Madushanka Mahagama Arachchi

ඉගෙන ගන්න ගමන් PRACTICAL එකත් අරන්...අපේම ආයතනයේ PRESENTER කෙනෙක් වෙන්න කැමතිද?LEARN.PRACTICE.PRESENT.Theory. Studio Pra...
09/06/2026

ඉගෙන ගන්න ගමන් PRACTICAL එකත් අරන්...
අපේම ආයතනයේ PRESENTER කෙනෙක් වෙන්න කැමතිද?

LEARN.
PRACTICE.
PRESENT.

Theory. Studio Practical. Real Camera Experience.

📞 CALL US: 075 597 7606
💬 WHATSAPP: 077 781 8606
📍 භූමි TV අභ්‍යාස ආයතනය - කොල්ලුපිටිය

ඉගෙන ගන්න ගමන් PRACTICAL එකත් අරන්,අපේම ආයතනයේ PRESENTER කෙනෙක් වෙන්න!
09/06/2026

ඉගෙන ගන්න ගමන් PRACTICAL එකත් අරන්,
අපේම ආයතනයේ PRESENTER කෙනෙක් වෙන්න!

09/06/2026

නිවේදිකාවක් හෝ නිවේදකයෙක් වෙන්න ඔන්න ඔයාට දැන් අපි අවස්තාව ලබා දීල තියෙන්නෙ තිස් දෙනෙක්ට . ගොඩක් අය අහනවා අපේ චැනල් එකට එන්න බැරිද. වෙලාව එනකම් පොඩ්ඩක් අපි හිටියා . අන්න ඒ බලන් හිටපු අයට සහ අලුත් අයටත් මේ හරහා ඉගෙන ගන්න ගමන් වැඩ කරන්නත් වැඩ කරන ගමන් ඉගෙන ගන්නත් අවස්තාව තියනවා . ඉතින් මේ තියරි පැට්‍රිකල් කියන දෙකම එකට යන්නේ . ඔයාගෙ උනන්දුව උත්සහය මත ඔයා මොනවගේ වැඩසටහන් කරයිද කියන එක තීරනය වේවි . නිකම්ම ප්‍රසන්ටර් කෙනෙක් නොකර ඒකට වටිනාකමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා . ඒක අපේ ආයතනයේ හො වෙනයම් ආයතනයකට ගියත් නොසෑහෙන්න පිලිගන්න දෙයක් වේවි. විශේෂයෙන් පෝට්ෆෝලියො එකක් ඔයාටම කියල හැදෙන එකම ඔයාට මිල කරන්න බැහැ. සාමාන්‍ය ක්‍රමවේදයෙන් හාත්පසින්ම ඔබ්බට ගිහින් තමා අපි මේ ආයතනය පටන් ගත්තේ . විවිධාකාර වැඩසටහන් නිශ්පාදනය වෙන අප ආයතනය සෑම විටෙකම උසස්ම නිර්මාණ කරන්න බැඳිල ඉන්නවා. මේ දැන්වීම නිවේදනයට උවත් අපි කලින් කිව්ව වගේ ඔයාට කොතනකින් හරි පටන් ගත්තොත් ඔයාට ඔයාගෙ පාරක් මේ හරහා විවෲත කරගන්න පුලුවන් වේවි . සියලුම දෙනාට සුබ පතනවා . මේ ක්ශේත්‍රයට ආදරය කරන ආසාවෙන් ඉන්න හෙට දවසේ දිනන්න උත්සහ කරන අපේම දක්ශ කොල්ලො කෙල්ලොන්‍ට නමක් හදාගෙන දවසක ලෝකෙම දිනන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මධුශංක මහගම ආරච්චි
වැඩසටහන් අධ්‍යක්ෂක / කැමරා අධ්‍යෂක
භූමි රූපවාහිනි/ කොල්ලුපිටිය
074 267 2484

09/05/2026

බඩගිනි යකෝව්.... තව සීන් 30 ක් තියනවා.........

අපේ භූමි රූපවාහිනී නාලිකාවේ Presenter වෙන්න ඔබටත් පුළුවන්. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.අපි මේ වෙද්දි වැඩසටහන් ග...
09/05/2026

අපේ භූමි රූපවාහිනී නාලිකාවේ Presenter වෙන්න ඔබටත් පුළුවන්. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.

අපි මේ වෙද්දි වැඩසටහන් ගණනාවක් කරගෙන යනවා, ඒ වගේම තවත් අලුත් වැඩසටහන් නිර්මාණය වෙන්නත් තියෙනවා. ඒ අලුත් වැඩසටහන්වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එක පැත්තකින් ප්‍රායෝගික පුහුණුව ලැබෙද්දී, අනෙක් පැත්තෙන් වැඩමුළුවත් (Workshop) යන නිසා කෙනෙකුට මේ දෙකටම එක පාර සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.

අලුත් අය ගොඩක් දෙනෙක් නාලිකාවට සම්බන්ධ වෙන්න මගෙන් ඇහුවා. හැබැයි ඒ අයට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි Experience නැති එක. මම ඒ අයගේ විස්තර නාලිකාවට යැව්වා. එවපු CV සහ වීඩියෝ ක්ලිප්වල යම් මට්ටමක උත්සාහයක් තිබුණත්, එකපාරටම වැඩසටහනක් කරන්න දෙන්න තරම් සූදානමක් ඒ අය ළඟ තිබුණේ නැහැ.

අපි දැකපු ලොකුම ගැටලුව තමයි අලුතින් එන අය මේ ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව රැඳී සිටිමින් පුහුණු නොවෙච්ච එක. නිකම්ම වැඩමුළුවකට ගියා කියලා කාටවත් එකපාරටම වැඩසටහන් කරන්න හම්බෙන්නේ නැහැ. දවසින් දෙකෙන් ඇඩ්වාන්ස් මට්ටමේ වැඩසටහනක් දෙන්න අපිට විතරක් නෙවෙයි, කිසිම නාලිකාවකට හැකියාවක් නැහැ. සමහර වැඩසටහන්වල පිටපත් හදලා, Shoot එකත් කරලා බැලුවට පස්සේ ඒවා නාලිකාවේ විකාශනය කරන්න තරම් ගුණාත්මක මට්ටමක තිබුණේ නැහැ.

විශේෂයෙන්ම වීඩියෝ සංස්කරණය කරද්දී තමයි නවකයන්ගේ අඩුපාඩු හොඳටම පෙනෙන්නේ. උඩ බලන් කතා කරනවා, වටපිට ඉන්න අය දිහා හොරෙන් බලනවා, කැමරාමන් දිහා බලනවා, මුහුණ හරවන් ඉන්න පැත්තට නෙවෙයි Eye Contact තියාගන්නේ. ඊට අමතරව වචන පැටලෙනවා, හඬ සහ ඉදිරිපත් කිරීම හරිම ඒකාකාරියි, බලන් ඉන්නත් කම්මැලියි. ඔන්න ඔය වගේ ගැටලු ගොඩක් අපි දැක්කා.

හැබැයි ඒ කිසිම දෙයක් නිසා අපි කාවවත් අයින් කරන්නේ නැහැ. අපි ඒ අඩුපාඩු පවා කියලා දෙනවා. කලින් කරපු වැඩසටහන්වල වෙච්ච අඩුපාඩු ඔයාලටම පෙන්නලා, ඒවත් හදාගෙන අපි එකතු වෙලා ඉස්සරහට යමු.

අපේ මුල් වැඩසටහන්වලදී අපි Presenter ට සම්පූර්ණ නිදහස දුන්නා තමන්ගේ විදිහට වැඩසටහන කරන්න. යම් යම් අඩුපාඩු දැක්කත් මමවත්, අපේ කළමනාකාරීත්වයවත් ඒවට මුකුත්ම කිව්වේ නැහැ. මොකද ඒ අඩුපාඩු මොනවාද කියලා හඳුනාගත්තොත් විතරයි අපිට සාර්ථක වැඩසටහනක් කරන්න පුළුවන් වෙන්නේ. මාස ගණනාවක් අපි මේ ගැන අධ්‍යයනය කළා. ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද ප්‍රශ්නය? කියලා. එන අයට සහතික තියෙනවා, පාඨමාලා කරලා තියෙනවා, හැබැයි වැඩසටහනක් කරන්න දුන්නම ප්‍රායෝගිකව ගැටලු ඇති වෙනවා.

ඒ නිසා අපේ ආයතනයෙන් මේකට විසඳුමක විදිහට මෙ වැඩමුලුව ආරම්භ කරනවා . එයින් අපිට ඕන විදිහට අපේ වැඩසටහන් වලට ගැලපෙන්න අපි අපේ අයව සූදානම් කරනවා.

කතා කරන්න බියක් දක්වන, තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ සඳහා එකතු වෙන්න පුළුවන්. ඔයාගෙ සබකෝලය නැති කරගෙන, ඕනෑම වේදිකාවක, වැඩසටහනක හෝ ඕනෑම අවස්ථාවකදී විශ්වාසයෙන් යුතුව කතා කරන්න පහසුවෙන්ම පුරුදු වෙන්න ඔබට මෙහිදී පුළුවන්.

මෙම වැඩසටහන, දිවයිනේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ මනෝ උපදේශිකාවක විසින් මෙහෙයවනු ලබන එක්දින විශේෂ වැඩමුළුවක් ලෙස කොල්ලුපිටියේ පිහිටි අපගේ භූමි TV අභ්‍යාස ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ( එදින අපි අපේ වැඩසටහන් වලට තෝරගන්න උත්සහ කරනවා . ඔයාලගෙ හැකියාවන් බලලා)

දැනට වයස් සීමාවක් නැහැ. ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්. වඩාත් හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සඳහා අප ලියාපදිංචි කරගන්නේ 30 දෙනෙකු වැනි සීමිත පිරිසක් කියල මතක් කරර් කැමති.

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම, වයස, ගම සහ දුරකථන අංකය WhatsApp කරන්න. එම අංකයටම ඇමතුමක් ලබා දී ඔබට අමතර විස්තර ද දැනගත හැක. ඔබට කිසිම අපහසුවක් නැතුව, වැඩ කටයුතු කරගෙන ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් සුහදශීලී පරිසරයක් මෙහි නිර්මාණය කර තිබෙනවා.

call 0755977606
whats app 0777818606

09/05/2026

නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්න කැමති කෙනෙක් හායි කියන්න.

09/04/2026

මේ සෙනසුරාදා හරි ඉරිදා හරි කමන්ට් කරපු අයගෙ ඇඩ් ටික ක්‍රියේට් කරනවා. ඇඩ් තුනක් අපි සිලෙක්ට් කරනවා කමන්ට් කරපු අයගෙ හෙට හවස් වෙද්දි. ඒක නිසා ඔයාගෙ බිස්නස් එකේ විස්තර ගන්න අපි කෝල් කරනවා . voice/editing එකටම ලොකු බජට් එකක් යන නිසා කරගන්න ඇඩ් එකට හරියට විස්තර් දෙන්න. මේ මේ දේවල් කියවෙන්න ඕන. ඒ වගෙම voice over එකත් එක්ක යන නිසා video ටික එවද්දි හෙල්ලෙන ඒව බොඳ වෙන ඒව එවන්න එපා. හොඳ ක්ලිප් ගන්න තනි තනිව. නැත්තන් අපරාදෙ.. එතනිනුත් ඔයාගෙ බිස්නස් එක යුනික් ක්‍රියේටිව් මාරම එකක්නම් අපි ඔයාට හොඳ ප්‍රොෆෙසනල් මට්ටමේ tv ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඒක හම්බෙන්න ඔයාගෙ service / product එක හොඳම මට්ටමේ තියෙන්න ඕන. බිස්නස් එක පොඩි එකක් උනත්. අපේ ස්ටුඩියො එකට ඔයාට එන්න වෙනවා ඒකට නම්. යට තියනව කමන්ට් කරන්න ඕන පෝස්ට් එක.

අපි මේක කරන්නෙ ස්වයං රැකියා හෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර තවත් ඉහලට ඔසවා තබන සංකල්පයක් විදිහට. මොකද අපි දන්නවා ඔයාට ඒකෙ තියන වැදගත්කම. කෙටියෙන් කිව්වෙ. හැමෝටම බැරිවෙයි. හැබැයි කීපදෙනෙක් හරි ඒකෙන් දෙයක් කරගන්නවනම් අපේ වැඩසටහන සාර්ථකයි...

0742672484

09/04/2026

ඔයාගෙ බිස්නස් එක මොකද්ද . කමන්ට් කරන්න .තෝරගන්න ඇඩ් තුනකට තැග්ගක් දෙනවා . මාධ්‍ය පැත්තෙන්.

09/04/2026

වසර 69ක් පුරා ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පෙරහැර මංගල්‍යයේ හොරණෑ වාදනයෙන් පූජෝපහාර දැක්වූ 83 වියැති ජේමිස් මාමා , අපේ පාරම්පරික කලා උරුමයේ ජීවමාන සංකේතයක් කියන්න පුලුවන්. ඔහුගේ කතා විලාශය පුරාම අපිට පෙනෙන්නේ කැපවීමෙන් මහන්සියෙන් රැකගත් ශිල්පයක් ගැන ඇති අභිමානය සහ අතිශය හෘදයාංගම නිහතමානීකමයි. රාජ්‍ය නායකයන්ගෙ ඉඳන් සාමාන්‍ය පුද්ගලයෙකු දක්වාම ඕනෑම කෙනෙකුට එක හා සමාන ආදරයකින් සහ ගෞරවයකින් ආමන්ත්‍රණය කිරීම ඔහුගේ සහජ ගුණයක් බව එතුමාගෙ කතාවෙන් අපිට පෙනීයනවා.. වැඩිහිටියෙක් විදිහට අත්දැකීම් බහුලකමින් එන ඒ ලෙන්ගතු ආමන්ත්‍රණයන් පිටුපස ඇත්තේ කිසිදු අහංකාරකමක් නැති පිරිසිදු, අවංක හදවතක්. .. ඔබට දීර්ඝායුෂ.....

Address

Los Angeles, CA

Alerts

Be the first to know and let us send you an email when Madushanka Mahagama Arachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushanka Mahagama Arachchi:

Shortcuts

Share