15/08/2026
*Disaster Mesh* රහසිගත ව්‍යාපෘතියේ සැඟවුණ පැතිකඩ (INTEL TRACECRAFT // CTF)
ශ්‍රී ලංකාවේ බලවත් අපරාධ සංවිධානයක් *Disaster Mesh* නමින් හදිසි සන්නිවේදන පද්ධතියක් නිර්මාණය කරමින් පවතී.
ගංවතුර, භූමිකම්පා සහ අනෙකුත් ආපදා අවස්තාවලදී ජංගම දුරකථන ජාල සහ අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා නොකරන විට ජනතාවට උපකාර කිරීම මෙම ව්‍යාපෘතියේ නිල අරමුණ ලෙස ඔවුන් පවසයි.
Disaster Mesh යෙදුම භාවිතයෙන් අසල ඇති දුරකථන එකිනෙක සම්බන්ධ වී තාවකාලික Mesh ජාලයක් නිර්මාණය කර එම ජාලය හරහා SOS පණිවුඩ, ආහාර හා ජලය ලබා දෙන ස්ථාන සහ වෛද්‍ය ඉල්ලීම් හුවමාරු කළ හැකි විය.
නමුත් මෙම මානුෂීය පෙනුම පිටුපස තිබුණේ ඉතා භයානක සැලැස්මකි.
සෑම Disaster Mesh දුරකථනයක්ම එහි හිමිකරු නොදැනුවත්වම විශාල Botnet ජාලයක Zombie Device එකක් බවට පත් කළ හැකි විය. එමගින් දුරකථන දහස් ගණනක් රහසිගතව පාලනය කර සම්බන්ධීකරණය කළ සයිබර් ප්‍රහාර දියත් කිරීමට අපරාධ සංවිධානය සැලසුම් කර තිබුණි.
එම යෙදුමට පරිශීලකයන්ගේ පිහිටීම්, ගමන් මාර්ග, සන්නිවේදන රටා සහ හැසිරීම් සම්බන්ධ දත්තද රහසිගතව රැස් කළ හැකි විය.
සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදුවෙමින් තිබුණි.
එහෙත් එක් දිනක ව්‍යාපෘතියේ Developer කෙනෙකු හදිසියේම අතුරුදන් විය.
අතුරුදන් වූ Developer, Disaster Mesh MVP එක නිර්මාණය කරමින් සිටියේය. එහි රහසිගත දෑ තිබුණේ නැත. නමුත් සම්පූර්ණ සැලැස්ම හෙළි කිරීමට තරම් තොරතුරු ඔහු දැන සිටියේය.
------------------------------------------------------------------------------
මේක ඇත්ත කතාවක් නම් නෙවෙයි. මේක Game එකක්. මේක මම විනෝදයට හදපු CTF එහෙමත් නැත්තම් Capture The Flag Challenge එකක්. ඉතින් ඔයාටත් පුලුවන්. ඔයාගෙ Internet එක ඇතුලෙ රහස් හොයන හැකියාව පාවිච්චි කරලා මේ අතුරුදහන් වුන developerව හොයන්න. මේක Easy Level එකේ game එකක්. මේක සෙල්ලම් කරන ප්‍රමාණය අනුව බලලා සම්පූර්ණ story එකම ඉදියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ අතුරුදන් වූ Developer හොයන මෙහෙයුම ඇතුලෙ ඔයා යන්නෙ හරි පාරෙ නම්, ඔයාට Flags 5ක් හම්බෙනවා. මේ Flags ඔයාට Leader Board එකට submit කරලා ඔයාගෙ Rank එක ඉහළට ගන්න පුලුවන්.
මෙතනින් යන්න >>> https://disaster-mesh.kavindunimesh.com/