NAPETS

NAPETS NAPETS comprises of professionals drawn from the Engineering, Scientific and Technological fields in

NAPETS comprises of professionals drawn from the Engineering, Scientific and Technological fields in Sri Lanka. We are the oldest and largest professional body formally affiliated with the United National Party.

රටක විපත...---------------------අපි හරි කාලකණ්නි ජාතියක් බව ලොවට නැවතත් කියා පෑවෙමු. රනිල් වික්‍රමසිංහයන්ගේ නිවස ගිණිබත්...
25/08/2025

රටක විපත...
---------------------
අපි හරි කාලකණ්නි ජාතියක් බව ලොවට නැවතත් කියා පෑවෙමු. රනිල් වික්‍රමසිංහයන්ගේ නිවස ගිණිබත් කල අපේ රටේ සම හරක් ඉතා සතුටුවිය. නමුත් ඔහු සහ ඔහුගේ දයාබර බිරිඳ කාලාන්තරයක් තිස්සේ ලෝකයේ විවිධ රටවලින් එකතු කල වටිනා පොත්පත් වල පහස රටේ දුදරුවන්ට අහිමි කල ගොන්කම වැටහුනේ නැත. මන්ද, ඒ වන විටත් ඔහු තම නිවස රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කොට තිබුණු හෙයිනි. අර්බුදය පැමිණි මොහොතේ තෙල්, ගෑස්, බෙහෙත්, ආහාර පෝලිම් අවසන් කර තුන් වේල කන්න බැරිව සිටි ජනතාවකට තම ජීවිතය පවත්වාගෙන යෑමට අස්වැසුමක් විය. අභාග්‍ය සම්පන්න කාලය රටට නැවතත් උදාවිය. කිසිදු පදනමක් නැති ලෝකයා හිනස්සන උසුළු විසුළු කරන චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන නැවතත් දේශපාලන පලිගැනීමකට ලක්කර සිර කරන ලදී. එපමණක්ද නොව රටට දැවැන්ත සේවයක් කල වයස අවුරුදු 76ක් වූ ලොව දිනූ මේ අසහාය නායකයාට උසාවියේදී වතුර උගුරක් හෝ තම බෙහෙත් ටික බොන්න ඉඩ නොදෙන තරමට මිනිස්කම සාහසික විය. මෙයින් බොහෝ රටට වැඩ ඇති මිනිසුන් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ක්‍රියාකිරීමට බිය ගන්වන ලදී. සියලු වෘත්තිකයකු ඉදිරියේදී රාජ්‍ය කටයුතු වලට තම දායකත්වය දෙන විට දෙපාරක් සිතනු ඇත. එපමණක්ද නොව දිනපතා ජීවත් විය යුතු ජීවිත අහිමි වන චිකාගෝවක් මේ වනවිට ලංකාව තුල නිර්මාණය වී ඇත. ඒ ගැටලුවලට අදටත් පිලිතුරු නැත. එපමණක්ද නොව අනෙකා ගැන වෛරයෙන් ද්වේශයෙන් බලන සමාජයක් ඉතා ශීඝ්‍රයෙන් ඇති වෙමින් පවතී. ධර්ම රාජ්‍යය අනෙකා වෙනුවෙන් උදව් උපකාර කල රාජ්‍ය වෛරය ද්වේශය මුල්කරගෙන ඉදිරියට ඇදෙමින් පවතී. මේ තත්වය නවතා නොගන්නට ලොව නැගෙන ජාතියක් කෙසේ වෙතත් ලොව පිරිහෙන ජාතියක් බවට පත්වීම ඉතා නොදුරු වනු ඇත. කවුරුන් කෙසේ නර්තනයේ යෙදුනත් ඒ සියල්ල ස්වභාවධර්මය විසින් නිසි අයුරින් නඩු අසා විසදනු ඇත. එතෙක් ඒ වෙනුවෙන් තවමත් මෙරට තුල ඉතිරිව ඉන්නා බහුතර කළගුණ දත් ජනතාවද එතුමන්ට යුක්තිය ඉටුකිරීමට හෙට දින සහයෝගය දෙනු ඇත.

Address

400 Kotte Road
Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when NAPETS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAPETS:

Share