Gamma Homes & Construction

Gamma Homes & Construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gamma Homes & Construction, Construction Company, Abeyrathne Road, Boralesgamuwa.

We build your dream home at low price • Architectural design • Residential & commercial   building construction • Renova...
05/10/2023

We build your dream home at low price

• Architectural design
• Residential & commercial
building construction
• Renovations
• BOQ preparation
• Bank loan estimations

Contact us 📞
0771 766 788 / 0777 44 90 55

Head Office - 315/B , Dewalamulla , Dehiwala road , Boralesgamuwa.

Gamma Homes & Construction

20/08/2021
Inauguration Ceremony...Proposed Residence for Mr. Pasidu & Ms. Prasadi at Horana By Gamma Homes & Construction   2021-0...
20/08/2021

Inauguration Ceremony...
Proposed Residence for Mr. Pasidu & Ms. Prasadi at Horana By Gamma Homes & Construction
2021-08-19
Thanking you for trusting your journey with us at this special moment.
Relax & enjoy until we do the job right & achieve your dream to a reality.
&Construction

Call Us for More Information On 077 732 4652

06/03/2020
Inauguration Ceremony...Proposed Residence for Mr. Hettiarachchi at Boralesgamuwa By Gamma Homes & ConstructionThanking ...
06/03/2020

Inauguration Ceremony...
Proposed Residence for Mr. Hettiarachchi at Boralesgamuwa By Gamma Homes & Construction
Thanking you for trusting your journey with us at this special moment.
Relax & enjoy until we do the job right & achieve your dream to a reality.

&Construction
Smallest step in the right direction...Endsup being the biggest step.
Call Us for More Information On 077 732 4652

වාස්තු විද්යාවවට අනුව ඔබේ නිවස සහ ගෘහ භාණ්ඩ නිවැරදිව පිහිටවමු. &Constructionඅලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ල...
04/03/2020

වාස්තු විද්යාවවට අනුව ඔබේ නිවස සහ ගෘහ භාණ්ඩ නිවැරදිව පිහිටවමු.
&Construction

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සන්තෝෂය උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්යාව විශ්වාස කරන කෙනෙක්නම්, අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.
මේ කියන්න යන්නේ ඔබේ නිවසේ ඇති පිහිටීම් සහ ගෘහ භාණ්ඩ වාස්තු විද්යාවට අනුව නිවැරදිව සකස් කරගන්නා ආකාරයයි. මේ වෙනස්කම් ටික කරලාම බලන්නකෝ වාස්තු විද්යාවේ කියන විදිහට වාසනාව, දියුණුව සහ සතුට උදාවෙනවාද කියලා…
1. ගෙදර ප්රධාන දොර තිබිය යුතු ආකාරය
නිවසට ඇතුළු වන ප්රධාන දොරටුව වාස්තු විද්යාවට අනුව නිවැරදිව පිහිටීම හරිම වැදගත්. ප්රධාන දොර නිවසේ අනෙක් දොරවල් වලට වඩා උසින්, පළලින් සහ ඝනකමින් වැඩි විය යුතු එකක් වනවා. ඒ වගේම මේ දොර නිවසේ ඇතුළු පැත්තට තමයි ඇරෙන්නට ඕනෙ. එහෙම උනාම තමයි ධනාත්මක ශක්තිය ගේ ඇතුළේ රැඳෙන්නෙ. ඒ වගේම මේ දොර ඇරෙද්දි සද්ද බද්ද එනවානම් ඒක එච්චර සුභ දෙයක් නෙවෙයි කියලයි කියන්නේ. ගෙදර ප්රධාන දොර අරිද්දි වහද්දි සද්ද බද්ද එනවානම් ඒක නිවසේ අඬදබර ඇතිවීමට හේතුවක් කියලා කියනවා. ඒ නිසා සද්ද බද්ද එන දොරක් නම් ඔයාට පුළුවන් දොර සරණේරු වලට ලිහිසි තෙල් යොදලා මේ සද්ද බද්ද අඩු කරගන්න.
2. නිදන කාමරය
නිවසේ ප්රධාන නිදන කාමරය නිරිත, දකුණ හෝ බටහිර දිශාවේ පිහිටා තිබීම තමයි වඩාත්ම සුදුසු. බටහිරට හෝ උතුරට හිස තබන පැත්ත හිටින විදිහට නිදන ඇඳ තබන්නට එපා. නිදන කාමරයට හොඳ හැටි ආලෝකය ලැබීමත් වාස්තු විද්යාවට අනුව වැදගත් කාරණයක්. නිදන ඇඳ පෙනෙන විදිහට කණ්ණාඩි තැබීමත් අසුභයි. ඒ වගේම මෙට්ට දෙකක් නිදන ඇඳට යෙදීමත් නුසුදුසුයි. නිදන ඇඳේදී බිරිඳ සැමියාගේ වම් පසින් නිදාගැනීම තමයි වාස්තු විද්යාවට අනුව වඩාත්ම සුදුසුය කියල කියන්නේ.
3. කුස්සිය
කුස්සිය නිවසේ ගිනිකොන දිශාවෙන් පිහිටා තිබීම තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. ඒ වගේම උයන ලිපත් කුස්සියේ ගිනිකොන දිශාවෙන් තැබීම තමයි සුදුසුම. එහෙම නැත්නම් ලිප දකුණු දිශාවෙනුත් තියන්න පුළුවන්. කුස්සියට වතුර ලබාගන්නා සින්ක් එක ගිනිකොන දිශාවෙන් නොතියන්න පරිස්සම් වෙන්න. ඒ වගේම ලිපත් ජලය ලබාගන්නා කරාමය සහ සින්ක් එකත් කුස්සියේ හැකි තරම් දුර පරතරයකින් පිහිටුවන එකත් වාස්තු විද්යානුකූලව සුබදායී වනවා.
4. ආගමික වතාවත් පවත්වන්නට සුදුසුම කොතනද?
බහුතරයක් නිවාස වල තමන් අදහන ආගමට අනුව ආගමික වතාවත් වල නිරත වෙන්න වෙනම කාමරයක් හරි ස්ථානයක් හරි වෙන් කෙරෙනව. මේ සඳහා සුදුසුම නිවසේ ඊසාන හෝ නැගෙනහිර දිශාවේ පිහිටි ස්ථානයකුයි. නිවසේ නානකාමරයකට යාබදව ආගමික වතාවත් සිදුකිරීමද සිදු නොකළ යුතු දෙයක්. ඒ වගේම නිවසේ පඩිපෙල් යට ඇති ඉඩකඩත් මෙවැනි ආගමික වතාවත් වල නිරත වන ස්ථානයක් හැටියට යොදා නොගත යුතුයි.
5. විසිත්ත කාමරය
නිවසේ විසිත්ත කාමරය කියන්නේ නිවැසියන් වැඩි වෙලාවක් සුව පහසුවෙන් සහ විනෝදයෙන් ගත කරන ඉඩ කඩක්. බොහෝවිට රූපවාහිනී යන්ත්රය තබන්නෙත් විසිත්ත කාමරයේ තමයි. මෙතැනදී රූපවාහිනිය තබන්නට සුදුසුම දිශාව වන්නේ විසිත්ත කාමරයේ ගිනිකොන දිශාවයි. ඒ වගේම විසිත්ත කාමරයේ ඊසාන දිශාවේ වැඩිපුර ගෘහ භාණ්ඩ ගොඩ ගහන්නේ නැතිව ඒ ප්රදේශය පිරිසිදුව සහ නිදහස්ව තබා තිබීමත් වාස්තු විද්යානුකූලව සුබයැයි කියනවා. විසිත්ත කාමරයේ ජනේල උතුර හෝ නැගෙනහිර දෙසට මුහුණ ලා පිහිටලා තියනවානම් විසිත්ත කාමරයට හිරු එළිය ඇතුළු වන විදිහට දුහුල් හෝ ලා පැහැති තිරරෙදි දැමීම තමයි සුදුසු. බටහිර හෝ දකුණු දිශාවට ජනෙල් පිහිටලා තියනවානම් අඳුරු ජනෙල් තිරරෙදි භාවිතා කරන්න.
6. කෑම කාමරය
නිවසට අමුත්තන් ඇතුළුවද්දීම පේන විදිහට නිවසේ ප්රධාන දොරට ආසන්නව කෑම මේසය නොපිහිටිය යුතුයි. නිවසේ මැද හරියට වෙන්න හෝ බටහිර දිශාවෙන් කෑම කාමරය පිහිටීම තමයි වඩාත් සුදුසු වන්නේ. ඒ වගේම කෑම කාමරයේ උතුරු හෝ ඊසාන දිශාවෙන් පිහිටන බිත්තියක් මත කණ්ණාඩියක් රැඳවීම මගින් ධනය සහ සෞභාග්යය උදාකරවන බවට විශ්වාසයක් තියනවා.
7. වැසිකිළි සහ නානකාමර
නිවසේ උතුර, ඊසාන හෝ නැගෙනහිර දිශා වල වැසිකිළි හෝ නානකාමර පිහිටුවීම ඒ තරම්ම සුදුසු නැති බවයි කියවෙන්නේ. මේ වැසිකිළි සහ නානකාමර නිවසේ කුස්සියට ආසන්නයේ නොපිහිටිය යුතුයි. ඒ වගේම නිවසේ පඩි පෙළවල් යටද මේවා නොපිහිටිය යුතුයි. වැසිකිළි පෝච්චිය බටහිර හෝ දකුණු දිශාවට වන්නට තැබීම තමයි වාස්තු විද්යාවට අනුව නිවැරදි වන්නේ. වැසිකිළි සහ නානකාමර වල දොර උතුරු හෝ නැගෙනහිර දිශාවට වන්නට තමයි තිබිය යුත්තේ. අඳුරු වර්ණ වලින් යුතු ටයිල් නානකාමරයට වැඩි ලස්සනක් ගෙන ආවත්, වාස්තු විද්යාවට අනුව නම් ලා පැහැති වර්ණයන්ගෙන් යුතු ටයිල් තමයි වැඩි යහපතක් ගෙනෙන්නේ.
8. සැරසිළි
උල් හැඩයේ සැරසිලි සහ ගෘහ භාණ්ඩ සෘණාත්මක ශක්තිය නිවස තුළට ඇදගන්නවා කියලා තමයි වාස්තු විද්යානුකූලව විශ්වාස කරන්නේ. ඒ නිසා නිවසේ සැරසිළි හැකි තරම් සුමට හැඩයන්ගෙන් යුක්ත වෙන්නට ඕනෙ. ඒ වගේම දුක්බර දසුන් තියන පින්තූර, යුධ පින්තූර, සරාගී ආකාරයේ පින්තූර, කෝපයෙන් සිටින හෝ තනියෙන් සිටින පුද්ගල පින්තූර නිවසේ බිත්ති වල එල්ලා තැබීම වාස්තු විද්යාවට අනුව අසුබ ඵල ගෙන දෙන බවයි පැවසෙන්නේ.

අප ඉහතින් සඳහන්කර තියෙන්නේ වාස්තු විද්යානුකූලව ඔබේ නිවස සහ ගෘහ භාණ්ඩ තිබිය යුතු නිවැරදි පිහිටීම් කිහිපයකුයි. වාස්තු විද්යාව පිළිගන්නා තැනැත්තෙක් නම් ඔහුගේ/ඇයගේ විශ්වාසයන්ට අනුව, හිතේ සැනසුම ළඟාකරගන්නට මේ කරුණු කාරණා උදවුවක් වේවි. ඒ වගේම නොපෙනෙන බලවේග වල සහ ශක්තීන් වල පිහිට නොපතා තමන්ගේ හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කරන පුද්ගලයෙක්ට මෙවැනි කරණු පසුපස හඹාගොස් හිත කරදර කරගැනීමට අවශ්යතාවයක් නොවේවි.

&Construction
ඉදිකිරීම් සම්බන්ධ සියලු සේවාවන් වසර 15 ක අඛණ්ඩ පළපුරුද්ද සමගින් ඉතා උසස් විශ්වසනීයව ඔබට ලබාගැනීමට අදම අප හා එක්වන්න.
වැඩි විස්තර සදහා අමතන්න ☎ 077 732 4652

ඔබගේ සොඳුරු කැදැල්ලක සිහිනය යථාර්තයක් කරගන්නට හා නිවහනේ රන් දොරටු විවර කරගන්නට අදම අප හා එක්වන්න.•වාස්තුවිද්‍යාණුකූල නිව...
04/03/2020

ඔබගේ සොඳුරු කැදැල්ලක සිහිනය යථාර්තයක් කරගන්නට හා නිවහනේ රන් දොරටු විවර කරගන්නට අදම අප හා එක්වන්න.

•වාස්තුවිද්‍යාණුකූල නිවාස හා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම
•නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම්
•බැංකු ණය සදහා ඇස්තමේන්තු සකස් කිරීම
•අභ්යන්තර සහ බාහිර නිර්මාණය හා අලංකරණය කිරීම
•ඉදිකිරීම් සම්බන්ධ සියලු සේවාවන්

වසර 15 ක අඛණ්ඩ පළපුරුද්ද සමගින් ඉතා උසස් විශ්වසනීය සේවාවක් ඔබට ලබාගැනීමට එක්වන්න.
වැඩි විස්තර සදහා අමතන්න 077 732 4652

Address

Abeyrathne Road
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 13:00

Telephone

0777324652

Website

Alerts

Be the first to know and let us send you an email when Gamma Homes & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamma Homes & Construction:

Share