The One Earthmoving contractor

The One Earthmoving contractor Designed to move large quantities of earth or rubble for civil engineering or building purposes.

07/02/2026

😅.........

With Akeela Gihan Perera – I just got recognised as one of their rising fans! 🎉
11/08/2024

With Akeela Gihan Perera – I just got recognised as one of their rising fans! 🎉

For Sale 700000/=
01/12/2022

For Sale 700000/=

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
10/11/2022

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

08/01/2021
22/02/2018
22/02/2018
18/02/2018

යෝධ ඇළ,
අතිපැරණි යෝධ ඇළ සැබැවින්ම ඇළක්‌ නොව සැතපුම් 54 ක්‌ දිගට කලාවැවේ සිට තිසා වැව දක්‌වා පිහිට වූ දික්‌ වැවක්‌ යෑයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක්‌ තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක්‌ වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා "හම්බ කළ ධනය පෙන්වන්නැයි" පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට "මා රට, ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමඟ එන්න. යෑයි" පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්‌වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යෑයි අදටත් ජනප්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ "ගෝන නදී" වශයෙනි. ප්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලු වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයෙකු වූ "ප්ලීනි" (Pliny) තැපුබෝන් රටේ (ශ්‍රී ලංකාව) "මෙගිස්‌බා" (Megisba) නමින් විලක්‌ ගැන සඳහන් වේ. පසුකලක කලාවැව හා බළලුවැව බවට පත් වූයේ මේ විල්ය.

කලාවැව හා බැඳුණ කඩවර කතාවක්‌ අදත් ජනප්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුන්ය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසූ වසභ රජු හෝ මහසෙන් රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්‌වැනි සියවසේදීය. ක්‍රි.ව. 459 සිට 477 දක්‌වා වසර 18 ක කාලයක්‌ ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කරන ලදී. කලාවැව සහ බළලු වැව යා කොට විශාල වැවක්‌ ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.

කලාවැව සිට තිසා වැව දක්‌වා සැතපුම් 54 ක්‌ දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමන් විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්‌ම සැතපුමකට අඟල් 6 කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක්‌ ලෙස සැලකෙන එක්‌ හේතුවක්‌ එයයි. ගැබ්ගත් එළිච්චියක්‌ පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබූ මග ඔස්‌සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක්‌ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7 කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්‌වේ. යෝධ ඇළ දැලේ වර්ග සැතපුම් 180 ක්‌ පුරා විහිදුණ කෙත් යායවල් ඉදිකොට වපසරිය අක්‌කර 11400 කට එල්ලංගා පද්ධති 12 ක්‌ ඔස්‌සේ ගම්මාන වැව් 120 කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්‌වෙයි.

වසභ රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇළහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාළ පද්ධතිය පැතිරී ගොස්‌ සිරුර ආරක්‍ෂා කරන්නාක්‌ මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස්‌ රජරට සියලු ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රොණියේ සිට ජලය අඩු ද්‍රොණියට ජලය ගෙන යැම, වැවකින් වැවකට ජලය ගෙනයැම, අතිරික්‌ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයැම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්‌වභාව ධර්මය විසින් ඉටුකර නොදුන් දෙයක්‌ මිනිසා විසින් ජය ගැනීමක්‌ ලෙස හඳුන්වා දිය හැකිය.

දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක්‌ කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක්‌ මගින් දියවර ගෙන ගොස්‌ ඇත. යෝධ ඇළවල් සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රොණියක සිට ජල හීන ද්‍රොණියකටය.

ක්‍රි.ව. 290 දී මහසෙන් රජු විසින් බළලු විලේ සිට උස්‌ගල සියඹලන්ගමුව දක්‌වා යෝධ ඇළක්‌ කපා දියවර ගෙන ගොස්‌ උස්‌ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයැම සඳහා ඇළක්‌ කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයැම සඳහා නාච්චාදූව වැවේ සිට යෝධ ඇළක්‌ කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක්‌ යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රොණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක්‌ මෙන් මෙම වැව් සහ ද්‍රොණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වන විට මෙම යෝධ ඇළ වැඩි කොටසක්‌ නටබුන් වී ගොස්‌ ඇත.

ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදිකිරීමෙන් වසර හත් සීයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමන් විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්‌කරණය කරමින් පුළුල් කොට මෙයට "ජය ගංගා" යයි නම් කරනු ලැබීය.

යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලා වැව සිට තිසා වැව දක්‌වා පැවැති මහාකණුමුල්ල, මානෑව, කිරලෝගම, කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34 ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය, වැසි ජලය, කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්‌රැස්‌ වූ විට එය නිතර වැවක්‌ සේ වතුර පිරී පැවැතුණි. යෝධ ඇළෙන් පහළ පැවැති කෙත්වතුවලට පමණක්‌ නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ලංගාවලටද මෙයින් ජලය ලබා දී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්‌සේ අයිනාගම, ඉහළ වැව, මරිකාරගම, පහළ වැව, ඉහළ අමනක්‌කට්‌ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක්‌ කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස්‌ ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.

යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්‍ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැළකී තිබිණ. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්‌වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය - අවශ්‍ය වැව් කරා ගෙන ගොස්‌ ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48 ක්‌ යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවයන් මෙම "දියකලි" මගින් සපුරා ගැනිණ.

කඩිනම් මහවැලිය මගින් ජයගඟක්‌ අලුතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක්‌ එනම් මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්‌වා වූ කිලෝමීටර් 15 ක්‌ පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත් විය. අලුත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝධ ඇළ මැදින් කපාගෙන ගොස්‌ ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක්‌ නැති තරම්ය. සමහර තැන්වලදී අලුත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය. අලුත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ - හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දැලේ පිහිටි බොහෝ ගම්මාන වේළී ගොස්‌ ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායැම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්‌මනින් රොන්මඩවලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රොන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධතීන් බොහෝ දුරට විනාශ වී ගොස්‌ ඇත. 1975 මැද භාගයේදී මෙම නව ජයගඟ ඉදිකිරීමට මගපෙන්වූ වාරි ඉංජිනේරු මහින්ද පනාපිටිය මහතා නව ජයගඟ නිර්මාණය කිරීමෙන් තමා අතින් බරපතල හානි සිදු වී ඇති බව මෑතකදී 'ආර්ථික විමසුම' නමැති සඟරාවට පාපොච්චාරණයක්‌ කරමින් කියාසිටී. ඔහු නැවත මෙය නිවැරැදි කිරීමට මහත් කැමැත්තෙන් සිටී.

පැරණි යෝධ ඇළ තුළ මේ නව ජයගඟේ දුර්ගුණයන් කිසිවක්‌ නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.

යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස්‌මට්‌ටමකින් පවත්වා ගෙන යැමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක්‌ බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක්‌ නිර්මාණය විය. වාපි ශිල්පයේ ඈඳුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ - දැල ගහකොළවලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදාහැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි "දියකලි" සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කරනු ලැබීය.

මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවය ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක්‌ වශයෙන්ද ලෝක උරුමයක්‌ වශයෙන්ද සංරක්‍ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

ඉපැරැණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්‍ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි.ව. 1200 දී පමණ මහපැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්‌කරණය කරන ලදී. ඊළඟට දෙවැනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්‌කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ෙ-. ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජගුමාගේ ආශ්චර්යවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට "අලුත් ජයගඟක්‌" නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලී ධාතුසේන රජතුමා පමණක්‌ නොව දේශීය විශ්වකර්ම වාපි ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස්‌ ඇත. නාගයා ශුද්ධ වස්‌තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරැන්නෝ ඇදහූහ. මේ අනුව නාග වෙස්‌ ගත් දෙවිවරු නිධාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලයද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක්‌ හැදූ තැන නයි පෙණ සංකේතයක්‌ යොදා ඇත්තේ එබැවිනි. තේරුමක්‌ දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.

ආචාර්ය පී. බී. ධර්මසේන
එප්පාවල - රත්න බී. ඒකනායක

04/02/2018

Address

514/2, Peragirigama
Kataragama
91400

Opening Hours

Monday 03:00 - 23:00
Tuesday 03:00 - 23:00
Wednesday 03:00 - 23:00
Thursday 03:00 - 23:00
Friday 03:00 - 23:00
Saturday 03:00 - 23:00
Sunday 03:00 - 23:00

Telephone

+94711311030

Alerts

Be the first to know and let us send you an email when The One Earthmoving contractor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The One Earthmoving contractor:

Share