Sky Inside

Call Directions Contact the business

Sky Inside Stay Tuned

🎮 Call of Duty: Modern Warfare 4 Cracked Ahead of Official Launch🚨⭕ ඔක්තෝබර් 23 වනදා නිල වශයෙන් නිකුත් වීමට නියමිත 'Call...
22/10/2026

🎮 Call of Duty: Modern Warfare 4 Cracked Ahead of Official Launch🚨

⭕ ඔක්තෝබර් 23 වනදා නිල වශයෙන් නිකුත් වීමට නියමිත 'Call of Duty: Modern Warfare 4' පරිගණක ක්‍රීඩාව, එහි නිල එළිදැක්වීමටත් පෙර හැකර්වරුන් විසින් Crack කර තිබෙනවා. මෙම ගේම් එක Pre order කළ ක්‍රීඩකයින් හට එහි Single player Campaign Mode එක කලින් ක්‍රීඩා කිරීමට (Early Access) අවස්ථාව ලබා දී තිබූ අතර, එය අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව (Offline) ක්‍රියාත්මක වීම නිසා මෙලෙස නිල නිකුතුවට පෙරම Crack කිරීමට හැකි වී ඇත.

⭕ මීට පෙර පැමිණි Call of Duty ක්‍රීඩාවල Campaign මාදිලිය ක්‍රීඩා කිරීම සඳහා අනිවාර්යයෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වීම අවශ්‍ය වූ බැවින් ඒවා Crack කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මෙවර Activision සමාගම විසින් Pre order බෝනස් එකක් ලෙස Offline ක්‍රීඩා කළ හැකි Campaign Mode ලබා දීම හරහා මෙම තත්ත්වය උදාවී තිබෙනවා. කෙසේ වෙතත් මේ හරහා වංචනිකයින් විසින් ව්‍යාජ Torrents අන්තර්ජාලයට මුදාහැර තිබිය හැකි බැවින්, ඒවා Download කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන්න.

⭕ වාර්තා වන තොරතුරු වලට අනූව මෙහි Size එක GB 60 ඉක්මවයි.

⭕ PC ක්‍රීඩකයින් සඳහා ඇතුළත් තාක්ෂණික පහසුකම්:

• PC සඳහා වෙනස් කළ හැකි Settings 800කට අධික ප්‍රමාණයක් ඇතුළත් වේ.

• සියලුම Modes සඳහා Ray Tracing පහසුකම, FOV slider, HDR10+ සහ Ultrawide මොනිටර් සහය ලබා දී ඇත.

• NVIDIA DLSS 4.5, Intel XeSS 3.0, සහ AMD FSR Redstone යන තාක්ෂණයන්ට මෙන්ම Advanced Shader Delivery සහ Shader Preloading සඳහාද මෙය සහය දක්වයි.

⭕ Call of Duty: Modern Warfare 4 has been cracked by hackers prior to its official launch on October 23. Because Activision offered early access to the single-player campaign for players who pre-ordered the title—and allowed the campaign to run completely offline—pirates were able to bypass its protections ahead of release.

⭕ Historically, recent Call of Duty titles required a constant online connection even for single-player modes, preventing them from being cracked easily. While the multiplayer modes remain inaccessible on pirated copies, reports caution users to be wary of fake torrents distributed by scammers online.

⭕ Alongside a newly released 35 GB update, the PC version of Modern Warfare 4 features extensive technical capabilities:

• Over 800 customizable PC settings, an FOV slider, HDR10+, and Ultrawide monitor support (though the built-in benchmark tool is restricted to Multiplayer Mode).
• Full Ray Tracing support across all game modes.
• Day-one support for NVIDIA DLSS 4.5, Intel XeSS 3.0, AMD FSR Redstone, Advanced Shader Delivery, and Shader Preloading.

For More Updates, Follow Us Sky Inside

🎮 GAMING UPDATE: Sony to Shut Down PS3 & Vita Stores and End PS5 Physical Discs by 2028 💿🚫​⭕ Sony සමාගම විසින් PlayStati...
18/10/2026

🎮 GAMING UPDATE: Sony to Shut Down PS3 & Vita Stores and End PS5 Physical Discs by 2028 💿🚫

​⭕ Sony සමාගම විසින් PlayStation 3 (PS3) සහ PS Vita උපාංග සඳහා වන PlayStation Store හරහා අලුතින් ගේම්ස් මිලදී ගැනීමේ පහසුකම අදියර කිහිපයක් යටතේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, පරිශීලකයින් දැනටමත් මිලදී ගෙන ඇති Games ඉදිරියටත් නැවත Download කර ගැනීමේ හැකියාව ලබා දෙන බවයි Sony සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

​⭕ මීට සමගාමීව Sony සමාගම තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, 2028 ජනවාරි මාසයේ සිට කිසිදු නව PlayStation 5 (PS5) Game එකක් Discs ලෙස නිකුත් නොකරන බවයි. එතැන් සිට සියලුම නව Games PlayStation Store හරහා ඩිජිටල් ක්‍රමයට පමණක් නිකුත් කෙරෙන අතර, වෙළෙඳසැල් මගින් මිලදී ගත හැකි Game Boxes තුළද තැටියක් වෙනුවට Digital Download Code එකක් පමණක් අඩංගු වනු ඇත (මේ වසර අගදී නිකුත් වීමට නියමිත GTA 6 සඳහාද මෙම ක්‍රමය අනුගමනය කෙරේ).

​⭕ වර්තමානයේ බහුතරයක් ක්‍රීඩකයින් භාවිත කරන PS5 වැනි නවතම උපාංග වෙත වැඩි අවධානයක් සහ සම්පත් යොමු කරමින් හොඳම අත්දැකීමක් ලබා දීම සඳහා මෙම තීරණය ගත් බව PlayStation විධායක නිලධාරී Sid Shuman පවසා තිබෙනවා. 2006 වසරේදී නිකුත් වූ PS3 කොන්සෝල මිලියන 87.4ක් අලෙවි වී ඇති අතර, 2011 දෙසැම්බර් මස නිකුත් වූ PS Vita උපාංග මිලියන 10ත් 15ත් අතර ප්‍රමාණයක් අලෙවි වී තිබේ

​⭕ Sony has officially announced a phased closure of the PlayStation Store for new purchases on both the PS3 and PS Vita. However, players will still be able to re-download previously purchased games and content for the foreseeable future.

​⭕ Store Closure Timeline:

​August 2026: Closes on PS3 in Mexico, Honduras, and Nicaragua.

​Late 2026: Closes on PS3 in additional Latin American and Middle Eastern territories.

​July 2027: Closes on both PS3 and PS Vita across all remaining global regions.

​⭕ Alongside this update, Sony made a major announcement confirming that no new PlayStation 5 games will ship on physical discs starting January 2028. Moving forward, all new titles will launch digitally via the PlayStation Store, while physical retail boxes will only contain a digital download code—a practice also set to be used for GTA 6 later this year.

​⭕ PlayStation executive Sid Shuman noted
that while the decision was difficult given the historic legacy of the PS3 (87.4 million units sold since 2006) and PS Vita (estimated 10–15 million units sold since 2011), retiring the older storefronts allows Sony to focus its resources on newer platforms like the PS5.

​

🚀 AUTO UPDATE: SpaceX Thrusters සහිත නවතම Tesla Roadster රථය එළිදක්වයි 🏎️💨​⭕ වසර ගණනාවකට පසුව, Tesla සමාගම විසින් SpaceX...
16/10/2026

🚀 AUTO UPDATE: SpaceX Thrusters සහිත නවතම Tesla Roadster රථය එළිදක්වයි 🏎️💨

​⭕ වසර ගණනාවකට පසුව, Tesla සමාගම විසින් SpaceX රොකට් තාක්ෂණය (Rocket Style Thrusters) සහිතව නිර්මාණය කළ සිය දෙවන පරම්පරාවේ නවතම 'Tesla Roadster' විදුලි මෝටර් රථය නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි SpaceX පරීක්ෂණ මධ්‍යස්ථානයකදී මෙම එළිදැක්වීම සිදු කෙරුණු අතර, එහි නිෂ්පාදන කටයුතු 2028 වසරේදී ආරම්භ කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ..

​⭕ ආසන දෙකකින් යුත් මෙම මෝටර් රථය එළිදැක්වීමේ අවස්ථාවේදී විශේෂ චූෂණ පද්ධතියක් (Suction System) ආධාරයෙන් ආනතියක් මත උඩුකුරුව (Upside Down) ධාවනය කර පෙන්වා ඇති අතර, එහි ඇති Thrusters ආධාරයෙන් ගුවනේදී කරකැවී නැවත පොළොවට පතිත වීමේ හැකියාවද ප්‍රදර්ශනය කර තිබේ. එමෙන්ම ට්‍රක් රථයක් සහ තවත් වාහන කිහිපයක් උඩින් පැන්නවීමේ අවස්ථාවක්ද මෙහිදී සජීවීව ඉදිරිපත් කර ඇත.

​⭕ Tesla හි මෝටර් රථ ඉංජිනේරු ප්‍රධානී Lars Moravy පවසන පරිදි, මෙම රථයට තත්පර 1කටත් අඩු කාලයකදී පැයට සැතපුම් 0 සිට 60 (97 kph) දක්වා වේගයක් ලබාගත හැකි අතර, උපරිම වේගය පැයට සැතපුම් 230 (370 kph) ඉක්මවයි. එක් වරක් Charge කිරීමෙන් සැතපුම් 300කට (480 km) වැඩි දුරක් ධාවනය කළ හැකි වුවද, එය 2017 වසරේදී Musk විසින් පොරොන්දු වූ ධාවන දුර ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු අගයක් බවට තොරතුරු වී තිබේ.

​⭕ මෙම රථයේ සම්පූර්ණ මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, Tesla වෙබ් අඩවියට අනුව මෙය මාදිලි 3කින් වෙන්කරවා ගත හැකිය:

• ​Performance මාදිලිය: ඩොලර් 50,000ක මූලික තැන්පතුවක්.

• ​Thrust මාදිලිය (Acceleration thrusters සහිත): ඩොලර් 250,000ක තැන්පතුවක්.

• ​Rocket මාදිලිය: ආරාධිතයන්ට පමණක් (Invite only) වෙන්වූ, තනි ආසනයක් සහ 'Full flight system' එකක් සහිත මාදිලියකි.

​⭕ Optimus රොබෝවරුන් නිෂ්පාදනයට ඉඩ ලබා ගැනීම සඳහා Tesla සමාගම මේ වසරේදී Model S සහ Model X රථ අලෙවිය නතර කර ඇති අතර, සුක්කානමක් හෝ පැඩල් නොමැති 'Cybercab' රොබෝ ටැක්සියද මෑතකදී හඳුන්වා දී තිබේ. මේ අතර ඇතැම් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම Roadster එළිදැක්වීම හුදෙක් ඉංජිනේරුමය හැකියාවන් පෙන්වීමක් පමණක් වන බවත්, එය අනාගතයේදී Tesla සහ SpaceX සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සඳහා Musk සිදුකරන පූර්ව ප්‍රචාරණයක් විය හැකි බවත්ය.

​⭕ Tesla has officially unveiled its redesigned second-generation Roadster equipped with SpaceX rocket-style thrusters, nearly a decade after first teasing the vehicle. CEO Elon Musk announced that production is set to begin in 2028.

​⭕ During a live demonstration at a SpaceX test site in Texas, the two-seater sports car used a suction system to drive upside down on a ramp, flipped in the air, and landed using built-in thrusters. It also demonstrated jumping over a truck and other vehicles while twisting mid-air.

​⭕ According to Tesla vehicle engineering chief Lars Moravy, the new Roadster can accelerate from 0 to 60 mph in under one second and reach top speeds exceeding 230 mph (370 kph). It offers a range of over 300 miles (480 km) on a single charge—less than half of what Musk originally promised in 2017.

​⭕ While final pricing remains undisclosed, Tesla's reservation page lists three variants: a "Performance" version ($50,000 deposit), a "Thrust" version with acceleration thrusters ($250,000 deposit), and an invite-only single-seat "Rocket" variant featuring a "full flight system."

​⭕ The reveal comes as Tesla shifts its core focus toward robotics and autonomous driving, having discontinued the Model S and Model X earlier this year to make room for Optimus robot production alongside its recently launched Cybercab. Analysts view the collaboration as a major engineering showcase and a potential hint toward a future Tesla-SpaceX merger.

For More Updates, Follow Us 😎

​

📛 Strict 80% Limit Fails to Deliver: iPhone User Reveals Minimal Battery Impact After One Year.⭕ Juli Clover නම් මෙම කාන...
15/10/2026

📛 Strict 80% Limit Fails to Deliver: iPhone User Reveals Minimal Battery Impact After One Year.

⭕ Juli Clover නම් මෙම කාන්තාව ඇගේ iPhone 16 Pro Max ජංගම දුරකථනයෙන් මෙම පරික්ෂාව සිදුකිරීමට පෙර, ඇගේම iPhone 15 Pro Max ජංගම දුරකථනයෙන්
ද මෙය සිදුකොට තිබේ. එනම් වසරක කාලයක් ජංගම දුරකථනය Charge කිරීමේදී Charge ප්‍රමාණය 80% ට සීමා කිරීම සහ සෑම විටම Battery ප්‍රමාණය 20% ට වඩා අඩු වීමෙන් වැළක්වීමයි.

⭕ ඇය iPhone 16 Pro Max ජංගම දුරකථනයද ඉහත ආකාරයෙන්ම වසරක කාලයක් Charge කොට පරික්ෂා කරන්නේ ඉන් පසුවයි. ඇය සඳහන් කරන්නේ මේ සඳහා Wireless සහ USB-C Charging යොදාගත් බවයි. එමෙන්ම 80% දක්වා Charge කිරීමෙන් පසු නිවසේ රැඳී සිටිනවා නම් ගැටලුවක් නොවන නමුත් නිවසින් පිටත සිටියදී Camera, GPS භාවිතා කරන විට මෙය ප්‍රමාණවත් නොවන බවයි.

⭕ ඒ අනූව වසරක කාලයක් මෙම ආකාරයෙන් Charge කළ ඇය අවසානයේ Battery Health Check කොට තිබේ. ඇය සඳහන් කරන්නේ Charging Cycles 299 ක් වූ විට Battery Health එක 94% වූ බවයි.

⭕ කෙසේනමුත් මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ ඇගේ මිත්‍රයෙකුත් iPhone 16 Pro Max ජංගම දුරකථනයක් භාවිතා කිරීම හා එයට Charging Limit (80%) නොදමා තිබීමයි. එමෙන්ම එම ජංගම දුරකථනයේ Charging Cycles 308 ක් වූ විට Battery Health 96% ද තිබී ඇත.
ඒ අනූව මෙහි Battery Health වෙනස 2% පමණි.

⭕ ඒ අනූව ඇය තවදුරටත් සඳහන් කරන්නේ වසර දෙකක කාලයක් iPhones, 80% Limit කර Charge කිරීමේ දත්ත තමා සතුව ඇති බවත්, එය එතරම් වටිනා පහසුකමක් නොවන බවයි.

For More Updates, Follow Sky Inside

​

CEOs will come and go, but this guy ? Irreplaceable 🍎🐐
10/10/2026

CEOs will come and go, but this guy ? Irreplaceable 🍎🐐

21/09/2026

Do you know this game ? 👀

Wrong answers only

📛 AUTO UPDATE: Tesla Driver Caught Asleep at Highway Speeds 🚘​⭕ Tesla රථයක ස්වයංක්‍රීය ධාවන  තාක්ෂණය භාවිත කරමින් අධිවේග...
18/07/2026

📛 AUTO UPDATE: Tesla Driver Caught Asleep at Highway Speeds 🚘

​⭕ Tesla රථයක ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය භාවිත කරමින් අධිවේගී මාර්ගයක ධාවනය වීමට සැලැස්වූ කාන්තාවක් රියදුරු අසුනේ සම්පූර්ණයෙන්ම නින්දට වැටී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් කැනඩාවේ British Columbia පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අවස්ථාවේ මගී අසුනේ තවත් අයෙකු නිදාගෙන සිටිනු දක්නට ලැබෙන අතර, එම පුද්ගලයා කුඩා දරුවෙකු නම් මෙම කාන්තාවට මුහුණ දීමට සිදුවන නීතිමය තත්ත්වය තවත් දරුණු වනු ඇත.

​⭕ වාර්තා වී ඇති තොරතුරු වලට අනූව මෙම කාන්තාව විශාල අව් කණ්ණාඩියක් පැළඳ සිටීම හේතුවෙන්, රියදුරුගේ අවධානය නිරීක්ෂණය කරන Tesla රථයේ Safety Camera පද්ධතිය රැවටීමට ලක්ව ඇත. රියදුරුගේ ඇස් ආවරණය වී ඇති විට කැමරාවට අවධානය තහවුරු කළ නොහැකි බැවින්, FSD පද්ධතිය ඉන්පසු සුක්කානමේ චලනයන් පමණක් පරීක්ෂා කිරීමට යොමුවන බවත්, එය රැවටීමට ඇතැමුන් සුක්කානමට බරක් යොදවන බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.

​⭕ වඩාත් පුදුමයට කරුණ වන්නේ, රියදුරන්ට නිදිමත ගතියක් දැනෙන්නේ නම් මෝටර් රථයේ FSD පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස පසුගිය වසරේදී Tesla සමාගම විසින් මතභේදාත්මක ලෙස උපදෙස් ලබා දී තිබීමයි. කෙසේ වෙතත් කැනඩාව තුළ 2024 අප්‍රේල් මාසයේ සිට Level 3, 4, සහ 5 ස්වයංක්‍රීය ධාවන පද්ධති සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, Tesla වැනි Level 2 මට්ටමේ ස්වයංක්‍රිය
පද්ධතියක් භාවිත කරන විට රියදුරු සෑම විටම පාලනය සියතට ගැනීමට අවධානයෙන් සිටිය යුතුම වේ.

​⭕ මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිටිෂ් කොලොම්බියා අධිවේගී මාර්ග පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා අවධාරණය කර ඇත්තේ "ඔබේ මෝටර් රථය පැදවීමට ඔබට රොබෝවෙකුට ඉඩ දිය නොහැකි" බවයි.

​⭕ Police in British Columbia are investigating a viral video showing a woman fast asleep behind the wheel of a Tesla while traveling at highway speeds. The situation could result in serious criminal charges, especially since another person—potentially a child—was seen sleeping in the passenger seat.

​⭕ According to Electrek editor-in-chief Fred Lambert, the driver was wearing large sunglasses, which likely tricked the Tesla’s driver-facing cabin camera. When the camera cannot confirm visual attention, the system falls back to periodic checks for steering wheel torque, which many drivers trick by hanging aftermarket weights from the wheel.

​⭕ Alarmingly, Tesla started recommending last year that drowsy motorists switch to its Full Self-Driving (FSD) feature if it detects them falling asleep. However, relying entirely on these systems is highly illegal. More sophisticated Level 3, 4, and 5 autonomous systems were officially banned in Canada in April 2024.

​⭕ Driving a Level 2 system like Tesla's FSD requires the driver to be completely alert and ready to take over at any moment. "You must always be alert, sober, fully-focused on the road," a BC Highway Patrol officer stated, adding a stark warning: "You can’t let the robot drive your car for you."

For More Updates, Follow Us Sky Inside

​

📛 GAMING UPDATE: The End of an Era for Need for Speed and Burnout ? 🏎️💨​⭕ ලොව පුරා සිටින Racing Games ක්‍රීඩකයින්ට කනගාට...
16/07/2026

📛 GAMING UPDATE: The End of an Era for Need for Speed and Burnout ? 🏎️💨

​⭕ ලොව පුරා සිටින Racing Games ක්‍රීඩකයින්ට කනගාටුදායක පුවතක් ගෙන එමින්, Electronic Arts (EA) සමාගමට අයත් ලොව ජනප්‍රියතම Racing Games මාලාවක් වන 'Need for Speed' (NFS) සහ 'Burnout' බොහෝදුරට අවසන් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

​⭕ GameSpot වාර්තා කරන ආකාරයට, මෙම ක්‍රීඩා ද්විත්වයම නිර්මාණය කළ ප්‍රධානතම ආයතනය වන Criterion Games හි 30 වන සංවත්සර සැමරුම අතරතුරදී Battlefield Studios හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී Rebecka Coutaz විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ 'Need for Speed' සහ 'Burnout' franchises දැන් ඔවුන්ගේ අවධානය යොමු වන ප්‍රධාන මාතෘකා නොවන බවයි.

​⭕ එහිදී "අපි මෙතනට ආවේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි. අපේ Studio එක දැන් 100% ක්ම 'Battlefield' වෙනුවෙන් පමණක් අවධානය යොමු කරලා තියෙන්නේ" යනුවෙන් ඇය පවසා ඇත.

​⭕ 2010 වසරේ නිකුත් වූ Need for Speed: Hot Pursuit (1998 වසරේ නිකුත් වූ Need for Speed III: Hot Pursuit හි Reboot එක) හි සිට Need for Speed Rivals සහ 2022 නිකුත් වූ Need for Speed Unbound දක්වාම මෙන්ම, 2001 සිට 2018 දක්වා ජනප්‍රිය Burnout ක්‍රීඩා මාලාවද නිර්මාණය කළේ Criterion ආයතනය විසිනි. Racing Games වල තිබූ සිනමාත්මක දර්ශන සහ ක්‍රීඩකයින්ට ලැබෙන ක්ෂණික තෘප්තිය වැනි Criterion සතු ප්‍රධාන ශක්තීන් දැන් ඔවුන් Battlefield වෙත යොදවමින් සිටින බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

​⭕ EA හි තීරණ සහ නිෂ්පාදනයන් කෙසේවෙතත් 2000 දශකයේ සිට Need for Speed Games ක්‍රීඩා කල අයගේ අදහස සහ අවශ්‍යතාව වන්නේ Need for Speed Most Wanted හි Remastered Version එකක් නිකුත් කල යුතු බවයි. Most Wanted ක්‍රීඩාවට පසු Underground 1/2 සහ NFS Run ක්‍රීඩාවටද මේ හා සමාන ඉල්ලුමක් පවතී.

⭕ කෙසේනමුත් EA ආයතනය නැවත Need for Speed ක්‍රීඩා නිෂ්පාදනයට යොමු වූවත්, Most Wanted වැනි ක්‍රීඩා වල තිබූ Story Mode රහිත වුවහොත් එය එතරම් සාර්ථක නිර්මාණයක් නොවනු ඇත.

​⭕ Sad news for racing game fans! The future of EA's iconic Need for Speed and Burnout franchises looks bleak as Criterion Games officially shifts its entire focus away from racing titles.

​⭕ During Criterion’s 30th-anniversary celebration, Rebecka Coutaz, VP and GM of Battlefield Studios Europe, confirmed that the Need for Speed and Burnout franchises are no longer the focus of the company. When directly asked about other projects, Coutaz stated, "We are solely focused on Battlefield."

​⭕ Criterion took over developing the Need for Speed games beginning with 2010's Need for Speed: Hot Pursuit (a reboot of 1998's Need for Speed III: Hot Pursuit) and was responsible for Need for Speed Rivals and 2022's Need for Speed Unbound. The studio also developed the Burnout franchise between 2001 and 2018. Coutaz acknowledged that while it used to be cars and less guns, they are now sharing Criterion's core strengths—intensity, cinematic views, and instant reward moments—entirely with the Battlefield universe.

​⭕ As Criterion puts all of its resources into Battlefield, it has become easier for players to get previously missed cosmetics, though one of the more meaningful updates was recently rolled back due to "a mistake." With no other studio currently assigned, it's highly likely that players are never going to get another Need for Speed game.

For More Updates, Follow Us Sky Inside

​

📛 GAMING UPDATE: Assassin's Creed Black Flag Resynced Sells 2 Million Copies on Day One 🏴‍☠️​⭕ මීට දින 2කට පමණ පෙර නිල ව...
11/07/2026

📛 GAMING UPDATE: Assassin's Creed Black Flag Resynced Sells 2 Million Copies on Day One 🏴‍☠️

​⭕ මීට දින 2කට පමණ පෙර නිල වශයෙන් නිකුත් වූ Assassin's Creed Black Flag Resynced (Remake) ක්‍රීඩාව නිකුත් වී ගතවූ පළමු දිනය ඇතුළත පමණක් පිටපත් මිලියන 2කට වඩා අලෙවි වෙමින් දැවැන්ත වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. වසර 13ක් පැරණි Game එකක Remake Version එකක් සඳහා ඩොලර් 60ක ඉහළ මිලක් නියම කර තිබුණද, ලොව පුරා සිටින Gamers වරු මේ සඳහා දක්වා ඇති ප්‍රතිචාරය සුවිශේෂී වේ.

​⭕ Ubisoft සමාගම නිල වශයෙන් තහවුරු කර ඇති ආකාරයට Steam Platform හි Assassin's Creed Franchise එක තුළ එකවර වැඩිම පිරිසක් ක්‍රීඩා කළ Game එක බවට පත්වීමට ද Black Flag Resynced සමත්ව තිබේ. මෙය මෑතකදී නිකුත් වූ Assassin's Creed Shadows සහ Valhalla යන Game වල Steam වාර්තා පවා ඉතා පහසුවෙන් බිඳ දැමීමක් වේ.

​⭕ මේ පිළිබඳව අදහස් දක්වමින් Assassin's Creed Franchises හි ප්‍රධානී Martin Schelling ප්‍රකාශ කර ඇත්තේ, "පළමු දිනයේම මිලියන දෙකක ක්‍රීඩකයින් පිරිසක් මුහුදු ගමන් ආරම්භ කරනු දැකීමත්, ඒ සමගම විචාරකයින්ගෙන් ලැබෙන විශිෂ්ට ප්‍රතිචාරත්, අපට බලාපොරොත්තු විය හැකි ඉහළම ඇගයීමයි" යනුවෙනි. Edward Kenway ගේ සාගර වික්‍රමය වෙනුවෙන් ගේමින් ප්‍රජාව තුළ පවතින නොනැසෙන ආශාව ද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

For More Updates, Follow Us Sky Inside 😎

​⭕ The newly released Assassin's Creed Black Flag Resynced has shattered expectations by selling over 2 million copies within just one day of its launch. Despite carrying a premium $60 price tag for a remake of a 13-year-old title, fans' nostalgia for the classic pirate adventure has driven massive day-one sales.

​⭕ Ubisoft confirmed that the overhauled classic has also achieved the highest concurrent player count ever recorded for an Assassin's Creed title on Steam. It comfortably surpassed the Steam player metrics of other recent entries in the franchise, including Assassin's Creed Shadows and Valhalla.

​⭕ "Seeing two million players set sail on day one, along with the great reviews from critics, is the greatest reward we could have hoped for," said Martin Schelling, Assassin's Creed brand boss, highlighting the community's enduring passion for Edward Kenway’s high-seas adventure.

​

📛 PLAYSTATION UPDATE: PS5 Owners Cancel PS Plus to Protest Discs Ending, but Analysts Say It Won't Work 📉⭕ Sony සමාගම වි...
09/07/2026

📛 PLAYSTATION UPDATE: PS5 Owners Cancel PS Plus to Protest Discs Ending, but Analysts Say It Won't Work 📉

⭕ Sony සමාගම විසින් 2028 වසරේ සිට Physical Game Discs නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණයට එරෙහිව මේ වන විට අති දැවැන්ත විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා. අප මීට පෙරද වාර්තා කල ‘Don’t Kill the Disc’ පෙත්සමට මේ වන විට අත්සන් 200,000 කට වඩා ලැබී ඇති අතර, ඊට අමතරව PS5 පරිශීලකයින් සිය PlayStation Plus (PS Plus) Subscriptions අවලංගු කරමින් සමාජ මාධ්‍ය හරහා තම විරෝධය පළ කරමින් සිටිනවා.

⭕ කෙසේ වෙතත්, ජපානයේ Kantan Games ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) මෙන්ම ප්‍රවීණ Game විශ්ලේෂකයෙකු වන Dr. Serkan Toto පවසන්නේ මෙම විරෝධතා කොතරම් දැඩි වුවත් Sony සමාගම සිය තීරණය කිසිසේත්ම වෙනස් නොකරනු ඇති බවයි.

"ඔවුන් මේ අන්තර්ජාල ප්‍රතිචාරය ගැන කලින්ම දැනගෙන හිටියා. ඔවුන් දැන් කරන්නේ මේ කුණාටුව පහව යන තුරු බලා සිටීම පමණයි"

යනුවෙන් ඔහු IGN වෙබ් අඩවියට පවසා තිබෙනවා.

⭕ ඔහු පෙන්වා දෙන්නේ මිලියන 50කට අධික PS Plus පාරිභෝගිකයින්ගෙන් 500,000ක් පමණ Subscription එක අවලංගු කළත් එය සමාගමේ ව්‍යාපාරයෙන් 1% ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවයි. එමෙන්ම ඩිජිටල් මාධ්‍යයට මාරු වීමෙන් සමාගමට ලැබෙන දැවැන්ත ලාභය නිසා ඔවුන් මෙම තීරණය අවලංගු නොකරන බව ඔහු තහවුරු කරනවා.

⭕ උදාහරණයක් ලෙස, Third Party ක්‍රීඩාවක Physical Disc එකක් විකිණීමෙන් Sony සමාගමට ලැබෙන්නේ 15% ක පමණ ලාභයක් වුවත්, එය PlayStation Store හරහා ඩිජිටල් ක්‍රමයට විකිණීමේදී ඔවුන්ට 30% ක ලාභයක් හිමි වනවා. තම සමාගමේ First Party ක්‍රීඩාවක් Digital ලෙස විකිණීමේදී 100% කම ලාභය හිමිවන්නේ ද Sony සමාගමටයි.

⭕ එනිසා නිෂ්පාදන සහ බෙදාහැරීමේ වියදම් සම්පූර්ණයෙන්ම ඉතිරි කරමින්, අතරමැදියන් නොමැතිව Digital ක්‍රමය හරහා දැවැන්ත ලාභයක් ඉපයීමේ අරමුණින් Sony සමාගම මේ තීරණය ගෙන ඇති බැවින් මෙය කිසිසේත්ම ආපසු හැරවීමක් සිදු නොවනු ඇත.

⭕ The backlash against Sony’s controversial decision to end the production of physical game discs by 2028 is intensifying. The ‘Don’t Kill the Disc’ petition has now surpassed 200,000 signatures. Furthermore, PS5 users are protesting by actively cancelling their PlayStation Plus subscriptions and sharing screenshots of their cancellations across social media.

⭕ However, analysts say this protest is destined to fail. Dr. Serkan Toto, CEO of Japanese game industry consultancy Kantan Games, told IGN that Sony will not reverse this decision. "They of course knew what the online reaction would look like, and they now wait for this storm to pass," he stated.

⭕ He pointed out that even if 500,000 people cancelled their PS Plus subscriptions, it would only represent a 1% drop in a service that boasts 50 million active subscribers—a drop in the ocean that won't force Sony to rethink.

⭕ The bottom line is purely economic; the profit margins on digital sales are far too lucrative. For a physical third-party game, Sony receives about a 15% cut, but for a digital sale via the PlayStation Store, that cut doubles to 30% (roughly $21 on a $70 game). For their own first-party titles sold digitally, Sony keeps 100% of the revenue, completely eliminating manufacturing, logistics, and retailer margins.

⭕ With profit margins reportedly weak in recent years, analysts conclude that an all-digital future simply makes too much financial sense for Sony, meaning a reversal of the disc cancellation is highly unlikely.

For More Updates, Follow Us Sky Inside

Address

Shk. Khalifa Bin Zayed Road
Fujairah
00000

Telephone

+94714216443

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Inside posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky Inside:

Shortcuts

Share