26/05/2026
ලංකාවේ අපනයන ආදායම: headline එකට වඩා ගැඹුරු ආර්ථික සත්‍යයක්
2026 මුල් මාස හතරේ ලංකාවේ අපනයන ආදායම ගැන පළවෙන headlines බලද්දී, බොහෝ දෙනාගේ පළවෙනි ප්‍රතිචාරය වෙන්නේ —
“ආයෙත් මේකත් නොම්මර දේශපාලනීකරණයක්ද?” කියන එක.
ඒ සැකය සාධාරණයි. ලංකාවේ ආර්ථික සංඛ්‍යා බොහෝ වෙලාවට දේශපාලන වේදිකාවල අඩක් කියලා, අඩක් කොළේ වහලා ගහනවා. අපේ අත්දැකීම් ඒක.
හැබැයි මෙවර data එක ටිකක් ගැඹුරට බලද්දී, දිගුකාලීන ආර්ථික සුවවීමක හැඩය පේනවා.
2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ලංකාවේ මුළු අපනයන ආදායම — භාණ්ඩ අපනයන සහ සේවා අපනයන දෙකම ඇතුළුව — ඇමරිකානු ඩොලර් බිලියන 5.78ක් පමණ. එය 2025 එම කාලයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 260ක පමණ ඉහළ යාමක්.
ඒක හොඳ ලකුණක්.
නමුත් ඊටත් වඩා වැදගත් දේ තමයි — මේ වර්ධනය පැරණි “ඇඟලුම් + තේ” ආකෘතියෙන් විතරක් එන වර්ධනයක් නෙවෙයි.
ඇත්තටම 2026 මුල් මාස හතරේදී ඇඟලුම් සහ තේ වැනි සාම්ප්‍රදායික ප්‍රධාන අංශ පීඩනයට ලක්වෙලා තියෙනවා. ඒත් සමස්ත අපනයන ආදායම ඉහළ යනවා.
ඒ කියන්නේ, වර්ධනය තල්ලු කරන්නේ වෙනත් අංශ.
පොල් ආශ්‍රිත වටිනාකම් එකතු කළ නිෂ්පාදන, සැකසූ ආහාරපාන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, මුහුදු ආහාර, ICT/BPM, logistics, financial services වැනි අංශ දැන් වැඩි දායකත්වයක් දෙන්න පටන්ගෙන තියෙනවා.
මෙහි සැබෑ වැදගත්කම තියෙන්නේ එතැනයි.
ලංකාව වසර ගණනාවක් අපනයන ආදායම සඳහා රඳා සිටියේ සීමිත අංශ කිහිපයක් මත — ඇඟලුම්, තේ, රබර්, පොල්, සහ පසුව සංචාරක/ප්‍රවාහන වැනි සේවා. ඒ නිසාම එක් අංශයකට බාහිර කම්පනයක් ආවොත් රටේ විදේශ විනිමය ආදායමට ලොකු පහරක් වැදෙනවා.
උදාහරණයක් ලෙස, ඇඟලුම් අංශයට ඇමරිකානු හෝ යුරෝපා වෙළඳපොළේ ඉල්ලුම අඩුවුණොත්, tariff ප්‍රශ්නයක් ආවොත්, හෝ supply chain ගැටලුවක් ඇතිවුණොත්, ඒක රටටම බලපානවා. තේ අංශයට මැදපෙරදිග වෙළඳපොළේ යුද්ධ, shipping cost, buyer demand, හෝ currency pressure වගේ කම්පන ආවොත් ඒකත් රටටම දැනෙනවා.
ඒ නිසා අපනයන basket එක පුළුල් වීම — රටකට ආර්ථික ආරක්ෂාවක්.
එක් sector එකක් වැටුණොත්, අනෙක් sectors රට තල්ලු කරගෙන යන්න පුළුවන්. ඒක තමයි resilient economy එකක ලකුණ.
ලංකාවේ නිදහසින් පසු අවුරුදු හැත්තෑ අටෙන් තුනෙන් එකකට ආසන්න කාලයක් පහත වගුවෙන් පෙන්වනවා.
වසර 2000දී ලංකාවේ අපනයන — භාණ්ඩ සහ සේවා දෙකම — GDP එකෙන් 39%ක් පමණ වුණා. ඒ කියන්නේ එදා ලංකාවේ ආර්ථිකයේ ලොකු කොටසක් ලෝකයට විකුණලා ඩොලර් උපයන ක්‍රියාවලියට බැඳී තිබුණා.
නමුත් 2020 වන විට ඒ අගය 15% පමණ දක්වා වැටී තිබුණා.
අපේ ආර්ථිකය ප්‍රසාරණය වීම, ජීවන මට්ටම් ඉහළ යාම, වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, කොළඹ නගරයේ තට්ටු ගොඩනැගිලි ඉහළ යාම වගේ දේවල් සිදුවෙන අතරේම, ආර්ථිකයේ මගහැරුණු පැත්තක් තිබුණා.
සරලව කිව්වොත් —
රටේ ආර්ථිකය ලොකු වුණා.
නමුත් රටේ dollar-earning engine එක ඒ තරම් ලොකු වුණේ නැහැ. (මේ කාලය තුල විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ආදායම් වැඩිවීම, විශේෂයෙන්ම කොරියාව, ඊශ්‍රායලය වගේ අලුත් වෙළෙඳපල සඳහා අපේ ශ්‍රමිකයන් ගිහින් මුදල් එවීම නිසා මේ අඩුව ලොකුවට දැනුනෙ නෑ)
ඒ අතරතුර රට ඇතුළේ පරිභෝජනය, ඉදිකිරීම්, වාහන, ඉන්ධන, යන්ත්‍රෝපකරණ, ආනයනික භාණ්ඩ, රාජ්‍ය වියදම් සහ ණය මත ගොඩනැගුණු වර්ධනයක් ඇති වුණා.
ඒක GDP එක වැඩි කළා.
නමුත් විදේශ විනිමය උපයන හැකියාව ඒ තරම් වැඩි කළේ නැහැ.
ප්‍රතිඵලය — දිගුකාලීන වෙළඳ හිඟයක්, ඩොලර් හිඟයක්, සහ බාහිර කම්පනවලට ඉතා සංවේදී ආර්ථිකයක්. අපි රටක් ලෙස මුහුණදුන් 2022 ආර්ථික කඩා වැටීමට එයත් එක් ප්‍රධාන සාධකයක්.
ඒ නිසා 2026 අපනයන ආදායම් නොම්මරේ තියෙන ධනාත්මක ලකුණ headline එකට වඩා ගැඹුරුයි.
“අපනයන වැඩිවෙලා” කියන එක පමණක් නොවෙයි.
වැදගත්ම දේ තමයි — අපනයන ආදායම පැරණි අංශ කිහිපයකට පමණක් සීමානොවී, නව සහ වටිනාකම් එකතු කළ අංශ කිහිපයකින් එන්න පටන්ගෙන තිබීම.
හැබැයි මේක over-celebrate කරන්නත් හොඳ නැහැ.
ලංකාව තවමත් ඇඟලුම්, තේ, කෘෂි අපනයන සහ ප්‍රධාන සේවා අංශ කිහිපයක් මත විශාල ලෙස රඳා පවතිනවා. ඒ නිසා “අපි දැන් සම්පූර්ණයෙන්ම diversified export economy එකක්” කියන එක වැරදියි.
නමුත් direction එක හොඳයි.
නිවැරදිව කියනවා නම්:
ලංකාව තවමත් පැරණි අපනයන මත රඳා පවතින රටක්.
නමුත් නව අගය එකතුකිරීම් (value-added goods) සහ සේවා ආර්ථිකය (services) හරහා අපනයන පදනම පුළුල් වෙන්න පටන්ගෙන තියෙනවා.
ඒක බාහිර කම්පනවලට මුහුණ දීමට ඉතා වැදගත් ධනාත්මක ආර්ථික සංක්‍රමණයක ආරම්භයක්.
රටකට අවශ්‍ය වන්නේ headline victory එකක් නෙවෙයි.
රටකට අවශ්‍ය වන්නේ —
වැඩි අපනයන,
විවිධ අපනයන,
වැඩි අගය එකතුකිරීම්,
වැඩි තරගකාරිත්වය,
සහ ලෝක වෙළඳපොළට විකුණන්න පුළුවන් නිෂ්පාදන හා සේවා.
සමාජ මාධ්‍යයේ විවිධ විවේචන, සමහරවිට කර්කෂ ප්‍රහාර මැද යම් දිගුකාලීන සැලැස්මක් මත අපනයන ක්ශේස්ත්‍රයේ පුරෝගාමී විප්ලවයකට මුලපුරන අමාත්‍ය Sunil Handunneththi ටත්, නියෝජ්‍ය අමාත්‍ය Chathuranga Abeysinghe මිත්‍රයාටත් සුබ පැතුම්!
ප්‍රධාන දත්ත මූලාශ්‍ර:
Sri Lanka Export Development Board — 2024, 2025 සහ 2026 අපනයන කාර්යසාධන වාර්තා; World Bank Sri Lanka Development Update — අපනයන/GDP අනුපාතය සහ දිගුකාලීන අපනයන විවිධාංගීකරණය පිළිබඳ විශ්ලේෂණය.
සැ.යු- 2025 GDP අගය ඇස්තමේන්තුගත අගයකි. අවසාන World Bank/WDI GDP දත්ත නිකුත් වූ පසු 2025 අපනයන/GDP අනුපාතය සුළු වශයෙන් වෙනස් විය හැක.