TechTalks

TechTalks Understanding the synergy between circuits and movement.

සෘජුකරණයප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC), සරල ධාරාවක් (DC) බවට පත් කිරීමේ ක්‍රියාවලිය සෘජුකරණය (Rectification) ලෙස හඳුන්වනු ලබ...
09/05/2026

සෘජුකරණය
ප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC), සරල ධාරාවක් (DC) බවට පත් කිරීමේ ක්‍රියාවලිය සෘජුකරණය (Rectification) ලෙස හඳුන්වනු ලබයි. මෙහි ආකාර දෙකක් පවතී.
01.අර්ධ තරංග සෘජුකරණය(Half wave rectification)
02.පූර්ණ තරංග සෘජුකරණය(Full wave rectification)
සාමාන්‍යයෙන් ප්‍රත්‍යාවර්ත ධාරාව (AC) යනු නිරතුරුව තම දිශාව සහ ප්‍රමාණය වෙනස් කරන ධාරාවකි. නමුත් මෙහිදි ඩයෝඩ(Diodes)මගින් විශාල කාර්යක් සිදු කරනු ලැබේ.එනම් ඩයෝඩ හරහා ධාරාව ගලා යා හැකි දිශාවට (ධන අර්ධයෙදී) විදුලිය ලැබුණු විට එය ස්විචයක් "On" කළාක් මෙන් ක්‍රියා කර ධාරාව පිටතට ලබා දෙනු ලැබේ.එමෙන්ම ධාරාව විරුද්ධ දිශාවට ගලා ඒමට උත්සාහ කරන විට (සෘණ අර්ධයහිදි) ඩයෝඩය විසින් එය සම්පූර්ණයෙන්ම අවහිර කරනු ලැබේ.

01.අර්ධ තරංග සෘජුකරණය (Half-wave Rectification) මෙහිදී AC තරංගයේ ධන අර්ධය පමණක් ඩයෝඩය හරහා ගමන් කරන අතර සෘණ අර්ධය ඉවත් කෙරෙනු ලැබේ. එවිට ලැබෙන ප්‍රතිදානය එකම දිශාවකට ගමන් කරන සරල ධාරාවක් වේ.

02. පූර්ණ තරංග සෘජුකරණය (Full-wave Rectification)
ඩයෝඩ 4ක් (Bridge Rectifier) භාවත කරමින්, AC තරංගයේ ධන සහ සෘණ යන අර්ධ දෙකම එකම දිශාවකට හරවා ගැනීමට මේ ආකාරයට හැකිවේ.

03.ධාරාව සුමටනය කිරීම
ඩයෝඩ මගින් සරල ධාරාවක් ලැබෙන නමුත් එය ස්ථායි නොවන නිසා එය ස්ථාවර තත්වයට පත් කර ගත යුතුවේ.මේ සදහා ධාරිත්‍රකයක් (Capacitor) සමාන්තරගතව සම්බන්ධ කරනු ලබයි. එමඟින් ධාරාවහි අඩුවන කොටස් පිරවීම (Filtering) සිදු කර ධාරාව ඒකාකාරී මට්ටමක පවත්වා ගනු ලැබේ.

04.තෙකලා විදුලි පරිපථයකදී එම ධාරා සෘජුකරණය කිරීම සදහා ඩයෝඩ 6ක් භාවිත කල යුතු අතර එමගින් ස්ථායි සරල ධාරාවක් ලබාගත හැක.මෙයට උදාහරණයක් ලෙස VFD,DC Motor Drives,Ups systems පෙන්වාදිය හැක.

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when TechTalks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share