20/08/2026
සිහින නිවසේ තුන් වැදෑරුම් නියමය 🏠
නිවසක් හදනවා කියන්නේ විශාල මුදලක්, පරිශ්‍රමයක් සහ කාලයක් වැය කළ යුතු කාර්යයක්. ඒ නිසා නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර හොඳින් සිතා බලා, අවශ්‍ය කරුණු සැලසුම් කරගෙන ආරම්භ කිරීම ඉතා වැදගත්. එසේ නොකළහොත් ඔබට විශාල පාඩුවකට මුහුණ දීමට සිදුවිය හැකියි.
නිවසක් ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන් සිතිය යුතු කරුණු 3ක් තිබෙනවා.
1. නිවැරදි සැලසුම
2. නිවැරදි අයවැය
3. නිවැරදි ඉදිකිරීම
අපි මේ කරුණු පිළිබඳව එකින් එක කතා කරමු.
1️⃣ නිවැරදි සැලසුම
කිසිදු ඉදිකිරීමක් නිසි සැලසුමකින් තොරව ආරම්භ කිරීම සුදුසු නැහැ. සැලසුම කියන්නේ Plan එක පමණක් නොවෙයි. ඉදිකිරීම් ක්‍රියාවලිය, අවශ්‍ය කාලසීමාව සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳවත් පෙර සැලසුම් කිරීම වැදගත්.
ඒ සඳහා ඔබගේ අවශ්‍යතාවයට සහ මූල්‍යමය හැකියාවට ගැළපෙන, සුදුසුකම් හා අත්දැකීම් සහිත වෘත්තිකයෙකුගේ සහාය ලබාගැනීම වැදගත්.
ඔබේ නිවස සඳහා,
🔹 ඔබගේ අවශ්‍යතාවලට ගැළපෙන
🔹 තාක්ෂණිකව නිවැරදි
🔹 පළාත් පාලන රෙගුලාසිවලට අනුකූල
🔹 වඩාත් ප්‍රායෝගික
🔹 අංගසම්පූර්ණ
සැලසුමක් සකස් කරගත යුතුයි.
නිවසේ ව්‍යුහාත්මක (Structural) කොටස් සම්බන්ධයෙන් අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුකම් ලත් ඉංජිනේරුවෙකුගේ සහාය ලබාගැනීමද අත්‍යවශ්‍යයි.
2️⃣ නිවැරදි අයවැය
ඕනෑම කෙනෙකුට මූල්‍යමය වශයෙන් දරාගත හැකි සීමාවක් තිබෙනවා. ඒ නිසා නිවසක් ඉදිකිරීමේදී, තමන්ගේ සැබෑ මූල්‍යමය හැකියාව තුළ එය සිදුකිරීමට සැලසුම් කිරීම ඉතා වැදගත්.
එය නොසලකා කටයුතු කළ විට තමයි, වසර ගණනාවක් තිස්සේ ඉදිකරමින් පවතින, අතරමග නතර වන නිවාස ඇතිවෙන්නේ.
සැලසුම සකස් කරන අවස්ථාවේදීම, ඔබට අදාළ වෘත්තිකයාගෙන් නිවස සඳහා අපේක්ෂිත ඉදිකිරීම් පිරිවැය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකියි.
එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකුගේ හෝ වඩාත් නිවැරදි පිරිවැය ගණනයක් අවශ්‍ය නම්, ප්‍රමාණ සමීක්ෂකවරයෙකුගේ (Quantity Surveyor) සේවය ලබාගෙන ඉදිකිරීම් පිරිවැය පිළිබඳ වඩාත් නිවැරදි ඇස්තමේන්තුවක් ලබාගැනීම සුදුසුයි.
ඔබ බැංකු ණය පහසුකම් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය ලේඛන හා අනෙකුත් අවශ්‍යතාද කල්තියා සම්පූර්ණ කරගැනීම වැදගත්.
3️⃣ නිවැරදි ඉදිකිරීම
කොපමණ හොඳින් සැලසුම් කළත්, කොපමණ මුදල් තිබුණත්, ඉදිකිරීම නිවැරදිව සිදු නොකළහොත් ඒ සියල්ලෙන් පළක් නැහැ.
ඒ නිසා නිවස ඉදිකරන ආකාරය පිළිබඳවත් කල්තියා සැලසුම් කළ යුතුයි.
ඔබ යම් කාර්මිකයෙකු හෝ ඉදිකිරීම් කණ්ඩායමක් යොදාගෙන ඉදිකිරීම සිදුකරනවා නම්, එය නිවැරදිව සහ ප්‍රමිතියට අනුව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම ඉතා වැදගත්.
එමගින්,
🔹 ඔබගේ මුදල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නාස්ති වීම අවම කරගැනීමටත්,
🔹 ඉදිකිරීම් දෝෂ ඇතිවීම වළක්වා ගැනීමටත්,
🔹 ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම සිදුකර ගැනීමටත්,
හැකියාව ලැබෙනවා.
ඔබටම ඉදිකිරීම් කටයුතු නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය දැනුමක් නොමැති නම් හෝ ඒ සඳහා කාලය නොමැති නම්, ඔබ වෙනුවෙන් ඉදිකිරීම් අධීක්ෂණය කිරීමට සුදුසුකම් ලත් පුද්ගලයෙකු සම්බන්ධ කරගැනීම වැදගත්.
ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමත් ඒ ආකාරයෙන්ම නිසි සැලසුමකට අනුව සිදුකළ යුතුයි.
ඉදිකිරීම අතරතුර යම් ගැටලුවක් ඇතිවුවහොත්, ඒ සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.
ගැටලුව ගොඩනැගිල්ලේ ව්‍යුහය (Structure) සම්බන්ධ නම්, සැලසුම සකස් කිරීමේදී සම්බන්ධ කරගත් ඉංජිනේරුවරයාගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.
Design එක සම්බන්ධ ගැටලුවක් නම්, එම Design එක සකස් කළ වෘත්තිකයාගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුයි.
ඒ අයගෙන් විසඳුමක් ලබාගත නොහැකි අවස්ථාවකදී, අවශ්‍ය නම් ස්වාධීන තෙවන පාර්ශ්වයක වෘත්තිකයෙකුගේ සහාය ලබාගත හැකියි.
ඉදිකිරීම සඳහා යම් ආයතනයක්, කොන්ත්‍රාත්කරුවෙකු හෝ පෙදරේරුවෙකු සම්බන්ධ කරගන්නේ නම්, ඔවුන් සමඟ පැහැදිලි සහ සම්පූර්ණ ගිවිසුමකට එළඹීමද ඉතා වැදගත්. එය ඉදිකිරීම අතරතුර ඇතිවිය හැකි ගැටලු අවම කරගෙන, ව්‍යාපෘතිය නිසි පරිදි අවසන් කරගැනීමට උපකාරී වේ.
✅ මේ පියවරයන් නිවැරදිව අනුගමනය කළහොත්, නිවසක් ඉදිකිරීම...
🔸 හිසරදයක් වෙන්නේ නැහැ.
🔸 අතරමග නවතින්නේ නැහැ.
🔸 මුදල් නාස්ති වෙන්නේ නැහැ.
ඒ නිසා දැනුවත්ව, නිවැරදි පිරිසක් සම්බන්ධ කරගෙන, ඔබගේ සිහින නිවස ගොඩනැගීම ආරම්භ කරන්න. 🏠
අපටත් අවශ්‍ය වන්නේ දැනුවත් පාරිභෝගික පිරිසක්.
ඒ වෙනුවෙනුයි අපි මේ ලිපි පෙළ පළ කරන්නේ.
ඔබගේ අදහස් පහළින් comment කරගෙන යන්න.
ස්තූතියි. ❤️
ඔබට ඔබගේ නිවසත් ලස්සනට, පිළිවෙළට, වගකීමක් සහිතව නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් අපිට කතා කරන්න.
0761085666
PR Urban Homes
Kegalle.