Architectural and Design

  • Home
  • Architectural and Design

Architectural and Design Architectural Design, All Services, Structural Drawings and Preparing BOQ, Estimating/

මේ වන විට ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි වහලයි බිත්තියයි අතර නිවැරදි ආකාරයට flashing එකක් ගැහුවත් කාලයක් සමඟ එහි යොදා ඇ...
16/07/2025

මේ වන විට ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි වහලයි බිත්තියයි අතර නිවැරදි ආකාරයට flashing එකක් ගැහුවත් කාලයක් සමඟ එහි යොදා ඇති සිලිකන් සවුත්තු වන විට නැවත තෙමීමට ලක්වේ. එම ප්‍රශ්නෙට මෙය විසඳුමක් වෙයි කියා මම හිතනවා. ඒක නිසා තමයි ඔයාලටත් දැනගන්න මම මේ ගැන කියල දෙන්න සටහනක් යොදන්න.

Used Materials:
Lastoflex PU, Fiber glass mess

Lastoflex PU මෙය පින්සලක් මගින් flashing එකයි බිත්තියයි joint උන තැන සිට ඉහළට හා පහළට අඟල් තුන තුන සිටින පරිදි පින්සලකින් ආලේප කරගන්න. පසුව fiber mess එකේ අඟල් හතරක් පළල පටි කපාගෙන flashing එකයි බිත්තියයි ජොයින්ට් එකේ සමබරව දෙපසට යන විදිහට fiber mess එක තියා තද කරගන්න. ඉන්පසු එම fiber mess එක උඩින් හොඳින් ඇලෙන පරිදි පින්සලෙන් තව පාරක් lastoflex කෝඩ් එකක් ගාන්න. එය පැය කිහිපයක් වේලීමට ඉඩ හරින්න. මේ ආකාරයට ඔබගේ flashing එක දිගට කරගෙන යා හැකිය. පැය කිහිපයකින් වියළු පසු නැවතත් දෙවෙනි කෝඩ් එක ආලේප කරන්න. එහිදී mesh එකේ නොගෑවුනු තැන් සියල්ල ම හොඳින් ගෑවී වැසී යන පරිදි හිඩැස් සියල්ල සියල්ල හොඳින් වැසී යන පරිදි ආලේප කරන්න. පැය කීපයකට පසුව තුන්වෙනි කෝඩ් එකත් හොඳින් ආලේප කරන්න. අනතුරුව ඔබගේ flashing එක හා බිත්ති අතර ජොයින්ට් එක සම්පූර්ණ රබර් වලින් කවර් කර ඇති ආකාරය දැක ගත හැක. මෙය ටිකක් වියදම් වැඩි ක්‍රමයක්.

Address


Telephone

+94702496407

Website

Alerts

Be the first to know and let us send you an email when Architectural and Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Engineering Company?

Share