18/03/2026
මම හැමදාම කියන දෙයක් නෙ 2022 ආර්ථික අර්බුදය වෙලාවේ සජිත් සහ අනුර ජනාධිපතිකම භාරගන්නෙ නැතුව පැනල ගියා කියලා 😒
එහෙම කිව්වාම ඔයාලා අහන දෙයක් ඇයි එයාලට පිස්සුද ජනාධිපතිකම වගේ දෙයක් අතාඇරියෙ කියලා 🙃
ඒකට උත්තරේ සරලවම කිව්වොත්,සජිත් සහ අනුර ඒ වෙලාවෙ නිසැකවම දැනගෙන හිටියා නිකමට හරි එයාලා මේක භාර අරගෙන,අඩුම තරමේ ප්‍රශ්නවලින් 20%ක්වත් විසදන්න බැරි උනොත් අරගලය කැරකෙන්නෙ තමන්ගෙ පැත්තට කියලා.ඒ වගේම එයාලා දැනගෙන හිටියා ගෝටා යාන්තමට ජීවිතේ බේරගත්තට මේක තවත් දුර දිග ගියොත් ජනතාව කුපිත වෙලා මේ රට ලේ විලක් වෙනව කියලා 🤐(ඒක මැයි 09ට වඩා දහස්ගුණයක් නරක එකක්) ඒ වගේම එයාලා දැනගෙන හිටියා නිකන් හරි එයාලා මේක භාරඅරගෙන කරගන්න බැරි උනොත් එයාලගෙ දේශාපාලන අනාගතය සම්පූර්ණයෙන්ම අදුරු වෙනවා කියලා.කොටින්ම කිව්වොත් ඒ වෙලාවෙ ලංකාව කියන්නෙ බාගයකටත් වඩා ගිලුණු නැවක් 🛳️ ඉතින් මේ නැව බේරගන්නවට වඩා සජිත්ට සහ අනුරට ඕනෙ උනේ,මේ නැවේ ගිලුණු නැති කෑල්ලට වෙලා තමන්ගෙ පටු දේශපාන අරමුණු ඉටු කරගන්න.
හැබැයි මේ රටේ හිටියා තමන්ගෙ මවුබිම ගැන කැක්කුමක් තියෙන,අභියෝග වලට බය නැති,විශේෂයෙන්ම පටු දේශාපාලන අරමුණු නැති වයසක මනුස්සයෙක් 🧓
මිනිහ බය නැතුව මේ ගිලෙන නැව එහෙම නැත්නම් ලංකාව භාරගත්ත වගේම ඉතාම කෙටි කාලෙකින් රටේ ආර්ථිකය අංශක 360ක් අනික් පැත්ත ගැහුවා.ඒ කරලා අවුරුදු 2ක් වෙද්දි රට සම්පූර්ණයෙන්ම බංකොලොත්බාවයෙන් මුදා ගත්තා 🫡
හැබැයි මේ දක්ෂ නායකයා එක වැරැද්දක් කර ගත්තා,ඒ තමයි ඔය අවුරුදු 2 ඇතුලත දේශාපාලනය නොකිරීම.ඒ කාලය ඇතුලට මෙයා ජන්ද හෙව්වේ නෑ,තමන්ට බනින අයට නැවත බනින්න ගියෙ නෑ.ඔහු කලේ අවංකවම රට ගොඩදාන්න වැඩ කරපු එක 😘
ඒ ප්‍රතිපලය විදිහට අපේ මෝඩ මිනිස්සුත් මේ නායකයව පරාද කරලා අර කලින් පැනල ගිය එකෙක්ට බලය දුන්නා 😒
ඒක මිනිස්සුන්ගෙ මෝඩකම,කොහොම හරි රනිල් තමන්ගෙ වගකීම අකුරටම ඉෂ්ට කලා 💚😌
😍😍😍😍