Sci - Zone

Sci - Zone Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sci - Zone, Science, Technology & Engineering, Colombo.

Emergence of Consciousness. Disclaimer : මේක‍ තමයි හරියටම වෙන්නේ කියලා කියන්නේ හැකියාවක් නෑ. හැබැයි දැනට නිරීක්ෂණය කරලා ...
26/04/2024

Emergence of Consciousness.



Disclaimer : මේක‍ තමයි හරියටම වෙන්නේ කියලා කියන්නේ හැකියාවක් නෑ. හැබැයි දැනට නිරීක්ෂණය කරලා තියෙන දේවල් එක්ක පොඩ්ඩක් හරි match වෙලා තියෙන්නේ මේ concept එක විතරයි. (According to science.)

අද මන් අරන් ආවේ එක්තරා සංසිද්ධියක් ගැන. ඒ තමයි "Emergence of Consciousness". ඉස්සෙල්ලාම අපි බලමු මේ "Emergence" කියන්නේ මොකක්ද කියලා. ඉතින් සරලව කිව්වොත් "Emergence" කියන්නේ, "යම් කුඩා සරල ඒකක රාශියක් එකතුවී විශාල සංකීර්ණ පද්ධතියක් නිර්මාණය වීම." මේක මෙහෙම කිව්වට ඇත්තටම මේ සංසිද්ධියට පරිනාමය, අනුවර්තනය වගේ දේවලුත් බලපානවා.

අපි දන්නවා විශ්වය ගොඩනැගිලා තියෙන්නේ පදාර්ථ වලින්. මේ පදාර්ථ ගොඩනැගිලා තියෙන්නේ ශක්තීන් condense වෙලා. කොහොම හරි මේ පදාර්ථ එකතු වෙලා තමයි උප පරමාණු, පරමාණු, මූලද්‍රව්‍ය සහ අණු හැදෙන්නේ. මේ අණු එකතු වෙලා තමයි අපි දන්න සංයෝග හැදෙන්නේ. ඒ විදියට තමයි අපි නිතර දකින දේවල් ගොඩනැගිලා තියෙන්නේ. මේ සංසිද්ධියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අර කුඩා ඒකක වලට නැති ලක්ෂණ ඒ ඒකක එකතුවෙලා හැදෙන සංකීර්ණ පද්ධතිය තුළ තියෙන එක. උදාහරණයක් කිව්වොත් අපි දන්නවා වතුර(H2O) හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් කියලා. ඉතින් මේ දෙක ස්වභාවිකව තියෙන්නේ වායූන් විදිහට (ඒ කියන්නෙ room temperature එකේදී මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අණු තියෙන්නේ වායු ආකාරයෙන්). මේ දෙක එකතු වෙලා හැදෙන H2O අණු, ද්‍රවයක්. අර මූලද්‍රව්‍ය දෙක තනි තනිව තියෙන කොට නැති ලක්ෂණයක් ඒ දෙක එකතු උනාම ඇති වෙනවා. ඒ වගේ අපි එදිනෙදා දකින නොදකින හැමදේම ගොඩනැගිලා තියෙන්නේ "Emergence" සංසිද්ධිය නිසා.

ඉතින් මොකද්ද consciousness එකයි මේ සංසිද්ධිය යි අතැර තියෙන සම්බන්ධය?
මේ සංසිද්ධියට අනුව සියලුම ජීවීන් මේ වගේ කුඩා ඒකක වලින් හැදිලා තියෙන්නේ. මෙතන මන් කියන්නේ භෞතික ශරීරය ගැන විතරක් නෙවෙයි. ජීවීන් අජීවී වස්තුන් වලින් වෙනස් වෙන හේතුව ගැන. ඒ කියන්නෙ විඥානය ගැන (Consciousness). මේ සංකල්පය අපි දන්න සාම්ප්‍රදායික ආත්ම සංකල්පයට විරුද්ධව යන එකක්. මේකට අනුව අපිට ආත්මයක් කියලා දෙයක් නෑ. අපිට තියෙන්නෙ යථාර්ථය experience කරලා ඒකට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක්. මරණය කියන්නේ මේ හැකියාව නැති වෙලා යන එක ( මෙතන කෙටියෙන් සරලව කිව්වට මේක මීට වඩා හුඟක් ගැඹුරු මාතෘකාවක්.).

අපි ඉපදෙනකොට, අපේ සිරුර නිර්මාණය වෙන්නේ කුඩා මාතෘ සහ පිතෘ සෛල දෙකක් එකතු වෙලා. ඉතින් ගර්භාෂය ඇතුලේ ඒ ඒ හිතකර තත්ත්වයන් යටතේ අර සෛල විභාජනය වෙලා ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය වගේ පද්ධති වලින් පටන් අරන් තමයි කලලයක් හැදිලා ලමයෙක් හැදෙන්නේ. අපි මේ තනි පද්ධතියක් වෙන් කරලා ගත්තොත් අපි දන්නවා ඒ පද්ධතියෙන් සිද්ධවෙන විශේෂ ක්‍රියාවන් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි ශරීරය ගොඩනැගෙන්නේ. හැබැයි ඉතින් ශරීරයක් තිබ්බට වැඩක් නැහැනේ ඒකට පණ නැත්තම්. පණ කියලා මෙතන කියන්නේ consciousness එකට. Consciousness එකට පවතින්න ශරීරයක් ඕනේ. අර H2O උදාහරණයෙදි කියවුණා වගේ consciousness එක කියන්නේ අපේ භෞතික ශරීරය Emerge වීමේදී ඇති උන ප්‍රතිඵලයක්. අපේ ශරීරයේ තියෙන කුඩා සෛල වලටත් යම් ආකාරයක consciousness එකක් තියෙනවා. ඒක නිසා තමයි ඒ සෛල ඒ විදියට ක්‍රියා කරන්නේ. ඒ නිසයි අපේ consciousness එකේ පැවැත්මට අපේ ශරීරය වැදගත් වෙන්නේ.
මේ consciousness කියන product එකට variants ගොඩක් තියෙනවා. ඒවායින් එකක් තමයි human consciousness එක. මේ human consciousness එක human body structure එකට ආවේනිකයි. ඒ කියන්නෙ human consciousness එක ඇති වෙන්නේ human body එකේ structure එක ආශ්‍රිතව විතරයි. ඉතින් මේ වගේම තවත් ක්‍රම වලට consciousness එක ඇති වෙන්න පුළුවන් කියලා මේ ගැන අධ්‍යනය කරන අය හිතනවා. මේ විදියට human consciousness එකට වඩා වෙනස් ලක්ෂණ තියෙන , ඊට වඩා දියුණු හෝ නොදියුණු consciousness ඇති වෙන්න පුළුවන් ( කලින් කිව්වා වගේ consciousness කියලා මෙතැන කියන්නේ හැකියාවක් ගැන.).

ඉතින් මේක තව ගැඹුරට යන්න පුළුවන් මාතෘකාවක්. Post එක දිග වෙන නිසා දැනට ලියලා තියෙන ටිකෙන් "Emergence of consciousness" කියන සංසිද්ධිය ගැන surface idea එකක් ගන්න. (තව දැනගන්න ඕනෙ නම් Internet එකේ බලන්න.)
Anyway, see you guys with another post.

Sci - Zone

25/04/2024

Hey guys! Long time no see. Anyway, will be back with a new article.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sci - Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share