ දියෝකීසි 12 ක පාලනය යටතේ. (ඒ අතර එක බිෂොප් දියෝකීසියක් සහ අනෙකුත් දියෝකීසි 11 ක් තියෙනවා). මේ දියෝකීසිවල ආගමික කටයුතුවල නිරතවෙන කතෝලික පූජකවරු 1600 ක් විතර ඉන්නවා කියනවා.

මේ කතෝලික පූජකවරු පුහුණු කරලා, හදලා දෙන්නේ අපේ රටේ තියෙන සෙමනේරිවලින් කියලා අපි දන්නවා. මහනුවර අම්පිටියේ තමයි ජාතික සෙමනේරිය තියෙන්නේ. ඊට අමතරව කොළඹ මරදානේ, යාපනයේ සහ රත්නපුරේ සෙමනේරි තියෙනවා. මේ හැම සේමනේරියක් ම පාලනය කරන්නේ කතෝලික සභාව විසින්.

උගත්, අධ්‍යාත්මික ගුණ වගාවෙන් පොහොසත්, දේවධර්මය සහ දර්ශනය පරතෙරට ප්‍රගුණ කරපු, තමන්ගේ වගකීම් දන්න, නායකත්ව හැකියාවෙන් පිරිපුන් කතෝලික පූජකවරු හැදීමක් සෙමනේරිවලින් කරනවා. මේ වැඩේට අදාළ අධ්‍යාපන පාඨමාලා හදන්නේත් කතෝලික සභාවේ නායකත්වය සහ අධීක්‍ෂණය යටතේ ම තමයි. ඒ සඳහා වතිකානුවේ මගපෙන්වීමත් ලැබෙනවා. මේ වැඩවලට අධ්‍යාපන අමාත්‍යංශය කිසිම විදිහකින් සම්බන්ධවෙන්නේ නෑ. ඉතින් සෙමනේරි අධ්‍යාපනයට මැදිහත්වීමේ අවසරයක් ජාතික අධ්‍යාපන ආයතනයටත් ලැබිලත් නෑ. කතෝලික සෙමනේරිවල අධ්‍යාපනය මුළුමනින් ම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඈත් කරපු ස්වාධීන කටයුත්තක්.
මේ සන්සන්දනයෙන් අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද? අපේ බෞද්ධ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නය මොකක්ද? අපි ටිකක් කල්පනා කරලා බලමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

කුමන භාදක මධ්‍යයේ වුවද වෙසක් අසිරිය රකින ගම්පහ වෙසක් සිරි මේ බඩල්ගම නගරයේ තොරණේ මංගල විදුලි බුබුළ දැල්වීමට පෙර වෙළද සංගම...
30/05/2026

කුමන භාදක මධ්‍යයේ වුවද වෙසක් අසිරිය රකින ගම්පහ වෙසක් සිරි

මේ බඩල්ගම නගරයේ තොරණේ මංගල විදුලි බුබුළ දැල්වීමට පෙර වෙළද සංගමයේ නිලධාරීන් සමග මා ලබාගත් ජායාරුපය. අද දින මා හට ගම්පහ දිවුලපිටියේ වෙසක් මංගල්ල්‍ය උදෙසා ඉදිකෙරුණු ප්‍රධානතම තෝරන් දෙකක විවුර්ථ කිරීම සදහා ආරාධනා ලැබී තිබුණි. එකිනෙක විනාඩි 30ක පමණ දුරින් පිරිටි දිවුලපිටිය නගරයේ වෙළද සංගමයෙ LED තොරණ මෙන්ම බඩල්ගම නගරයේ වෙළද සංගමයෙන් ඉදිකළ පැරණි ආකාරයේ විදුලි බුබුළු තොරණත් දෙකම ආරම්බ කිරීමට නියමිතව තිබුනේ සවස 6.30ට. කෙසේවෙතත් දිවුලපිටිය නගරයේ වෙළද සංගමයෙ LED තොරණ අරඹය පැය භාගයකින් ප්‍රමාද වීම සිදුවූ නිසා බඩල්ගම මගේ හිත මිත්‍ර ලක්මාල් කන්නන්ගර මහතා ප්‍රමුඛ වෙළද සංගමයේ ආරාධනාව පරිදි එම තොරණේ විවුර්ථ කිරීමටත් සහභාගී වීමට හැකි වුණා. කෙසේ වෙතත් අවාසනාවකට මෙන් මා හට තොරණ අරඹ වෙනතුරු එම ස්ථානයේ රැදී සිටීමට නොහැකි වීම නම් ඉතාමත් කණගාටුවට කාරණාවක්.

සංඛ චන්දිම අභයවර්ධන

fans

30/05/2026

ලාබ හරිත බලශක්තියෙන් රට ගොඩ ගන්නේ කොහොමද?

බලශක්ති ගැටලුව විසදන්නේ කොහොමද කියල අදහසක් ඉදිරිපත් කිරීම තමයි මම අද සංඛාර වැඩසටහනෙන් කලේ. ගල් අගුරු හොරකමින් වගේම අප්‍රියෙල් මස ඩොලර් මිලියන 56ක් පමණ වඩා දැවැන්ත දුෂණයක් කරමින් ආනයනය කරපු තෙල් නිසා අද ඇතිවෙලා තියෙන බලශක්ති ගැටලුවට විසදුම් දෙන්නේ කොහොමද?

සංඛ චන්දිම අභයවර්ධන

29/05/2026

දියුණු රටකට ගැලපෙන ලෙස පොදු ප්‍රවාහනය හදන්නේ කොහොමද?

සංඛාර නමින් රටේ ප්‍රශ්න වලට දිය හැකි විසදුම් සරලව සාගච්චා කෙරෙන වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන හරහා මම සාගච්චා කරන්නේ පොදු ප්‍රවාහනය ගැන. ජනප්‍රිය මතුපිටින් තීන්ත ආලේප කරන විසදුම් වෙනුවට වහාම පිළිතුරු සෙවිය යුතු ගැටළු පිලිබදවත් ඒ සදහා ප්‍රයෝගිකව ගත හැකි පියවර ගැනත් සරලව කතා කරන්නට මම උත්සහ ගත්තා. මේ කරන ජාතික දේශපාලන තලයේ අප සැම විසින්ම කතාබහ කල යුතු කාලය පැමිණ ඇත.

සංඛ චන්දිම අභයවර්ධන

පිරිස්යාල මහා පිරිවෙනෙහි අභිනව සර්වඥ ධාතූ මන්දිරය සහ කෞතුකාගාරයට මුල් ගල් තැබීමට ඉඩකඩ විවර කල කටුගස්තොට සාරද මහෝපාධ්‍යාය...
28/05/2026

පිරිස්යාල මහා පිරිවෙනෙහි අභිනව සර්වඥ ධාතූ මන්දිරය සහ කෞතුකාගාරයට මුල් ගල් තැබීමට ඉඩකඩ විවර කල කටුගස්තොට සාරද මහෝපාධ්‍යාය නාහිමියන්ට බොහෝ පිං

අද දින මට මහත් පුන්‍යකර්මයක් සිදුකරගැනීමට ඉඩ ලැබුණා. ඒ කටුගස්තොට සාරද නාහිමියන්ගේ ගෞරවනිය ආරාධනයෙන් රාමඤ්ඤ නිකායේ මීරිගම සේනානායක මුදලින්දාරාමයේ පිරිස්යාල මහා පිරිවෙනෙහි අභිනව සර්වඥ ධාතූ මන්දිරය සහ කෞතුකාගාරයට මුල් ගල් තැබීමට සහභාගීවීමට ලැබීමෙන්. මේ මහත්වූ පින්කමට සහභාගිවීමට මා හටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන්ට ඉඩ කඩ විවර කල සේනානායක මහ පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට සාරද මහෝපාධ්‍යාය නාහිමියන්ට බොහෝ පිං වේවා.

එමෙන්ම අපගේ සහභාගිත්වය උදෙසා සම්බන්ධීකරණය කල මගේ ඥාතී ප්‍රියන්ත මහත්මා මෙන්ම මගේ හිත මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාටද පුණ්‍යානුමෝදනා කරමි.

සංඛ චන්දිම අභයවර්ධන

Gayantha Karunatilleka Harshana Rajakaruna Prasad Siriwardana

28/05/2026

අද සිට සැම දිනකම සංඛාර නමින් රටේ ප්‍රශ්න වලට දිය හැකි විසදුම් සරලව සගච්ච කෙරෙන වැඩසටහන් මාලාවක් දියත් වෙනවා. වසර 24ක් පමණ දේශපාලන ක්‍රියාකාරිකයෙකුව සිටින මම වැඩියෙන්ම උත්සහ කරන්නේ ප්‍රශ්න වලට පිළිතුරු සාගච්චා කිරීමට. හරිත දේශපාලන පසුබිමත් තිරසාර සංවර්ධනය පිළිබද ලෝකමට්ටමේ අත්දැකීමුත්, ලොව පුර තරුණ දේශපාලන නායකයෙකු ලෙස අත්කරගත් මහගු අත්දැක්ම් උපයෝගී කරගනිමින් මගේ දැක්ම සහ දේශපාලන අදහස් ජනතාව අතර සංවාදයට ගැනීම සාර්ථකව කල හැකි බව මා විස්වාස කරනවා.

සිංහල බෞද්ධයෙකු වශයෙනුත් කෝට්ටේ යුගයට නෑකම් කියන පැරණි බෞද්ධ පවුලක සාමාජිකයෙකු වශයෙනුත් බෞද්ධ ධර්මයේ එන හෙතුපලවාදය ඇසුරෙන් ප්‍රශ්න දකින්නට මා රටේ පොදු ප්‍රශ්න සංඛාර ධර්මයන්ගේ මුලදර්මය ඇසුරෙන් විනිවිද දකින්නට මේ දරන උත්සාහය රටටත් සියලු ශ්‍රී ලාංකිකයන්ටත් යහපත් අත්කර දේවා.

සංඛ චන්දිම අභයවර්ධන



You Tube සබැඳිය සඳහා අදහස් තීරුව බලන්න

LTTE කොටි ත්‍රස්තයන් විසින් "දිඹුලාගල සිංහයා" නොහොත් කිතලගම ශ්‍රී සීලාලංකාර මහතෙරුන් වහන්සේව වෙඩි තබා ඝාතනය කළේ අද වගේ ද...
26/05/2026

LTTE කොටි ත්‍රස්තයන් විසින් "දිඹුලාගල සිංහයා" නොහොත් කිතලගම ශ්‍රී සීලාලංකාර මහතෙරුන් වහන්සේව වෙඩි තබා ඝාතනය කළේ අද වගේ දවසක (1995/05/26).

26/05/2026

ඩොලර් හිඟයේ සැබෑ රහස එළියට!

ඊයේ දිනයේ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා විසින් රචිත එකට ගැටුම ග්‍රන්ථය එළිදැක්වුණා. ඒ අවස්ථාවේදී මාධ්‍ය මිතුරන් කිහිපදෙනෙකු රටේ පවතින ආර්ථික තත්වය පිළිබද මගෙන් විමසා සිටියා. මේ එම අවස්ථාවේදී රටේ ඩොලර් බිලියන 2ක් වැනසූ වාහන ආනයනය ඩොලර් අර්භුදයට හේතුවූ අයුරු.£

සංඛ චන්දිම අභයවර්ධන

25/05/2026

රටේ ආර්ථිකය අර්බුදයට ගෙන ගොස් ඇති බලශක්ති මගඩියේ මාර්ග සිතියම

කුමුදිනි බණ්ඩාර මහත්මිය විසින් මෙහෙයවන විශේෂ දේශපාලන සංවාදයකට සහභාගිවෙමින් බලශක්ති අර්භුදය කාන්තාවන්ට බලපාන ආකාරයත් අනුර කුමාර ජනපතිවරයාත් සහ කුමාර ජයකොඩි හිටපු ඇමතිවරයාත් මගින් ක්‍රියාවට නැගුනු මහා බලශක්ති මගඩියේ සමස්ත මාර්ග සිතියම පිලිබදවත් අප කතා බහ කලා. දේශපාලනය තුල කාන්තාව පිළිබද කුමුදිනි මහත්මිය මතුකිරීමට උත්සහ කරන ශිෂ්ඨත්වයේ කතිකාවත මාලිමා අශිෂ්ඨත්වයෙන් නොසැලී ඉදිරියටම ගෙනයාමට සියලු ශක්තිය පතමි.

සංඛ චන්දිම අභයවර්ධන
fans

ලංකා ජනරජය අද පාලනය වන්නේ ජනතාවගේ ජන්දයෙන් පිහිටවූ රජය නොව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිමය වශයෙන්ම ප්‍රතික්ෂේප කරන පක්ෂය...
24/05/2026

ලංකා ජනරජය අද පාලනය වන්නේ ජනතාවගේ ජන්දයෙන් පිහිටවූ රජය නොව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිමය වශයෙන්ම ප්‍රතික්ෂේප කරන පක්ෂයක ලේකම් වරයෙකු විසින් බවට මිට වඩා සාදක සාක්ෂි කුමටද?

සංඛ චන්දිම අභයවර්ධන

24/05/2026

විපක්ෂය හදන තැන කතාකළ ගල් අගුරු වන්දිය

දුෂණ චෝදනා නිසා දුරයෙන් පලා යාමට බලකෙරුණු හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පසුගියදා මගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තිබුනා. මම දිගින් දිගටම ගල් අගුරු මගඩිය පිළිබද ඉදිපත් කල සංඛ්‍යා ලේඛන හැකි බොරු කර පෙන්වන මෙන් මා කල අභියෝගය බාරගන්නවා වෙනුවට ඔහුගේ නිකැළැල් පරම පවිත්‍ර දේශපාලන චරිතයට අපහාස වූ යයි කියමින් මේ මහා මුදල ඉල්ලා තිබුණා.

ඒ ඉල්ලීම උදෙසා මගේ නිල පිළිතුරක් පමණක් ලබා දීම සැහෙන්නේ නැති යයි සිතන නිසා, මේ සාගාච්චාවේදීද මේ කරණය පිළිබද කතා කලා.

සංඛ චන්දිම අභයවර්ධන

Address

Divulapitiya

Alerts

Be the first to know and let us send you an email when Sanka Chandima Abayawardena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share