තෙ දල්ල - Tea leaf

තෙ දල්ල - Tea leaf -ශ්‍රී ලංකාවේ උඩරට හා පහත රට තේ කොල නිෂ?

06/07/2020


Ceylon Tea - The art of manufacture

තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ...
01/07/2020

තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. එමඟින් මිලියනයකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයා දී ඇති අතර, 1995 වන විට තේ වගා බිම් සහ වතුවල සෘජු රැකියා 215,338ක් උත්පාදනය කර තිබුණි. එයට අමතර ව කුඩා වතු හිමියන් යටතේ කෙරෙන තේ වගාව දහස් ගණනකට රැකියා අවස්ථා සපයන අතර ම පවුල් දස දහසකට අධික පිරිසකගේ ප්‍රධාන ම ජීවන වෘත්තිය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන විශාලත ම තේ නිෂ්පාදකයා වේ. 1995 දී ලංකාව ලෝක නිෂ්පාදනයෙන් 23%ක් හිමි කර ගනිමින් ලොව ප්‍රමුඛත ම තේ අපනයනකරුවා (නිෂ්පාදකයාට වඩා) බවට පත් වූ අතර වර්තමානයේ එම තැන හිමිකරගෙන සිටිනුයේ කෙන්යාව යි. 2013 වසරේ දී කිලෝ ග්‍රෑම් මිලියන 340ක ඉහළ ම නිෂ්පාදනය වාර්තා වූ අතර, 2014 දී එය කිලෝ ග්‍රෑම් මිලියන 338ක් දක්වා සුළු අඩුවීමකට ලක් ව තිබේ.

ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවත්නා ආර්ද්‍රතාව, සිසිල් උෂ්ණත්වය, සහ වර්ෂාපතනය උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට අවශ්‍ය හිතකර දේශගුණය සපයයි. අනෙක් අතට, මාතර, ගාල්ල, රත්නපුර වැනි ප්‍රදේශවල පවතින ඉහළ උෂ්ණත්වය සහ ඉහළ වර්ෂාපතනය යටතේ නිෂ්පාදනය කෙරෙන තේවල ඉහළ කහට රසයක් පවතී. පහළ උන්නතාංශ ප්‍රදේශවල තේ ශාකය, තමන් විසින් ම නිෂ්පාදනය කර ගන්නා ජෛව ස්කන්ධ ප්‍රමාණය සාපේක්ෂ ව වැඩි ය. එවැනි තේ මැද පෙරදිග රට වල වඩාත් ජනප්‍රිය ය. 1852 ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවකු වන ජේම්ස් ටේලර් විසින් 1867 දී ශ්‍රී ලංකාවට තේ කර්මාන්තය හඳුන්වා දෙන ලදී. 1970 සිට කුඩා වතු හිමියන් යටතේ තේ වගා කිරීම ජනප්‍රිය වී තිබේ.

Address

Galle

Telephone

0703955605

Website

Alerts

Be the first to know and let us send you an email when තෙ දල්ල - Tea leaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share