21/01/2025
මිනිස්සු වැඩිපුරම දුක් විඳින්නෙ තමන්ගෙ අවශ්‍යතාවය හරියට තේරුම් ගන්න බැරුව🙂🏠️
හුඟක් මිනිස්සු ලොකුවටම අමාරුවේ වැටෙන්නෙ ගෙවල් හදන්න ගිහින් ,
ඉන්නෙ තුන් දෙනයි උපරිම හතර දෙනයි ,
හැබැයි ගෙදර තට්ටු තුනයි
ඒක හදන්නෙ හතර අතේ ණය වෙනවා ,
දහ අතේ ලෝන් දාලා කාමර හය හතක ගෙයක් හැදුවට ඇත්තටම පාවිච්චි වෙන්නෙ එකයි නැත්තම් දෙකයි ,
අවුරුදු ගණන plan කරලා බාත් රූම් තුන හතරක් ,ටෙරස් දෙකක් ,ගාඩ්න් දෙක තුනක් තව අනම් ගොඩක් හැදුවට පස්සෙ කාලෙක අස් කරන්න මිසක් ඔය පැත්තෙවත් යැවෙන්නෙ නැහැ ,
අපිට නැතත් දරුවො හරි ඉඳියි කියල මහ මාලිගා හැදුවට හුඟක් වෙලාවට දරුවො ලොකු වෙනකොට ඒ ගෙවල් වල ඉන්නෙ නැහැ ,
කාලෙ වෙනස් වෙලා තාලෙ අලුත් වෙලා දරුවො වෙන ගෙවල් හදන් යනවා ,
ගැරන්ටි වොරන්ටි ඔක්කොම බලලා අවුරුදු සිය ගානකට plan හදලා ජීවිතේම උගස් කරලා අල්ලපු ගෙදර අයට වඩා උඩින් ඉන්න හිතාගෙන මාළිගාවල් වගේ ගෙවල් හදලා ඒ ණය ගෙවාගන්න බැරුව ඒ ගෙවල් වල හුස්ම උඩට ඇද ඇද විඳවන මනුස්ස ජීවීන් ඕන තරම් ඉන්නවා ,
සැනසිල්ලේ හුස්ම ගන්න ඕනෙනම් මේන්ටේන් කරන්න පුළුවන් ජීවිතයක් තියාගන්න 🙏
මුලින්ම තමන්ගෙ අවශ්‍යතාවය තේරුම් ගන්න ,
ඒ සීමාවෙන් නවතින්න ....!!!
අනිශා ජයකොඩි ✍️