Scientific Atheist LK

Scientific Atheist LK වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් විද්‍යාත්මක චින්තනය සහ තර්කනය ප්‍රවර්ධනය කිරීම. සත්‍යය සොයා යන ගමනේ විද්‍යාත්මක ඇසින් ලෝකය දෙස බලමු.

19/07/2026

ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ආගමික බිය සහ මිත්‍යාවන් ඔළුවට දානවා වෙනුවට,
නිදහසේ හිතන්න ඉගැන්නුවා නම් මේ ලෝකය මීට වඩා කොච්චර ලස්සන තැනක් වෙයිද?

Science isn’t about opinions—it’s about evidence. 🔥🌌Every scientific conclusion is built on observations, experiments, r...
15/07/2026

Science isn’t about opinions—it’s about evidence. 🔥🌌

Every scientific conclusion is built on observations, experiments, repeated testing, and independent verification.

As new evidence emerges, our understanding evolves, but the strongest scientific ideas are those that continue to withstand decades or even centuries of scrutiny.

අතීතයේ දඩයම් යුගයේදී තමන්ගේ කල්ලිය විතරක් බේරගන්න, අනිත් අයව සැක කරන එක අපේ පූර්වජයන්ට පැවැත්මක් වුණා. ඒක පරිණාමයෙන් අපේ...
02/07/2026

අතීතයේ දඩයම් යුගයේදී තමන්ගේ කල්ලිය විතරක් බේරගන්න, අනිත් අයව සැක කරන එක අපේ පූර්වජයන්ට පැවැත්මක් වුණා. ඒක පරිණාමයෙන් අපේ මොළයට ආපු පුරුද්දක්. හැබැයි අදටත් අපි ආගම්, ජාති, පක්ෂ වලට බෙදිලා මරාගන්නේ ඒ පරණ evolutionary tics හින්දා.

​හැබැයි දැන් අපි දියුණු මිනිස්සු. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ප්‍රාථමික සත්ව හැඟීම්වලින් එහාට ගිහින් හිතන්න. මොකද අද ලෝකේ එක කොනක වෙන දේකින් මුළු ලෝකෙටම බලපෑමක් වෙනවා. අපි හැමෝම එකිනෙකාට සම්බන්ධයි.

​මට ජීවත් වෙන්න, තව කෙනෙක්ට උදව් කරන්න, නැත්නම් කරුණාවන්ත වෙන්න කිසිම ආගමක හෝ දේව විශ්වාසයක ලේබලයක් ඕන වෙන්නේ නැහැ. මට විශ්වයේ ඇත්ත වටහාගන්න තියෙන හොඳම ක්‍රමය විද්‍යාව.

​අන්තිමට බැලුවොත් අපි හැමෝම එකම පෘථිවියක් බෙදාගන්න එකම එක මානව විශේෂයක් (One human species). අපේ පැවැත්ම තීරණය වෙන්නේ අපි බෙදිලා රණ්ඩු වෙන එක නතර කරලා, එකම පවුලක් වගේ හිතන්න පටන් ගන්න දවසටයි. ❤️🌱

මේක මට පොඩි කාලේ ඉඳලා තියෙන ප්‍රශ්නයක්... ඇයි මිනිස්සුන්ට ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හොඳ වෙන්න බැරි...පව්, පින්...
27/06/2026

මේක මට පොඩි කාලේ ඉඳලා තියෙන ප්‍රශ්නයක්... ඇයි මිනිස්සුන්ට ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හොඳ වෙන්න බැරි...
පව්, පින්, කුසල්, අකුසල්, දිව්‍යලෝක යන්න, අපායට යන්න බයට, දෙවියෝ බලන් ඉන්න නිසා කිය කිය බය නිසා හරි දේවල් ලබාගන්න හරි හිත හිතා දේවල් කරන්නේ ඇයි...

ඇයි මිනිස්සුන්ට ජෙනුයින් විදිහට ඇත්තටම හොඳ වෙන්න අමාරු?

දන්න කෙනෙක් ඉන්නවද?

ලෝකෙ ඉන්න දරුණුම, මිනිස්සු වැඩිම ගාණක් මරන සතා කවුද කියලා දන්නවද?ඒ සිංහයාවත්, කොටියවත්, මෝරෙක්වත් නෙමේ, ඒ මදුරුවා! 🦟​මෝර...
27/06/2026

ලෝකෙ ඉන්න දරුණුම, මිනිස්සු වැඩිම ගාණක් මරන සතා කවුද කියලා දන්නවද?
ඒ සිංහයාවත්, කොටියවත්, මෝරෙක්වත් නෙමේ, ඒ මදුරුවා! 🦟

​මෝරුන්ගෙන් අවුරුද්දටම මැරෙන්නේ මිනිස්සු 10ක් වගේ වුණාට, මදුරුවෝ නිසා ලෝකෙ පුරා අවුරුද්දකට මිනිස්සු ලක්ෂ 10ක් විතර නැති වෙනවලු.

​දැන් ඒ අනතුර අපේ රටේ හැමතැනම. මේ දවස්වල වැස්සත් එක්ක ලංකාවේ ඩෙංගු හැදුණු අය 50,000ත් පැනලා, හොස්පිට්ල්ස් පිරිලා තියෙන්නේ.

​ඩෙංගු මදුරුවෙක්ට බිත්තර දාන්න අපේ ගෙදරක, වත්තක තියෙන පුංචි වතුර පොදක් වුණත් ඇති. ඒ නිසා අදම මේ ටික කරමු:

1. ​ගේ වටේ තියෙන පරණ පෝච්චි, පොල්කටු, ටින්, වැහි පීලි වගේ වතුර රැඳෙන හැම දේම අයින් කරලා දාමු.

2. ​උදේ සහ හවස් කාලයේ මදුරුවෝ කන එකෙන් පොඩ්ඩක් බේරිලා ඉමු.

3. ​දවසට විනාඩි 10ක් වෙන් කරලා තමන්ගේ වටපිටාව ගැන පොඩ්ඩක් හොයලා බලමු.

​අපේ එක නොසැලකිලිමත්කමකින් මුළු වටපිටාවම අනතුරේ වැටෙන්න පුළුවන්. අදම පොඩ්ඩක් වටපිට බලලා සුද්ද කරමු!

ෆේස්බුක් එකේ ශෙයාර් වන මේ වගේ ෆොටෝ දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා මිනිස්සුන්ව කොච්චර නම් නොමඟ යවනවද කියලා. පිළිකාවක් ඔපරේෂන...
14/06/2026

ෆේස්බුක් එකේ ශෙයාර් වන මේ වගේ ෆොටෝ දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා මිනිස්සුන්ව කොච්චර නම් නොමඟ යවනවද කියලා. පිළිකාවක් ඔපරේෂන් නොකර නිට්ටාවටම සුව කරනවා කියන එක විතරක් නෙවෙයි, මෙතන කෙලින්ම කියන්නේ ඔපරේෂන් නොකර එන්න කියලා. මේ වගේ දේවල් නිසා නැති වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.

​ආගම, සංස්කෘතිය හෝ සාම්ප්‍රදායික දේවල් වලට සමාජයේ තැනක් තිබුණට, ඒ කිසිම දෙයක් මිනිසෙකුගේ ජීවිතයට වඩා ලොකු වෙන්න බැහැ. Cancer එකක් හැදුනම බය වෙලා, අසරණ වෙලා ඉන්න patientsලව විද්‍යාත්මකව ඔප්පු කරපු medical treatments වන surgery, radiotherapy, chemotherapy වගේ දේවල් වලින් ඈත් කරනවා කියන්නේ ඔවුන්ව කෙලින්ම අනතුරේ දාන එක. Cancer එකක් කියන්නේ ආශ්චර්යයන් වෙනකම් බලන් ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. Operation එකක් කරලා ඒක අයින් කරගන්න තියෙන වෙලාව මේ වගේ මිථ්‍යාවන් පස්සේ ගිහින් පහු කර ගත්තොත්, පස්සේ ලෙඩේ මුළු ඇඟ පුරාම පැතිරිලා කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.

​අනික එක එක අය කියනව කියලා ඒක වෛද්‍ය විද්‍යාව වෙන්නේ නැහැ. ඕනෑම සාර්ථක treatment එකක් පිළිගන්නේ විද්‍යාත්මක පරීක්ෂණ, හරියාකාර data සහ ලෝකයේ පිළිගත් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මිසක්, Facebook photo එකක දාන phone number එකක් දැක්ක පළියට නෙවෙයි. මිනිස්සුන්ට ලෙඩ රෝග සහ operations ගැන තියෙන බය පාවිච්චි කරලා සල්ලි හම්බකරන්න හදන මෙවැනි වංචනිකයන්ට රැවටෙන්න එපා.

​අපි ජීවත් වෙන්න ඕනේ ඇස් වහගෙන හැමදේම පිළිගන්න සමාජයක නෙවෙයි, සාක්ෂි සහ බුද්ධිය මත තීරණ ගන්න සමාජයක. තමන්ගේ හෝ තමන්ගේ ආදරණීයයෙකුගේ ජීවිතය අනතුරේ වැටුණු වෙලාවක මේ වගේ දේවල් පස්සේ දුවන්නේ නැතුව, සුදුසුකම් ලත් Oncologistsලා සහ නවීන විද්‍යාව කෙරෙහි විශ්වාසය තබන්න. හැමදේටම වඩා තමන්ගේ ජීවිතයට මුල් තැන දෙන්න.

​බුද්ධිමත්ව හිතන්න, හැමදේම ප්‍රශ්න කරන්න, විද්‍යාව තෝරාගන්න.

10/06/2026
මේ වගේ පෝස්ට් ඕනෑතරම් ෆේස්බුක් එකේ ශෙයාර් වෙනවා ඔයාලා දැකලා ඇති. ලස්සන background එකක් දාලා, යටින් scientific paper එකක ...
10/06/2026

මේ වගේ පෝස්ට් ඕනෑතරම් ෆේස්බුක් එකේ ශෙයාර් වෙනවා ඔයාලා දැකලා ඇති. ලස්සන background එකක් දාලා, යටින් scientific paper එකක නමක් කපලා කොටලා ගහලා, ලොකුවට "Science cannot explain it" කියලා දැම්මම ගොඩක් අය මේවා ඇත්ත කියලා හිතලා ශෙයාර් කරනවා.

හැබැයි ඇත්තම කතාව මේකයි. මේ මුළු පෝස්ට් එකේම තියෙන්නේ පට්ටපල් බොරු සහ science වලට සම්පූර්ණයෙන්ම පටහැනි කරුණු.
මේකේ කියනවා cell repair වෙන්නේ සහ memory consolidation වෙන්නේ අපි ඇහැරිලා ඉන්නකොටලු. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

ඇත්තටම science වලින් ඔප්පු කරලා තියෙන්නේ deep sleep එකේදී, ඒ කියන්නේ අපි තද නින්දේ ඉන්නකොට තමයි අපේ body එකෙන් growth hormones release කරලා tissues සහ cells repair කරන්නේ. ඒ වගේම අපි දවස පුරාම ඉගෙනගන්න දේවල්, අපේ මතකය long-term memory එකට transfer කරලා consolidate කරන්නේ අපි නිදාගෙන ඉන්නකොට. ඒ විතරක් නෙවෙයි, අපි නිදාගත්තම අපේ brain එකේ තියෙන toxic waste product flush කරලා clean කරන්න glymphatic system එක වැඩ කරන්නෙත් නින්දෙදි.

ඉතින් නින්ද කියන්නේ science වලට තේරුම් ගන්න බැරි අභිරහසක් නෙවෙයි. ඒකට ඕනෑතරම් පැහැදිලි කිරීම් තියෙනවා.

මේ වගේ පෝස්ට් හදන්නේ මිනිස්සුන්ගේ හිත්වල science ගැන වැරදි චිත්‍රයක් මවන්න. විද්‍යාවෙන් කිසිම දෙයක් පැහැදිලි කරන්න බෑ, හැමදේම අභිරහසක් කියන feel එක මිනිස්සුන්ට දෙන්න තමයි මේ වගේ fake information හදන්නේ. ඊටපස්සේ ඒ හිස්තැනට තමන්ගේ මිත්‍යා මත, ආගමික මතවාද නැත්නම් supernatural දේවල් ඔබන්න ලේසියි.

යටින් දාලා තියෙන scientific reference එක දැකලා රැවටෙන්න එපා. පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙනවා ඒ paper එකෙන් මෙහෙම කතාවක් කියලම නෑ කියලා.

යමක් ශෙයාර් කරන්න කලින් critical ව හිතන්න. හැම දේම ප්‍රශ්න කරන්න. විද්‍යාව කියන්නේ ක්‍රමවත්ව ඇත්ත සොයාගෙන යන එකට.

07/06/2026

අපිට තියෙන්නෙ එකම එක පෘථිවියක්! 🌍✨

​කාල් සේගන් අවුරුදු ගණනාවකට කලින් කියපු මේ කතාව, අදටත් කොච්චර ඇත්තක්ද කියලා හිතලා බලන්න.

​අපි මිනිස්සු විදිහට ජාති, ආගම්, කුල මල සහ දේශපාලන වාසි බලාගෙන කල්ලි ගැහිලා, එකිනෙකා එක්ක හැමතිස්සෙම රණ්ඩු වෙනවා. හැබැයි අපි හැමෝම අමතක කරන ලොකුම ඇත්තක් තියෙනවා. ඒ තමයි විද්‍යාත්මකව හෝ පරිසර විද්‍යාත්මකව බැලුවොත් මේ මුළු පෘථිවියම එකම එක ජීවියෙක් වගේ කියන එක. හැමදේම එකිනෙකට බද්ධ වුණු එකම සිස්ටම් එකක්.

​වායුගෝලයේ දූෂණය, දේශගුණික විපර්යාස වගේ දේවල් අපි කෘතිමව හදාගත්ත දේශසීමා, ආගම් හෝ ජාතීන් මොනවාද කියලා බලන්නෙ නැහැ. ඒ හැමදේම බලපාන්නෙ පොදුවේ මුළු පෘථිවියටමයි.

​කාල් සේගන් කියන විදිහට, තමන්ගේම සිරුරේ කොටස් එක්ක යුද්ධ කරන ජීවියෙකුට වැඩිකල් ජීවත් වෙන්න බැහැ, ඒක අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. අපිත් මේ කරන්නෙ ඒ වගේ වැඩක්. ජාති, ආගම් කියලා බෙදිලා එකිනෙකා මරාගන්න එක හරියට තමන්ගෙම ඇඟේ කොටස් තමන් විසින්ම කපාගන්නවා වගේ වැඩක්.

​අපි අතීතයේ ගෝත්‍රික මානසිකත්වයෙන් ජීවත් වුණත්, දැන්වත් විද්‍යාත්මක චින්තනයෙන් ලෝකය දිහා බලන්න කාලය හරි. මේ මහා විශ්වය මැද අපිට ජීවත් වෙන්න තියෙන්නෙ පෘථිවිය කියන එකම එක පුංචි යාත්‍රාව විතරයි. මේක ඇතුළෙ අපි හැමෝම එකයි.

​මේ පටු බෙදීම්වලින් අයින් වෙලා, එකම මිනිස් සංහතියක් විදිහට හිතන්න පුරුදු නොවුණොත්, අපේ අනාගතය ඇත්තටම අනතුරක වැටෙනවා.

​ඔයාලට මොකද හිතෙන්නෙ? අපි තවමත් අර පරණ ගෝත්‍රික මානසිකත්වයේම හිරවෙලාද, නැත්නම් වෙනසක් වෙමින් පවතිනවාද? පහළින් කොටාගෙන යන්න.

Address

.
Kelaniya
11300

Alerts

Be the first to know and let us send you an email when Scientific Atheist LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share