26/08/2026
පින්බර නිකිණි පෝය දිනයක් වේවා!
බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය.
එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට විග්‍රහ කිරීමේදී එහි වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘ වන්නේ මේ පර්යාප්තිය බව බුදු දහමේ පෙන්වා දී ඇත.
පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගතවීමෙන් පසුවය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසක වන අතර. එයින් තෙමසකට පසුව නිකිණි මාසයේ පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොය ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි .ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවු අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහොය දිනයේදීය.
පළමු ධර්ම සංගායනාවට මූලිකත්වය ගත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අරහත් මාර්ගයට පිවිසියේද අදවන් නිකිණි පොහෝ දිනකය.
Kanchana Roller Door
Panamura Road,Udagama.
Embilipitiya.
Call Us : 077 3982741 / 047 2230187