BCC astronomical society

BCC astronomical society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BCC astronomical society, Aerospace Company, Badulla.

04/01/2020

තාරකා විද්‍යා සංගමයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට අවශ්‍යවෙ. සිටින නිලධාරී මණ්ඩලයේ කිසියම් කෙනෙකුට වැඩකිරීම අසීරු නම් නව නිලධාරී මණ්ඩලයක් පත්කරගත යුතුව ඇත

තාරකා විද්‍යා වැඩමුලුව..ආතර් සී ක්ලාක් ආයතනය
09/12/2019

තාරකා විද්‍යා වැඩමුලුව..ආතර් සී ක්ලාක් ආයතනය

❤️ දැනුමට යමක් එක්කරගෙන.. තවත් කෙනෙකුට බලන්න. පෝස්ට් එක ශෙයා කරන්න අමතක කරන්න එපා..👽
19/11/2019

❤️ දැනුමට යමක් එක්කරගෙන.. තවත් කෙනෙකුට බලන්න. පෝස්ට් එක ශෙයා කරන්න අමතක කරන්න එපා..👽

Keep it up. Centralians ❤️
14/11/2019

Keep it up. Centralians ❤️

තරු වල කතාව 1 | සූර්යයා November 11, 2017විශ්වයෙ තැන් තැන් වල තියෙනව ලොකූ වායු වළාකුළු. මේව වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙ...
06/11/2019

තරු වල කතාව 1 | සූර්යයා
November 11, 2017
විශ්වයෙ තැන් තැන් වල තියෙනව ලොකූ වායු වළාකුළු. මේව වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ හයිඩ්‍රජන් හීලියම් වගේ මූලද්‍රව්‍ය. ඉතින් මේ අභ්‍යාවකාශයේ පාවෙවී ඉන්න වායු වළාවක් එක තැනකට ඒකරාශී වෙලා ගුලිගැහෙන්න බලනවා. ඒක වෙන්නෙ ගුරුත්වය නිසා. ඒ වගේම අවස්ථිතිය නිසා ඒ වායු බෝල කැරකෙන්න එහෙමත් පටන්ගන්නවා.

ඔන්න දැන් අපි ලඟ අහසෙ පාවෙන වායු බෝලයක් තියෙනවා. ඒත් ඕක තරුවක් වෙන්නෙ කොහොමද? මං කලින් කිව්වනෙ ඔතන තියෙන්නෙ හයිඩ්‍රජන් හා හීලියම් වායු කියල. ඔන්න දැන් මේ වායු බෝලය ගුරුත්වය නිසා අතිශය සම්පීඩනය වෙන්න ගන්නවා.

දන්නවනෙ pressure cooker එක ගැන. ඒක ඇතුලෙ පීඩනය වැඩි නිසා වතුර 90°C දි විතර නටන්න ගන්නවා. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේ. උස කන්දක් උඩ වායුගෝලීය පීඩනය අඩු නිසා වතුර නටන්නෙ 105°Cදි විතර. සාරාංශය බැලුවම පීඩනය වැඩි නම් අඩු උෂ්ණත්වයකදි වුණත් දහනය වෙනවා.

අර අපේ වායු බෝලය තුලත් දැන් හයිඩ්‍රජන් දහනය වෙන්නයි හදන්නෙ. දහනය කිව්වට දහනයක්ම නෙමෙයි. න්‍යෂ්ටික විලයනයක්. ඒ කියන්නෙ පරමාණු 2ක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන වර්ගයක තනි පරමාණුවක් හැදෙනවා.

හැබැයි ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද ඒකට පරමාණු වල න්‍යෂ්ටි දෙක එකට හප්පන්න ඕන. ඒත් න්‍යෂ්ටි ධන ආරෝපිතයි. සජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවනෙ. න්‍යෂ්ටි අතරත් විශාල කූලෝම් න්‍යෂ්ටික විකර්ෂණ බලයක් තියෙනව. ඒ නිසා පරමාණු න්‍යෂ්ටි දෙකක් එකට හප්පන්න විශාල බලයක් යොදන්න ඕන.

සූර්යයාගෙ හරය (core) තුල වුණත් ඔය වැඩේ වෙන්න ප්‍රමාණවත් උෂ්ණත්වයක් නෑ. හරියට බ්‍රහස්පති සෙනසුරු වගේ වායු ග්‍රහයින්ට වුණා වගේ (ඔව් එයාලත් තරු වෙන්න ගිය අය තමයි. එයාල නිකන්ම ග්‍රහලෝක නෙමෙයි දුඹුරු වාමන තරු. වාමන තරු ගැන පස්සෙ කියලදෙන්නම්).

ඔන්න ඔතනදි තමයි අර වායු සම්පීඩනයෙන් ඇතිවුණ පීඩනය සූර්යයාගෙ පිහිටට එන්නෙ. දැන් Pressure cooker කතාවමයි. සූර්යයා තුල පීඩනය ඉතාම අධික නිසා අර පවතින උෂ්ණත්වයේදි වුණත් හයිඩ්‍රජන් විලයනය වෙන්න ගන්නවා.

ඒ කියන්නෙ හයිඩ්‍රජන් (ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි) පරමාණු 2ක් (දෙකට ප්‍රෝටෝන 2යි ඉලෙක්ට්‍රෝන 2යි) විලයනය වෙලා (එකතු වෙලා) හීලියම් එක පරමාණුවක් හැදෙනවා (හීලියම් වලට ප්‍රෝටෝන 2යි ඉලෙක්ට්‍රෝන 2යිනෙ). එතකොට මුල් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගණනට දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණන balance වෙලා. හැම තත්පරේකම ඔය විදියට හයිඩ්‍රජන් පරමාණු මිලියන 700ක් විතර හීලියම් බවට හැරෙනවා.

හැබැයි ඔතන ස්කන්ධ හානියක් වෙනවා. ඒ කියන්නෙ මුලින් තිබුණ හයිඩ්‍රජන් පරමාණු දෙකේ ස්කන්ධ වල එකතුවට වඩා අළුතින් හැදුණ හීලියම් පරමාණුවේ ස්කන්ධය අඩුයි.

ඔය නැතිවෙච්ච ස්කන්ධය තමයි සූර්ය ශක්තිය (ආලෝකය තාපය වගේ) අපිට ලැබෙන්නෙ. ඒ ශක්තියේ අගය හොයන්න පුළුවන් E = mc 2 සමීකරණයෙන්. m වලට දාන්නෙ අර අඩු වෙච්ච ස්කන්ධය.

ඔහොම ගිහින් ඉරේ හයිඩ්‍රජන් ඉවර වෙයිද?

ඔව් දවසක ඉවර වෙනවා. එතකොට මොකද වෙන්නෙ? සූර්යයා පෘථිවි කක්ෂය දක්වා ප්‍රසාරණය වෙනවා. හැබැයි ඒකට තව අවුරුදු මිලියන කිහිපයක් තියෙනවා. ඒක ලස්සන කතාවක්. ඒ කතාව ඊළඟ ලිපියෙන් කියන්නම්.

තරු වල කතාව 2 | වාමන තරු November 11, 2017ඔන්න දැන් අපි ළඟ තරුවක් තියෙනවා. අපේ සූර්යයාත් අපි ඉන්න මන්දාකිණිය වන ක්ෂීරපථය...
06/11/2019

තරු වල කතාව 2 | වාමන තරු
November 11, 2017
ඔන්න දැන් අපි ළඟ තරුවක් තියෙනවා. අපේ සූර්යයාත් අපි ඉන්න මන්දාකිණිය වන ක්ෂීරපථයෙ (milky way) තියෙන ප්‍රධාන තරු 100 අතර ඉන්නෙ. තද තද නේද? 😎
ඔය වගේ තරු ට්‍රිලියන ගානක් විශ්වයේ තියෙනවා. අපේ milky way එකේ විතරක් තරු බිලියන 100ක් තියෙනවා. ඉතින් හිතාගන්නකො විශ්වයේම තියෙන තරු ගාණ ගනන් කරන්න පුළුවන් වෙයිද කියල.

ඔය තරු වල ස්කන්ධය කිලෝ ග්‍රෑම් වලින් මනින්න බෑනෙ. එතකොට එන සංඛ්‍යාව ලිව්වම කිලෝමීටරයක් විතර දිගට එන නිසා එහෙම මනින එක ප්‍රායෝගික නෑ. ඒ නිසා අළුත් ඒකකයක් ඕන වුණා.

ඒකට හදාගත්ත ඒකකය තමයි සූර්ය ස්කන්ධ ඒකකය කියන්නෙ. ඒ කියන්නෙ යම්කිසි තරුවක ස්කන්ධය අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ කීගුණයක්ද කියන එක.

ඔය ස්කන්ධය මත තරුවක අවසාන කාලය තීරණය වෙනවා. ඒ කියන්නෙ තරුව මියයන්නෙ කොහොමද මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ ඒ තරුවෙ ස්කන්ධය.

සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු, ඒ කියන්නෙ අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ 1.4 ගුණයකට වඩා අඩු ස්කන්ධයක් තියෙන තරු මියගියාට පස්සෙ පත්වෙන්නෙ සුදු වාමන තරු (White Dwarf) කියල එකක් බවට. අපේ ඩයල් එකටත් දවසක වෙන්නෙ ඒකම තමයි.

එතකොට සූර්ය ස්කන්ධ ඒකක 1.4 - 2.8 දක්වා තරු නියුට්‍රෝන තාරකා බවට පත්වෙනවා. ඒවා වල තියෙන්නෙ තනිකරම නියුට්‍රෝන විතරයි. ඒක වෙන හැටි පස්සෙ කියලදෙන්නම්.

එතකොට සූර්ය ස්කන්ධ ඒකක 2.8ට වඩා වැඩි තරු???

ඒවා මැරුණට පස්සෙ කළු කුහර බවට පත්වෙනවා! ඒක වෙන හැටිත් ඉස්සරහට කියල දෙන්නම්.

මුලින්ම බලමු සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු වලට වෙන දේ. මෙයාගෙ තරුණ කාලෙ සිදුවෙන හයිඩ්‍රජන් විලයනය ගැන අපි කලින් කතා කරානෙ. ඔය හයිඩ්‍රජන් ඉවර වුණාම???

තරුණ කාලෙ ඉන්න අපේ සූර්යයා වගේ තරු වල බලයන් 2ක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඇතුලෙ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා ඇතිවන බලය. මේ බලයෙන් සූර්යයාගෙ පෘෂ්ඨය එළියට තල්ලු කරන්න බලනවා. හැබැයි ගුරුත්වාකර්ෂණය මගින් ඔය පෘෂ්ඨය ආපහු ඇතුලට අදිනවා. ඔය ඉවතටයි ඇතුලටයි යෙදෙන බල දෙක balance වෙලා එකිනෙක කැපිල යන නිසා තමයි සූර්යයා එකම සයිස් එකට ඉන්නෙ.

හැබැයි හයිඩ්‍රජන් ඉවර වුණාම තව දුරටත් ප්‍රතික්‍රියා නැති නිසා අර එළියට තල්ලු කරන බලය නැතිවෙනවා. එතකොට ඉතුරු වෙන්නෙ තරුව ඇතුලට අදින ගුරුත්වාකර්ෂණය විතරයි. දැන් තරුව ඇකිළෙන්න පටන්ගන්නවා.

හැබැයි හයිඩ්‍රජන් ඉවර වුණාට හයිඩ්‍රජන් විලයනයෙන් හැදුන හීලියම් ටික තියෙනවනෙ. ඒව විලයනය කරන්න හයිඩ්‍රජන් තරම් ලේසි නෑ. ඒත් දැන් තරුව ඇකිලෙද්දි එහි හරයේ ඇතිවන ඉතාම අධික පීඩනය නිසා දැන් හීලියමුත් විලයනය වෙන්න පටන් ගන්නවා (මතකයිනෙ pressure cooker කතාව).

හීලියම් විලයනයෙන් ඒ කියන්නෙ පරමාණු කීපයක් එකට තදවෙලා නයිට්‍රජන් ඔක්සිජන් වගේ අළුත්ම වායු අණු හැදෙන්න ගන්නවා. ඔය අළුතින් හැදුන වායු ටික වළාවක් වගේ තරුවෙන් ඉවත් වෙන්න ගන්නවා. ඕක අපිට පේන්නෙ ආපහු තරුව ප්‍රසාරණය වෙනව වගේ. ඒ කියන්නෙ තරුවෙ හරය තව ඇකිළෙන ගමන් එහි මතුපිට ප්‍රසාරණය වෙනවා.

කොච්චර ප්‍රසාරණය වෙනවද කියනව නම් සූර්යයා අපේ පෘථිවි කක්ෂය දක්වාම ප්‍රසාරණය වෙනවා. හැබැයි ඒ කාලෙ වෙද්දි නම් කොහොමත් පෘථිවිය මත ජීවයක් නැති නිසා අවුලක් නෑ. මේකට කියන්නෙ රතු යෝධ අවධිය (Red Giant) කියල.

අන්තිමට හීලියම් ටිකත් විලයනය වෙලා ඉවර වෙනවා.

දැන්?

අර වායු වලාව තරුව දෙසට ඇදගන්න කිසිම බලයක් නෑ. ඒ නිසා වායු වළාව තරුවෙන් සම්පූර්ණයෙන් ඉවත්වෙලා අභ්‍යාවකාශයේ පාවෙලා යනවා. දැන් ඉතුරු අර දැවිල අවසන් වුණු පුංචි හරය විතරයි.

හැබැයි එයා තාමත් ගොඩාක් රස්නෙයි. ඒ නිසා තව අවුරුදු මිලියන ගාණක් එයා සුදු පාටට දිලිසෙනවා. ඒකට තමයි සුදු වාමන තරු කියන්නෙ.

ඒ රස්නෙත් ඉවර වුණාම එයා ටික ටික නිවිලා කළු වාමන තරුවක් බවට පත්වෙනවා. අපේ සූර්යයාටත් දවසක වෙන්නෙ ඔය ටිකම තමයි.

තරු වල කතාව 3 | ද්විත්ව තරු November 11, 2017කලින් අපි කතා කරානෙ වාමන තරු ගැන.. හැබැයි ඒකෙ තවත් පොඩි කතාවක් ඉතුරු වෙලා ත...
06/11/2019

තරු වල කතාව 3 | ද්විත්ව තරු
November 11, 2017
කලින් අපි කතා කරානෙ වාමන තරු ගැන.. හැබැයි ඒකෙ තවත් පොඩි කතාවක් ඉතුරු වෙලා තියෙනව කියන්න. ඒ තමයි ද්විත්ව තරු (Binary Stars)..

මොකද මේ ද්විත්ව තරු වල අවසන් කටයුතු වෙන්නෙ ටිකක් වෙනස් ක්‍රමයකට. අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි අපිට පෙනෙන අහසෙ තියෙන දීප්තිමත්ම තාරකාව වන සිරියස්.

සිරියස්ට ඉන්නව පොඩි සගයෙක්. අපි එයාට සිරිසේන කියමුකො (ඇත්ත නම Sirius B). මේ දෙන්නා තමයි ද්විත්ව තරු. හැබැයි සිරියස් අති ප්‍රභල තරුවක් වුණාට සිරිසේන නම් දැන් අභාවයට ගිය සුදු වාමන තාරකාවක්..

ඔන්න දැන් සිරියස්ගෙ කාලය අවසන් වෙනව කියල නිකමට හිතන්න. සිරියස් දැන් රතු යෝධ අවධියට එනවා. ඒ කියන්නෙ හොඳට ප්‍රසාරණය වෙනවා. කොයි තරම් ප්‍රසාරණය වෙනවද කියනව නම් අර එයාගෙ වාමන සගයා දක්වා ප්‍රසාරණය වෙනවා.

ඒකෙන් වෙන්න සිරියස්ගෙන් පිටවෙන වායු වළාවන් තොගයක් යනවා අර සුදු වාමන තරුවට. දැන් මේ වායු ඔක්කොම අධික තාපය හමුවේ ක්ෂණිකව න්‍යෂ්ටික විලයනය වෙලා දැවැන්ත න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරල යනවා. මේ පිපිරීමෙන් නිකුත් වන ශක්තිය සූර්යයාගෙන් පිටවන ශක්තිය වගේ මිලියන ගුණයකටත් වැඩියි. හිතාගන්නකො තරම. (ඕක කොච්චර ලොකුද කියල හරියටම තේරෙන්න සූර්යයාගෙ අභ්‍යන්තරයෙ සිදුවෙන යුද්ධය ගැනත් ටිකක් දැනගෙන ඉන්න ඕන. ඒක වෙන දවසක කියන්නම්).

ඔය පිපිරීමට කියන්නෙ නෝවා පිපිරීම් කියලයි. (සුපර් නෝවා, හයිපර් නෝවා කියන්නෙ වෙන පිපිරීම් වර්ගයක්. ඒ ගැන ඊළඟ ලිපියෙන්).

විශ්වය කියන්නෙ කොච්චර පුදුම තැනක්ද කියනව නම් හැම නෝවා පිපිරුමකින්ම නිකුත් වෙන ශක්තිය එක සමානයිලු. මන්දාකිණි අතර දුර මනින්න මේ නෝවා පිපිරීම් යොදාගන්නවලු.

ඉතින් ඕක තමයි ද්විත්ව තරු වල ඉරණම. ඊළඟ ලිපියෙන් බලමු නියුට්‍රෝන තරු හා කළු කුහර හැදෙන හැටි.

තරු වල කතාව 4 | නියුට්‍රෝන තාරකා November 11, 2017කලින් ලිපි කිහිපයේම අපි කතා කරේ අඩු සූර්ය ස්කන්ධ ඒකක ගණනක ස්කන්ධයක් සහ...
06/11/2019

තරු වල කතාව 4 | නියුට්‍රෝන තාරකා
November 11, 2017
කලින් ලිපි කිහිපයේම අපි කතා කරේ අඩු සූර්ය ස්කන්ධ ඒකක ගණනක ස්කන්ධයක් සහිත තාරකා වල ජීවන චක්‍රය ගැන. දැන් අපි කතා කරන්න යන්නෙ ඊට වඩා ටිකක් විශාල, ඒ කියන්නෙ සූර්ය ස්කන්ධ ඒකක එකහමාරකට පමණ වඩා වැඩි ස්කන්ධයක් සහිත තරු වල කතාව ගැන.

මුලින්ම බලමු මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් සහිත තරු වලට වෙන දේ.

කලින් කුඩා තාරකා ගැන කතා කරා වගේම මෙයාලගෙත් හයිඩ්‍රජන් විලයනය තමයි වෙන්නෙ. හැබැයි පොඩි පොඩි තාරකා වල වගේ නෙමෙයි මෙයාලගෙ හරයෙ තියෙන්නෙ ඉතාම අධික උෂ්ණත්වයක්. කොච්චර ලොකු උෂ්ණත්වයක්ද කිව්වොත් හයිඩ්‍රජන් විලයනය වෙන අතරෙම හීලියමුත් විලයනය වෙනවා!

හීලියම් විලයනයෙන් හැදෙනවනෙ වෙනත් බර මූලද්‍රව්‍යයන්. තරුව මැද තියෙන උෂ්ණත්වය වැඩිකමට ඒ හැදුන මූලද්‍රව්‍යත් ආපහු විලයනය වෙනවා!
කොහොමද උෂ්ණත්වය??

ඔහොම වෙලා ක්ෂණිකවම තරුවෙ ගුරුත්ව බලය එහි විකිරණ පීඩනය ඉක්මවා යනවා (ඔව් අර 2 වෙනි ලිපියෙ කියපු බල 2 තමයි )

ඒකෙන් වෙන්නෙ එකපාරටම මුළු තරුවම තමන් තුලටම කඩාවැටීම.

මේ කඩාවැටීම කොච්චර ප්‍රභලද කිව්වොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල පීඩනයට වත් මේ කඩා වැටීම නතර කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකට තදවෙලා නියුට්‍රෝනයක් බවට පත්වෙන එක!

මේ විදියට තරුවෙ මුළු හරයම තනිකරම නියුට්‍රෝන බවට පත්වෙනවා. දැන් තව දුරටත් කඩා වැටෙන්න බෑ.

දැන් මොකද වෙන්නෙ?

හරයට පිටින් තියෙන වායූන් ඔක්කොම අධික ලෙස රත්වෙලා ක්ෂණිකවම මහා දැවැන්ත පිපිරුමක් ඇති කරමින් තාරකාව පුපුරා යනවා.

මේවට තමයි සුපර් නෝවා පිපිරීම් කියන්නෙ.. (කලින් 3 ලිපියෙ නෝවා පිපිරීම් ගැන කතා කරා මතක ඇතිනෙ)

මේ දැවැන්ත පිපිරුමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ අර තනිකරම නියුට්‍රෝන වලින් හැදිච්ච හරය (core) විතරයි. ඕකට තමයි කියන්නෙ නියුට්‍රෝන තාරකාවක් කියලා. අධික උෂ්ණත්වය නිසා ඕක අවුරුදු මිලියන ගානක් දිලිසෙනවා.

සාමාන්‍යයෙන් මේකෙ විශ්කම්භය කිලෝමීටර් සිය ගණනක් විතරයි. පෘථිවියේ විශ්කම්භයත් කිලෝමීටර් 12800ක්නෙ.

එතකොට අර පිපිරීමට ලක්වුණු වායු ගොඩට මොකද වුණේ??

පිපිරුමේ අධික තාපය නිසා ඒවා තව තවත් කිහිප වරක් විලයනය වෙලා යකඩ වගේ බරින් වැඩි මූලද්‍රව්‍ය බිහිවෙනවා. අපි වගේ ග්‍රහලෝක හැදිල තියෙන්නෙත් ඔය වගේ තරු වල දූවිලි එකතු වෙලා තමයි.

ඔය හැමදේටම වඩා විශ්වයේ තිබෙන පුදුමාකාරම හා තවමත් බොහෝ දේ සොයා නොගත් දෙයක් තමයි කළු කුහර කියන්නෙ. තරුවක් නිසා කළු කුහරයක් හැදෙන හැටි ඊළඟ ලිපියෙන් කියන්නම්.

තරු වල කතාව 5 | කළු කුහර November 11, 2017විශ්වයේ තියෙන්නෙ අපි කලින් කතා කරපු ජාතියෙ තාරකා විතරක් නෙමෙයිනෙ. විශ්වයේ ඉතා ...
06/11/2019

තරු වල කතාව 5 | කළු කුහර
November 11, 2017
විශ්වයේ තියෙන්නෙ අපි කලින් කතා කරපු ජාතියෙ තාරකා විතරක් නෙමෙයිනෙ. විශ්වයේ ඉතා දැවැන්ත ස්කන්ධයන් සහිත තාරකා තිබෙනවා. හැබැයි උපරිම ස්කන්ධය සූර්ය ස්කන්ධ ඒකක 100ක් විතරයි. ඊට වඩා වැඩි ස්කන්ධයෙන් යුත් තරු බිහිවෙන්නත් කලින්ම පුපුරල විනාශ වෙනවා.

මේවා තුල ඇති අධික උෂ්ණත්වය නිසා මේ වගේ විශාල තාරකා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් දහනය වීමේ සීඝ්‍රතාවය ඉතාම වැඩියි. ඒ නිසා තරුවේ ආයුකාලයත් සාපේක්ෂව අඩුයි. තරුවක ස්කන්ධය හා ආයුකාලය ප්‍රතිලෝම සමානුපාතිකයි. ඉතින් ඉන්ධන ඉවර වුණාම කලින් කතාවෙ වගේ මෙයාලත් හැකිලෙන්න පටන්ගන්නවා..

දැන් අපි ඒ කතාව එහෙමම තියල පොඩ්ඩක් A/L වලට යමු. මතකයිනෙ වියෝග ප්‍රවේගය (Escape Velocity)? යම්කිසි ග්‍රහලෝකයක් මත තිබෙන වස්තුවකට එහි ගුරුත්වාකර්ෂණය මැඩගෙන ගොස් ග්‍රහලෝකයෙන් ඉවත්වීමට වස්තුවට ලබාදිය යුතු අවම ප්‍රවේගයනෙ වියෝග ප්‍රවේගය කිව්වෙ. පෘථිවියේ නම් වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11.19ක්.

ග්‍රහ වස්තුවේ ස්කන්ධ ඝනත්වය වැඩි වෙන තරමට ඒ මත වියෝග ප්‍රවේගයත් වැඩියි. සූර්යයාගෙ ස්කන්ධය පෘථිවියට සාපේක්ෂව ඉතාම වැඩියිනෙ. එයාගෙ පෘෂ්ඨය මත වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 617.76ක්!!

විශ්වයේ තියෙන පොඩි තරුවක ඔහොම නම් සූර්ය ස්කන්ධ ඒකක 60ක 70ක එකක වියෝග ප්‍රවේගය කොහොමට ඇතිද??

Ve = (GM/r) 1/2

ලොකු තරුවක ස්කන්ධය M වැඩි නිසා වියෝග ප්‍රවේගය ඔච්චර වැඩි නම් ඒ තරුවෙම අරය r අඩු වුණොත් ඝනත්වය තවත් වැඩි වෙලා වියෝග ප්‍රවේගය හිතාගන්න බැරි තරම් වැඩිවෙයි.

ඕකම තමයි අපි උඩ කතා කරපු ජාතියෙ විශාල ස්කන්ධයක් සහිත තරුවක් හැකිලෙද්දි වෙන්නෙ. දැන් ආපහු ඒ කතාවට..

තරුවෙ ස්කන්ධය අතිශයින්ම වැඩි නිසා මේක හැකිලෙද්දි නවත්තන්න තියා හිතන්න වත් බැහැ. මධ්‍යම ප්‍රමාණයේ තරු නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එකට තදවෙලා නියුට්‍රෝන හැදිල හරි නැවතුනා. මේක එහෙමත් නවතින්නෙ නෑ. මොකද ස්කන්ධය ඉතාම වැඩි නිසා ඒ තරමට ගුරුත්ව බලය ප්‍රභලයි. ඉතාම කෙටි කාලයකදී මේ විශාල තරුව ඉතා වේගයෙන් තමන් තුලටම කඩාහැලෙනවා.

ඒ කියන්නෙ අරය අඩුවෙනවා. ඔහොම අරය අඩුවෙද්දි ස්කන්ධ ඝනත්වයත් අධික ලෙස ඉහල යන්න පටන්ගන්නවා. ඒ කියන්නෙ වියෝග ප්‍රවේගයත් එන්න එන්නම වැඩිවෙනවා.
වස්තුවකට එහි පෘෂ්ඨයෙන් ඉවත්වෙන්න තියා හිතන්න වත් බෑ දැන් නම්.

මේ දැවැන්ත තරුව ඔහොම හැකිලිලා ගිහින් එක අවස්ථාවක් එනවා එහි විශ්කම්භය දළ වශයෙන් කිලෝමීටර් 18ක් විතර වෙන. ඒ අවස්ථාවෙදි තරුවෙ පෘෂ්ඨය මත වියෝග ප්‍රවේගය හරියටම රික්තයේදී ආලෝකයේ වේගයට සමානයි. ඒ කියන්නෙ දැන් මේකෙ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න පුළුවන් ආලෝකයට විතරයි. හරියටම කිව්වොත් ආලෝකයත් (photons) ඔතන එක තැන නතර වෙලයි තියෙන්නෙ. පදාර්ථයට නම් ඉවතට යන්නම බැහැ.

ඔය තැනට කියනවා කළුකුහරයේ Event Horizon එක කියලා.

දැන් තරුව හැලිළෙන එක නවතිනවද? නෑ පිංවතුනි තරුව තවදුරටත් හැකිළෙනවා. ඒ කියන්නෙ දැන් වියෝග ප්‍රවේගය ආලෝකයේ වේගයත් ඉක්මවලයි තියෙන්නෙ.

දැන් නම් ආලෝකයට වත් බේරිලා යන්න බැහැ.

ඒ කියන්නෙ අපිට ඕක ඇතුලෙ වෙන කිසිම දෙයක් බලාගන්න කිසිම හැකියාවක් නැහැ. පේනව නම් පේන්නෙ Event Horizon එකට පිටින් තියෙන දෙයක් විතරයි. දැන් ඕක තනිකරම කළු කුහරයක්..

-This is only an illustration-

මම මුලින්ම කිව්වනෙ තරුවකට ගන්න පුළුවන් උපරිම ස්කන්ධය සූර්ය ස්කන්ධ ඒකක 100යි කියල. එතකොට කළු කුහරයක උපරිම ස්කන්ධයත් සූර්ය ස්කන්ධ ඒකක 100ද? අපෝ නෑ. හැම කළු කුහරයක්ම හැදෙන්නෙ තරුවක් විනාශ වෙලා නෙමෙයි. තව ක්‍රම ගොඩක් තියෙනවා. තරුවකින් හැදෙන කළු කුහර ගැන විතරයි මේ කතා කරේ..

කළු කුහර හැදෙන වෙනත් ක්‍රම, කළු කුහරයකට මිනිසෙක් ඇතුල් වුණොත් මොකද වෙන්නෙ, කළු කුහරයකදී කාලය නතර වීම (Interstellar movie එකේ වගේ), අපේ මන්දාකිණිය (galaxy) මැද තියෙනව වගේ අනන්ත ස්කන්ධයක් සහිත කළු කුහර වගේ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු.

මම මුලදිම කිව්වනෙ සූර්ය ස්කන්ධ ඒකක 100ට වැඩි තරු බිහිවෙන්න ගියොත් අධික අස්ථායි බව නිසා ඒවා පුපුරල යන බව. අන්න ඒ පිපිරීමට තමයි හයිපර් නෝවා පිපිරීම් කියන්නෙ.

-This is only an illustration-

අපිට ආලෝකවර්ෂ 75000ක් දුරින් තියෙන රීටා කැරීනා කියන තරුවට ඔය දේ වෙන්නයි යන්නෙ. සමහරවිට අපේ ජීවිත කාලය තුල ඕක බලාගන්න ලැබෙයි..

The date for a meal on Mars is not far away. Technology is developing rapidly.🇱🇰👽
03/11/2019

The date for a meal on Mars is not far away. Technology is developing rapidly.🇱🇰👽

Before calling it a night, set an alarm to watch tomorrow’s launch!🚀 Loaded with approximately 8,200 pounds of science a...
02/11/2019

Before calling it a night, set an alarm to watch tomorrow’s launch!🚀 Loaded with approximately 8,200 pounds of science and research, crew supplies and hardware, Northrop Grumman Corporation's rocket, with Cygnus spacecraft onboard will launch to the International Space Station. Watch live coverage from NASA's Wallops Flight Facility starting at 9:30 a.m. EDT: https://go.nasa.gov/2N6Z9x9

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when BCC astronomical society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share