Sanka Chandima Abayawardena

Sanka Chandima Abayawardena රට වෙනස් කරන්නේ කොහොම කියල අපි කතාකරමු. කර්මාන්ත දියුණු කරලා ආර්ථිකය හදන්නේ කොහොමද කියල හිතමු.

ඉතිහාසයේ බිහිවූ අමනම ආණ්ඩුව.
01/09/2026

ඉතිහාසයේ බිහිවූ අමනම ආණ්ඩුව.

ජ.වි.පෙ. බලය බලගල්ලේදී බිඳ වැටේපසුගිය සෙනසුරාදා දිවුලපිටිය ආසනයේ බල ප්‍රදේශයේ B .R දිලිප් රුවන් විජේවික්‍රම මහත්මයාගේ නි...
31/08/2026

ජ.වි.පෙ. බලය බලගල්ලේදී බිඳ වැටේ

පසුගිය සෙනසුරාදා දිවුලපිටිය ආසනයේ බල ප්‍රදේශයේ B .R දිලිප් රුවන් විජේවික්‍රම මහත්මයාගේ නිවසේදී බලගල්ල ප්‍රාථමික විද්‍යාල මැතිවරණ මධ්‍යස්ථාන පක්ෂ ශාඛාව පිහිටුවීමට අප පියවර ගත්තා.

සියලු ගම්වාසීන්ගේ සහයෙන් සහ ආරාධනයෙන් පැවැත්වුන මේ අවස්ථාව අනාගතය වෙනුවෙන් ජනතාවගේ උනන්දුව තාමත් පහව ගොස් නොමැති බව පසක් කලා.

මේ උනන්දුව අන් කවරක් නිසා නොව රටේ ජනතාව වෙනුවෙන්, අපේ දරු මුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදිව පලවා හැරීමට ඇති බලාපොරොත්තුව නිසාය. වේදනාවේ හා අශිෂ්ඨත්වයේ දේශපාලනය මතින් බලය ගත ජනතා විමුක්ති පෙරමුණ පාලනය යටතේ රටටත්, සමාජයටත් පුරවැසියාටත් අත්විදීමට සිදුව ඇති ගැහට නිසාය. විශේෂයෙන්ම සදහන් කල යුතු කාරණය නම් 88,89 ජ.වි.පෙ ත්‍රස්තවාදයට අවසන් වරට නායකත්වය දුන් පුත්ගලයා පදිංචිව සිටි බලගල්ල අද ජනතා විමුක්ති පෙරමුණ සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබීමයි.

ඒ නිසා මේ දිවුලපිටියේ ඉතිහාසයට වෙනස් අර්ථයක් එක් වූ අවස්ථාවක් ලෙස මම දකිනවා.

ඒ තමයි බලගල්ල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපත් දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් එකමුතුව සමගි ජන බලවේගය වටා පෙළගැසුණු අවස්ථාව වීම.

මෙම විශේෂ අවස්ථාවට වූ ජනකාය අතරින් සභාපති ලෙස H.A නන්දසේන, ලේකම් ලෙස B.R දිලිප් රුවන් විජේවික්‍රම , භාණ්ඩාගාරික ලෙස B.R චමිල තුශාන්ත, උපසභාපති ලෙස K .A රුක්මණී, උපලේකම් ලෙස H.K චන්ද්‍රවතීත්, කාරක සභිකයන් ලෙස, B.R සරත් ගාමණී, H .M විමලබන්දු, H.K ප්‍රේමසිරි, H .K .M කෝලිත හර්ෂමාල්, H.K.M සුභාෂිණි, G.අනුර පත්මසිරි පත්වූ බව සතුටින් සදහන් කල යුතුයි.

අද මට නැවතත් තහවුරු වුණේ රටක සැබෑ ශක්තිය තිබෙන්නේ ජනතාව තුළ බවයි. දේශයේ සතුරන් කොතරම් බලවත් වුණත්, ජනතාවගේ අධිෂ්ඨානය, ජනතා බලය සහ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ඊට වඩා ශක්තිමත් බව අද බලගල්ලේදී අපි යළිත් දැක්කා.

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව තේරුම් ගත යුතු සත්‍යය ඉතාම සරලයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ බිය, ගැටුම් සහ බලහත්කාරය මත පදනම් වූ දේශපාලනයක් නොවේ. තමන්ගේ ඓතිහාසික රාජ්‍යය ආරක්ෂා කරගනිමින්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෞරවය සමඟ ජීවත් විය හැකි රටක් ගොඩනැගීමයි.

අද බලගල්ලෙන් ඇසුණේත්, දිවුලපිටියෙන් නැගුණේත් එම පණිවිඩයයි.

සංඛ චන්දිම අභයවර්ධන

Sajith Premadasa Ranjith Madduma Bandara Prasad Siriwardana Sujeewa Senasinghe Charitha Herath චරිත හේරත්




#පුතාණෝ

​ #පොත්කියවනනායකයා

#සජිත්_දිනවමු
#සජිත්ට_පුලුවන්
සමගිජනබලවේගය #දිවුලපිටිය #බලගල්ල #ජනතාබලය #ප්‍රජාතන්ත්‍රවාදය #නිදහස #දේශයේඅනාගතය #දරුමුණුපුරන්ගේඅනාගතය #ජනතාවසමඟSJB #සමගියෙන්ජයගමු #රටවෙනුවෙන් #අලුත්දේශපාලනසංස්කෘතිය

31/08/2026

සියවස් ගණනක සිහිනය JVP විසින් පාවා දෙනවාද?

ජනතාව බලාපොරොත්තු වූ වෙනස කියන්නේ හොඳ ජීවන තත්ත්වයක්, ශක්තිමත් ආයතන, හොඳ පාලනයක්, නීතියේ ආධිපත්‍යය සහ සියලු දෙනාට වැඩි අවස්ථා ඇති ශ්‍රී ලංකාවක්.

අපි දේශපාලනයට එන්නේත් ඒ වෙනස ඇති කරන්නයි. SJB වැනි දේශපාලන ව්‍යාපාර සමඟ එකතු වන්නේ ජනතාවගේ ජීවිත යහපත් කරන්නත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්නත්.

නමුත් අද අපි අපෙන්ම අහන්න ඕනේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.

අපි ඉල්ලපු වෙනසද මේ ලැබෙන්නේ?

වෙනසක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමවත්, බලය එක් පක්ෂයකට එකතු කිරීමවත් නොවෙයි.

එහෙම වෙමින් තිබෙනවා නම්, අපි ඉදිරියට යනවා නොවෙයි. අපි නැවත භයානක අතීතයකට යනවා.

ආර්ථිකය ගැනත් කතා කරන්නේ දේශපාලන කතා සහ සිරස්තලවලින් පමණක් නොවෙයි.

අපි බලන්න ඕනේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත දිහා.

👉 ජීවන වියදම අඩු වෙලාද?
👉 පවුල් ආදායම වැඩි වෙලාද?
👉 රැකියා අවස්ථා වැඩි වෙලාද?
👉 මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලාද?
👉 ණය බර අඩු වෙලාද?
👉 ආයෝජන වැඩි වෙලාද?
👉 ඇත්තටම ජනතාවගේ ජීවිත යහපත් වෙලාද?

ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනසක් තිබෙනවා. නමුත් ඒ වෙනස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, ආයතන ශක්තිමත් කරන, ආර්ථිකය වර්ධනය කරන සහ ජනතාවගේ ජීවිත යහපත් කරන වෙනසක් විය යුතුයි.

අපේ සියවස් ගණනක සිහිනය වූ නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාව කිසිම දේශපාලන බලවේගයකට පාවා දෙන්න ඉඩ දිය යුතු නැහැ.

වෙනස අවශ්‍යයි. නමුත් වෙනස යනු ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීම නොවේ.

#සජිත්_දිනවමු #සජිත්ට_පුලුවන් #සමගිජනබලවේගය #ශ්‍රීලංකාව #ප්‍රජාතන්ත්‍රවාදය #ජනතාව #දේශපාලනය

How සියවස් ගනණක සිහිනය betrayed by JVP ?

The change the people were promised was a better Sri Lanka a country with a better quality of life, stronger institutions, better governance, and greater opportunities for everyone.

That is why people enter politics with parties like the SJB: to improve the lives of our people and strengthen the democratic state and its institutions.

But we must ask a serious question: Is the change being delivered actually the change people asked for?

If the direction of this so-called transformation is toward destroying the hard-won democratic nation-state and concentrating power toward a one-party system, then we are not moving forward -we are moving toward a dangerous past.

And we must look beyond popular government rhetoric when assessing the economy. Political speeches and headlines are not enough. We need to examine the real economic situation: the cost of living, household incomes, employment, purchasing power, debt, investment, and whether ordinary Sri Lankans are actually experiencing an improvement in their lives.

Sri Lanka deserves change that strengthens democracy, improves institutions, grows the economy, and gives people a better quality of life not change that takes away the freedoms and democratic foundations we fought hard to protect.





#පුතාණෝ

​ #පොත්කියවනනායකයා

#සජිත්_දිනවමු
#සජිත්ට_පුලුවන්
#සමගිජනබලවේගය #ශ්‍රීලංකාව #ප්‍රජාතන්ත්‍රවාදය #ජනතාව #ආර්ථිකය #ජනතාජීවිත #දේශපාලනය

අනුරට බල කාමය වෙනුවට මිනිස්සු වෙනුවෙන් පක්ෂය මෙහෙයවන්න ආදර්ශයක් පක්ෂයේ බලකාමය වෙනුවෙන් විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධන යෝජන...
30/08/2026

අනුරට බල කාමය වෙනුවට මිනිස්සු වෙනුවෙන් පක්ෂය මෙහෙයවන්න ආදර්ශයක්

පක්ෂයේ බලකාමය වෙනුවෙන් විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා කිරීමේදී විරුද්ධ මත දැරුවන්ට කට වසා ගන්නට කියූ ක්‍රමය වෙනුවට සිදුකළ යුතුව තිබුණේ සියල්ලන්ටම ඇහුම්කන් දීමයි. සමගි ජන බලවේගය වශයෙන් අප දිවුලපිටිය ආසනයේ මේ මොහොතේ කරන්නෙත් සියල්ලන්ටම හොඳින් ඇහුම්කන් දීමයි, සියලු දෙනාගේම අදහස් යෝජනා චෝදනා විවේචන සැලකිල්ලට ගැනීමයි.

මේ දිවුලපිටිය ආසන කළමනාකරණ කමිටුව. පසුගිය මාස දෙක ඇතුලත ගම්පහ හොල්ලන්න පුළුවන් විදිහට දිවුලපිටිය ආසනය ක්‍රියාකාරී කරවපු මෙහෙයුමේ තිරය පිටුපස සිටි වීරයන් ගොඩ දෙනෙක් මෙතන සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වියාපාරයක් විදිහට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද වනවිට ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වෙන සමගි ජන බලවේග ආසන සංවිධානයක් ගොඩනගන්න අපි කටයුතු කරලා තියනවා. රටේ ජාතික අභිලාශය වගේම වගේම ග්‍රාමීය අවශ්‍යතාත් ඉටුකරන්න අප එකාවන්ව වැඩ කරන්න පටන් අරගෙන සාර්ථකව ඉදිරියට යමින් තිබෙනවා.

දිවුලපිටියේ අපි මිනිසුන්ගේ අවශ්‍යතා සහ ගැටළු හදුනාගෙන ඒවාට ප්‍රයෝගික විසදුම් ගොඩ නගන්නෙත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරන්නෙත් මෙහෙම.

ඕනේ නම් ජනපති අනුරට පච හමු තියන්න කාලය කන්න ඉස්සෙල්ල තමන්ගේ පක්ෂ යාන්ත්‍රනය පාවිච්චි කරලා අපි වගේ මිනිසුන්ගේ අවශ්‍යතා හොයන්න බලන්න පුළුවන් කියල අපි දිහා බලලවත් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔහු පියවර අරගෙන තියෙන්නේ රට දිය කරලා පක්ෂයේ වහල් කොලනියක් හදන වියාපෘතිය ඉදිරියට ගෙනියන්න මිසක් දුන්න පොරොන්දු ඉටුකරන්න නෙමෙයි.

ජනපතිතුමනි දැන්වත් වෙනස් වන්න. පක්ෂය වෙනුවට මිනිස්සුන්ට තැනදෙන්න

සංඛ චන්දිම අභයවර්ධන
සමගි ජන බලවේගය දිවුලපිටිය

Sajith Premadasa Ranjith Madduma Bandara Harshana Rajakaruna


#පුතාණෝ

​ #පොත්කියවනනායකයා

#සජිත්_දිනවමු
#සජිත්ට_පුලුවන්

29/08/2026

ජනපති අනුරගේ පච හමු රට පුරා .

සුභ පැතුම් රුමේෂ් තරංග! 💛ලංකාවේ ආඩම්බරය වන රුමේෂ් තරංගට උණුසුම් සුභ පැතුම්! 🇱🇰💥 92.07m දුරක් වාර්තා කරමින්ශ්‍රී ලංකා මාත...
28/08/2026

සුභ පැතුම් රුමේෂ් තරංග! 💛

ලංකාවේ ආඩම්බරය වන රුමේෂ් තරංගට උණුසුම් සුභ පැතුම්! 🇱🇰

💥 92.07m දුරක් වාර්තා කරමින්
ශ්‍රී ලංකා මාතාව රනින් සරසමින්
ලෝක වේදිකාවේ ශ්‍රී ලංකා නාමය බැබළවූ ඔබට
හෘදයාංගම සුභ පැතුම්! 🇱🇰

ඔබගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය
ශ්‍රී ලාංකික අප සැමටම මහත් ආඩම්බරයකි! 💚💛

ඉදිරියටත් තවත් ජයග්‍රහණ රැසක් ලැබේවා!
ශ්‍රී ලංකා නාමය ලෝකය පුරා බැබළේවා! 🇱🇰

27/08/2026

අනුරාධපුර ජනතාවගේ හඬ අවදිවී අවසන්

අද රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අපිට හොදින්ම පෙනෙන කාලෙක ආර්ථික අමාරුකම්, ජීවන වියදම, රැකියා අවස්ථා, ගොවි මහතුන්ගේ ගැටලුමේවා දේශපාලන වේදිකාවල කතා කරන මාතෘකා විතරක්ම නොව මේවා ජනතාවගේ දෛනික ජීවිතයේ සැබෑ ප්‍රශ්න බවට. මේ වනවිට පත්වී ඇත

අනුරාධපුරය යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජාතිය ගොඩනැගුණු පින්බිමයි. අපගේ රාජ්‍යත්වය, සංස්කෘතිය, ආගමික උරුමය, කලා ශිල්පය, වාරි ශිෂ්ටාචාරය සහ ජාතික අනන්‍යතාවයේ මූලික පදනම් ගොඩනැගුණේ මේ භූමිය තුළය. එය අපේ රටේ සියලු දේ ආරම්භ වූ ස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අතීතයේ ශ්‍රී විභූතිය අපට සිහිපත් කරන ජීවමාන සාක්ෂියකි.

එහෙත් අනුරාධපුරයේ වැදගත්කම ඉතිහාසයට පමණක් සීමා නොවේ. දශක ගණනාවක් පුරා මේ ප්‍රදේශයේ ජනතාව LTTE ත්‍රස්තවාදයට සහ විවිධ ත්‍රස්ත ප්‍රහාරවලට මුහුණ දෙමින් රටේ භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත කැපකිරීම් කළහ. තම ජීවිත, දේපළ සහ සුවපහසුකම් කැප කරමින් රට ආරක්ෂා කළ එම ජනතාවගේ දුක, ධෛර්යය සහ දේශප්‍රේමය අප කිසිදා අමතක නොකළ යුතුය.

එබැවින් අනුරාධපුරය තෝරාගැනීම යනු අතීතයට ගරු කරමින් අනාගතය වෙනුවෙන් නව ගමනක් ආරම්භ කිරීමකි. SJB මෙහිදී ජනතාවට පණිවිඩයක් දෙන්නේ පැහැදිලිය: ඉතිහාසය රැකගනිමින්, රණවිරුවන්ට සහ ජනතාවට ගෞරව කරමින්, සාධාරණ සංවර්ධනය, ආර්ථික අවස්ථා, ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සහ ජාතික සමගිය තහවුරු කරන රටක් අපි ගොඩනඟමු. අනුරාධපුරය අපගේ අතීතයේ හදවත මෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගත නවෝදයේ සංකේතයද වේ.

පාලනය වෙනස් වුණාට ජනතාවගේ ප්‍රශ්න තවමත් විසඳිලා නැතිනම් , ඒ ගැන ප්‍රශ්න කළ යුතුමය.

ජනතාව නිහඬව බලාගෙන සිටි කාලය අවසන්.
ප්‍රශ්න හඳුනාගෙන,අඩුපාඩු පෙන්වාදෙමින්, විසඳුම් ඉල්ලිය යුතුනම් එය දේශපාලනයක් අවශ්‍යයි.

අනුරාධපුරයෙන් නැගෙන ජනතාවගේ හඬ, රටේ ආණ්ඩුවට ඇසිය යුතුය .




#පුතාණෝ

​ #පොත්කියවනනායකයා

#සජිත්_දිනවමු
#සජිත්ට_පුලුවන්

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අපට සිහිපත් කරන්නේ ධර්මය, විනය, සාමය සහ ජාතික සංස්කෘතික උරුමය රැකගැනීමේ වැදගත්කමයි.මෙවන් ප...
27/08/2026

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අපට සිහිපත් කරන්නේ ධර්මය, විනය, සාමය සහ ජාතික සංස්කෘතික උරුමය රැකගැනීමේ වැදගත්කමයි.

මෙවන් පින්බර පොහෝ දිනයක, බුදු දහමේ කරුණාව, ප්‍රඥාව සහ ශිෂ්ට සම්ප්‍රදාය අපේ ජීවිතයත් රටත් ආලෝකමත් කරවාලන්නට ප්‍රාර්ථනා කරමි.

දේවෝ වස්සතු කාලේන, සස්ස සම්පත්ති හෝතු ච,
ඵීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.

ඔබ සැමට සුබ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

— සංඛ චන්දිම අභයවර්ධන

නේපාලයේ ජනතාවට අපගේ බලවත් සංවේගය පිරිනමමු.  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පල කල ශෝක පණිවිඩය.     Sajith Prem...
27/08/2026

නේපාලයේ ජනතාවට අපගේ බලවත් සංවේගය පිරිනමමු. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පල කල ශෝක පණිවිඩය. Sajith Premadasa

බෝල්ෂෙවික් කල්ලියේ සහගහන අපරාධ ජීවිතේ ⁣හොඳම කාලය අපේ රටේ දරුවන්ගේ අනාගතය සහ නිදහස  වෙනුවෙන් කැප කරලා..ජීවිතේ අවසාන කාලෙත...
25/08/2026

බෝල්ෂෙවික් කල්ලියේ සහගහන අපරාධ

ජීවිතේ ⁣හොඳම කාලය අපේ රටේ දරුවන්ගේ අනාගතය සහ නිදහස වෙනුවෙන් කැප කරලා..

ජීවිතේ අවසාන කාලෙත් දේශ ද්‍රෝහීන්ගේ වෛරය ලක්ව පව් ගෙවන..

රණවිරුවානනි..

සියලු දේශප්‍රේමින් ඔබ සමගයි

Address

Divulapitiya

Alerts

Be the first to know and let us send you an email when Sanka Chandima Abayawardena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share