ලස්සන ගෙයක් හදමු

ලස්සන ගෙයක් හදමු නිවසක් සෑදීමේදී ඔබට ඇතිවන ගැටලු නිරා?

ඉන්දියාවේ ගෝවා වල හැදුනු ලස්සන ගෙයක්
28/08/2021

ඉන්දියාවේ ගෝවා වල හැදුනු ලස්සන ගෙයක්

මෝඩ ගඩොල්ද, ඉංජිනේරු  ගඩොල් ද, බ්ලොක් ගල්ද? ලිපි අංක 3මම ලිපි අංක දෙක අවසන් කරේ , මෝඩ ගඩොලත් බ්ලොක් ගලත් ගෘහනිර්මාණ ශිල්...
21/08/2021

මෝඩ ගඩොල්ද, ඉංජිනේරු ගඩොල් ද, බ්ලොක් ගල්ද? ලිපි අංක 3

මම ලිපි අංක දෙක අවසන් කරේ , මෝඩ ගඩොලත් බ්ලොක් ගලත් ගෘහනිර්මාණ ශිල්පීන්ට වහ කඳුරු වගේ කියලා.ඒකට මූලික හේතුව තමයි ඔය දෙක පාවිච්චි කරාම බීම් වලින් සහ කොලම් වලින් එන කට්ටය.අපි ගෙවල් වල බොහෝදුරට පාවිච්චි කරන්නේ අගල් 9 පළල බීම් ඒ වගේම අගල් 9x9 කොලම්.ඉතින් මෝඩ ගඩොල් හරි බ්ලොක් ගල් හරි පාවිච්චි කරාම කට්ටයක් එන එක වලක්වන්න බෑ. හැබැයි අපිට පුළුවන් එක පැත්තක විතරක් කට්ටයක් එන්නේ නැතිව ගඩොල් බදින්න.ඒත් බලයින්ඩ් බිත්තියකට( Blind wall) නම් කට්ටේ ඇතුළට තමයි දා ගන්න වෙන්නේ.කට්ටය එළියට දැම්මොත් වතුර රැදිලා ප්‍රශ්න එන්න පුලුවන්.ඒ වගේම බාත් රූම් එකක් නම් ඒකට කොහොමවත් කට්ට තියා ගන්න එපා.ඔය ගැටිවල ,කට්ට වල කුණු රැදෙනවා ඒ වගේම ඒවා සුද්ද කරන්න අමාරුයි.එතකොට හරි කැතයි.ඒ වගේ තැනක බීම් වලින් කට්ටයක් එන එක වළක්වා ගන්නම බැරිනම් හොඳම දේ ඒ වගේ තැන්වත් අගල් 9 බිත්තියෙන් යන එක.
මෝඩ ගඩොලින් අගල් 9 බිත්ති කරන අයත් ඉන්නවා.මම නම් හිතන්නේ ඒක එච්චර සුදුසු ක්‍රමයක් නෙමේ කියලා.ඒ වගේම අගල් 4 බ්ලොක් ගල් දෙකක් මැද කුහරයක් තියලා අගල් 9 ගන්න අයත් ඉන්නවා.ඒකෙන් ලොකු ඉතිරියක් එන්නේ නෑ.
ඔය මම පිංතූරේක දාලා තියෙන්නේ එහෙම ආපු කට්ටයක් සාලයට.හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ ගෙදර අයිතිකෙනාට නම්. ඒ වගේම තමා ගෙදරක මුහුණත ට අපි කියන්නේ front elevation එකට කට්ට පේන්න තිබ්බොත් කැතයි.තව වතාවක් මම කරපු ගෙදරක ඔහොම මූණතට කට්ටයක් ආවා. ඒ කට්ටේ වහන්න අපිට තව ගලක් බදින්න වුණේ ගෘහනිර්මාන ශිල්පියාගේ ඔනේකම මත.
තව අමතර දෙයක් කියන්න ඔනේ.ඔය මොන ගඩොලක් බැන්දත් දාන බදාම කට්ටේ ඝනකම වැඩි කරගන්න හොඳ නෑ.අගල් භාගයේ බදාම තට්ටුවක් තමා දාන්න ඔනේ.ඒක හොඳටම ඇති ගඩොල් සවිවෙන්න.අපේ ගොඩක් බාසුන්නෑලා ගඩොල් වලින් නැතිව බිත්ති බදින්න හදන්නේ බදාම වලින්. බදාම කට්ටය දාගන්නවා අගල් දෙකක් විතර. මේකෙන් වෙන්නේ වියදම සෑහෙන්න වැඩිවෙන එක.මොකද සිමෙන්ති සහ වැලි ගොඩක් ගනන් නිසා .
ඒ වගේම ගඩොල් ගන්නවා නම් තෙම්මලා ගන්න පුලුවන් නම් හොදයි.වතුර එකක බස්සලා තියලා ගත්තොත් ගඩොල් බිත්තියක් බදින වේගය ගොඩක් අඩුවෙනවා.ඉතින් අඩුම තරමේ හෝස් පයිප්පයකින් හරි ගඩොල් ටික තෙම්මලා ගන්න ඕනේ.නැත්නම් වෙන්නේ සිමෙන්තියේ වතුර ටික ගඩොල් වලට උරාගෙන සිමෙන්තිය හයිවෙන්න වතුර මදි වෙන එක.ඔන්න මෝඩ ගඩොල් ද බ්ලොක් ගල් ද ඉංජිනේරු ගඩොල් ද ලිපිපෙල ඉවරයි.

අපි ඊළගට බලමු මේ දවස්වල ගොඩක් අය කතා වෙන FLY ASH බ්ලොක් ගල් සහ ඒ ගැන පොඩි පැහැදිලි කීරීමක්

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති දඅද  අපි සිමෙන්ති ගැන කතා  කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා...
21/08/2021

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද

අද අපි සිමෙන්ති ගැන කතා කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට හොල්සිම්,සංස්ථා ,ටෝකියෝ සුපර්,අල්ට්‍රාටෙක්,අම්බුජා. මේ බ්‍රෑන්ඩ් නේම් එක .ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදිත සමාගමේන් දීපු නම.
කොහොම උනත් සිමෙන්ති කොට්ටයක ගහපු විස්තර හොඳින් බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් 1247 හෝ 107 කියන නොම්මර .

ඉස්සර නම් හොල්සිම් වලින් 1253 සිමෙන්ති ආවා.මම නම් ළගදී දැක්කේ නෑ . ඔය 107,1247 නොම්මර වලින් කියන්නේ SLAS Standrad එකක් .වෙනත් වචන වලින් කියනවා නම් ලංකාවේ ප්‍රමිති ආයතනය සිමෙන්ති සඳහා දුන් ප්‍රමිති සහතිකයට අනුකූලව නිපදවලා තියෙනවා කියලා තමා ඕකෙන් කියන්නේ .
මොකක්ද ඔය 1247 සහ 107 කියන්නේ.කොන්ක්‍රිට් එකට වැඩිය හොඳ ඔය දෙකෙන් මොකක්ද? බැම්මට සහ කපරාරුවට වැඩිය හොඳ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම නොදැනුවත් කම නිසා සිදුවෙන වැරදීම් වගයකුත් තියෙනවා.
මුලින් අපි බලමු 107 සිමෙන්ති කියන්නේ මොකක්ද කියලා.107 සිමෙන්ති කියන්නේ සාමාන්‍ය පොට්ලන්ඩ් සිමෙන්ති.සරලව කියනවා නම් අමතර මුකුත් කලවම් නැති පරණ තාලේට හදපු සිමෙන්ති.එතකොට 1247 කියන්නේ මොකක්ද? ඒ තමා flyash මිශ්‍ර කරපු සිමෙන්ති . Flyash කියන්නේ මොනවද කියලා වෙනම කියන්නම්.

ගෙවල්වල දාන පොඩි පොඩි කොන්ක්‍රිට් සදහා ඔය සිමෙන්ති දෙකම ඉතාම හොඳයි.ඔය දෙකේ වෙනස ගෙයකට දාන පොඩි කොන්ක්‍රිට් එකකදී නොසැලකිය හැකිතරම් කුඩායි.ඒ නිසා ගෙදරකට ඔය මොන නොම්මරේ සිමෙන්ති භාවිත කරලා කොන්ක්‍රිට් දැම්මත් එකයි.හැබැයි ඔබට කොන්ක්‍රිට් එකට හොඳම එක ඕනේ නම් 1247 තමා වැඩියෙන්ම හොඳ .තවත් එකක් මතක තියා ගන්න 1247 සිමෙන්තිය රුපියල් 70ක් විතර වැඩියි, 107 ට වඩා.

එහෙම නම් මොනවද මේ සිමෙන්ති වල වෙනස්කම්.1247 නොම්මරෙන් එන සිමෙන්ති ගත්තොත් ඒකට 107 ට වඩා සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අමතරව කලවම් කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා .එකක් තමයි මේ සිමෙන්තියේ තියෙන මලකෑමට ප්‍රතිවිරෝධී ලක්ෂණය. ඒ නිසා මේ සිමෙන්තිය පාලම්, මුහුද කිට්ටුව ඉදිකිරීම් ,පොළව යට ඉදිකිරීම් වලට හොඳ යි .ඒ වගේම විශාල කොන්ක්‍රිට් වියුහ වලදීත් යොදා ගන්න පුළුවන් .මොකද මේ සිමෙන්තියෙන් වෙන තාප විමෝචනය ගොඩක් අඩුයි .
උදාහරණයක් විදියට පිලිකා රෝගීන්ට විකිරණ ඇල්ලීමට හදපු කොන්ක්‍රිට් බන්කර් ගැන කියන්න පුළුවන් .මොකද ලංකාව පුරාම ඔය ඉදිකිරීම් වලට මං සම්බන්ධ වුනා .මේ කොන්ක්‍රිට් බංකර් වල බිත්ති අඩි 10 විතර පළලයි ඒ වගේම ස්ලැබ් එක අඩි 8 විතර ඝනකමයි.ඒ වගේ එකකදී අපි පාවිච්චි කරන්නේ flyash 20- 25% අතර තියෙන ඔය සිමෙන්තිය.මේ සිමෙන්තියේ තාප විමෝචනය අඩු නිසා කොන්ක්‍රිට් එක පුපුරන්නේ නෑ.එහෙම පිපුරුම් ඇති උනොත් විකිරණ කාන්දුවීමක් වෙන්න පුලුවන් නිසා ඉතාම උසස් තත්ව පාලනයන් යටතේ තමා මේ කොන්ක්‍රිට් වෙන්නේ. පල්ලෙහා මම ඇතුලත් කරපු පිංතූරයක ඇති තාම විමෝචනය සම්බන්දයෙන් ඔය කොන්ක්‍රිට් එකක කරපු උශ්නත්වය නිරීක්ශන කීපයකුත් .මම හිතන්නේ තාක්ෂණික කරුණු ගැන ගැඹුරට යන්න ඕනේ නෑ. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර කියලා දෙන්න පුලුවන්.

ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනව නම් කොන්ක්‍රිට් එකට වඩා සුදුසු මොන සිමෙන්ති ද කියලා වඩා සුදුසු 1247.හැබැයි 107 පාවිච්චි කරා කියලා ගෙදරක කොන්ක්‍රිට් එකකට කිසිම අවාසියක් වෙන්නේ නෑ.මොකද කොන්ක්‍රිට් ප්‍රමාණයන් පොඩි නිසා .

ඒ වගේම මතක තියා ගන්න 1253 එන හුණුගල් මිශ්‍ර සිමෙන්තිය කොන්ක්‍රිට් වලට සුදුසු නෑ කියලා.ඒක වැඩියම සුදුසු කපරාරුවට.ඉතින් ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට දැනුවත් වෙලා යන්න මේක කියවලා.එතකොට වැරදීම් සහ නොදන්නා මිනිස්සුන්ගේ බොරු කතාවලට ඇහුම්කන්න දෙන්න ඔනේ නෑ.

Address

Colombo
10400

Telephone

+94777522418

Website

Alerts

Be the first to know and let us send you an email when ලස්සන ගෙයක් හදමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලස්සන ගෙයක් හදමු:

Share