Done & Dusted

Done & Dusted Let us move forward with strong and active faith. One Country, One Faith - Forward Sri Lanka

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට ⬆️
30/05/2026

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට ⬆️

30/05/2026
🔴ඉරානය සහ අමරිකාව යුද්ධය අවසන් කිරීමේ දින 60ක සාම යෝජනාවකට සම්පූර්ණයෙන්ම එකඟ වෙලා තියෙනවා.මේ යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය ...
29/05/2026

🔴ඉරානය සහ අමරිකාව යුද්ධය අවසන් කිරීමේ දින 60ක සාම යෝජනාවකට සම්පූර්ණයෙන්ම එකඟ වෙලා තියෙනවා.මේ යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නියමිතයි.නමුත් විශාල කාලයක් ගත වෙලා තිබුනත් තවමත් මේ දක්වා අමරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් කරලා නෑ.ඔහු එකඟත්වය පල කරලා අත්සන් කරපු සැනින් ලෝක වෙලදපලේ තෙල් මිලේ විශාල වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ දින 60 කාලය තුළ න්‍යෂ්ටික සාකච්ඡා හා ඉදිරි ක්‍රියාමාර්ග පිලිබද සාකච්ඡා කරලා යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කරන්න කටයුතු සිද්ධ කරනවා කියලා පාර්ශව අදහස් දක්වලා තියෙනවා.ඒ කාලය තුළ ඉරාන පාලනය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වෙලා පවතීවි.

©️ GreenProjectApi

IMF වැඩසටහන තුළ රැඳී සිටීමට මේ ආණ්ඩුව දක්වන මූල්‍ය විනය සැබැවින්ම පැසසිය යුතු කරුණකි.ශ්‍රී ලංකාව මීට පෙර IMF වැඩසටහන් 16...
28/05/2026

IMF වැඩසටහන තුළ රැඳී සිටීමට මේ ආණ්ඩුව දක්වන මූල්‍ය විනය සැබැවින්ම පැසසිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාව මීට පෙර IMF වැඩසටහන් 16කට සහභාගි වී තිබුණද, බොහෝ අවස්ථාවලදී අප අසමත් වූයේ අවශ්‍ය මූල්‍ය විනය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වීම නිසාය.

ඒ අත්දැකීම් සමඟ බලන විට, මෙවර ආණ්ඩුව අනුගමනය කරන මෙම අසීරු නමුත් අවශ්‍ය මාර්ගය සරලව විවේචනය කිරීම වෙනුවට, එහි ඇති වැදගත්කම පිළිගත යුතුය.

රටක් ලෙස නැවත නැගී සිටීමට මූල්‍ය විනය අත්‍යවශ්‍යය.

සුබ පැතුම්!

ලංකාවෙ අපනයන ක්ශේත්‍රයට නව රජය අලුතෙන් මොනවද කලේ කියල සැකයක් තියන අය වෙනුවෙන් කාරනා කීපයක් කියන්නම්✅ අපනයන සංවර්ධන මණ්ඩල...
27/05/2026

ලංකාවෙ අපනයන ක්ශේත්‍රයට නව රජය අලුතෙන් මොනවද කලේ කියල සැකයක් තියන අය වෙනුවෙන් කාරනා කීපයක් කියන්නම්

✅ අපනයන සංවර්ධන මණ්ඩලය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම

✅ අපනයන සංවර්ධන මණ්ඩලයේ දශකයක් පමණ තිබ්බ 70ක් පමණ පුරප්පාඩු පිරවනා

✅ අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන් කලර තිබ්බේ රු මිලියන 700යි, 2025 අපනය ප්‍රවර්ධන වැය ශීර්ෂය දෙගුණ කලා

✅ අවුරුදු 25කට පස්සේ අපනයන සංවර්ධන අමාත්‍ය කමිටුව නැවත ආරම්භ කාලා EDCM මෙහිදී ක්ශේත්‍රයේ ගැටළු 25 කට පමණ විසඳුම් සෙවුවා

✅ ලංකාවෙ අපනයන වලින් 25% අමරිකාවට ඛේන්ද්‍ර වෙලා තිබුනෙ, අමරිකාව 44%ක බද්දක් දැම්මා ඒ සඳහා වේගවත් මැදිහත්වීමක් කරල එය 20%කට අඩු කරගත්ත

✅ දිත්වා හා තෙල් අර්බුදය හමුවේ අපනයන ක්ශේත්‍රය ප්‍රමුඛ කරගගෙන අඛණ්ඩත්වය පවත්වාගත්ත

✅ පොල් අපනයනය බාදාවුන පොල් හිඟය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ අරන් පොල් මද හා කිරි ආනයනට අවසර දුන්නා

✅ වසර ගනනාවක් ප්‍රමාද වෙලා තිබ්බ මත්ස්‍ය ප්‍රති අපනයන ක්‍රමවේදය අවසන් කරල අපනයන මත්‍ස්‍ය කර්මාන්තය සංවිදානය කලා

✅ ප්‍රති අපනයන සඳහා කුළු බඩු ආනයනයට තිබුණ බාදා ඉවත් කලා

✅ සාර්ථක සාකච්ඡා වලින් පසු බ්‍රිතාන්‍යට අපනයන තීරුබදු රහිතව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැකසුනා

✅ යුරෝපා සංගමය සමඟ සාර්ථක සාකච්ඡා වලින් පසුව GSP + අඛණ්ඩත්වය පිළිබඳ ස්ථීර සහතිකයක් ලබාගත්තා

✅ අමරිකාවට කකුළුවන් අපනයනන් සදහා තිබුන බාදා ඉවත් උනා

✅ චිනය හා ඉන්දියානු වෙළෙඳපොළලට ඇතුල් වීමට ඇති බාදා අවම කරගැනීමට EDB සක්‍රිය මැදිහත්වීමක් කලා

✅ අපනයන සහතික කිරීමට අවශ්‍ය අනෙකුත් රේඛීය අමාත්‍යාංශ වල අකාර්යක්ෂමතා ඉවත් කරගැනීමට සක්‍රිය මැදිහත්වීමක් සිදුකලා

✅ අපනයන තනි කවුළු Export Single Window නිර්මාණය කිරීමට රු බිලියන 2ක් වෙන් කරගනිමින් ක්ශේත්‍ර කීපයක වැඩ අවසන් අදියට ලඟාකරගත්ත

✅ SVAT ක්‍රමය ඉවත් කිරීමෙන් අපනයනකරුවන් සිදුවිය හැකි අපහසු තා මගහරවාගැනීමට ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අඛණ්ඩව සාර්ථක මැදිහත්වීමක් අමාත්‍යාංශය සිදු කලා

✅ ADB ජාතික අපනයන සංවර්ධන සැළැස්ම යාවත්කාලීන කර ඒ සදකා කැබිනට් අනුමැතිය ලබාගත්තා. මේ සදහා ADB හරහා $ මිලියන 200ක් ප්‍රතිපාදන සාක්ශාත් කරගෙන අවසන්

✅ අපනයන ඉලක්ක සෑම තානාපති සේවයකට ලබාදෙමින් විදේශ අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය අඛණ්ඩ ඒකාබද්ද වැඩපිලිවෙළක් ආර්ම්භ කලා

✅ කාබනික කෘශි අපනයන සැකසුම් දාමය දියුණු කිරිමට යුරෝපා සංගමය සමඟ දිගුකාලීන එකඟතාවයට පැමිණ කටයුතු ආරම්භ කලා

✅ අපනයන ව්‍යාපාර විදේශ රටවල් වල දරන වියදම් ආදයම් බදු ගනනය කිරීමේදී නිදහස් යෙදවුම් වියදමක් ලෙස තීරණය කලා

✅ අපනයන ක්ශේත්‍රයේ උපදේශක කමිටු අඛණ්ඩව මාසිකව රැස් කරමින් ඔවුන්ගේ ගැටළු වලට සක්‍රිය මැදිහත්වීමක් අමාත්‍යාංශය ලෙසත් අදාල අවස්ථා වලදී අනෙක් අමාත්‍යාංශ ලෙසත් සිදුකලා

✅ රට පුරා විහිදෙන අපනයන කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන්ක් 2025 ක්‍රියාත්මක කලා, මේ යටතේ නව ව්‍යාපාරවලට අදාල සම්මතයන්, ඇසුරුම් පිළිබඳ අවශ්‍ය දැණුම නොඅඩුව ලබාදෙන සෘජුව අපනයනකරුවන් නගාසිටවීමට කටයුතු කලා

✅ අපනයන අගයදාමය හා අපනයන ප්‍රමුඛත්වය පිළිබඳ අඛණ්ඩව ව්‍යවසායකත්ව දිරිගැන්වීමක් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්‍ය ලෙස 2025 වසරේ ක්‍රියාත්මක වුනා

✅ දේශීය කර්මාන්ත අපනයන ක්ශේත්‍රයට ගෙන ඒමට ඇති TIPE ක්‍රමය සක්‍රියව ප්‍රචලිත කිල

✅ ඉතාම විනිවිදභාවයෙන් ලෝකේ ප්‍රමුඛතම අපනයන ප්‍රවර්ධන අවස්ථා අපේ සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්ත කරුවන්ට හා සේවා අපනයන කරුවන්ට ලබාදුන්නා

✅ අවුරුදු 14කට පසුව Sri Lanka EXPO නැවත ආර්ම්භ කිරීමට කැබිනට් අනුමැතිය හා අවශ්‍ය රු මි 300ක් ප්‍රතිපාදන වෙන්කරගතා. ජූනි මාසයේ සැලැසුම් කල මෙය ලොක ආර්ථික තත්වය නිසා ලබන ජනවාරි වල ක්‍රියාත්මක වේවී

මීට අමතරව

අපනයන ප්‍රමුඛ නව ආයෝජන කැදවීම, යටිතල පහසුකම් හා මූල්‍ය පහසුකම් සැලසීම, අපනයන සහතික කීරිම සදාහ පරීක්ෂණාගාරි ඉදිකිරීම, අපනයන යෙදවුම් දාමය ශක්තිමත් ක්‍රීරීම, නව ජාත්‍යන්තර වෙළෙඳපොළල ගිවිසුම් වලට එලඹීම, අපනයන ප්‍රමුඛ නව දිරිගැන්වීම හදුන්වාදීම ඉදිරියට සිදු වේවී

චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය.

ලංකාවේ අපනයන ආදායම: headline එකට වඩා ගැඹුරු ආර්ථික සත්‍යයක්2026 මුල් මාස හතරේ ලංකාවේ අපනයන ආදායම ගැන පළවෙන headlines බලද...
26/05/2026

ලංකාවේ අපනයන ආදායම: headline එකට වඩා ගැඹුරු ආර්ථික සත්‍යයක්

2026 මුල් මාස හතරේ ලංකාවේ අපනයන ආදායම ගැන පළවෙන headlines බලද්දී, බොහෝ දෙනාගේ පළවෙනි ප්‍රතිචාරය වෙන්නේ —

“ආයෙත් මේකත් නොම්මර දේශපාලනීකරණයක්ද?” කියන එක.

ඒ සැකය සාධාරණයි. ලංකාවේ ආර්ථික සංඛ්‍යා බොහෝ වෙලාවට දේශපාලන වේදිකාවල අඩක් කියලා, අඩක් කොළේ වහලා ගහනවා. අපේ අත්දැකීම් ඒක.

හැබැයි මෙවර data එක ටිකක් ගැඹුරට බලද්දී, දිගුකාලීන ආර්ථික සුවවීමක හැඩය පේනවා.

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ලංකාවේ මුළු අපනයන ආදායම — භාණ්ඩ අපනයන සහ සේවා අපනයන දෙකම ඇතුළුව — ඇමරිකානු ඩොලර් බිලියන 5.78ක් පමණ. එය 2025 එම කාලයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 260ක පමණ ඉහළ යාමක්.

ඒක හොඳ ලකුණක්.

නමුත් ඊටත් වඩා වැදගත් දේ තමයි — මේ වර්ධනය පැරණි “ඇඟලුම් + තේ” ආකෘතියෙන් විතරක් එන වර්ධනයක් නෙවෙයි.

ඇත්තටම 2026 මුල් මාස හතරේදී ඇඟලුම් සහ තේ වැනි සාම්ප්‍රදායික ප්‍රධාන අංශ පීඩනයට ලක්වෙලා තියෙනවා. ඒත් සමස්ත අපනයන ආදායම ඉහළ යනවා.

ඒ කියන්නේ, වර්ධනය තල්ලු කරන්නේ වෙනත් අංශ.

පොල් ආශ්‍රිත වටිනාකම් එකතු කළ නිෂ්පාදන, සැකසූ ආහාරපාන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, මුහුදු ආහාර, ICT/BPM, logistics, financial services වැනි අංශ දැන් වැඩි දායකත්වයක් දෙන්න පටන්ගෙන තියෙනවා.

මෙහි සැබෑ වැදගත්කම තියෙන්නේ එතැනයි.

ලංකාව වසර ගණනාවක් අපනයන ආදායම සඳහා රඳා සිටියේ සීමිත අංශ කිහිපයක් මත — ඇඟලුම්, තේ, රබර්, පොල්, සහ පසුව සංචාරක/ප්‍රවාහන වැනි සේවා. ඒ නිසාම එක් අංශයකට බාහිර කම්පනයක් ආවොත් රටේ විදේශ විනිමය ආදායමට ලොකු පහරක් වැදෙනවා.

උදාහරණයක් ලෙස, ඇඟලුම් අංශයට ඇමරිකානු හෝ යුරෝපා වෙළඳපොළේ ඉල්ලුම අඩුවුණොත්, tariff ප්‍රශ්නයක් ආවොත්, හෝ supply chain ගැටලුවක් ඇතිවුණොත්, ඒක රටටම බලපානවා. තේ අංශයට මැදපෙරදිග වෙළඳපොළේ යුද්ධ, shipping cost, buyer demand, හෝ currency pressure වගේ කම්පන ආවොත් ඒකත් රටටම දැනෙනවා.

ඒ නිසා අපනයන basket එක පුළුල් වීම — රටකට ආර්ථික ආරක්ෂාවක්.

එක් sector එකක් වැටුණොත්, අනෙක් sectors රට තල්ලු කරගෙන යන්න පුළුවන්. ඒක තමයි resilient economy එකක ලකුණ.

ලංකාවේ නිදහසින් පසු අවුරුදු හැත්තෑ අටෙන් තුනෙන් එකකට ආසන්න කාලයක් පහත වගුවෙන් පෙන්වනවා.

වසර 2000දී ලංකාවේ අපනයන — භාණ්ඩ සහ සේවා දෙකම — GDP එකෙන් 39%ක් පමණ වුණා. ඒ කියන්නේ එදා ලංකාවේ ආර්ථිකයේ ලොකු කොටසක් ලෝකයට විකුණලා ඩොලර් උපයන ක්‍රියාවලියට බැඳී තිබුණා.

නමුත් 2020 වන විට ඒ අගය 15% පමණ දක්වා වැටී තිබුණා.

අපේ ආර්ථිකය ප්‍රසාරණය වීම, ජීවන මට්ටම් ඉහළ යාම, වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, කොළඹ නගරයේ තට්ටු ගොඩනැගිලි ඉහළ යාම වගේ දේවල් සිදුවෙන අතරේම, ආර්ථිකයේ මගහැරුණු පැත්තක් තිබුණා.

සරලව කිව්වොත් —

රටේ ආර්ථිකය ලොකු වුණා.
නමුත් රටේ dollar-earning engine එක ඒ තරම් ලොකු වුණේ නැහැ. (මේ කාලය තුල විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ආදායම් වැඩිවීම, විශේෂයෙන්ම කොරියාව, ඊශ්‍රායලය වගේ අලුත් වෙළෙඳපල සඳහා අපේ ශ්‍රමිකයන් ගිහින් මුදල් එවීම නිසා මේ අඩුව ලොකුවට දැනුනෙ නෑ)

ඒ අතරතුර රට ඇතුළේ පරිභෝජනය, ඉදිකිරීම්, වාහන, ඉන්ධන, යන්ත්‍රෝපකරණ, ආනයනික භාණ්ඩ, රාජ්‍ය වියදම් සහ ණය මත ගොඩනැගුණු වර්ධනයක් ඇති වුණා.

ඒක GDP එක වැඩි කළා.
නමුත් විදේශ විනිමය උපයන හැකියාව ඒ තරම් වැඩි කළේ නැහැ.

ප්‍රතිඵලය — දිගුකාලීන වෙළඳ හිඟයක්, ඩොලර් හිඟයක්, සහ බාහිර කම්පනවලට ඉතා සංවේදී ආර්ථිකයක්. අපි රටක් ලෙස මුහුණදුන් 2022 ආර්ථික කඩා වැටීමට එයත් එක් ප්‍රධාන සාධකයක්.

ඒ නිසා 2026 අපනයන ආදායම් නොම්මරේ තියෙන ධනාත්මක ලකුණ headline එකට වඩා ගැඹුරුයි.

“අපනයන වැඩිවෙලා” කියන එක පමණක් නොවෙයි.

වැදගත්ම දේ තමයි — අපනයන ආදායම පැරණි අංශ කිහිපයකට පමණක් සීමානොවී, නව සහ වටිනාකම් එකතු කළ අංශ කිහිපයකින් එන්න පටන්ගෙන තිබීම.

හැබැයි මේක over-celebrate කරන්නත් හොඳ නැහැ.

ලංකාව තවමත් ඇඟලුම්, තේ, කෘෂි අපනයන සහ ප්‍රධාන සේවා අංශ කිහිපයක් මත විශාල ලෙස රඳා පවතිනවා. ඒ නිසා “අපි දැන් සම්පූර්ණයෙන්ම diversified export economy එකක්” කියන එක වැරදියි.

නමුත් direction එක හොඳයි.

නිවැරදිව කියනවා නම්:

ලංකාව තවමත් පැරණි අපනයන මත රඳා පවතින රටක්.
නමුත් නව අගය එකතුකිරීම් (value-added goods) සහ සේවා ආර්ථිකය (services) හරහා අපනයන පදනම පුළුල් වෙන්න පටන්ගෙන තියෙනවා.
ඒක බාහිර කම්පනවලට මුහුණ දීමට ඉතා වැදගත් ධනාත්මක ආර්ථික සංක්‍රමණයක ආරම්භයක්.

රටකට අවශ්‍ය වන්නේ headline victory එකක් නෙවෙයි.

රටකට අවශ්‍ය වන්නේ —

වැඩි අපනයන,
විවිධ අපනයන,
වැඩි අගය එකතුකිරීම්,
වැඩි තරගකාරිත්වය,
සහ ලෝක වෙළඳපොළට විකුණන්න පුළුවන් නිෂ්පාදන හා සේවා.

සමාජ මාධ්‍යයේ විවිධ විවේචන, සමහරවිට කර්කෂ ප්‍රහාර මැද යම් දිගුකාලීන සැලැස්මක් මත අපනයන ක්ශේස්ත්‍රයේ පුරෝගාමී විප්ලවයකට මුලපුරන අමාත්‍ය Sunil Handunneththi ටත්, නියෝජ්‍ය අමාත්‍ය Chathuranga Abeysinghe මිත්‍රයාටත් සුබ පැතුම්!

ප්‍රධාන දත්ත මූලාශ්‍ර:
Sri Lanka Export Development Board — 2024, 2025 සහ 2026 අපනයන කාර්යසාධන වාර්තා; World Bank Sri Lanka Development Update — අපනයන/GDP අනුපාතය සහ දිගුකාලීන අපනයන විවිධාංගීකරණය පිළිබඳ විශ්ලේෂණය.
සැ.යු- 2025 GDP අගය ඇස්තමේන්තුගත අගයකි. අවසාන World Bank/WDI GDP දත්ත නිකුත් වූ පසු 2025 අපනයන/GDP අනුපාතය සුළු වශයෙන් වෙනස් විය හැක.

සීයා කෝට් එකක් මැහුවා විතරයි. 😂
26/05/2026

සීයා කෝට් එකක් මැහුවා විතරයි. 😂

රුපියල ශක්තිමත් වුණාද? නැත්නම් ශක්තිමත් කරලා පෙන්වුවාද?ඉතිහාසයේ බොහෝ ආණ්ඩු මුහුණදුන් රුපියල්-ඩොලර් සමබර කිරීමේ අර්බුදයට ...
25/05/2026

රුපියල ශක්තිමත් වුණාද? නැත්නම් ශක්තිමත් කරලා පෙන්වුවාද?

ඉතිහාසයේ බොහෝ ආණ්ඩු මුහුණදුන් රුපියල්-ඩොලර් සමබර කිරීමේ අර්බුදයට මේ ආණ්ඩුවත් මුහුණදෙමින් සිටින බව පෙනේ. දේශීය වියදම් සඳහා රුපියල් අවශ්‍යයි. එවැනි පසුබිමක මුදල් සැපයුම වැඩිවීම, ණය ප්‍රසාරණය සහ මහ බැංකුවේ වෙළෙඳපොළ මැදිහත්වීම් එකට ගැටෙන විට, දේශීය මුදල් ඒකකය හුවමාරු වෙළෙඳපොළේ පීඩනයට ලක්වීම අලුත් දෙයක් නොවේ.

මේ වෙන්නෙත් ඒකමද?

මැයි මාසයේ මුල සිට රුපියල කඩා වැටීමක් පෙන්වන්නට පටන් ගත්තා. එය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොව, අපේ කලාපයේ බොහෝ රටවල දේශීය මුදල් ඒකකද ඩොලරයට සාපේක්ෂව පීඩනයට ලක්වීමක් නිරීක්ෂණය වුණා. නමුත් පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා රුපියල නැවත ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ශක්තිමත් වීමක් පෙන්වූවා. Bloomberg වැනි ජාත්‍යන්තර මාධ්‍යවලත් රුපියල කෙටි කාලීනව හොඳින් ක්‍රියා කළ ආසියානු මුදල් ඒකකයක් ලෙස වාර්තා වුණා.

ඉන්පසු අපේ දේශපාලන වේදිකාවේ සුපුරුදු ගුණකථන, ගුණවර්ණනා සහ කවි සීපද සතිය ආරම්භ වුණා.

“රුපියල ශක්තිමත් වුණා.”
“ආර්ථිකය හරි ගමනේ.”
“විශ්වාසය නැවත ඇවිල්ලා.”
“බලන්න, රට ගොඩ යනවා.”

නමුත් ප්‍රශ්නය තියෙන්නේ රුපියල දින කිහිපයකට ශක්තිමත් වුණාද කියන එකේ නෙවෙයි.
ප්‍රශ්නය තියෙන්නේ — ඒ ශක්තිමත් වීමේ පදනම මොකක්ද කියන එකේ.

ශ්‍රී ලංකාවේ පුළුල් මුදල් සැපයුම — M2b — 2025 ජනවාරි මාසයේ රු. බිලියන 14,439.1 සිට 2026 මාර්තු වනවිට රු. බිලියන 16,585.7 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කියන්නේ රු. ට්‍රිලියන 2.15කට ආසන්න වැඩිවීමකි.

මෙය සරලව “රු. ට්‍රිලියන 2.1ක් මුද්‍රණය කළා” කියන විපක්ෂ දේශපාලන slogan එකට ලඝු කිරීම නිවැරදි නැහැ. M2b කියන්නේ මහ බැංකුව මුද්‍රණය කරන මුදල් පමණක් නොව, බැංකු පද්ධතියේ තැන්පතු, ණය වර්ධනය, විදේශ වත්කම් සහ බැංකු ණය ප්‍රසාරණය එකට ගත් පුළුල් මුදල් මිනුමකි.

නමුත් ඒ කියන්නේ අවදානමක් නැහැ කියන එකත් නෙවෙයි.

2026 අප්‍රේල් වනවිට ජාතික උද්ධමනය 4.7% දක්වාත්, කොළඹ උද්ධමනය 5.4% දක්වාත් ඉහළ ගොස් තිබේ. ඒ අතර, නිල විදේශ සංචිත 2026 මාර්තු අවසානයේ තිබූ ඩොලර් බිලියන 7.026 සිට අප්‍රේල් අවසානයේ ඩොලර් බිලියන 6.759 දක්වා පහත වැටී තිබේ.

රුපියල ශක්තිමත් වුණේ වෙළෙඳපොළේ ස්වභාවික විශ්වාසය නිසාද?
නැත්නම් මහ බැංකුව ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීමෙන් තාවකාලිකව කළමනාකරණය කළ ශක්තිමත් වීමක්ද?

මහ බැංකුව 2026 අප්‍රේල් මාසයේදී මාස 22කට පසු පළමු වරට ශුද්ධ ඩොලර් විකුණුම්කරුවෙකු වී තිබීම මේ ප්‍රශ්නය තවත් වැදගත් කරයි.

ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීම බොරුවක් කියන එක නොවේ.
නමුත් සංචිත අඩුවෙමින්, විදේශිකයන් රජයේ සුරැකුම්පත් අඩුකරමින්, කොටස් වෙළෙඳපොළ පීඩනයට ලක්වෙමින්, උද්ධමනය නැවත ඉහළ යමින් තිබෙන පසුබිමක, දින කිහිපයක රුපියල් ශක්තිමත් වීම “ආර්ථිකය ගොඩ” කියන දේශපාලන සහතිකය ලබාදීම තවත් අර්ධ සත්‍යයක් පමණයි.

අපේ දේශපාලනයේ මොන ආණ්ඩුව ආවත් වාදනය වෙන්නේ පරණ තැටියමයි.

රුපියල වැටුණොත් — එය ගෝලීය අර්බුදයක්.
රුපියල නැගුණොත් — එය ආණ්ඩුවේ මූල්‍ය දක්ෂතාවය.
සංචිත අඩුවුණොත් — එය තාවකාලික තත්ත්වයක්.
සංචිත ටිකක් වැඩිවුණොත් — එය ආර්ථික පුනර්ජීවනය.

නමුත් ආර්ථිකය Facebook post එකක headline එකකින් මැනිය නොහැක.
රුපියලේ දින කිහිපයක උච්චාවචනයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය මැනිය නොහැක.

නිවැරදි ප්‍රශ්නය “රුපියල අද ශක්තිමත්ද?” කියන එක නෙවෙයි.

වැදගත් ප්‍රශ්නය වන්නේ — ශ්‍රී ලංකාවට රුපියලේ ස්ථාවරත්වය, විදේශ සංචිත ගොඩනැගීම, ණය ප්‍රසාරණය, උද්ධමන පාලනය සහ IMF වැඩසටහනේ විශ්වාසනීයත්වය එකවර සමබරව පවත්වාගෙන යා හැකිද යන්නයි.

දේශපාලන වේදිකාවට දින කිහිපයකට රුපියල් ශක්තිමත් වීම ප්‍රමාණවත් විය හැක.
නමුත් ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය වන්නේ දින කිහිපයක පෙනුමක් නොව, දිගුකාලීන විශ්වාසයකි. විශේෂයෙන්ම විදේශීය ආයෝජකයන් දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය සහ වර්ධනය පිළිබඳ තබන විශ්වාසයයි.

ගම්වල සයිමන් අයියලා පොඩි මැජික් වැඩකෑලි පෙන්වා ඇන්දිය හැකි වුවත්, ඩොලර් ආයෝජනය කරන සයිමන්ලාට ඒ ඇස්බැන්දුම් වැඩ නොකරයි.

සංඛ්‍යා වැරදි නැහැ.
මේ මොහොතේ රුපියල ශක්තිමත්.
නමුත් ඒ ශක්තිමත් වීමේ පදනම ශක්තිමත්ද, නැත්නම් සංචිත වැය කරමින් තාවකාලිකව stage-managed කළ පෙනුමක්ද කියන එක තමයි අපි වැඩියෙන් විමසිය යුත්තේ.



©️Asanka

අනුරාධපුරේ ළමා අපයෝජන සාමාන්‍ය දෙයක්. පල්ලේගමට බනින්නෙ බෞද්ධ විරෝධියො කියල වොයිස් කට් එක දීපු එකා දිලිත්ගෙ පදක්කමේ මහේෂ්...
24/05/2026

අනුරාධපුරේ ළමා අපයෝජන සාමාන්‍ය දෙයක්. පල්ලේගමට බනින්නෙ බෞද්ධ විරෝධියො කියල වොයිස් කට් එක දීපු එකා දිලිත්ගෙ පදක්කමේ මහේෂ් කොටුවැල්ල. 🐍

අර ටියු⁣ෂන් ලොල්ලා පල්ලෙගමයා ගැන පෝස්ට් එකක් දාලා අකුලගත්ත නේද ? ඕකුන් වගේ සාප තමයි චීවරය ප්‍රශ්න කරන්න එපා, උන්ව ප්‍ර...
23/05/2026

අර ටියු⁣ෂන් ලොල්ලා පල්ලෙගමයා ගැන පෝස්ට් එකක් දාලා අකුලගත්ත නේද ? ඕකුන් වගේ සාප තමයි චීවරය ප්‍රශ්න කරන්න එපා, උන්ව ප්‍රශ්න කරන්න අපි කවුද වගේ අදහස් සමාජගත කරේ. දැනුත් ඇති ඔය වීඩියො එක මේකේ රවුම් යන ගමන්. බාලවයස්කාර දරුවො අපයෝජනය වෙන්න අවශ්‍ය ප්‍රශ්ස්ථම වටපිටාව හදන කුම්භාණ්ඩයො තමයි ඕකුන්. එක පැත්තකින් 7 පොත සංඝ තගයො නවත්තලා දැම්මා, අනෙක් පැත්තෙන් උන්ව ප්‍රශ්න කරන එක මුන් නවත්තලා දානවා. නීතිය කෙසේ වෙතත් මනුස්සයෙක් තමන්ට වුන අසාධාරණයවත් කියන්න ඉතින් නීතිය ඉදිරියට එයිද ? දැන් පෝස්ට් එකක් දාලා හාගත්ත නිසා තව ටික දවසකින් කොහේ හරි ඉන්න හිඟන්නෙක් හොයන් අනේ මෙයාට උදව් වෙන්න මට මෙයාව හොයාගන්න උදව් වෙන්න කියලා හරි හාල් මුට්ට විසි පහක් විතර බෙදලා හරි පෝස්ට් එකක් දායි මොළ බාගේ දායක සභාවට කරේ තියන් යන්න.

©️ Don Supz

Address

Colpetty

Website

Alerts

Be the first to know and let us send you an email when Done & Dusted posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Done & Dusted:

Share