20/09/2023
අද mobilecafe.lk අපි ඔයාලාට කියන්න යන්නේ ඔයාගේ phone එකේ battery එක වැඩි කාලයක් තියාගන්න විදිහ පිළිබඳවයි .ඔයාත් phone එකේ batteryඑක ගැන වැඩි සැලකිල්ලක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.
සාමාන්‍යයෙන් Smart phone එකක් අවුරුදු 3 ක් 4 ක් වගේ කිසි කරදරයක් නැතුව Use කරන්න පුලුවන්. නමුත් phone battery එක උපරිම අවුරුදු එක හමාරක් වගේ තමයි පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ. ඔයාලා නිතර නිතර phone එක charge එකට ගහනවා ගලවනවා නම් battery එකේ ආයු කාලය අවුරුද්දකට වගේ තවත් අඩු වෙනවා. සාමාන්‍යයෙන් charge එක 15%ට වඩා අඩු වෙනකම් ඉදල full charge වන තුරු එක දිගටම phone එක charge කරන එක තමයි battery ය දිගු කාලයක් පාවිච්චි කරන්න හොදම විදිහ. ගොඩක් දෙනා battery එක මාරු කරන්න පෙලඹෙන්නේ ඒක හොදට ඉදිමුනාට පස්සේ.
මුලින්ම අපි බලමු phone එකේ battery එක ඉදිමීම නිසා ඇති වන අවාසී...
1.phone එක රත් වීම.
2.ඉක්මනින් charge එක අඩු වීම.
3.signal අඩු වැඩි වීම.
4.IC හානි වීම.
5.ප්‍රමානවත් විද්‍යුත් ධාරාවක් නොමැති වීමෙන් phone එක එකවර off වීම.
මේ විදිහට Phone එකේ Battery එක දෝෂ සහිත වීම නිසා ඉදිරියේදී repairing රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනව කියන එක දැන් ඔයාලට තේරෙනව ඇති. එහෙමත් නැත්තම් අවම වශයෙන් අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න හිටපු phone එකට අවුරුද්දකින් , එකහමාරකින් විතර ඔයාලට bye කියන්න සිද්ධ වෙනවා.
Mobile Phone battery එක නියමිත ප්‍රමිතියේ තියෙනවා ද කියල ඔයාට check කරගන්න වෙන්නේ volt meter එකක් පාවිච්චි කරල, Battery එකේ දෙකෙලවර voltage එක 3.7V - 4.2V අතර පිහිටිනවද බලලා.අලුතින්ම ගන්න දුරකථනයක් වුවත් අවුරුද්දක් විතර පාවිච්චි කලාට පස්සේ battery check කරල දෝෂ සහිතනම් battery මාරු කරන්න අවශ්‍යයි.
ඒ වගේම phone එකේ battery එක ඉදිමෙන්න අරන් කියල ඔයාට හිතෙනවනම් අනිවාර්යයෙන්ම check කරලා අලුත් battery යක් දා ගත යුතුයි.Seal phone එකක් උනත් අවුරුද්දකින් වගේ battery check කරගන්න එක phone එකේ කල්පැවැත්මට හොදයි.ඒකට හේතුව phone එකේ IC හානි උනොත් ඔයාට battery යේ වියදම වගේ තුන් හතර ගුනයක වියදමක් repairing වලට වැය වෙනවා.🤷♀️
Mobile phone ගැන ඉගෙන ගන්න , Mobile phone ගැන ඔයාගේ දැනුම වර්ධනය කරගන්න කැමති කෙනෙක් නම් mobilecafe.lk සමග දිගටම එකතු වෙලා ඉන්න ❤️
page link - https://www.facebook.com/sarkcafe?mibextid=ZbWKwL
ඒ වගේම ඔයා Mobile phone, Mobile accessories සහ Mobile parts සදාරණ මිලකට ගන්න කැමති කෙනෙක් නම් Mobilecafe.lk Wholesale & retail 💫 WhatsApp group එකත් එක්ක join වෙලා තියාගන්න 😎
https://chat.whatsapp.com/HNs1SKOOlsu5goer8yjc7e
🔴🔴🔴