18/07/2026
📛 AUTO UPDATE: Tesla Driver Caught Asleep at Highway Speeds 🚘
⭕ Tesla රථයක ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය භාවිත කරමින් අධිවේගී මාර්ගයක ධාවනය වීමට සැලැස්වූ කාන්තාවක් රියදුරු අසුනේ සම්පූර්ණයෙන්ම නින්දට වැටී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් කැනඩාවේ British Columbia පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අවස්ථාවේ මගී අසුනේ තවත් අයෙකු නිදාගෙන සිටිනු දක්නට ලැබෙන අතර, එම පුද්ගලයා කුඩා දරුවෙකු නම් මෙම කාන්තාවට මුහුණ දීමට සිදුවන නීතිමය තත්ත්වය තවත් දරුණු වනු ඇත.
⭕ වාර්තා වී ඇති තොරතුරු වලට අනූව මෙම කාන්තාව විශාල අව් කණ්ණාඩියක් පැළඳ සිටීම හේතුවෙන්, රියදුරුගේ අවධානය නිරීක්ෂණය කරන Tesla රථයේ Safety Camera පද්ධතිය රැවටීමට ලක්ව ඇත. රියදුරුගේ ඇස් ආවරණය වී ඇති විට කැමරාවට අවධානය තහවුරු කළ නොහැකි බැවින්, FSD පද්ධතිය ඉන්පසු සුක්කානමේ චලනයන් පමණක් පරීක්ෂා කිරීමට යොමුවන බවත්, එය රැවටීමට ඇතැමුන් සුක්කානමට බරක් යොදවන බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.
⭕ වඩාත් පුදුමයට කරුණ වන්නේ, රියදුරන්ට නිදිමත ගතියක් දැනෙන්නේ නම් මෝටර් රථයේ FSD පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස පසුගිය වසරේදී Tesla සමාගම විසින් මතභේදාත්මක ලෙස උපදෙස් ලබා දී තිබීමයි. කෙසේ වෙතත් කැනඩාව තුළ 2024 අප්‍රේල් මාසයේ සිට Level 3, 4, සහ 5 ස්වයංක්‍රීය ධාවන පද්ධති සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, Tesla වැනි Level 2 මට්ටමේ ස්වයංක්‍රිය
පද්ධතියක් භාවිත කරන විට රියදුරු සෑම විටම පාලනය සියතට ගැනීමට අවධානයෙන් සිටිය යුතුම වේ.
⭕ මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිටිෂ් කොලොම්බියා අධිවේගී මාර්ග පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා අවධාරණය කර ඇත්තේ "ඔබේ මෝටර් රථය පැදවීමට ඔබට රොබෝවෙකුට ඉඩ දිය නොහැකි" බවයි.
⭕ Police in British Columbia are investigating a viral video showing a woman fast asleep behind the wheel of a Tesla while traveling at highway speeds. The situation could result in serious criminal charges, especially since another person—potentially a child—was seen sleeping in the passenger seat.
⭕ According to Electrek editor-in-chief Fred Lambert, the driver was wearing large sunglasses, which likely tricked the Tesla’s driver-facing cabin camera. When the camera cannot confirm visual attention, the system falls back to periodic checks for steering wheel torque, which many drivers trick by hanging aftermarket weights from the wheel.
⭕ Alarmingly, Tesla started recommending last year that drowsy motorists switch to its Full Self-Driving (FSD) feature if it detects them falling asleep. However, relying entirely on these systems is highly illegal. More sophisticated Level 3, 4, and 5 autonomous systems were officially banned in Canada in April 2024.
⭕ Driving a Level 2 system like Tesla's FSD requires the driver to be completely alert and ready to take over at any moment. "You must always be alert, sober, fully-focused on the road," a BC Highway Patrol officer stated, adding a stark warning: "You can’t let the robot drive your car for you."
For More Updates, Follow Us Sky Inside