05/06/2026
මේ වසර 8 කට පමණ පෙරාතුව රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන්හමුදාවේ Loadmaster වරියක් සමග කතාබහ කරන්නට සහ ඒ රජකාරිය සිදුකර බලන්නට මේඝ විජේවර්ධනට ලැබුණ අවස්ථාවක වීඩියෝවක්. AAF (Royal Australian Air Force)හි Heavy Airlift මෙහෙයුම් ගැන කතාකරන විට අපේ අවධානය යොමුවන්නේ Flight Deck හි සිටින ගුවන් නියමුවන්ට වුවද, යානයක Flight Physics සහ Structural Integrity පිටුපස වැදගත්ම කාර්‍යාභාරය Loadmaster වේ. ඔවුන් Applied Aerodynamics සහ Load Engineering මඟින් තම කාර්‍යය ඉටු කරයි. විශේෂයෙන්ම යානයක බර සහ සමබරතාව නිවැරදිව තබා ගැනීම ඔවුන් සතු ලොකුම වගකීමක්. ගුවන්ගත වීමේදී, බෑමේදී යානයේ Center of Gravity එක නියමිත සීමාවන් ඇතුළත පවත්වා ගැන්ම ඔවුන් මඟින් සිදුවේ. එසේම පියාසර කරන අතරතුර ඉන්ධන දහනය වෙද්දී සිදුවන CG Migration එක සහ Zero Fuel Weight වෙනස්වීම් ගණනය කරලා, යානයේ Optimal Trim එක පවත්වා ගැන්මට Flight Deck එකට නිවැරදි දත්ත සපයන්නේද ඔවුන් වේ. හමුදා ට්‍රක් රථ, සන්නද්ධ වාහන වගේ අධික බර පටවන විට යානයේ Structural Floor Limits සහ Compartment Load Limits වලට හානියක් නොවෙන්න බර බෙදා හැරීම මොවුන්ගේ වගකීමයි.. නිශ්චිත ගණිතමය සූත්‍රවලට අනුව මෙය සිදුකරනු ලැබේ.
About eight years ago, Megha Wijewardane had the incredible opportunity to chat with a Loadmaster from the Royal Australian Air Force (RAAF) and even experience firsthand what the job actually entails.
When we talk about RAAF’s heavy airlift operations, our attention usually goes straight to the pilots up on the flight deck. However, the real backbone behind the aircraft's flight physics and structural integrity is the Loadmaster. They aren't just loading cargo—their job is a precise mix of applied aerodynamics and load engineering.
One of their biggest responsibilities is keeping the aircraft’s weight and balance perfectly in check. From take-off to touchdown, they ensure the Center of Gravity (CG) stays strictly within safe limits. Even while cruising, as fuel burns off, they calculate the ongoing CG migration and zero-fuel weight shifts in real-time, feeding the flight deck the exact data needed to maintain optimal trim.
It gets even more technical when packing the deck. When loading heavy assets like military trucks or armored vehicles, they have to distribute the weight flawlessly using precise mathematical formulas so they don't breach the aircraft's structural floor and compartment load limits.