DNL Home Design & Construction

DNL Home Design & Construction "Bringing natures 🌴 buildings 🏠 and human being 👭 together in higher unity"

" "

Architecture planning (2D/3D),
Estimates for bank loan,
Structural engineering drawings,
Consultation for all kind of civil engineering work,
All kind of construction,
Charted engineering and local authority approval,
Soil testing & investigation

🙏
31/12/2025

🙏

ගොඩනැගිලි ඉදිකිරීමක අඩංගු කාර්‍යයන් ගැන  මේ රූප සටහනෙන් හොද අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. මිනිස් රූපයෙන් ඒක වඩ...
22/06/2025

ගොඩනැගිලි ඉදිකිරීමක අඩංගු කාර්‍යයන් ගැන මේ රූප සටහනෙන් හොද අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. මිනිස් රූපයෙන් ඒක වඩාත් හොදින් තේරෙයි.

📌 Architect : වාස්තු විද්‍යාඥයකුගෙ කාර්‍යය තමයි මනා නිමාවකින් පේන්නෙ. එයාලට තමයි පුළුවන් සේවාදායකයාගේ ඉල්ලීම අනුව එහි බාහිර නිමාව ( අභ්‍යන්තර අංගෝපාංග වල නිමාවන් හා Space planning, material selection ඇතුළුව ) සකසා දෙන්න.

📌 Strictural Engineer: ව්‍යුහගත ඉංජිනේරුවන්ගේ කාර්‍යය තමා වාස්තු විද්‍යා සැලසුමට අදාල ව්‍යුහය සකස් කරල දෙන එක, ඒකෙදි කොන්ක්‍රීට් , යකඩ වගේ දේවල් භාවිතා කරල ශක්තිමත් ව්‍යුහයක් නිර්මාණය කරල දෙන්න ව්‍යුහ ඉංජිනේරුවන්ට පුළුවන්.

📌 MEP Engineer : ගොඩනැගිල්ලට අවශ්‍ය සේවා සපයන්නේ MEP ඉංජිනේරුවන්, ඒ කියන්නෙ යාන්ත්‍රික, (Mechanical ), විදුලි(Electrical) හා ජල නල ( plumbing , ජල සේවා හා අපවහන සේවා ඇතුළුව )

ඉතිං ඔය ඔක්කොම වැඩ බාස්ලගෙන් කරගන්න ගිහිං ඇණගෙන තමා ඔයාල අපිව හොයාගෙන එන්නෙ , හා නැද්ද 😁😜
©️

"When architecture meets nature—beauty breaks through the concrete."
05/05/2025

"When architecture meets nature—beauty breaks through the concrete."

PILING AND DEEP FOUNDATIONS ARE NEEDED WHEN THE SURFACE SOIL IS TOO WEAK OR UNSTABLE TO SUPPORT THE WEIGHT OF A BUILDING...
30/04/2025

PILING AND DEEP FOUNDATIONS ARE NEEDED WHEN THE SURFACE SOIL IS TOO WEAK OR UNSTABLE TO SUPPORT THE WEIGHT OF A BUILDING OR STRUCTURE

ණය නැතිව ගෙයක් හදා ගන්න නම් මෙන්න මේ දේවල් අදාළයි...🏠 අපි හිතනවා ගෙයක් හදන්න නම් සල්ලි විතරයි ඕනෙ කියලා... තියෙන සල්ලි ට...
29/04/2025

ණය නැතිව ගෙයක් හදා ගන්න නම් මෙන්න මේ දේවල් අදාළයි...

🏠 අපි හිතනවා ගෙයක් හදන්න නම් සල්ලි විතරයි ඕනෙ කියලා... තියෙන සල්ලි ටික අතට ගත්තම ගෙවල් හදන්න පුළුවන් කියලා. ඒත් මේක එච්චර සරල නෑ. ගෙයක් හදන්න සල්ලි ඕනෙ තමයි, ඉඩම ඕනෙ තමයි, ඒත් මේවා විතරක් නෑ. මුදල් කළමනාකරණය, හරියට සැලසුම් කරගන්න එක, හොඳ කොන්ත්‍රාත්කරුවෙක් හොයාගන්න එක... මේවත් එක හා සමානව වැදගත්.

🔨 ගෙයක් හදන්න යන වැඩියෙන්ම කරදරයක් වෙන්නෙ ඔය බාස්ලා හරහා. ඔයා දන්නවද, සමහර බාස්ලා තියෙන්නෙ අපේ සල්ලි කාලා, අපේ මනස කාලා, අපේ සැලසුම වෙනස් කරලා, ගෙ අතරමග දාලා යන්න. ඇත්ත කතා කරොත්, මෙතනදි අපි ගොඩක් වෙලාවට ලොකු වැරැද්දක් කරනවා.

💰 අද අපි බලමු ඔය ලොකු වැරැද්ද මොකක්ද කියලා. කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර හොඳට කළමනාකරණය කළත්, මිල අඩු තැනින් බඩු ගත්තත්, අපි කරන වැරැද්ද තමයි නිවස හදන්න දෙන බාස් මහත්තයලත් එක්ක කටවචනෙන් එකඟතා හදාගන්න එක! ගෙයක් කියන්නෙ ඔයාගෙ ජීවිතේ විශාලම ආයෝජනයක්. ඒක කටවචනෙන් කියලා භාර දෙන්න එපා.

📝 ඔයා හිතන්න - ගෙයක් හදන්න ඔයා ආයතනයක් තෝරගත්තොත් ඉතින් ආයතනය වගකීම් සහගතව වැඩ කරනවා. හේතුව ඔවුන් කීර්තිනාමය රඳවාගන්න ඕනෙ. නමුත් එහෙම උනත් ගැටළු ඇති වෙන්න පුළුවන්. එහෙනම් පෞද්ගලික බාස් කෙනෙක් එක්ක කරන ගනුදෙනුවල තත්ත්වය කොහොමද කියලා හිතන්න!

📋 මෙන්න තියෙන්නෙ ඔයාලට ගෙයක් හදනකොට අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල්:

**1. ගිවිසුමක් අත්සන් කරන්න**
පොඩි වැඩකට උනත් ලිඛිතව ගිවිසුමක් ලබා ගන්න. ඔයා ලක්ෂ ගානක් වියදම් කරන්න යනවා, ඒත් රුපියල් 500ක් වියදම් කරලා ගිවිසුමක් ලියාගන්න බෑ කියලද?

**2. මුදල් ගෙවීම් හැමදාම ලිඛිතව හා ලදුපත් සහිතව කරන්න**
මුදල් දෙනකොට ඒවා ලිඛිතව සටහන් කරන්න, ලදුපත් ලබා ගන්න. සමහර බාස්ලා ලක්ෂයක් අරගෙන පස්සෙ කියනවා අනූදාහයි කියලා, ඔයාට මොකද හිතාගන්න ඒක ලක්ෂයක්ද අනූදාහක්ද කියලා.

**3. කරන්න තියෙන වැඩ ලිඛිතව දෙන්න**
ඔයා කැමති දේ පැහැදිලිව ලිඛිතව දෙන්න. "ඒ ගැන කිව්වේ නෑ" "ඒ ගාන කිව්වේ අර වැඩේට විතරයි" "ඇහුවේ නෑ" වගේ දේවල් අහන්න එපා පස්සෙ.

**4. වැඩ අතරමඟ දාලා යන බාස්ලාට ප්‍රවේශම් වෙන්න**
ඔයාට තේරෙනවාද මේ මොකක්ද වෙන්නෙ කියලා? බාස් ගොඩක් වෙලාවට මුදල් බොහොමයක් අරගෙන, පොඩි වැඩක් දාලා යනවා. උදාහරණයක් විදියට නානකාමරයක් හදන්න දුන්නොත්, ඔහු මුදල් මුළුමනින්ම වගේ අරගෙන, ෆිටින් ඇතුලු සියලු වැඩ නොකර යනවා. ඔයා නැවත වෙන කෙනෙක්ට එය භාර දෙන්න අවශ්‍ය වෙනවා. ඒ කෙනා තවත් මුදල් ඉල්ලනවා. අන්තිමට වැඩේ අතරමඟ නැවතුනොත් කවුරුත් වගකීම භාර ගන්නෙ නෑ!

🏗️ අහල කියල ඉගෙන ගත්ත තව දෙයක් තමයි - නීතිමය පියවර ගන්න පහසු වෙන්නෙ ඔයා ලිඛිතව දේවල් කළොත් විතරයි. වෘත්තියක් තියෙන හැම කෙනෙක්ම වගකීමක් භාර ගන්න ඕනෙ. ඔයා හරිහැටි ලිඛිතව හරි ගිවිසුම් හදන් නැත්තං ඔයාට ලැබෙන්නෙ මොකක්ද?

⚠️ ඔයා ගෙයක් හදන්න ගිහින් මොකක් හරි වැරදුනොත් මොකද වෙන්නෙ? වියදම දෙගුණ, තෙගුණ වෙනවා. අමුද්‍රව්‍ය වල වටිනාකම නාස්ති වෙනවා. ඔයාගෙ කාලය, මානසික ශක්තිය, ගෙවන මුදල... මේ ඔක්කොම නාස්ති වෙනවා.

📌 ඉතින් මතක තියාගන්න ගෙයක් හදනවා කියන්නෙ මුදල් විතරක් නෙවෙයි, මුදල් කළමනාකරණය වගේම මානව කළමනාකරණයත් වැදගත්. ඕනෑම වැඩක් කරන්න කලින් හරියට සැලසුම් කරලා, ගිවිසුම් හදාගෙන කරන්න.

🙏 ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියෙන ඔයා මේ දේවල් කියවලා වැඩකට ගන්න.

✍️ මතක තියාගන්න, ගෙයක් හදන්න පුළුවන් ණය නැතිව - ඒත් පරිස්සමෙන් පියවරෙන් පියවර යා යුතුයි!

Copied from Facebook.

©️ ස්වභාවධර්මය සමඟ ඒකාත්මික වන නූතන නිවහනක්...අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස, කෝණික වෙළුම්, විවෘත අවකාශයන් සහ...
27/04/2025

©️

ස්වභාවධර්මය සමඟ ඒකාත්මික වන නූතන නිවහනක්...

අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස, කෝණික වෙළුම්, විවෘත අවකාශයන් සහ සැලකිල්ලෙන් ඒකාබද්ධ කරන ලද මිදුල් හරහා ස්වභාවධර්මය වැළඳ ගනී.බෑවුම් සහිත ස්ථානයක සිතාමතා ඉදිකරන ලද මෙම නිර්මාණය, ස්වභාවික මට්ටම් සහ පවතින ගස් සඳහා ගරු කරමින්, දේශීය භූ දර්ශන, හරස් වාතාශ්‍රය සහ දිවා එළිය ඒකාබද්ධ කිරීමෙන් පාරිසරික බලපෑම අඩු කරයි. sculptural spiral staircase සහ උස් සිවිලිම් ජීවන අවකාශයට සුන්දරත්වය සහ ක්‍රියාකාරීත්වය එක් කරයි.

2022-2023 ආර්ථික අර්බුදය අතරතුර ද්‍රව්‍ය ඔරොත්තු දීමේ හැකියාව සහ දේශීය වශයෙන් ලබා ගත හැකි බව සලකා තෝරාගන්නා ලදී. සිමෙන්ති-render කළ බිම්, ගඩොල්, දැව සහ වීදුරු භාවිතා කරමින් නිර්මාණය කෙරිණි.

©️

CK Architect | චතුරිකා කුලසිංහ විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි
Photography | දිනිරු අබේසූරිය

පර්චස් 14 ක පිටකෝට්ටේ හදපු ගෙදරක්😍🏠️In a bustling urban setting, a recently married couple immersed in the IT field year...
27/04/2025

පර්චස් 14 ක පිටකෝට්ටේ හදපු ගෙදරක්😍🏠️

In a bustling urban setting, a recently married couple immersed in the IT field yearned for a modern haven that would offer both tranquillity and vitality.

Responding to their desires and the site's context, a remarkable design was conceived—a carefully crafted puzzle of internal rooms and outdoor gardens, seamlessly creating an illusion of boundless space within a 14-perch urban plot. This architectural gem finds its place on Alakeshwara Road, a densely populated residential area in Ethul Kotte, Sri Jayawardenapura.

Spanning two stories and boasting a total floor area of 4025 square feet, the house was meticulously planned to cater to the couple's needs. The ground floor welcomes visitors with its two-vehicle parking area, living space, guest room, dining area, pantry, and service area.

By skilfully managing the 4-foot slope from east to west, the ground floor spaces are strategically arranged on various levels, fostering visual connections and a playful rhythm throughout. Elevated naturally above road level, the design ensures utmost privacy while offering a serene view of the adjacent marshy land from the garden—an extension of the living experience.

A linear and narrow entrance draws attention to the central courtyard, open to the sky, leading to a spacious living area filled with abundant natural light streaming through large timber and glazed door windows. Here, one feels an intimate connection to nature as it seamlessly integrates with the interior.

This central courtyard serves as the heart of the house, facilitating horizontal and vertical interactions between spaces. Wooden columns and flooring add warmth to the modern aesthetic, reminiscent of traditional Sri Lankan courtyards.

The design ethos embraces straight lines, pure forms, expansive views, and voluminous spaces flooded with natural light, effectively blurring the boundaries between indoor and outdoor realms. White-painted walls and terrazzo floors create an atmosphere of tranquillity and spaciousness by reflecting daylight throughout the interior.

The integration of areas like the dining and pantry spaces evokes a sense of expansiveness and harmony, with the kitchen discreetly tucked away from common areas. Adjoining the living space on the ground floor, the visitor's room ensures convenience without disrupting everyday activities.

By eliminating unnecessary clutter, the space takes on a distinct character, providing an atmosphere of calmness and simplicity. The carefully selected furniture exudes fluidity and adaptability, while vibrant artwork adds a touch of liveliness. The first floor houses a TV cm family lounge, a master bedroom with an attached bathroom, a private gym room, and a library with a study area.

The master bedroom and one of the second rooms open out to capture the captivating views of the marshy land, much like the TV cm family living area. All major spaces on the ground and upper levels interact seamlessly through the central courtyard. The other second room opens fully to the rear garden and the road, shielded by expansive timber screens.

This design element ensures ample ventilation and natural light while guaranteeing exceptional levels of privacy and security.

©️

🙏2025🙏
14/04/2025

🙏2025🙏

Construction JointsTypes of Construction Joints in Concrete StructuresInstallation of Expansion JointsPre-Concrete Insta...
07/04/2025

Construction Joints

Types of Construction Joints in Concrete Structures

Installation of Expansion Joints

Pre-Concrete Installation

After Concrete Installation

Contraction Joints

Need of Contraction joint in Concrete

Isolation Joints

📌 ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට  මේක කියවලා දැනුවත් වෙලා යන්න👷🏽‍♂️🛠️107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද 125...
28/03/2025

📌 ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට මේක කියවලා දැනුවත් වෙලා යන්න👷🏽‍♂️🛠️
107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද 1253 සිමෙන්තිද ?

අද අපි සිමෙන්ති ගැන කතා කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට හොල්සිම්,සංස්ථා ,ටෝකියෝ සුපර්,අල්ට්‍රාටෙක්,අම්බුජා. මේ බ්‍රෑන්ඩ් නේම් එක .ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදිත සමාගමේන් දීපු නම.
කොහොම උනත් සිමෙන්ති කොට්ටයක ගහපු විස්තර හොඳින් බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් 1247 හෝ 107 හෝ 1253 කියන නොම්මර .

ඔය 107,1247,1253 නොම්මර වලින් කියන්නේ SLS Standrad එකක් .වෙනත් වචන වලින් කියනවා නම් ලංකාවේ ප්‍රමිති ආයතනය සිමෙන්ති සඳහා දුන් ප්‍රමිති සහතිකයට අනුකූලව නිපදවලා තියෙනවා කියලා තමා ඕකෙන් කියන්නේ .

මොකක්ද ඔය 1247 ,107 සහ 1253 කියන්නේ.කොන්ක්‍රිට් එකට වැඩිය හොඳ ඔය තුනෙන් මොකක්ද? බැම්මට සහ කපරාරුවට වැඩිය හොඳ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම නොදැනුවත් කම නිසා සිදුවෙන වැරදීම් වගයකුත් තියෙනවා.

මුලින් අපි බලමු 107 සිමෙන්ති කියන්නේ මොකක්ද කියලා.107 සිමෙන්ති කියන්නේ සාමාන්‍ය පොට්ලන්ඩ් සිමෙන්ති.සරලව කියනවා නම් අමතර මුකුත් කලවම් නැති පරණ තාලේට හදපු සිමෙන්ති.එතකොට 1247 කියන්නේ මොකක්ද? ඒ තමා Flyash මිශ්‍ර කරපු සිමෙන්ති . Flyash කියන්නේ මොනවද කියලා වෙනම කියන්නම්. 1253 එන්නේ හුණුගල් මිශ්‍ර කරපු සිමෙන්ති

ගෙවල්වල දාන පොඩි පොඩි කොන්ක්‍රිට් සදහා ඔය 107,1247 සිමෙන්ති දෙකම ඉතාම හොඳයි.ඔය දෙකේ වෙනස ගෙයකට දාන පොඩි කොන්ක්‍රිට් එකකදී නොසැලකිය හැකිතරම් කුඩායි.ඒ නිසා ගෙදරකට ඔය මොන නොම්මරේ සිමෙන්ති භාවිත කරලා කොන්ක්‍රිට් දැම්මත් එකයි.හැබැයි ඔබට කොන්ක්‍රිට් එකට හොඳම එක ඕනේ නම් 1247 තමා වැඩියෙන්ම හොඳ .

එහෙම නම් මොනවද මේ සිමෙන්ති වල වෙනස්කම්.1247 නොම්මරෙන් එන සිමෙන්ති ගත්තොත් ඒකට 107 ට වඩා සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අමතරව කලවම් කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා .එකක් තමයි මේ සිමෙන්තියේ තියෙන මලකෑමට ප්‍රතිවිරෝධී ලක්ෂණය. ඒ නිසා මේ සිමෙන්තිය පාලම්, මුහුද කිට්ටුව ඉදිකිරීම් ,පොළව යට ඉදිකිරීම් වලට හොඳ යි .ඒ වගේම විශාල කොන්ක්‍රිට් වියුහ වලදීත් යොදා ගන්න පුළුවන් .මොකද මේ සිමෙන්තියෙන් වෙන තාප විමෝචනය ගොඩක් අඩුයි .
උදාහරණයක් විදියට පිලිකා රෝගීන්ට විකිරණ ඇල්ලීමට හදපු කොන්ක්‍රිට් බන්කර් ගැන කියන්න පුළුවන් .මොකද ලංකාව පුරාම ඔය ඉදිකිරීම් වලට මං සම්බන්ධ වුනා .මේ කොන්ක්‍රිට් බංකර් වල බිත්ති අඩි 10 විතර පළලයි ඒ වගේම ස්ලැබ් එක අඩි 8 විතර ඝනකමයි.ඒ වගේ එකකදී අපි පාවිච්චි කරන්නේ flyash 20- 25% අතර තියෙන ඔය සිමෙන්තිය.මේ සිමෙන්තියේ තාප විමෝචනය අඩු නිසා කොන්ක්‍රිට් එක පුපුරන්නේ නෑ.එහෙම පිපුරුම් ඇති උනොත් විකිරණ කාන්දුවීමක් වෙන්න පුලුවන් නිසා ඉතාම උසස් තත්ව පාලනයන් යටතේ තමා මේ කොන්ක්‍රිට් වෙන්නේ. පල්ලෙහා මම ඇතුලත් කරපු පිංතූරයක ඇති තාප විමෝචනය සම්බන්දයෙන් ඔය කොන්ක්‍රිට් එකක කරපු උශ්නත්වය නිරීක්ශන කීපයකුත් .මම හිතන්නේ තාක්ෂණික කරුණු ගැන ගැඹුරට යන්න ඕනේ නෑ. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර කියලා දෙන්න පුලුවන්.

ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනව නම් කොන්ක්‍රිට් එකට වඩා සුදුසු මොන සිමෙන්ති ද කියලා වඩා සුදුසු 1247.හැබැයි 107 පාවිච්චි කරා කියලා ගෙදරක කොන්ක්‍රිට් එකකට කිසිම අවාසියක් වෙන්නේ නෑ.මොකද කොන්ක්‍රිට් ප්‍රමාණයන් පොඩි නිසා .

ඒ වගේම මතක තියා ගන්න 1253 එන හුණුගල් මිශ්‍ර සිමෙන්තිය කොන්ක්‍රිට් වලට හොදම සිමෙන්තිය නෙමේ .හැබැයි ඒ කියන්නේ කොන්ක්‍රිට් වලට සුදුසු නෑ කියන එක නෙමේ.

ඒකට අමතරව එකතු කරලා තියෙනවා හුණුගල් (Lime Stone).ඒක වැඩියම සුදුසු කපරාරුවට සහ බැම්මට. කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් ඇති වෙන්න පුලුවන් මේ සිමෙන්තියෙන් කරන කොන්ක්‍රිට් එකට වතුර වැඩි උනොත්.මේ සිමෙන්තිය අඩු වතුර ප්‍රමාණයකින් අනාගන්න පුලුවන් නම් කොන්ක්‍රිට් එකට ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒක හරියට වෙන්නේ නැති නිසා 107 හරි 1247 හරි ගෙවල් වල කොන්ක්‍රිට් යන්න පුලුවන් නම් වැඩිය හොදයි.

කොන්ක්‍රිට් කියන්නේ ජලය ඇරුනාම මිනිස්සු වැඩිපුරම පාවිච්ච් කරන ද්‍රවයයක්.ඒ නිසා ඒකට අවශ්‍ය සිමෙන්ති නිශ්පාදනයේදී ලොකු පරිසර හානියක් වෙනවා.සිමෙන්ති නිශ්පාදනයේදී සිදුවන carbon footprint එක ගොඩක් වැඩියි.සිමෙන්ති අතරින් ටිකක් හෝ පරිසර හිතකාමී වෙන්නේ 1247 සහ 1253 නොම්මර වලින් එන සිමෙන්ති කියලා කියන්නත් ඔනේ.

ඉතින් ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට මේක කියවලා දැනුවත් වෙලා යන්න.එතකොට වැරදීම් සහ නොදන්නා මිනිස්සුන්ගේ බොරු කතාවලට ඇහුම්කන්න දෙන්න ඔනේ නෑ.

කතෘ හා ගෞරවය : ප්‍රශාන් ලියනගම ( සිවිල් ඉංජිනේරු ) VW Construction
FB Profile - https://www.facebook.com/prashan.liyanagama





24/03/2025

අද ලියන දේ නිසා ඔයා හෙට ගන්න යන එක වෙනස් කරන්නත් ඉඩ තියෙනව.
ගඩොල්(Burnt Clay Bricks) ද හොද සිමෙන්ති බ්ලොක් ද ?(Cement Blocks)

මේ වගේ කරුණු ගාණක් ඔස්සෙ මන් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

1️⃣ සවි ශක්තිය.*(Compressive Strength)
ලංකාවේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මගේ අධීක්ෂණය යටතේ කරන ලද පරීක්ෂණවලට අනුව Clay Bricks වල සහ Cement Block වල ශක්තිය එකම පරාසයක තමයි පවතින්නෙ (5 MPa to 7MPa).

2️⃣ජලය උරාගැනීම(Water absorption)
මෙහි අගය 10%-15% අතර පැවතිය අතර Cement Block එකේ උරාගැනීම Clay Bricks වලට වඩා තරාමක් වැඩියි.

3️⃣කල් පැවැත්ම
ලංකාව වගේ රටක මේ Material දෙකේම කල් පැවැත්ම පිළිබදව ප්‍රශ්නයක් නෑ. තෙත රදා පැවතීමක් වෙන්නෙ නැති Hot Climate සහිත ඝර්ම(Tropical)කලාපීය රටක් නිසා.කොහොම උනත් අපි හදන ගෙදරක් අවුරුදු 100 ගාණක් තියෙන්න ඕන නෑනෙ. Bricks වල කල් පැවැත්ම Cement Block වලට වඩා වැඩියි.ඒක පේනවනෙ අනුරාධපුර ගියාම.

4️⃣වියදම
Cement Block වියදම Bricks වියදමෙන් 50%-60% ක් අතර පවත්වගන්න පුළුවන්. වෙළඳපොළ මිල සංසන්දනය කලොත් ආවරණය වන area එකත් එක්ක ඒක ඔබට පෙනේවි.

5️⃣ඉදිකිරීමේ වේගය සහ පහසුව
Cement Block ඉතාම ඉදිරියෙන්.

6️⃣කම්කරු ගාස්තු
Cement Block සඳහා කම්කරු ගාස්තු 50% ම අඩුයි.
7️⃣නිමාව
Cement Block බිතිතියේ නිමාව ඉතා ඉහලයි. කපරාරුවක් නැතුව උනත්. නමුත් Clay Bricks වල නිමාව ගන්න කපරාරුව කල යුතුමයි. කපරාරු ගණකමත් වැඩිවෙන්න පුලුවන්. Cement Block වලට කපරාරුව අල්ලාගන්න ප්‍රවනණතාවත් ඉතා පහසුයි.
8️⃣Modification කිරීමේ පහසුව.
Cement block වලදි ඉතා පහසුයි. Bricks වලට ඇනයක්වත් ගහන්න බෑ.
9️⃣Availability(සොයාගැනිමේ පහසුව)
Cement Block ඔනෑම නගරයක්, ගමක පවා පහසුවෙන් සොයාගතහැකියි.


©️

Idea of a beautiful house in shape L. Cute and nice to live in 🏡✨©️
28/02/2025

Idea of a beautiful house in shape L. Cute and nice to live in 🏡✨
©️

Address

Welikadahena, Siyambalawewa
Galewela

Telephone

+94778722822

Website

Alerts

Be the first to know and let us send you an email when DNL Home Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DNL Home Design & Construction:

Share