08/09/2025
කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා A/c එක normal service එක කීයද කියලා මම 3500යි කිව්වා.
කස්ටමර් - මේ පොඩි.වැඩේ කරන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 2500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ 🤨
මම කිව්වා '' අපරාදේ මට 3500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය A/c වැඩ දන්නැනේ මල්ලි''
මම - හරි 2500 ක් මට දෙන්න. මං උගන්නන්නම්,
ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම service එක කරගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි
'
මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා ටූල්ස්,machine එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක වැඩක් කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?
"
මම - " හරි....මට තව 1000 ක් දෙන්න, මං මගේ ටූල්ස් සහ කලමනා ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට free
කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි අයියෙ chemical වලට එහෙම 😅
😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....3500 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"
-------------------------------------------------------------------
විශේෂයෙන් කාර්මික කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං මජං අතගානවට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන technician ට තියෙන,
දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
කාටවත්ම බැ technician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන mechanic වැඩකදි.
මේක share කරනව, Air condition technician වගේම අනික් වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
ජය වේවා.
Roshan engineering :- සමාවෙන්න මගේ වෘත්තීයේ විදිහට වෙනස් කරාට. මේක ගොඩක් වටින කතාවක් නිසා මං වෙනස් කරේ.