21/08/2026
ආදරණීය පාරිභෝගික යනි.
මේ සියලු ඉදිකිරීම් ආයතන ලංකාවේ ඉතා විශාල මෙහෙයක් ඉටු කරන අතර ඔවුන් විසින් බාස් වරුන්ගේ හා ගෝලයින් ගෙ පවුල් රකින අතර එම සංඛ්‍යාව අප දකින තරමට ලක්ෂ ගණනක් විය හැක.මෙම සියලු දෙනාගේ ජිවන බර අප ආයතන කරට ගෙන ක්‍රියා කරන බැවින් රජයට හෝ වෙනත් කිසිදු ආයතන යකට ඔවුන් ගේ ජිවන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට අප ආයතන මගින් අවස්ථා සලසා දී නැත.
කිසි විටෙකත් ඉදි කිරීම් ආයතන ලබා ගත් මුදල ට හැරෙන්නට බඩු මිල වැඩි වන අවස්ථා වලදී පාරිභෝගික යන්ට දැනෙන්න ට නොදී අප ආයතන ලබා ගත් මුදල ට සියලු ඉදිකිරීම් අවසන් කර දැමීමට උත්සාහ කරන නිසා ඉදිකිරීම් ආයතන වලට කිසිම ලාභයක් මේ වන විට ලබා ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.
ගෙවීම් ක්‍රමය ට නිවාස ඉදි කර ගැනීමට ගිවිසුම් ගත පාරිභෝගික යන් ගෙවීම් නතර කර ඔවුන් ලබා දුන් මුදල ට පමණ ක් වැඩ කර දෙන ලෙස ඉල්ලා සියලු ආයතන වලට බල කිරීම් කරන අතර සමහර අවස්ථා වලදී ඉදිකිරීම් කල නිවසේ වැඩ කොටස් තක්සේරු නොකර සාමාජ මාධ්‍ය හරහා post නිර්මාණය කරමින් රට වැසියන් දැනුවත් කරමින් ඉදිකිරීම් ආයතන වසා දැමීමට කටයුතු කරන අතර whatsapp සමූහ හරහා ද ආයතන වල පාරිභෝගික යන් එකතු කර ගෙන අසභ්‍ය ප්‍රකාශ කරමින් තවදුරටත් ප්‍රශ්න නිර්මාණය කිරීම ඉදිකිරීම් ආයතන වලට ඉමහත් ප්‍රශ්න යක් වී ඇත.
ඉදිකිරීම් ආයතන වල සේවය කරන ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරු වරුන්, ප්‍රමාණ සමික්ෂණ නිලධාරීන්, ගනකාධිකාරි වරුන්,අනෙකුත් ලිපි කරුවන්, පිරිසිදු කිරිමේ අංශයේ සේවකයන් හා ආරක්ෂක අංශ වල සේවකයන් ආදින් ට රැකියා අවස්ථා නොමැති වුව හොත් ඔවුන් ගේ පවුල් වල දරුවනට කිසිදු හව්හරණක් නැති වී යන අතර එයද රජය ට මහත් බරක් වී වෙනත් ප්‍රශ්න රාශියක් ඇති වීම ට හේතු විය හැක. මෙවැනි කඩා කප්පල් ක්‍රියා අප ඉදිකිරීම් ආයතන තරයේ හෙලා දකිමු.
සියලු පාරිභෝගික යන් තමන් ඉදිකිරීම් ආයතන ට ගෙවීම් කල මුදල පමනක් නීතිය ඉදිරියේ ඉදිරිපත් කරන අතර එම ආයතන විසින් වැඩ අවසන් කල කොටස් පිළිබඳ සමාජ මාධ්‍ය වල ප්‍රචාර ය කර නොමැත. එවැනි අවස්ථා නිසා සමාජ මාධ්‍ය වල කිසිදු සොයා බැලීමකින් තොරව එම post පළ කිරීම නිසා නොදන්නා පුද්ගලයන් එම post තව තවත් share
කිරීම නිසා මේ තරග කාරි සමාජයේ තරග කාරි ඉදිකිරීම් ආයතන වල මඩ ගසා ගැනීම් මගින් ලක්ෂ ගණනක රැකියා අහිමි වීමක් සිදු විය හැක. බාස් වරුන්ගේ සියලු වැඩ කොටස් නිතරම ඉංජිනේරු මහතුන්ගේ හා තාක්ෂණ නිලධාරීන්ගේ අධ්‍යයනය යටතේ සිදු වුවත් ඒ සඳහා පාරිභෝගික යන් ගෙන් කිසිදු මුදලක් ඉදිකිරීම් ආයතන අය කර ගැනීම් ක් නොකර යි .
මෙවැනි පසුබිම ක් මත ඉදිකිරීම් ආයතන රැක ගැනීම ඔබ සහ අපගෙ පරම යුතුකම වේ. මෙවැනි ඉදිකිරීම් ආයතන ආරක්ෂා කර ගනිමින් එම ආයතන වල සේවකයන් ගෙ රැකියා ආරක්ෂා කර දී යම් කිසි වරදක් ඉදිකිරීම් ආයතන මගින් සිදු වී ඇති නම් එම ආයතන සමඟින් කතා කර එයට විසඳුම් සොයා ගැනීමට කටයුතු කිරීමට උත්සාහ කිරීම මෙවැනි අර්බුදකාරී අවස්ථා වලදී සුදුසු වේ.
රටේ උද්ධමනය ක් පවතින අවස්ථාවක අපේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම අපගෙ පරම යුතුකම වන අතර ස්ව මහන්සියේ රජය ට බරක් නොවී දහස් සංඛ්‍යාත අඩු ආදායම් ලාභී සේවකයන් ට රැකියා අවස්ථා ලබා දෙමින් කටයුතු කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කල යුතු අවස්ථාවක එම ක්ෂේත්‍රය නැති කිරීමට කටයුතු කිරීම සුදුසු නොවේ.
යම් කිසි ඉදිකිරීම ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කාරී අවස්ථාවක ඉදිකිරීම් ආයතන ය සමග පවතින ගිවිසුම් අනුව කටයුතු කිරීමට පාරිභෝගික ඔබට අයිතියක් ඇති බව පාරිභෝගික ඔබ දන්නා අතර ඒ පිළිබඳ ව සියලු ඉදිකිරීම් ආයතන ද දන්නා බැවින් එවැනි අවස්ථා වල නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ගැනීමට පාරිභෝගික ඔබට අවස්ථාව ලැබී තිබියදීත් එම අවස්ථා මග හරිමින් මෙවැනි තරග කාරි සමාජයේ සමහර ඉදිකිරීම් ආයතන විසින් ම තරග කාරීත්වය සදහා ම ඉදිකිරීම් ආයතන වල ප්‍රශ්න ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය ට නිකුත් කරනු ලබන post වලට සොයා බැලීමකින් තොරව ද්වේෂ සහගත පිළිතුරු මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ අසුබවාදී චිත්‍ර යක් මවා පෑම තුලින් දහස් සංඛ්‍යාත පිරිසකගේ රැකියා අවස්ථා අහිමි කිරීම් වලට ඔබ දායක නොවන්න.......