Sanuk electrical and construction

Sanuk electrical and construction Electrical engineering services

ඇද වැටුනු රටක් නැවත ඉහළට එසවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.ආවඩා ආයුබෝවේවා.
22/09/2024

ඇද වැටුනු රටක් නැවත ඉහළට
එසවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
ආවඩා ආයුබෝවේවා.

අද කියන්න යන්නෙ Power Backup ගැන විස්තර ටිකක්.මොකද්ද මේInverter කියන්නෙ 🤔UPS එකයි Inverter එකයි දෙකම එකයිද 🤔Pure Sine Wa...
04/09/2022

අද කියන්න යන්නෙ Power Backup ගැන විස්තර ටිකක්.

මොකද්ද මේ
Inverter කියන්නෙ 🤔
UPS එකයි Inverter එකයි දෙකම එකයිද 🤔
Pure Sine Wave ?
Modified Sine Wave ?
කියන්නෙ 🤔
මොකද්ද මේකෙන් ඇති ප්‍රයෝජනේ 🤔

බොහොම කාලෙකින් ආපහු ලියන්න පටන් ගත්තෙ. ඒ නිසා මේ දවස් වල දැවෙන ප්‍රශ්නයක්ම ඇදල ගත්ත ඉස්සෙල්ලම 😋

දැන් මේ කරන්ට් කපන සීන් එක හින්ද කට්ටිය පවර් බැකප් එහෙම හයි කරගෙන කරගෙන යනවනෙ. ඉතින් මේව කරද්දි ඔය ඉන්වර්ටර් එහෙම ගන්නකොට ඔය උඩ කියපු කතන්දර දෙක සමහරු දන්නෙ නෑ. ඒක තමයි මේ පැහැදි කරන්න යන්නෙ.

පවර් එක් ගබඩා කරනකොට අපිට AC කරන්ට් එක store කරන්න බෑනෙ. AC / DC ඉගෙන ගන්නකොට මතක ඇති.
ඉතින් අපිට කරන්ට් එක store කරන්න වෙන්නෙ DC විදිහට බැටරි වල තමයි. ඔය Ah වලින් කියන්නෙ බැටරියෙ කැපෑසිටියනෙ. Ampere Hours
ගාන සරලව හිතුවොත් මෙහෙමයි. බැටරියෙන් ඇම්පියර් එකක් අදින්න පුලුවන් පැය ගාන.
100Ah කිව්වොත් 1A ක් එක දිගට පැය 100ක් අදින්න පුලුවන්. 2A ගත්තොත් පැය 50යි.
වෝල්ට් ගාන 12 උනාට Ah අගය වැඩි වෙන්න වෙන්න ගබඩා කරන්න පුලුවන් ශක්තිය වැඩී.
ඒ උනාට ඔය Ah ගාන හදද්දි හැම බැටරියක්ම 100% විස්වාස කරන්න එපා. ලාබ බඩු වල තඩි හිල් තියනව ඈ 😁

හරි, දැන් මෙහෙම බැටරි වල ගබඩා කරන කරන්ට් එක අපි පාවිච්චි කරන්න එපෑ නේ.
ඇයි අපිට DC ම පාවිච්චි කරන්න බැරි 🤔

බැරිමත් නෑ. පුලුවන්. පොඩී පොඩී අවුල් ටිකක් තියනෝ ඉතින්. උපන් දා පටන් 230VAC බඩු පාවිච්චියට පුරුදු වෙච්ච අපිට බැට්‍රියක් චාජ් කරගත්ත කියල ඕකෙන් Auto Bulb පත්තු කරනව ඇරෙන්න වෙන පාවිච්චි කරන්න පුලුවන් උපාංග ඒ හැටි ගෙවල් වල නෑනෙ. මේ විදුලි අර්බුදේ නිසාම ගෙවල් වල තියන උපාංග මාරු කරන්නත් බෑ.

12V DC ලයිට් විතරක් දාගන්න බැරිද 🤔
ඒකෙත් අවුලක් තියනව. එකක් තමයි ගෙදර ලයිට් ටික 12 කරන්න ගියොත් වයරින් එක වෙනස් කරගෙන බල්බ් මාරු කරන් නටන්න වෙනව. 12V වල ලොස් එකත් වැඩි නිසා මහත වයර් දාන්න ගියොත් තවත් වියදම්. අනික සාමාන්‍ය පද්ධතියෙන් පාවිච්චි කරන්න ඕනෙ උනොත් පවර් සප්ලයි දාන්නත් වෙනව. වැඩ ගොඩයි. තාවකාලිකව මොකක් හරි කරගත්තට දීර්ගකාලීනව හරියන්නෑ නේ 😬

ඉතින් අපිට කරන්න තියන ලේසිම ඩියුරබල්ම වැඩේ මේ බැටරි කරන්ට් එක අපිට හුරු පුරුදු 230VAC වලට හරවගන්න එක. මේං මේ වැඩේ අපිට කරල දෙන එකා තමා Inverter කියන්නෙ.

🤔 එතකොට ඔය ups එකයි Inverter එකයි දෙකම එකයිද ?

දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ තමා. ඒ උනාට පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව.

UPS එක හදල තියෙන්නෙ බැට්‍රියක් ඇතුලට දාල. බැට්‍රිය චාජ් කරගන්න වැඩේ, battery level monitoring, auto cutoff වගේ ඔක්කොම දේවල් ups එකට තනියම කරගන්න පුලුවන්.
UPS එක ඩිසයින් කරල තියෙන්නෙ කරන්ට් එක ගියාම ඒකෙන් වැඩ කරන්න නෙමෙයි. මේකෙ ප්‍රධාන අරමුන හදිස්සියෙ හරි පවර් කට් එකක්, නැත්නම් පවර් ඩ්‍රොප් එකක් උනොත් ඒකට කනෙක්ට් කරල තියන උපකරණ ආරක්ශිතව නැවත කෙටි වෙලාවකින් සප්ලයි එනකල් හරි නැත්නම් ඒව shut down කරගන්නකල් හරි අල්ලන් ඉන්න එක. කෙටියෙන්ම කිව්වොත් ups එකේ ඩියුටිය තමයි කෙටි කාලීන බැකින් එකක් දෙන එක. ඒකනෙ ඔය පොඩි ups වලට ෆෑන් එකක්වත් එන්නෙ නැත්තෙ 😋

අනේ පලයන් බන් යන්න. එතකොට ඔය තඩී ups තියෙන්නෙ දවසම වැඩ කරන 😋

ඔව් ඉතින්. ලිමිට් එකට වඩා වැඩි ups එකක් දැම්මම වැඩි වෙලාවක් අල්ලන් ඉන්නව තමයි. ලොකු ups වල බැටරි ප්‍රමානෙත් වැඩි නිසා බැකප් time එක වැඩී. ඒ උනාට ups ඩිසයින් කරල තියෙන්නෙ, ඒවයෙ බැටරි උනත් හදල තියෙන්නෙ දවස ගානෙ පැය ගනන් කරන්ට් යන යන වෙලාවට පවර් සප්ලයි කරන්න නෙමෙයි. ඒකනෙ මේ දවස් වල අලුත්ම ups වල උනත් බැටරි වලට ඉක්මනින්ම බබා හම්බෙන්නෙ 😁
Ups එකේ අතුලෙ සර්කිට්, ට්‍රාන්ස්ෆෝමර් එහෙම හොඳ නිසා එලියෙන් බැට්‍රි සෙට් කරල වැඩි වෙලා පාවිච්චි කරන්න බැරිමත් නෑ. සමහර ups ඒවගේ පකිස්තාන් වැඩ වලට හොඳට ඔරොත්තු දෙනව ඈ 😁

ඉතින් මේ දීර්ගකාලීන පවර් බැකින් වැඩේටම හදාපු උපකරනෙ තමයි Inverter එක.
ඒකනෙ මූ බැට්‍රියක් නැතුව එන්නෙ. ඌව අපිට එවන්නෙ උඹල ගනං හදල උඹලට ඕන කාලයක් බැකප් එකක් ගනිල්ල, ඒ ගානට හරියන්න බැට්‍රියකුත් සෙට් කරගනිල්ල කියල.

Inverter එකේ ප්‍රධානම කර්තව්‍යය තමයි DC බැට්‍රි කරන්ට් එක 230VAC කරන එක. අවුට්පුට් පවර් එක අනුව ඉන්පුට් එක 12/24/36/48 හෝ ඊට වඩා වෙනස් අගයන් එන ඒව තියනව. AC - DC කරද්දි අඩු DC අගයක් AC කරනවට වඩා ලේසියි වැඩි DC අගයක් AC කරන එක. සරලවම කිව්වොත් 12 - 230 කරනවට වඩා 48 - 230 කරන්න ලේසියි.

අවුට්පුට් පවර් එක නැත් අවුට්පුට් වොට් (w) ගාන වැඩි වෙන්න වෙන්න අවුට් කරන්න ඕනෙ ඇම්පියර් ගානත් වැඩීයි.
සරල ගානක් හදමුකො.
1000w inverter එකක් තියනව. මේකෙ අවුට් එක 1000w වෙන්න නම් 230VAC , 4.4A එන්න ඕනෙ. එතකොට 230 ඇම්පියර් 4.4ක් එනව කියන්නෙ DC පැත්ත 12 උනොත් ඇම්පියර් 83කට වඩා අදිනව , 90ක්ම කියමුකො 😬. ඉන්ටර්නල් ලොස් එකක් තියන නිසා ඔය හදන ගනන් වලට වඩා ඇත්ත තත්වෙ ටිකක් එහා මෙහා වෙනව ඈ.
12vdc - 90A ක් ඕනෙ නම්
24vdc උනොත් ගන්නෙ 45A විතර. 48vdc උනොත් 22.5A 😋. දැං වැඩේ මීටර් නේ.
ඒ නිසා අවුට්පුට් පවර් එක වැඩි වෙන්න වෙන්න ඉන්වර්ටරේ ඉන්පුට් වෝල්ටේජ් එකත් වැඩි වෙනව ඈ 👍

ඊලඟ සීන් එක Inverter එකේ බැට්‍රි චාජින් එක. ඔය පොඩියට එන හැම ඉන්වර්ටර් එකේම චාජින් නෑ. ගොඩක් සප්‍ලයර්ස්ල ඉන්වර්ටර් එක විතරක්, චාජින් නැතුව එවන්නෙ කොස්ට් එක අඩු වෙන්නයි, මැනුෆැක්චරින් ලේසි වෙන්නයි, රෙපෙයාර් එකක් ආවොත් හදන්න ලේසි වෙන්නයි, වැඩ කරද්දි හීට් එක අඩු වෙන්නයිනෙ. අනික චාජර් එක වෙනම හයි කරද්දි බැටරි වල සයිස් එකට හරියන විදිහට චාජර් එක වෙනස් කරගන්න පුලුවන්නෙ. ඒකියන්නෙ මේ වගේ inverter එක කරන්නෙ dc - ac කරන එක විතරයි. බැට්‍රි ටික චාජ් කරන්න වෙනම චාජර් එකක් සම්බන්ද කරන්න ඕනෙ.

ලොකු ඉන්වර්ටර්, නැත්නම් මිලෙන් වැඩි ඒවයෙ නම් මේ අවුල නෑ. උං එන්නෙ ෆන්ශන් ඔක්කොමත් එක්ක. Hybrid Inverter කියන්නෙත් ඒවගේ තමයි. Hybrid නැත්නම් දෙමුහුන් ඉන්වර්ටර් වලට සෝලාර් පැනල් සම්බන්ද කරන්නත් පුලුවන්, පැනල් වලින් එන dc කරන්ට් එක 230vac කරනවට් අමතරව එයාට පුලුවන් එයාගෙ බැට්‍රි පැක් එක චාජ් කරගන්නත්, ඉර එලිය නැති උනාම අර බැටරි වල එකතු කරගත්ත ශක්තියෙන් 230 සප්ලයි දෙන්නත්. තව මේවයෙ gsm, wifi වගේ අමතර පහසුකමුත් තියනව පාවිච්චි කරන එකාට වැඩක් ගන්නවනං ගන්න 😁

චාජින් ගැන කියද්දි චාජින් කරන්ට් එක ගැනත් කියන්න එපැයි නේ. චාජර් එකකට සම්බන්ද කරන්න පුලුවන් බැට්‍රියෙ උපරිම කැපෑසිටි එකක් තියනව. චාජරේට බැට්‍රිය කලට වෙලාවට ෆුල් චාජ් කරන්න පුලුවන් වෙන්න නම් බැට්‍රියෙ කැපෑසිටිය අනුව චාජින් කරන්ට් එකක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ බැට්‍රිය චාජ් කරන්න දෙන්න ඕනෙ වෝල්ටේජ් එක බැට්‍රියට තල්ලු කරන්න පුලුවන් උපරිම ඇම්පියර් ගාන. මේක සාසාමාන්‍යයෙන් බැටරියෙ ah ගානෙම් දහයෙන් පංගුවක් තිබ්බම ඇති. ඊට වැඩී නම් හොඳයි. අඩු උනොත් චාජ් වෙන්න ගොඩක් වෙලා යනව. ගොඩක් අඩු උනොත් ෆුල් චාජ් වෙන්නෙ නෑ.

Inverter වල නිතර කනට ඇහෙන තව ප්‍රධාන ජාති දෙකක් තියනව.
Pure Sine Wave
Modified Sine Wave
කියල. හැබෑට මොකද්ද බොලේ මේ 🤔

ඔක්කොටම කලින් සයින් වක්‍රෙ මතක් කරගනිල්ලකො. AC සප්ලයි එක මැද බිංදුවෙ ඉඳන් -+230 යි -230 අතරෙ තප්පරේට 50ස් පාරක් ලතාවට අඩු වැඩි වෙවී මාරු වෙනව මතකනෙ. මේ දන රින මාරු විල්ල හරි ලස්සනට ගානට වැඩි වෙවී අඩු වෙවී වෙන්නෙ. ඒක නිසයි මේකට Pure Sinewave කියන්නෙ ඈ.

එතකොට මොකද්ද මේ මොඩිෆයිඩ් කතාව.
මෙහෙමයි, මේකෙදිත් දන රින නං මාරු වෙනව පුතේ. ඒ උනාට කලින් තරං ස්මූත් නෑ. ඩොං ගාල දන වෙනව ඩොං ගාල රින වෙනව. අර බිංදුවෙ ඉදන් ගානට උඩට ගිහින් උපරිම අගයට ඇවිල්ල ආයෙ ගානට බිංදුව වෙලා ආයේ ගානට රින පැත්තෙ උපරිමේට ගිහින් ගානට බිංදුවට එන සීන් එක මේකෙ නෑ. ඒකයි මේකට Modified Sinewave කියන්නෙ. ඕං ෆොටෝ එකක් දාල ඇති.

එතකොට මේ දෙකෙන් අපට ඇති වැඩේ මොකද්ද ? 🤔

ගෙදර තියන සමහර උපකරණ වලට මේක ගානක්ම නැති උනාට සමහර ඒවට මේක තදේට බලපානව. 230VAC අරගෙන ඇතුලෙ සර්කිට් වලින් ඒක dc කරගෙන වැඩ කරන උපකරණ වලට කිරි අවුලක් නෑ. උදා: තමයි led ලයිට්, ෆෝන් චාජර්, රවුටර්, led tv වගේ ඒව. මොකද මේවයෙ ඉන්පුට් 230VAC උනාට හරියටම 230ක් ඕනෙත් නෑ. ඊට වඩා අඩු උනත් වැඩ. ඇතුලෙදි ac - dc කරගන නිසා අර සයින් වක්‍රෙ කොහොම උනත් අවුලක් නෑ. මොකද කොහොමත් අර රවුමට තියන එක මූ හතරැස් කරල තනි ඉරක් කරගන්නවනෙ 😁

හැබැයි මේ මොඩිෆයිඩ් වේව් එක ac මෝටර් වලට නම් අවුල්. Ac කරන්ට් එකෙන්ම වැඩ කරන ඕනම උපකරනෙකට මේක අවුල්. ගෙදර තියන ෆෑන් වලටත් එහෙමයි. පිච්චෙන්න උනත් පුලුවන්.

ඒ ඇයි බන් ඒ 🤔

මෙහෙමනෙ. ෆෑන් එකක් කැරකෙන්නෙ අර සයින් වේව් එක ගානට අඩු වැඩි වෙනකොට ඒකෙන් මෝටරේ ඇතුලෙ ඇතිවෙන මැග්නටික් ෆීල්ඩ් එක ගානට අඩු වැඩි වෙවී නෙ. මලක් පිපෙනව පරවෙනව වගේ, බැලුමක් පිම්බෙනව ඇකිලෙනව වගේ මැග්නටික් ෆීල්ඩ් එකක් ලොකු වෙනව පොඩි වෙනව. එතකොට මෝටරේ කැරකෙනව 😁.
එතකොට මොඩිෆයිඩ් සයින්වේව් සප්ලයි එකක් ආවම මේක අවුල්. අර දන රින මාරු වෙන එක ලස්සනට වෙන්නෙ නැති නිසා මෝටරේ මැග්නටික් ෆීල්ඩ් එකත් නිකන් ලයිට් එකක් ගැස්සෙනව වගේ ලොකු පොඩි වෙන්නෙ. ස්මූත් නෑ. හරියට නිකන් අපි ෆෑන් එකේ වයර් දෙක අතින් අල්ලන් බැට්‍රියක ටර්මිනල් දෙකට තත්පරේකට 50ස් පාරක් මාරුවෙන් මාරුවට අල්ල අල්ල ඉන්නව වගේ. මේක මොඉටරේට හරි අමාරුයි. මැග්නටික් ෆීල්ඩ් එක ගැස්සෙන නිසා මොඉටරෙන් හම් එකක් එනව. මෝටරේ රත් වෙනවත් වැඩී. පවර් එකත් අඩුයි. ඉතින් මෙහෙම වැඩි වෙලාවක් වැඩ කලොත් සොරි වෙනව 😬

ඉතින් හොඳම දේ නං puresinewave inverter ගන්න එක තමා. ඒ උනාට ඒව හෙන ගනං නේ. ඒ නිසා ගාන අඩු modified ඒව ගන්නව නං පාවිච්චි කරන උපකරණ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඒ වගේම මේ පද්ධති කෑලි එකතු කරල එකලාසයක් කරද්දි ආරක්ශාව ගැනත් කල්පනාවෙන්.
පුලුවන් තරම් ප්‍රමිතියෙන් උසස් උපකරණ ගන්න එක තමයි හොඳ. අනිත් ඒව ගනිද්දි වඩා ප්‍රවේසමෙන් ඈ 😬

මොනාහරි ප්‍රශ්න තියනව නම් අහන්න.
වැරදි තියනව නම් හදන්න.
ශෙයා පාරකුත් දාගෙනම යන්න 😉.

හැමෝටම ජයෙන් ජය !
Sanuk Electrical and Construction
0777987764

⚠️️⚠️️️️අකුණු ගසන විට ට්‍රිප් සුවිච් එක ඕෆ් වෙන්නේ ඇයි⚠️️⚠️️⚠️️⚠️                                     ️"අපේ ගෙදර trip sw...
26/04/2022

⚠️️⚠️️️️අකුණු ගසන විට ට්‍රිප් සුවිච් එක ඕෆ් වෙන්නේ ඇයි⚠️️⚠️️⚠️️⚠️ ️"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.

එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ 😛 . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.

ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).
ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.
හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. මේක ලොකු ගැටලුවක් නම් නෙවෙයි. අකුණු වලදි trip switch එක off වෙන්න ඕනි කියල එකක් නෑ. නමුත් අකුණු වලදි trip switch එක off වෙනවනම් ඒකෙන් පැහැදිලි වෙන කාරණා දෙකක් තියනවා. ඒ තමයි trip switch එකේ sensitivity එක වැඩි වගේම , earth එක හොඳයි කියන එක. නමුත් සාමාන්‍යයෙන් කම්පනයකදී වුනත් off වෙන trip switch තියනවා. මේ කාරණාවෙදි මේ හේතු ඔක්කොම සලකල බලන්න වෙනව. නමුත් මේක ගැටලුවක් නෙවෙයි. මොකද අකුණකදී ඇතිවෙන අධි වෝල්ටීයතාවයක් නිසා wire තුලින් එන ධාරාවෙන් යම් කොටසක් earth එකෙන් හෝ වෙනත් ආකාරයකින් ( බිත්ති හරහා )භූගත වෙන්න පුළුවන්.ඒ හේතුවෙන් තමයි trip switch එකක් සාමාන්‍යයෙන් අකුණු වලදී off වෙන්නෙ. නමුත් trip switch එකක් කියන්නෙ අකුණු ආරක්ෂකයක් නෙවෙයි. එය පුද්ගල ආරක්ෂාව සදහා පමණක්ම යොදා ගන්නා device එකක්. ඒක හින්ද විදුලි කාන්දුවකදී ( ආදාල leakage current එකෙදී ) trip switch එක off වෙනව නම්, ඒක තමයි trip switch එකකින් බලාපොරොත්තු වන දේ.ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වලධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.
ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.
තව දුරටත් තේරුම් ගැනීමට අවශ්‍ය නම් මේ link එක touch කරලා video එක බලන්න. -https://youtu.be/XtyMyEHC3Y0 ස්තුතියි .. මම වසන්ත කුමාර.....👍👍👍

The RCCB circuit breaker working principle & how residual current RCCB trip works explained in the video tutorial. Residual current circuit breaker (full for...

09/10/2021

⚠️️⚠️️⚠️️විදුලිය.(electricity)⚠️️⚠️️⚠️️⚠️️

පළමුවෙන්ම අපි විදුලිය (Electricity) පිළිබදව මූලික අවබෝධයක් ලබාගනිමු. විදුලිය ගමන්කරන ආකාරය අනුව ප්‍රධන කොටස් දෙකකට බෙදන්න පුලුවන්,
(1) ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය හෙවත් A.C. විදුලිය (Alternative Current).
(2) සරල ධාරා විදුලිය හෙවත් D.C. විදුලිය (Direct Current).
A.C. විදුලිය (Alternative Current):
විදුලි ධාරාවක් ගලායාමේ විස්තාරය(Amplitude) හෙවත් විශාලත්වය බිංදුවේ සිට උපරිමය දක්වා ගොස් නැවත උපරිමයේ සිට බිංදුවට බැස අනතුරුව එහි දිශාව වෙනස්කර බිංදුවේ සිට උපරිමය දක්වා ගොස් උපරිමයේ සිට බිංදුව දක්වා නැවත පැමිනේ. මෙසේ සම්පූර්ණ වන එක් වටය කට A.C. විදුලියෙහි එක් චක්ක්‍රයක් (ONE CYCLE) ලෙස, හෝ හර්ට්ස් එකක්(ONE HERTZ)ලෙස හදුන්වයි. තත්පර එකකදී මෙසේ ඇතිවන චක්ක්‍ර ගණන “සංඛ්‍යාතය ’’-(Frequency) ලෙස හදුන්වයි.. ශ්‍රී ලංකාවේ දී එය A.C. 230 V හා සංඛ්‍යාතය 50Hz වේ.විවිධ රටවල භාවියට ගන්නා මෙම A.C.ධාරාවන් හර්ට්ස් 25 Hz සිට 125 Hz දක්වා වේ.
සෑම විදුලි උපකරණයකම එයට සැපයිය යුතු විදුලි බලය වෝල්ට්(Volt),හා හර්ට්ස්( Hertz) ගණන සදහන් කරනු ලබයි. ඊට වෙනස් විදුලියක් සැපයීමෙන් , උපකරණ ක්‍රියාත්මක නොවීම හෝ අකාලයේ විනාශ වීම සිදුවේ.
**** A.C. විදුලිය සමග කටයුතු කිරීමේදි ආරක්ෂක ක්‍රම යොදාගත යුතු අතරම, කල්පනාකාරී වීම ඉතා වැදගත්වේ.
D.C. විදුලිය (Direct Current):
සරල ධාරා විදුලිය හෙවත් D.C. විදුලිය එක දිගටම ගලායයි. එම නිසා ධන( + ), හා ඍන( -- ) ලෙස අ ග්‍ර දෙකක් ඇත. විදුලිපන්දම් බැටරි, මෝටර් රථ බැටරි...ආදියෙ හි ඇත්තේ D.C.විදුලියයි. ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනි,ඇම්ප්ලිෆයර්,.......ආදී උපකරන ක්‍රියාත්මක වන්නේ D.C. විදුලියෙනි. මෙම උපකරණ තුල දී A.C.විදුලිය D.C. විදුලිය බවට හරවනු ලබනවා. වෙළදපලේ ඇති (A.C. TO D.C.3v ,4.5v ,6v ,7.5v ....).ජව ඇසුරුම් (POWER PACK) ද, එවැනි උපකරනයකි.
**** D.C. විදුලිය සැපයීමේ දී “ + “ හා “ –“ , අග්‍ර නිවැරදිව සම්බන්ද කිරීම මෙන්ම උපකරණයට නියමිත විදුලිය (AMPERE & VOLTAGE ) පිළිබදව ද සැලකිලිමත් විය යුතුය.....

විදුලි උපකරණ සවිකිරීමේ ක්‍රම

විදුලි උපකරණ සවිකිරීමේ ක්‍රම:
ප්‍රධන ක්‍රම දෙකක් ඇත. එනම්,
(1) සමාන්තර ක්‍රමය,(PARALLE SYSTEM).
(2) ශ්‍රේණිගත ක්‍රමය,(SERIES SYSTEM)

(1) සමාන්තර ක්‍රමය,(PARALLE SYSTEM).

පහත රූපය බලන්න. බැටරියේ ධන හා ඍන අග්‍ර වලට සෑම බල්බයක්ම සමාන්තරව සවිවන ආකාරය. එසේම “ A”, “B”,”C” ස්ථාන වලට SWITCH යෙදීමෙන් බල්බ වෙන වෙනම ON/OFF කිරීමට හැකි බව.
නිවාසක විදුලි බුබුලු හා අනෙක් උපකරණ සවිකිරීමේදී අනුගමනය කරන්නේ මෙම ක්‍රමයයි.

(2) ශ්‍රේණිගත ක්‍රමය,(SERIES SYSTEM):
ශ්‍රේණිගත ක්‍රමයට විදුලි උපකරණ සම්බන්ධ කිරීමේදි, එක් විදුලි උපකරණයට ඇතුල්වන විදුලිය එය හරහා ගමන්කර ඉන් අනතුරුව ඇති විදුලි උපකරණයට ඇතුල්වේ,මේ ආකාරයට උපකරණ හරහා ගොස් විදුලියේ අනෙක් අග්‍රයට සම්බන්ධවේ.
විදුලි පරිපථ වලදී අවශ්‍යතාව අනුව මෙම ක්‍රම දෙකම යොදාගනී...

විදුලිය පිළිබදව කටයුතු කිරීමේදී වැදගත් වනඒකක
විදුලිය පිළිබදව කටයුතු කිරීමේදී අපට හමුවන ඒකක කිහිපයක්වේ. මේ මිණුම් ඒකක පිලිබදව ඔබ දැණුවත් වන්න. ඉදිරියේදි ප්‍රයෝජනවත් වනු ඇත.
1) වෝල්ට් ( V ) – Volt.
2) ඇම්පියර් ( A )- Ampere.
3) වොට් ( W ) – Watt.
4) ඕම්ස් ( Ω ) – Ohms.
VOLT (වෝල්ට් ) (V )
වෝල්ට් ඒකකයෙන් මනිනු ලබන්නේ විභව අන්තරය හෙවත් විදුලියේ පීඩනයේ ප්‍රමානයයි. ඉංග්‍රීසි වී ( V ) අකුරෙන් සංකේත කරයි.
උදා:- විදුලි පන්දම් බැටරි 1.5 v ; කාර් බැටරි 12 v ත, නිවාස වල (ප්‍රධාන) විදුලිය 220v .
“වෝල්ට් ඒකක් යනු ඕම් එකක ප්‍රතිරෝධයක් තුලින් ඇම්පියර් එකක ධාරාවක් ගලා යාමට යොදන පීඩනයයි“.

මයික්‍රෝ මයික්‍රෝ වෝල්ට් 1000 = මයික්‍රෝ වෝල්ට් 1.
මයික්‍රෝ වෝල්ට් 1000 = මිලි වෝල්ට් 1.
මිලි වෝල්ට් 1000 = වෝල්ට් 1 වෝල්ට් 1000 = කිලෝ වෝල්ට් 1.
කිලෝ වෝල්ට් 1000 = මෙගා වෝල්ට් 1.

AMPERE ( ඇම්පියර් ) (A )
ඇම්පියර් මගින් විදුලි ධාරාවේ ප්‍රමානය මනිනු ලබයි. මෙය (A ) මගින් දක්වනු ලබයි.
ඇම්පියර් එකක් යනු, “වෝල්ට් 1 ක විදුලියක් ඕම් 1ක ප්‍රතිරෝධයක් හරහා ගමන් කරන විට ගලන විදුලි ධාරා ප්‍රමානයයි.

WATT ( වොට් ) (W )
විදුලිය වැයකරන ශක්ති ප්‍රමානය (ක්ෂමතාවය ) W අක්ෂරයෙන් සලකුනු කරයි.

උදා:- 1) විදුලි බල්බ, 40 w, 60w, 75 w , 100w….
2) ස්පීකර්... 1 w.... බල වර්ධක, විදුලි උදුන්...

OHMS (ඕම්ස් ) (Ω )
විදුලි ගමනට කරනු ලබන බධාවේ ප්‍රමානය. මෙය ප්‍රතිරෝධය නමින් හදුන්වයි. ප්‍රතිරෝධය මනිනු ලබන්නේ ඕම්ස් (OHMS ) නම් ඒකකයෙනි.

1000 Ω = 1 k Ω.
1000 k Ω = 1 M Ω.
1000 M Ω = 1 G Ω.

ස්තුතියි , අපි ඇහැලියගොඩ සනුක් ඉලෙක්ට්‍රිකල් 👍👍👍

22/09/2021
We are currently becoming the number one electrical installation company in Sri Lanka ... We are providing our service t...
28/06/2021

We are currently becoming the number one electrical installation company in Sri Lanka ...
We are providing our service to our clients to the fullest ....
If anyone wants to hate us, please do not follow the rules of the face book community standards and use our page and other social media.
We are ready to answer your questions at any time ....

අපි දැනට ශ්‍රී ලංකාවේ අංක එකේ විදුලි ස්ථාපන සමාගම බවට පත්වෙමින් සිටිමු ...
අපි අපගේ සේවාව අපගේ සේවාදායකයින්ට උපරිම ලෙස සපයන්නෙමු ....
යමෙකුට අපට වෛර කිරීමට අවශ්‍ය නම්, කරුණාකර.......
ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන්ගේ නීති රීති අනුගමනය නොකර අපගේ ෆේස්බුක් පිටුව සහ වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරන්න.
ඔබගේ ප්‍රශ්න වලට ඕනෑම වේලාවක පිළිතුරු දීමට අපි සූදානම් ....

28/05/2021

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා පොයින්ට් එකක් වයරින් කරන්න කීයද කියලා මම 850යි කිව්වා.

කස්ටමර් - මේ පොඩි.වැඩේට කරන්න එච්චර ගන්නවද 🤓

මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො 😌

කස්ටමර් - වැඩිම උනොත් 500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ 🤨

මම කිව්වා '' අපරාදේ මට 850 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල

කස්ටමර් - '' ඒත් මං ඔය ඉලෙක්ට්‍රිකල් වැඩ දන්නැනේ මල්ලි''

මම - හරි පොයින්ට් එකට 500 ක් මට දෙන්න. මං උගන්නන්නම්,අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම wiring කරගන්න පුළුවන්

කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි
'
මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා ටූල්ස්, drill, grinder වර්ග,එහෙම ලෑස්ති කරගන්න ඕනේ

කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක වැඩක් කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?
"
මම - " හරි....මට තව 1000 ක් දෙන්න, මං මගේ ටූල්ස් සහ කලමනා ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න

කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,

මම - මම සදුදා උදේ එන්නම්, ටූල් ටිකයි ඉනිමගයි ගෙනියන්න වාහනයක් එවන්න.
මම helper කෙනෙක් ගෙන්නෙ නෑ අයියට පුලුවන්නෙ බිත්ති ටික කඩල දෙන්න
කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්

මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ

කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න

මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව

කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔

මම - ඇයි අයියෙ කරන්ට් බිල්?මහන්සිය එහෙම 😅

😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....850 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"

-------------------------------------------------------------------

විශේෂයෙන් කාර්මික කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං මජං අතගානවට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන technician ට තියෙන,

දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.

කාටවත්ම බැ technician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන ඉලෙක්ට්‍රිකල් වැඩකදි.

මේක මම ලිව්ව දෙයක් නෙමි, ඒත් මං මේක share කරනව, Electrician වගේම අනික් වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
ජය වේවා.

උපුටා ගැනීමක්... අපේ job එකටත් අදාලයි.

මා හට විදුලි සැපයුම ලැබෙන්නේ කුමන බලාගාරයෙන් ද?ඇත්ත වශයෙන්ම ඔබ විදුලි බලාගාරයකට ලඟින්ම පදිංචිව සිටින්නෙකු වූව ද මෙම පැණය...
28/05/2021

මා හට විදුලි සැපයුම ලැබෙන්නේ කුමන බලාගාරයෙන් ද?

ඇත්ත වශයෙන්ම ඔබ විදුලි බලාගාරයකට ලඟින්ම පදිංචිව සිටින්නෙකු වූව ද මෙම පැණයට බොහෝ විට ඔබ බලාපොරොත්තු වන අන්දමේ පිළිතුරක් ලබා දිය නොහැකිය. මෙය විශාල මෝයක් අසල මුහුදකින් ජලය බාල්දියක් ගෙන බාල්දියේ ඇති ජලය කුමන ගංගාවෙන් පැමිණියේ දැයි සිතීමට සමානය.

මෙම ගැටළුව තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය ක්‍රියාත්මක වන අකාරය පැහැදිලි කරගැනීම උදව් වනු ඇත. ඔබ වෙත විදුලිය සැපයීමට දායක වන්නාවූ විදුලි බලස්ථාන සියල්ලම ජනනය කරන විදුලිය යොමු කරනු ලබන්නේ එකිනෙකට සම්බන්ධ (අන්තර්සම්බන්ධ) දැලක් බඳු ව්‍යූහයකටය. අප එය හඳුන්වනු ලබන්නේ 'බලශක්ති ජාලය' (power grid) ලෙසය. එම බලශක්ති ජාලයේ පවතින අන්තර්සම්බන්ධතා සැකසී ඇත්තේ කිවො 220 හෝ 132 කිවො අධි සැර විදුලි සම්ප්‍රේශණ මාර්ග මගින්ය. එම සම්ප්‍රේශණ මාර්ග රටේ පවතින සෑම විදුලි බලාගාරයක්ම සම්බන්ධ වී ඇත්තේය. (අන්තර්සම්බන්ධතාවන් ලෙස මෙහි හඳුන්වනු ලබන්නේ ඔබ අප සැම ගමනා ගමනයේදී විවිධ ප්‍රදේශවල දැක ඇති විශාල හා උස වානේ කුළුණු රැහැන්ය)

එකිනෙකට සම්බන්ධව පවතින මෙම ජාලයේ ඇතැම් ස්ථානයන්වල 'ජාල උපපොලවල්' (grid substations) ලෙස අප විසින් හඳුන්වනු ලබන නෝඩු (nodes) ඇත. උපපොළේ දී වෝල්ටීයතාවය අඩු කිරීමට ලක්වන අතර එය ඉහළින් දිවෙන හෝ පොළව තුළින් දිවෙනා බෙදාහැරීමේ මාර්ග මගින් ඔබේ නිවසට හෝ කාර්යාලයට ගෙන එනු ලැබෙයි. මෙහි අධිසැර විදුලිබලය අඩුසැර විදුලිබලයට පරිවර්තනය කිරීමේ කටයුත්ත ද පියවර කිහිපයකින් සිදුවන ක්‍රියාවලියකි.

නේවාසික ප්‍රදේශ කරා දිවෙනා විදුලි රැහැන් සාමාන්‍යයෙන් වෝල්ටී‍යතාවය 4,200 – 34,500 අතර විදුලියක් රැගෙන යයි. ඒ ඒ කලාපයන් තුළ කණු මත (හෝ භූමිය මත සුරක්ෂිතව ස්ථාපනය කර ඇති) වෝල්ටීයතාවය පහළ දමන ට්‍රාන්ස්ෆෝමර භාවිතයෙන් (STEP-DOWN TRANSFORMER) එම විදුලියේ වෝල්ටීයතාවය නිවාසවල භාවිතයට සුදුසු වන ආරක්ෂාකාරී සාමාන්‍ය වෝල්ට් 220 සිට 400 දක්වා ප්‍රමාණයන්ට තවදුරටත් අඩු කෙරේ.

මේ අයුරින් ජාතික බලශක්ති ජාලයට සම්බන්ධව ඇති සියළු විදුලිබලාගාර එකිනෙකට අන්තර්සම්බන්ධිත හෙයින් ඔබ වෙත විදුලිය ලැබෙන්නේ කුමන විදුලි බලාගාරයෙන්ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකිය. කෙසේ නමුත් මෝයක් අසල මුහුදකින් ජලය බාල්දියක් ගැනීම පිළිබඳ උදාහරණයේදී මෙන්ම, ඔබ විදුලි බලාගාරයක් අසල පදිංචිව සිටින්නෙක් නම් ඔබ නිවහන වෙත ගලා එන්නා වූ විදුලි සැපයුමෙන් වැඩි කොටසක් අසල පවතින එම විදුලි බලාගාරයෙන් ලැබෙනවා විය හැකි බවට අපට පැවසිය හැකිය.

උපුටාගැනීම
ලංකා විදුලිබල මණ්ඩලය ඇහැලියගොඩ කාර්යාලය නිල ෆේස්බුක් පිටුවෙන්

23/05/2021

දිවයින පුරා විදුලිය එකවර බිඳවැටෙන්නේ කෙසේද?

අප සැම මූලික විද්‍යාවෙන්ම උගන්නා පරිදි විදුලිය යනු බලශක්තියේ එක් ස්වරූපයකි. එය නිර්මාණය කිරීමට හෝ විනාශ කිරීමට නොහැකිය. තවද, විදුලිය ප්‍රත්‍යාවර්තන ධාරා (AC) ස්වරූපයෙන් විදුලිය ගබඩාකර තබාගැනීමටද හැකියාවක් නොමැත. ඒ ආකාරයෙන් විදුලිය ගබඩාකර තබාගැනීමට ඇති නුපුළුවන්කම නිසා යම් කාල සීමාවක් තුළ විදුලි පාරිභෝගිකයෙකු යම් බලශක්ති ප්‍රමාණයක් ඉල්ලුම් කරන්නේ ද, අප හට එම බලශක්තිය තත්‍යකාලීනව (realtime) ජනනය කර ලබා දීමට සිදුවේ. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් අප විසින් විදුලි බලශක්ති සැපයුම සහ ඉල්ලුම (supply & demand) යන දෙක සෑම විටම තත්‍යකාලීනව (realtime) සමානව පවත්වාගත යුතු වෙයි.

මෙම සමබර කිරීමේ කටයුත්ත සිදුකෙරෙන්නේ විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය (frequency) මගපෙන්වීමක් ලෙස ගනිමිනි. (අප රටේ 50Hz වේ) උදාහරණයක් ලෙස, ඔබ වැනි පාරිභෝගිකයින් විසින් තත්පරයක කාල පරාසයක් තුළ, මෙගා ජූල් 1,000 බලශක්තියක් (1,000MJ) පද්ධතියෙන් ඉල්ලුම් කර සිටින්නේ ද, (තත්පරයකදී 1,000MJ ඉල්ලුම 1,000MWට සමානය), ලංවිම විසින් නිශ්චිතවම මෙ.වො. 1,000ක විදුලිබලයක් තත්‍යකාලීනව (realtime) පද්ධතියට සැපයිය යුතු වේ. අප විසින් ඒ අයුරින් පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට සමාන සැපයුමක් ලබා දෙන විටදී විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය සමබරව පවතී (අප රටේ 50Hz). යම් හෙයකින් ඔබගේ ඉල්ලුමට වඩා අපගේ සැපයුම අඩු මට්ටමක පවතින්නේ නම්, සංඛ්‍යාතය 50Hz මට්ටමින් පහතට වැටෙයි. ඒ අයුරින්ම ඔබගේ ඉල්ලුමට වඩා අප විසින් විදුලිබල සැපයීමක් සිදු කළහොත් සංඛ්‍යාතය 50Hz වලට වඩා ඉහල යනු ඇත. හේතුව එයට ලබාදීමට හැකි ශක්තියට වඩා ශක්තියක් පද්ධතියෙන් ඉල්ලා සිටින විටක එය ටර්බයිනය චාලක ශක්තිය වැය කර එම අවශ්‍යතාව සැපිරීමට කටයුතු කරන අතර එවිට එහි භ්‍රමණ වේගය අඩුවී ජනන විදුලි සංඛ්‍යාතය 50Hzට වඩා අඩුවේ. එපරිද්දෙන්ම පද්ධතියට අවශ්‍ය පමණට වඩා බලයක් නිපදවෙන අවස්ථාවක එම ශක්තිය ටර්බයිනය චාලක ශක්තිය ලෙස රඳවා ගැනීමට තැත් කිරීම නිසා එමගින් ප්‍රතිදාන විදුලු සැපයුම් සංඛ්‍යාතය 50Hzට වඩා වැඩි වේ.

මෙය උදාහරණයක් ලෙසට පහත පැහැදිලි කල හැක.

ඇතැම් හදිසි අවස්ථාවන්වලදී අපගේ විදුලිබලාගාර ස්වයංක්‍රීයව විසන්ධිවීමට හෝ ක්‍රියා විරහිත වීමට ලක් වේ (getting tripped). උදාහරණයක් ලෙස පාරිභෝගික විදුලි ඉල්ලුම මෙ.වො.1000ක ප්‍රමාණයක පවතින මොහොතක ඒ ආකාරයෙන් විශාල ධාරිතාවයක් සපයනු ලබන බලාගාරයක් (මෙ.වො. 100ක් යැයි සිතමු) හදිසියේ අක්‍රිය වුවහොත්, පෙර කී සැපයුම්- ඉල්ලුම් සමබරතාවය පවත්වාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති වෙයි. දැන් පාරිභෝගිකයින්‍ගේ ඉල්ලුම මෙ.වො. 1,000ක් වන නමුත් අපගේ සැපයුම පවතින්නේ මෙ.වො. 900කය. එහි ප්‍රථිඵලයක් ලෙස විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය නියමිත මට්ටමින් පහතට වැටේ. (එසේ සිදුවන්න ආකාරය ඉහත පැහැදිලි කර ඇත) එවිට පද්ධතිය මෙහෙයවමින් සිටින ඉංජිනේරුවන් හට ඉතා ඉක්මනින් ක්‍රියාත්මකවී හිඟ මෙ.ව‍ො.100ක බලශක්තිය වහා සැපයීමට කටයුතු කිරීමට සිදුවේ. කෙසේ නමුත්, ඒ සඳහා යම් කාලයක් ගත වේ. නැවත සැපයුම්-ඉල්ලුම් සමබර කරනතුරු විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය හර්ට්ස් 50ට මට්ටමින් පහතට වැටේ.

විදුලි බලාගාර ගත් කළ ඒ ඒ බලාගාරවලට නියමිත සංඛ්‍යාතයන් පවතින අතර, එම සංඛ්‍යාතයන්ට අඩු මට්ටමකින් පද්ධතිය පවතින විටකදී ක්‍රියාත්මක වීම එම බලාගාරවල පැවැත්මට හානිකරය. උදාහරණයක් ලෙස අප රටේ පද්ධතියට සම්බන්ධ කර ඇති විදුලි බලාගාර බොහොමයකට 50Hz±1% සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට නොහැකිය. එහෙයින් අඩු ‍සංඛ්‍යාතයක පද්ධතිය පැවතීමට ඉඩහැරියහොත් යම් වේලාවකට පසු පවතින අනෙකුත් බලාගාර ද අක්‍රිය වීමට පටන්ගන්නා අතර එමගින් විදුලි හිඟය තව තවත් උග්‍ර වේ. මෙසේ කොටසක් අක්‍රියවීම ක්‍රමයෙන් පැතිරී යාම හේතුකොටගනිමින් මුළු පද්ධතියම බිඳ වැටෙන තත්ත්වයක් දක්වා වුවද වර්ධනය විය හැකිය.

කෙසේ නමුත්, බාධාකාරී තත්ත්වයන් උද්ගත වන විට සැපයුම-ඉල්ලුම යථා තත්ත්වයට පත් කර ගැනීමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග මෙන්ම, පද්ධතිය මෙහෙයවන්නන් අතින් සිදුකෙරෙන්නා වූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ද පවතින හෙයින් සෑම බලාගාර බිඳවැටුමක් හෝ විසන්ධිවීමක්ම සමස්ථ පද්ධති බිඳ වැටීමක් බවට පත් වන්නේ නැත.

ඔබද දැනුවත් වී ඔබේ මිතුරාද දැනුවත් කරන්න...

04/05/2021

⚠️️⚠️️🔥 🔥 ඔබේ නිවසේ විදුලි කාන්දුවක් ඇති බව පෙන්වන ඉඟි 6 ක්.🔥 🔥 ⚠️️⚠️️⚠️️

පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට බොහෝ නිවාස විදුලි සැර වැදිම් හා ගිණී ගැනිම් අනතුරු වලින් ආරක්ෂා වන සේ නිර්දේෂිත විධිවිධාන වලට අනුකූලව නිවැරදි සකස් කර නොමැති බව කියවේ. හරියාකාර දැනුමකින් හෝ මෙහෙයවීමකින් තොරව විදුලි ‍රැහැන් ඇද තිබීම හා විදුලි සවිකිරීම් සිදුකිරීම එයට හේතු සේ ඔවුන් දක්වයි. කුඩා දරුවන් සිටින නිවසක එවැනි විදුලි දෝෂ සහිත වීම වඩාත් භයානක විය හැකියි.කුමක් හෝ අනතුරක් වීමට පෙර හොඳ අවධානයකින් සිටීමෙන් එවැනි අවදානම් පිලිබඳව යම් යම් ඉඟි හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. එය අපට බොහෝ වාසියක් වෙනවා. ඔබේ නිවසේ තිබියහැකි අවධානම් දේවල් ගැන ලැයිස්තුවක් මම ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. මේ වගෙන් එකක් හෝ ඔබේ නිවසෙත් දැකගන්න තිබෙනවානම් වහාම එය දක්ෂ විදුලි කාර්මිකයෙක් ලවා පිලිසකර කරන්න කියලා අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා.

1. ඇල්ලිය නොහැකි තරමට ස්විචය (වහරුව) රත් වීම.

බාවිතයේදී ඇතැම් උපාංග රත් වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත්, ඒ සමඟම ස්විචයත් රත් වීම නම් යහපත් සංඥාවක් නෙවෙයි. පේනුව හෝ ස්විචය ලිහිල්ව පවතීනම් විදුලි උපකරණයට වැඩියෙන් විදුලිය ගමන් කලයුතු වේ. එසේ ගමන් කරන වැඩි විදුලිය තාපය බවට පරිවර්තනය වී ඉවත්වී යයි ඔබේ නිවසේත් මෙසේ සිදුවනවා නම් වයරය ස්විචයෙන් ඉවත් කර නැවත මාරු කර සකස් කරන තෙක් ස්විචයට විදුලි උපාංග සම්බන්ධ නොකරන්න.

2. විදුලි බල්බ නිවි නිවී දැල්වීම.

හොල්මන් චිත්‍රපටි වල වගේ ඔබේ නිවසේත් බල්බ නිවි නිවී දැල් වෙනවාද? නිවි නිවී විදුලි බල්බ දැල්වීමට පටන්ගැනීම ලිහිල් වු විදුලි සම්බන්ධතාවයක් ගැන සංඥා කිරීමක් ලෙස කියන්න පුලුවන් (loose electrical connection). ගැටලුව කොහේදැයි සෙවීමට, නිවසේ බල්බ කීයක් මෙසේ නිවි නිවි දැල්වෙනවාදැයි පරීක්ෂා කර බලන්න. එසේ හමු වූයේ එක් බල්බයක් පමණයි නම් දෝෂය ඇත්තේ වයර් ඇද තිබෙන ආකාරයේයි. නමුත්, විදුලි බල්බ ඊට වඩා වැඩි ගණනක් තිබේ නම් , ගැටලුව තිබෙන්නේ ඔබේ පරිපථයේ (Circuit) විය හැකියි. ඒ නිසා ඔබ නිවසේ ඇති breaker box එක හෝ නිවසින් පිටත සවි කර තිබෙන Service drop එක පරීක්ෂාකල යුතුවනවා.

3. ස්විචය බිත්තියට හොඳින් සවිවී නොතිබීම.

ලිහිල් වූ ස්විචයක් නිවසේ තිබීම ඉතා අනතුරු දායකයි. බිත්තියට තදින් සවි වී නොමැති විට බිත්ති තුලින් වයර් පිටතට පැනීම, කුඩා විදුලි පුපුරු ඇතිවීම, පරිපථ දෝශ හට ගැනිම වගේම ගිණි ගැනීම් ද ඇති වීමට ඉඩකඩ තිබිය හැකියි.

4. ඔබේ නිවසේ මීයන් බහුල නම්,

ප්‍රමාණයෙන් කුඩා වුණත් මීයන්ට මිනිසුන් බියක් දක්වනවා. ඔබත් නිවසේ ඇති විදුලි ‍රැහැන් නැතිනම් වයර් ගැන් සැලකිලිමත් නම් ඔබ අනිවාරයෙන්ම මීයන්ට බියවිය යුතුමයි. මීයන් ඔබේ විදුලි පරිපථ හා වයර් සපා තිබී ,ඔබ නොදැනුවත්ව ඒවා ඇල්ලිමට යාමෙන් ඔබට විදුලි සැර වැදීම හෝ ගිණි පුපුරුවලින් අනතුරු ඇති විමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි.

5. ඇලුමිනියම් වලින් තැනූ වයර්

අතීතයේදි වයර් සෑදීම සඳහා බාවිත කර ඇත්තේ ඇලුමිනියම්ය. ඊට හේතුව නම් 60′ දශකයයේ දි තඹ වල ඇති වූ හිඟයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වූයේ එලෙස ඇලුමිනියම් වයර් වලින් ‍රැහැන් ඇද තිබු නිවාස ‍රැසක් ගිණි අනතුරු වලට ලක් වී තිබෙන බවයි. ස්විචයට, විදුලි බල්බය සවිකරන holder වලට වයරය සම්බන්ධ කල විට ඇලුමිනියම් ඔක්සීකරණයට ලක් වීම නිසා ඒවා අධික ලෙස තාපවත් වෙනවා. එම නිසා අධි විදුලි ධාරාවක් ඇති වූ විට ගිණි අනතුරු ඇති වීම සිදු වෙනවා.

6. පිලිස්සෙන ගඳක් දැනීම

පිලිස්සෙන ගඳක් වහනය වෙනවානම් ඒක බලාගෙන ඉන්න තරම් හොඳ දෙයක් නෙවෙයි. පිටත ඇති ප්ලාස්ටික් ආවරණය දිය වන තරමට වයරයක් කිසිදාක රත් නොවිය යුතුයි. නමුත් එසේ වී තිබෙනවානම් ඔබ වහාම ඊට ක්‍රියාමාර්ග ගනිමින් ගිණි අනතුරු ඇතිවීම වළක්වගැනීමට කටයුතු කලයුතු වෙනවා.

මෙවැනි විදුලි දෝෂ ඔබේ නිවසේත් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.

ස්තුතියි ..මම වසන්ත කුමාර 👍👍👍

Address

Eheliyagoda

Alerts

Be the first to know and let us send you an email when Sanuk electrical and construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanuk electrical and construction:

Share