03/06/2024
Architectural Drawings
බොහෝ විට ලංකාවේ සමාන්‍ය සමාජය තුල Architectural Drawings පිළිබඳ ඇති දැනුම ඉතාමත් අඩු බව දක්නට ලැබෙනවා. සමහර අවස්ථාවල සමාජයේ උගත් අය පවා මේ පිළිබඳ සරල අවබෝදයක් වත් නොමැතිව අපට මුනගැහෙනවා.
Architectural Drawing ගැන ගැඹුරින් කතා කරන්න කලින් සරලව මේ ගැන හඳුනා ගැනීම ඉතාමත් වැදගත්.
Plan -
සමහර අවස්ථාවල අපි දකිනවා සියලුම වර්ගයේ Drawings වලට Plan යනුවෙන් හඳුන්වන අය. මෙය ඉතාමත් වැරදි භාවිතයක්. සරලව Plan යනුවෙන් හදුන්වන්නේ බිම් සැලැස්ම යන්නයි එහෙමත් නැත්නම් සැලැස්ම යන්නයි.
Plan එක යනු ගොඩනැගිල්ලක පොලොව සීමාවේ සිට අඩි 4 - 5 ආසන්නයේ තිරස් කැපුමක් දමා ඉහල සිට බැලූවිට පෙනෙන ආකාරයේ අඳින ලද සැලැස්මකි. ගොඩනැගිල්ලක සියලුම බිත්තිවල ප්‍රමාණ, කාමර වල දිග පළල, දොර ජනේල වල ප්‍රමාණ, ගෘහ භාණ්ඩ වල සැලැස්ම වැනි බොහෝ විස්තර මෙහි ඇතුලත් කල හැකි වෙනවා.
Section -
ගොඩනැගිල්ලක් යනු ත්‍රිමාණ අවකාශයේ පවතින දෙයකි. ගොඩනැගිල්ලකට සිරස් කැපුමක් යොදා එයට සමාන්තරව බැලූවිට පෙනෙන අකාරය Sectional Drawing එකකින් පෙන්වනු ලබනවා.
මෙමගින් ගොඩනැගිල්ලක පිටතින් දැකිය නොහැකි තොරතුරු බොහොමයක් ඇතුලත් කල හැකි වන අතර මූලිකවම ගොඩනැගිල්ලේ බිත්ති, ජනේල, දොරවල් වල උස පෙන්වීමට මෙය භාවිතා වෙනවා. ඊට අමතරව ගොඩනැගිල්ලේ විවිධ තැන් අතර සම්බන්ධය අධ්‍යනයටද මෙය ඉතා වැදගත්.
Elevation -
මෙමගින් මූලිකව ගොඩනැගිල්ලක බාහිර පෙනුම එයට සමාන්තරව බැලූවිට පෙනෙන ආකාරය දක්වනු ලබනවා.
ගොඩනැගිල්ලක බාහිර පෙනුම, ජනෙල් දොරවල් පිහිටන ආකාරය, නිමාව, උස වැනි දෑ මෙහි ඇතුලත් වන අතර තවද Architect කෙනෙකු විසින් නිර්මාණයේදී එහි බාහිර පෙනුම නිර්මාණය කිරීමට මෙම Elevation Drawings ඉතා වැදගත් වෙනවා.
මීට අමතරව ගොඩනැගිල්ලක් Design Stage එකේ සිට Construction Stage එක දක්වා විවිධ අවස්ථාවලදී විවිධ වර්ගයේ Architectural Drawings විශාල ප්‍රමාණයක් භාවිතා වෙනවා. ඒවා තේරුම් ගැනීමට මෙම plan, section හා Elevation Drawings ගැන මූලික අවබෝදයක් ලබා සිටීම ඉතා වැදගත් වේ.
Cheers 🥂
Nadun Gunawardhana