Ceypetco

Directions Website

Ceypetco ENERGIZING THE FUTURE

“CPC Contributes to the Global Dialogue on Energy Security at APPEC 2026”The Managing Director of the Ceylon Petroleum C...
16/09/2026

“CPC Contributes to the Global Dialogue on Energy Security at APPEC 2026”
The Managing Director of the Ceylon Petroleum Corporation (CPC) was a featured speaker at APPEC 2026, the premier energy conference organized by S&P Global, held in Singapore from 8 to 10 September 2026.

Addressing one of the most critical challenges facing the global energy sector today, the CPC Managing Director spoke on the timely and highly relevant theme of Energy Security. During his presentation and subsequent panel discussion, he shared insights on emerging energy challenges, supply resilience, market dynamics, and the strategic measures required to ensure sustainable and secure energy access in an increasingly complex global environment.

In recognition of his valuable contribution and thought leadership, the CPC Managing Director was acknowledged as a Featured Speaker at the event, joining a distinguished group of international energy leaders, policymakers, and industry experts.

The recognition further strengthens the position of CEYPETCO as a respected and influential energy brand in the international energy arena. Through its commitment to innovation, resilience, and strategic transformation, CPC continues to play a leading role in shaping the future of the energy sector and advancing its vision of “Rewriting Energy Security” for the benefit of future generations.

"දේශීයව හා විදේශීවය පුහුණු ශ්‍රමිකයන් බිහිකරන්න CEYPETCO සහ NAITA ගිවිසුම් ගතවෙයි"ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආයතනික හ...
16/09/2026

"දේශීයව හා විදේශීවය පුහුණු ශ්‍රමිකයන් බිහිකරන්න CEYPETCO සහ NAITA ගිවිසුම් ගතවෙයි"
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආයතනික හා සාමාජීය වගකීමක් ලෙස, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපලට සරිලන නවීන තාක්‍ෂණික දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ද ශ්‍රම බලකායක් ජාතියට දායාද කිරීමේ අරමුණින්, වෘත්තීය පුහුණුවේ පුරෝගාමි ආයතනයක් වන NAITA ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ඛනිජතෙල් ක්ෂේත්‍රයට අදාළවු පාඨමාලා සඳහා ප්‍රායෝගික දැනුම ලබා දෙනු ලබන කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන්, අවබෝධතා ගිවිසුමකට එලඹෙන ලදී.

බලශක්ති ක්ෂේත්‍රය තුළ මෙරට තරුණ තරුණියන්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථා පුළුල් කරමින්, ඉහළ නිපුණතාවකින් යුත් විධිමත් පුහුණවක් සහිත ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම (14) දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයෙදී වරාය හා සිවිල් ගුවන්සේවා බලශක්ති ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා‍ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා මහතාගේ හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගේ සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

මෙහි පළමු අදියර යටතේ වසර හතරක (04) ආධුනිකත්ව පුහුණු කාලසීමාවක් සදහා පුහුණුකරුවන් 51 දෙනෙකු සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) හරහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අනුයුක්ත කරමින් පුහුණු අවස්ථාවන් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් යොමු කරනු ලබන තරුණයින් සඳහා අවස්ථාව ලැබේ. පුහුණුව සාර්ථකව නිමකරන තරුණ තරුණියන් වෙත ජාත්‍යන්තරව පිළිගනු ලබන NVQ මට්ටමේ වෘත්තීය සහතිකයක් පිරිනැමේ.

ඛනිජතෙල් පිරිපහදු තාක්ෂණය, කාර්මික නඩත්තුව (Industrial Maintenance), යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු ශිල්පය (Mechanical & Electrical Engineering), පයිප්ප එලීම් සහ පෑස්සුම් තාක්ෂණය (Plumbing & Welding), නළ මාර්ග නඩත්තුව යන උසස් තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික කුසලතා මෙහිදී ප්‍රගුණ කරන අතර CEYPETCO සහ CPSTL ආයතන සතු නවීන තාක්ෂණික සම්පත් සහ දැනුම මෙරට තරුණ පරපුරට ලබාදීම හා ගෝලීය වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කාර්මික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නිපුණතාවලින් පිරිපුන් ශ්‍රමිකයන් බිහි කරමින් දේශීය සහ විදේශීය රැකියා අවස්ථා උදා කර දීම සහ රටේ ආර්ථිකයට සවියක් වෙමින් බලශක්ති ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීයමය වශයෙන් දක්ෂ මානව සම්පතක් අඛණ්ඩව සැපයීම මෙහි ප්‍රධානතම අරමුණයි.

මෙම අවස්ථාව සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ උප සභාපති පන්ඩුල මැද්දවත්ත මහතා, අධ්‍යක්‍ෂ ජනරාල් අචාර්ය ඩබ්. එ්. විජේසිංහ මහතා, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මහතුන්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහත්ම මහත්මීන්, පිරිපහදු කළමණාකාරතුමා සහ කළමණාකාර මහත්ම මහත්මීන් ඇතුළු විධායක නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම පුහුණුලාභීන් සහභාගී වූහ.

නැණ නුවණින් දොරටු විවර කරමින්, අක්ෂර ඥානයෙන් ජීවිතයට අපමණ හැකියාවන් එකතු කරන අධ්‍යාපනයේ සහ සාක්ෂරතාවයේ අරුත අද දින අභිමා...
09/09/2026

නැණ නුවණින් දොරටු විවර කරමින්, අක්ෂර ඥානයෙන් ජීවිතයට අපමණ හැකියාවන් එකතු කරන අධ්‍යාපනයේ සහ සාක්ෂරතාවයේ අරුත අද දින අභිමානයෙන් සමරමු.

"ජාතියේ නොනිවෙන ගිනි සිළුව" ලෙස දේශයේ ප්‍රගමනය බලගන්වන අප, වඩාත් දැනුමෙන් පිරිපුන්, ශක්තිමත් ප්‍රජාවන් බිහි කරමින් හරිතවත් හා බලාපොරොත්තු සහගත හෙට දවසක් නිර්මාණය කිරීමට කැපවී සිටිමු! 📚🌱

​දැනුමින් මනස ආලෝකවත් කරමු - සාක්ෂරතාවයෙන් හෙට දවස බලගන්වමු!

​Opening doors with wisdom and adding boundless possibilities to life through literacy, we proudly celebrate the true meaning of education today. As the "Unfailing Flame of the Nation" fueling the progress of our motherland, we are committed to building knowledgeable, resilient communities and creating a greener, hopeful tomorrow! 📚🌱

​Illuminating Minds with Knowledge – Empowering Tomorrow through Literacy!

​


සිපෙට්කෝ කෘෂි රසායන නිෂ්පාදන නැවතත් සිපෙට්කෝ ඉන්ධනහල් වලින්.....කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම හා ලාභදායී කිරීම හරහා ගොවි...
08/09/2026

සිපෙට්කෝ කෘෂි රසායන නිෂ්පාදන නැවතත් සිපෙට්කෝ ඉන්ධනහල් වලින්.....

කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම හා ලාභදායී කිරීම හරහා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා, සමස්ත ග්‍රාමීය ආර්ථිකයම ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් ගොවීන්ට නියමිත කාලයට, නිවැරදි කෘෂි රසායන (වල්නාශක, කෘමි නාශක, දිලිර නාශක ආදී) දෑ පහසුවෙන් ලබා ගැනීමට නොහැකිවීම හා ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් බෝග වලට වන හානි වැඩිවී රටේ සමස්ත අස්වැන්නට සැලකිය යුතු බලපෑමැක් ඇතීවීමට ප්‍රධාන හේතුවකි.
ගොවියා මුහුණ දෙන ගැටලු විසඳීම හරහා ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන අතර, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට මහත් පිටුවහලකි. කෘෂි රසායන නියමිත කාලයට ගොවීන්ට ලබාගැනීමට පහසුකම් සැපයීම අපේ අරමුණයි. මෙමගින් වෙළඳපොලේ කෘත්‍රිම හිඟයන් ඇතිවීම හා අධික මිල ගණන් යටතේ අලෙවිය ද පාලනය වේ. ඒ සඳහා රටපුරා පිහිටි තෝරාගත් සිපෙට්කෝ ඉන්ධනහල් මඟින් ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍යවන සියලු දෑ අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව, තත්ත්වයෙන් උසස් නිවැරදි ගුණාත්මක කෘෂි රසායන සාධාරණ මිලට, ඉන්ධනහලෙන් ලබා ගැනීමට හැකිවීමෙන් නිෂ්පාදන පිරිවැය අවම කරගත හැක.
එහි පළමු අදියර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ නගරයේ පිහිටි S&J Fuel Distributor ඉන්ධනහලෙහි සිපෙට්කෝ කෘෂි රසායන අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කෘෂි රසායන කළමණාකාර සුරංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 04 වන දින ආරම්භවිය. මෙම අවස්ථාව සඳහා S&J Fuel Distributor ඉන්ධනහලෙහි හිමිකරු ලක්ෂාන් ප්‍රමුදිත ද සිල්වා මහතා, ප්‍රාදේශිය කලමණාකාර උතුරු මැද සමින්ද පෙතියාගොඩ මහතා, සහකාර කලමණාකාර කෘෂි අලෙවි එන්.බී. දිසානායක මහතා, කෘෂි රාසයන ක්ෂෙත්‍ර අධීක්ෂක වී.කේ. රත්නායක මහතා, බැංකු කලමණාකාර මහත්වරුන්, ව්‍යාපාරික මහත්ම මහත්මීන්, කෘෂි කාර්මික නිලධාරීන්, ගොවි සමිතිවල නිලධාරී මහත්ම මහත්මීන් හා ප්‍රදේශයේ ගොවීමහතුන් සහභාගී වූහ.
මෙම කෘෂි රසායන අලෙවි මධ්‍යස්ථානයෙන් ගොවීන්ට අවශ්‍ය සියලු කෘෂි රසායන ලබාගැනීමට හැකියාව ලැබේ. නිවැරදි මඟපෙන්වීම යටතේ බෙදාහැරෙන කෘෂි රසායන නියමිත මාත්‍රාවන්ගෙන් භාවිතා කරන ආකාරය සහ පිළිබඳ නිවැරදි තොරතුරු ලැබීමෙන් බෝග වලට සිදුවන හානි අවම කරගත හැක.
දිවයින පුරා විහිදුනු සීපෙට්කෝ ඉන්ධනහල් ජාලය හරහා ඉන්ධන ලබා ගන්නා අතරම තම ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍යද එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකිවීම කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
පාරිභෝගික ඔබට අවශ්‍ය ඉන්ධන වර්ග හා ඇමෙරිකානු පෙට්ට්‍රෝලියම් ආයතනයේ (API) තත්ත්ව සහතිකලත් ප්‍රමිතියෙන් උසස් ලිහිසිතෙල් වර්ග ද මෙම ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත හැක.
රටේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම හා ලාභදායී කිරීම හරහා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා, සමස්ත ග්‍රාමීය ආර්ථිකයම ශක්තිමත් කිරීමට මෙය දායක වේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ බෞද්ධ සංගමය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ නිකිණි පොහොය දිනය නිමිත්තෙන් ...
04/09/2026

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ බෞද්ධ සංගමය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ නිකිණි පොහොය දිනය නිමිත්තෙන් ප්‍රසම්පාදන හා ගබඩා කාර්යාංශය අනුග්‍රහයෙන් වානිජ හා සැපයුම්දාම සහ නාවුක කාර්යාංශයන්හි දායකත්වයෙන් කරන ලද ධර්ම දේශනාව අගෝස්තු 31 වන දින ප්‍රධාන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
අතුරුගිරිය දම්දිය අසපුව සහ ඩුබායි මහාවිහාරයෙහි නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් ධර්ම දේශනාව සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා හා කළමණාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය, මයුර නෙත්තිකුමාරගේ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වානිජ හා සැපයුම්දාම කේ.කේ.ඒ. ජයවික්‍රම මහතා, කලමණාකාර මහත්ම මහත්මීන්, විධායක නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ධර්ම දේශනාවෙන් පසු අයිස්ක්‍රීම් දන්සැලක්ද පැවැත්වුනී.

19/08/2026

අපේ සැලැස්ම ණය නැතුව, ලාභ ලබමින් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි....
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති - ජනක රාජකරුණා මහතා.
Video Credit: Rupavahini

19/08/2026

QR එක තවත් දියුණු කරන්න අපි බලාපොත්තු වෙනවා....
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති - ජනක රාජකරුණා මහතා.
Video Credit: Rupavahini

19/08/2026

මට ලැබුණු රථයත් විකුණලා සේවකයන් වෙනුවෙන් බස් රථ දෙකක් අරන් දුන්නා....
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති - ජනක රාජකරුණා මහතා.
Video Credit: Rupavahini

19/08/2026

අංශ කිහිපයක් ඩිජිටල්කරණය වෙමින් තියනවා....
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති - ජනක රාජකරුණා මහතා.
Video Credit: Rupavahini

19/08/2026

විදේශ ආයෝජන කිහිපයක් තියනවා....
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති - ජනක රාජකරුණා මහතා.
Video Credit: Rupavahini

Address

No. 609, Drive Danister De Silva Mawatha, Colombo 09
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceypetco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share