11/06/2026
Q - වැසිකිළි වලක් කැපීමේදී අනුගමනය කල යුතු කරුනු මොනවාද?
A - වැසිකිළි වළක් කැපීමේදී, එය නිවසෙන් සහ ළිංවලින් අඩි 60ක් පමණ ඈතින් පිහිටුවිය යුතුය. ඉඩමේ මායිමේ ළිඳක් තිබේ නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි දුරක් තබා ගත යුතු අතර, එසේ නොමැති නම් වළ පිටාර ගලා අවට පස තෙත් වී අත්තිවාරම හරහා දුර්ගන්ධය පැමිණිය හැකිය. වැසිකිළි වළ කිසිවිටෙකත් නිවසේ අත්තිවාරමට යටින් පිහිටුවීම නොකළ යුතුය. ඊශාන දිශාව විශ්ව ශක්තියේ මාර්ගය වන බැවින්, එම දිශාවේ වැසිකිළි වළක් පිහිටුවීම සුදුසු නොවේ. මන්දයත් වැසිකිළි වළෙහි රසායනික පද්ධතියෙන් ඇතිවන මීතේන් වායුව විශ්ව ශක්තිය සමඟ ගැටී නිවසට ශක්තිය ලැබීම අවහිර කරන බැවිනි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට නළ මාර්ගයක් හරහා වායුව වෙනත් දිශාවක් වෙතට යොමු කළ හැකිය. නිරිත දිශාවේ වැසිකිළි වළක් පිහිටුවීම නුසුදුසුය යන මතය වැරදි වන අතර, ඊශාන දිශාව හැර වෙනත් ඕනෑම දිශාවක වැසිකිළි වළක් ස්ථානගත කළ හැකිය, ගිනිකොන දිශාව ද සුදුසු වේ. වැසිකිළි වළ ප්‍රධාන දොරට උඩින් හෝ ප්‍රධාන දොරට නළ පද්ධතියේ මාර්ගය පිහිටුවීම නොකළ යුතුය. වැසිකිළි වළක් විශාල ගැඹුරකින් හෝ පළලකින් සෑදීම අනවශ්‍යය. එය කොටස් දෙකකට හෝ තුනකට වෙන් කළ හැකි අතර, කොන්ක්‍රීට් ටැංකිවලට වඩා කොටස් 3කට බෙදා නිසි පරිදි සාදා ගැනීමේ ක්‍රමවේදය දීර්ඝකාලීන භාවිතයට පහසුය. ටැංකියේ ප්‍රමාණය නිවසේ සිටින සාමාජිකයන් සංඛ්‍යාව අනුව තීරණය වේ. වැසිකිළි වළෙන් පිටවන ජලය පොළොවට උරා ගැනීම සඳහා වළෙන් මඳක් ඈතින් ස්ලූස් වළක් (ිද්න්ටැ) සෑදිය යුතුය. මෙහිදී ජලය පෙරීම සඳහා ගල්, ගඩොල් කැබලි, මැටි ගඩොල් සහ වැලි වැනි පිරිසිදු කරන ද්‍රව්‍ය භාවිතා කළ යුතුය. ස්ලූස් වළ ගස් මුල්වලින් බලපෑම් නොවන පරිදි සකස් කළ යුතු අතර, ජලය කානුවලට මුදාහැර පරිසරය අපවිත්‍ර කිරීමෙන් වැළකී සිටිය යුතුය. වැසිකිළි වළට ඉවත් කරන නළය සෘජුවම සම්බන්ධ කිරීම නොකළ යුතු අතර, මෙය දිරාපත් වීමේ ගැටලු සහ දුර්ගන්ධය නිවස තුළට පැමිණීමට හේතු වේ. වැසිකිළි වළක් වාහනයකින් පැමිණ දැමිය හැකි ස්ථානයක වීම වැදගත්ය. එය පොළොවට යටින් පිහිටි විට මිදුල මට්ටමට පුරවා ගත හැකි අතර, යෙදූ ස්ථානය සොයාගත හැකි පරිදි සලකුණක් තැබිය යුතුය. කොන්ක්‍රීට් වළවල් භාවිතා කරන්නේ නම්, වළලු අතර හිඩැස් නොමැති වන පරිදි නිසියාකාරව සවි කළ යුතු අතර, එසේ නොමැති නම් වායුව සහ ජලය පිටතට පැමිණිය හැකිය. දුර්ගන්ධය වැළැක්වීම සඳහා වැසිකිළි ආසන නිවැරදිව සවි කිරීමට අත්දැකීම් සහිත පුද්ගලයෙකු යොදා ගත යුතුය.
ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න:
ඔබේ නිවස/ව්‍යාපාරය වාස්තු විද්‍යාත්මකව විශ්ලේෂණය කරගන්න. | J. Godakanda Arachchi