08/09/2025
⚠️ Windows 11 වලට ආපු අලුත් අප්ඩේට් එකක් නිසා SSD සහ HDD වලට අවදානම් තත්වයක් ඇති බව වාර්තා වේ.
අලුත්ම Windows 11 (KB5063878) අප්ඩෙට් එක Install කර ඇතිනම්, Storage drives ක්‍රෑෂ් වීම, Freeze වීම හෝ පරිගණකයෙන් නොපෙනී යාම වැනි බරපතල දෝෂ වලට මුහුන දීමට සිදුවේවි.
මෙම ගැටළුව අඛණ්ඩව ලොකු ගොනු ලිවීමේ ක්‍රියාවලියන් (large, continuous file write operations) සමඟ සම්බන්ධ වී ඇත. ලක්ෂණ බරපතල විය හැකි අතර, පද්ධතිය Freeze වීම සහ දත්ත අහිමි වීමේ අවදානමක්ද ඇත.
මෙය මගහරවා ගැනීමට නම් :
✔️ ඔබේ දත්ත වහාම ආපසු ගබඩා (backup) කරන්න. මෙය අතිශය වැදගත් පියවරයකි.
✔️ ලොකු ගොනු මාරු කිරීමෙන් වලකින්න. හැකිනම්, නිල සිරස්ථාපනයක් (official fix) පැමිණෙන තෙක් රැඳී සිටින්න.
✔️ Official News එකක් microsoft ආයතනයෙන් ලබා දෙනකන් බලා සිටින්න.
(Image Copped)