25/02/2024
මේ වීඩියෝ එකේ එලෝන් මස්ක් කියනවා හැතැප්ම 100 * 100 ප්‍රමානයක සෝලා වලින් ( බැටරි සහිතව ) මුළු ඇමරිකාවටම බල ශක්තිය දෙන්න පුලුවන් කියලා. මස්ක් මේ වගේ සිස්ටම් එකක් (ගිගාවොට් පැය 0.5ක විතර බැටරි පද්ධතියක්) බටහිර ඔස්ට්‍රේලියාවෙ සාර්ථකව හදලා ප්‍රතිඵල පෙන්නල තියෙනවා. මට හිතෙන්නෙ වීඩියෝ එක ටිකක් පරණයි, අද තත්වය අනුව 100 * 100ක් වත් ඕන වෙන්නෙ නෑ.
නිකමට හිතුනා ලංකාවට මේ ඉලක්කම කොහොම වෙයිද බලන්න... සොලා සම්භන්ධ ඉලක්කම් වලට කැමති අයටයි මේ ටික.
පැනල් එකක විශාලත්වය : වර්ග මීටර 2 යි නැත්නම් වර්ග අඩි 20ක් විතර.
පැනල් එකක බලය : වොට් 500ක් විතර (කිලෝ වොට් 0.5)
දවසකට උත්පාදනය (ලංකාවේ) : කිලෝ වොට් පැය 2.5 (0.5 * 5)
වර්ග කිලෝ මීටරයකට දැමිය හැකි මුළු පැනල් ගනන : 1000 * 1000 / 2 = මිලියන 0.5
වර්ග කිලෝ මීටරයකට දැමිය හැකි මුළු පැනල් ගනන (ප්‍රායෝගිකව ): මිලියන 0.4
වර්ග කිලෝ මීටරයකින් ජනනය කල හැකි මුලු බලය : මෙගා වොට් 200
වර්ග කිලෝ මීටරයකින් ජනනය කල හැකි මුලු කාර්යය : ගිගා වොට් පැය 1 යි.
ලංකාවේ දිනක උපරිම මුලු පරිභෝජනය : ගිගා වොට් පැය 50ක් පමණ (2022 වසරේ මුලු පරිභෝජනය ගිගා වොට් පැය 16000 ට අඩුයි )
එනිසා අවශ්‍ය වෙන අවම වර්ග කිලෝ මීටර ගනන : 50
මේ ප්‍රමාණය මුළුමනින්ම එකවර හදන්න අවශ්‍ය නෑ. වසර ගනනාවක් පුරා ක්‍රමයෙන් කල හැකියි. අලිමංකඩ, මන්නාරම, පුත්තලම, කල්පිටිය, හම්බන්තොට, වැල්ලවාය, මඩකලපුව, අම්පාර, මුලතිවු වගේ රට වටින් මේ ඉඩ පහසුවෙන් ලබා ගන්න පුළුවන්. (කි.මී 3 * 3 වගේ කොටස් 5 ක් හෝ 6ක් රට වටින්ම)
දැන් හැරෙමු වියදම පැත්තට : ඉහත වර්ගයේ පැනල් එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 50000 ක් විතර. කිමී 50ට නම් පැනල් මිලියන 20ක්. විශාල වශයෙන් ගන්න විට මිලත් මීට වඩා විශාලව අඩුවෙයි. මේ විධිහට ගනන් හැදුවොත් රුපියල් ට්‍රිලියනයක්.
ඉහත ගිගාවොට් පැය 50න් ලංකාවෙ රෑට අවශ්‍ය වෙන්නෙ 25ක් විතර. (වැඩියෙන් බලශක්තිය ගිගාවොට් පැය වලින් වැයවෙන්නෙ දවල් කාලයේ) ජල විදුලියත් රෑට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු ගිගාවොට් පැය 10ක් විතර ගබඩා කරගත්තා කියලා.
සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ පහකට පමන කිලෝ වොට් පැය 10ක පමණ බැටරියක් ගත හැකියි. විශාල වශයෙන් කරන කොට මේ ගාන තව අඩුවෙයි, නමුත් මේ විධිහට හැදුවත් ගිගාවොට් 20 කට යන්නෙ රුපියල් ට්‍රිලියන 0.5 ක් විතර.
රුපියල් ට්‍රිලියන 1.5 ක් කියන්නෙ ඩොලර් නම් බිලියන 4ක් විතර. ඉන්වර්ටර්, වයර්, ප්‍රවාහන, ආදී තවත් වියදමුත් එක්ක හිතමු 5ක් කියලා. ශ්‍රමය නම් රට ඇතුලෙම කැරකෙන මුදලක් නෙ.
බලශක්ති ජනනය සඳහා අපේ රට වසරකට ඩොලර් මිලියන 600ක් විතර වියදම් කරනව ඉන්ධන ආනයනයට විතරක්. අළුත් බලාගාර හදන්න යන වියදම සහ තියෙන ඒවායේ නඩත්තු වියදම නැතුව හිතුවත් අවුරුදු 8කින් ආයෝජනය පියවෙනවා. ප්‍රවාහනයටත් එක්කම බැලුවොත් අපි ඩොලර් බිලියන 1.5ක් වාර්ශිකව වියදම් කරනවා මුළු ඉන්ධන ආනයනයට. විදුලි බලය හොඳින් තියෙනවා නම් මුළු රටම උනත් විදුලි වාහන වලට හරවන්න පුළුවන් ලංකාව පොඩි රටක් නිසා. එහෙම බැලුවොත් මේ බිලියන් 5 ආයෝජනය ඉතා ඉක්මනින්ම ප්‍රතිඵල ගෙන දෙන එකක්.
තව දුරටත් කිව්වොත් ලංකාවෙ සමස්ත විදේශ ණය බිලියන 50ක්. වැඩිම වාර්ෂික වියදම යන්නෙ ෆොසිල ඉන්ධන ගෙන්නන්න. රටේ අවශ්‍යතාවයෙන් 15%ක් නිපදවන නොරොච්චොලෙ බලාගාරය ඉදිකරන්න ගිය මූලික වියදම පමණක් බිලියන 1.35ක්. (වාර්ෂික නඩත්තු කිරීම් හැර ) හැදුවට පස්සෙ මේවාට අර කලින් කී මිලියන 600 වාර්ෂිකව ගෙන්වන්නත් වෙනවා.
https://www.youtube.com/shorts/OifWKtX5olc
https://en.wikipedia.org/wiki/Lakvijaya_Power_Station
https://ceylontoday.lk/2023/12/02/cost-of-power-generation-in-sl-is-high-wb/
Elon Musk explains how with solar energy, it is possible and feasible to power the entire United States.