Mass Report Unit of Buddhists

Mass Report Unit of Buddhists One place to report all anti-buddhist facebook fan pages

[Official Page]

ෆේස්බුක් සමාජ ජාලය තුළ බුදු දහමට අපහාස කිරීම වැළැක්වීමටත්, අන්‍යන් තුළ බුදු දහම කෙරෙහි වැරදි ආකල්ප ඇති වීම වැළැක්වීමටත්, බුදු දහම විකෘති වීම වැළැක්වීමටත්, එසේම ෆේස්බුක් වෙබ් අඩවිය තුළ පවතින සදාචාරාත්මක නොවන දේට එරෙහි වීමටත් අප හා එක්වන මෙන් අප කාරුණිකව ලෝකවාසී ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ඊට දායක වීම මහත් පුණ්‍යකර්මයක්ද වනු ඇත.

මෙය කිසිසේත්ම ජාතිවාදය අවුස්සන ෆේස්බුක් පිටුවක් නොවන බව අප අවධාරණය කර සිටිමු. එමෙන්ම මෙය තවත් එක් like එකතු කිරීමට වෙහෙසෙන ෆේස්බුක් පිටුවක් නොවන බවද දන්වා සිටිමු.

30/11/2014

"ලංකාවේ ජාතික වීරයෝ"

එහෙම අය ඉන්නවද?
ලංකාවේ ජාතික වීරයින් ගැන අපේ රටේ අය කියපු කතා මෙන්න.
ජාතික වීරයන් අතර, කැලණිය කැම්පස් එකේ මාතලන් අයියා, ටින් ටින්, බෙන් ටෙන් මෙන්ම බොලිවුඩ් නළුවොත් ඉන්නවයි කියන්නේ.. :v

මේ ඡායාරූපයේ ඔබ දකින්නේ දමන සෑම පෝස්ටුවකින්ම සිංහල බෞද්ධයා වක්‍රාකාරයෙන් උපහාසයට හා අපහාසයට ලක් කරන පේජයකි. මෙය සිංහල බෞ...
21/08/2014

මේ ඡායාරූපයේ ඔබ දකින්නේ දමන සෑම පෝස්ටුවකින්ම සිංහල බෞද්ධයා වක්‍රාකාරයෙන් උපහාසයට හා අපහාසයට ලක් කරන පේජයකි.
මෙය සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬ නගන බව පෙන්වමින් බෞද්ධයාට වක්‍රාකාර ලෙස අපහාස කරයි. ඒ බව එම පේජයෙහි පෝස්ටු සිහි නුවණින් යුතුව කියවන ඕනෑම කෙනෙකුට අවබෝධ වේ.
මෙය මහා පරිමාණයෙන් නොයෙක් ආකාර වලින් ජනතාව භේද භින්න කර ගැටුම් ඇති කරවීමට උත්සාහ කරන Sri Lankan Machan පේජය පවත්වාගෙන යන්නාගේ තවත් එවැනිම පේජයකි.
මෙය රිපෝට් කර පලක් නොවන අතර එය එම පේජය පවත්වාගෙන යන්නාගේ පහත් ආශාවක් පමණි.
එබැවින් "සිංහල බොදුනුවා" (www.facebook.com/sinhalabodunuwa) පේජය සමග හා එහි පෝස්ටු සමග කටයුතු කිරීමේදී වඩාත් සැළකිළිමත් වන ලෙස අප සිංහල බෞද්ධ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු!

www.facebook.com/antiBPR

පින්බර උදෑසනක් වේවා.. තෙරුවන් සරණයි! www.facebook.com/AntiBPR
09/07/2014

පින්බර උදෑසනක් වේවා..
තෙරුවන් සරණයි!

www.facebook.com/AntiBPR

සැළකිය යුතු පිරිසක් තවමත් අප හා එක් නොවූවත් අප පිටුවක් ඉවත් කිරීමේ පළමු මෙහෙයුම මෙසේ ආරම්භ කරමු. සැ.යු: රිපෝට් කිරීමට පෙ...
08/07/2014

සැළකිය යුතු පිරිසක් තවමත් අප හා එක් නොවූවත් අප පිටුවක් ඉවත් කිරීමේ පළමු මෙහෙයුම මෙසේ ආරම්භ කරමු.

සැ.යු: රිපෝට් කිරීමට පෙර මෙය හොඳින් කියවන්න.

"බුදු හාමුදුරුවෝ" නම් මෙම පිටුව බුදුරජාණන් වහන්සේ විකටයෙකු (comedian) ලෙස හඳුන්වයි. ඊට අමතරව බුදු දහමට අපහාස වන අයුරින් ක්‍රියා කරයි.

රිපෝට් කරන ආකාරය පහත දක්වා ඇත. මීට පෙර ඔබ මෙවැන්නක් කර නොමැති නම් හොඳින් කියවන්න.

1) පිටුව වෙත යන්න.

https://m.facebook.com/profile.php?id=490068784416799

2) ඔබ මෙයට like කර ඇත්නම් unlike කරන්න.

3) රූපයේ පෙනෙන More අයිකනය මත ක්ලික් කර Report තෝරන්න. (පරිගණකයකින් පිවිසෙන්නෙකු නම් like බොත්තමට වම්පසින් ඇති බොත්තම හරහා Report විධානය ලබා ගත හැක.)

4) ලැබෙන මෙනුවෙන් "I think it shouldn't be on Facebook" තෝරා ඉදිරියට යන්න.

5) එවිට ලැබෙන මෙනුවෙන් "It's hate speech" තෝරා ඉදිරියට යන්න.

6) ලැබෙන මෙනුවෙන් "A religious group" තෝරා ඉදිරියට යන්න.

7) "Report to Facebook" ඉදිරියේ හරි ලකුණ යොදා හෝ "Submit to Facebook for Report" තෝරා (ලැබෙන්නේ මින් එකක් පමණි.) රිපෝට් කිරීම සම්පූර්ණ කරන්න.

මෙය සාර්ථක කර ගැනීමට දහසකට ආසන්න රිපෝට් කිරීම් ප්‍රමාණයක් අවශ්‍ය වේ. එහෙත් අපට තවමත් ඇත්තේ සීමිත පිරිසකි. එම නිසා මෙම පෝස්ටුව ඔබට හැකි පමණ Share කරන ලෙස අප ඉල්ලා සිටිමු.

රිපෝට් කර අවසානයේ මෙහි ඒ බව "done!" ලෙස හැකි නම් කමෙන්ට් කරන්න.

මෙවැනි ෆේස්බුක් පිටු ඉවත් කිරීම වඩාත් පහසු කර ගැනීමට ඔබගේ මිතුරන්වද අපගේ පිටුව හා එක් කරන්න.

සුබ උදෑසනක්! අද දවසේ ඔබ කරන කියන සියලු යහපත් දේ සාර්ථක වේවා..! තෙරුවන් සරණයි! www.facebook.com/AntiBPR
08/07/2014

සුබ උදෑසනක්!
අද දවසේ ඔබ කරන කියන සියලු යහපත් දේ සාර්ථක වේවා..!
තෙරුවන් සරණයි!

www.facebook.com/AntiBPR

07/07/2014

මෙම කර්තව්‍යය සඳහා අපට විශාල පිරිසකගේ සහය අත්‍යවශ්‍ය ය. එම නිසා ලයික් එකකට වඩා යමක් අප ඔබ සැමගෙන් බලාපොරොත්තු වෙමු. ඒ සඳහා,

1) මෙම පිටුව හැකි තරම් Share කරන්න.

2) මෙම පිටුවට ලයික් කිරීමට ඔබගේ සෑම මිතුරෙකුටම Invite කරන්න. (Invite Friends භාවිතයෙන්)

3) ඔබ ෆේස්බුක් පිටුවක හෝ කිහිපයක admin කෙනෙක් නම් එම සෑම පිටුවකම අපගේ පිටුව Share කරන්න.

අප නැවත නැවතත් ප්‍රකාශ කර සිටින්නේ මෙය තවත් එක් ලයික් එකතු කරන ෆේස්බුක් පිටුවක් නොවන බවයි.

තෙරුවන් සරණයි!

www.facebook.com/AntiBPR

07/07/2014

ආයුබෝවන්!

බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින්, බුදු දහම විකෘති කරමින් හා සදාචාරාත්මක නොවන ලෙස විකෘති මානසිකත්වයකින් යුත් පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු ෆේස්බුක් තුළින් ඉවත් කිරීම සඳහා බුදු දහමට ලැදි සැවොම පෙළගැස්වීම අපගේ එකම අරමුණයි.

ෆේස්බුක් සමාජ ජාලය තුළ බුදු දහමට අපහාස කිරීම වැළැක්වීමටත්, අන්‍යන් තුළ බුදු දහම කෙරෙහි වැරදි ආකල්ප ඇති වීම වැළැක්වීමටත්, බුදු දහම විකෘති වීම වැළැක්වීමටත්, එසේම ෆේස්බුක් වෙබ් අඩවිය තුළ පවතින සදාචාරාත්මක නොවන දේට එරෙහි වීමටත් අප හා එක්වන මෙන් අප කාරුණිකව ලෝකවාසී ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ඊට දායක වීම මහත් පුණ්‍යකර්මයක්ද වනු ඇත.

මෙය කිසිසේත්ම ජාතිවාදය අවුස්සන ෆේස්බුක් පිටුවක් නොවන බව අප අවධාරණය කර සිටිමු. එමෙන්ම මෙය තවත් එක් like එකතු කිරීමට වෙහෙසෙන ෆේස්බුක් පිටුවක් නොවන බවද දන්වා සිටිමු.

තෙරුවන් සරණයි!

එක්වන්න අප සමඟ..

www.facebook.com/AntiBPR

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mass Report Unit of Buddhists posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share