18/10/2025
නිවසක් ඉදිකිරීමට කලින්
අපි සෑම කෙනෙක්ගෙම හීනයක් තමයි තමන්ගේ කියල නිවසක්. Rich dad poor dad පොත කියෙව්වනම් ඒක මහ වියදම් ගොඩක්. කෙසේ නමුත් තමන්ගේ නිවස හදාගන්න ගිහින් දුක්මහන්සියෙන් හම්බකරපු සියලුම සේසත විනාස කරගෙන අතරමග නවත්තපු ගොඩනැගිලි ඕන තරම් බලාගන්න පුළුවන්.
මුලින්ම තමන්ට ගැලපෙන පරිසරයක ගැලපෙන මුදලකට ඉඩමක් මිලදී ගෙන හෝ තිබෙන ඉඩමක නිවසක් සෑදීමට කලින් මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කියල බලමු.
👉👉අනුන්ට පේන්න නෙමේ තමන්ගේ අවශ්‍යතාව අනුව සැලසුම හදාගන්න.
ගොඩක් දෙනා හරියට තමන්ගේ අවශ්‍යතාව අදුනගෙන නැහැ. විශාල ගෙවල් හදනව ණයක් අරගෙන. වියදම බලන් නැහැ. පස්සෙ අතරමග හදන එක නවත්තන්න වෙනව කරගෙන යන්න සල්ලි නැහැ. තට්ටු දෙකට තුනට හදනව අවුරුද්දක් ගියහම උඩ තට්ටුව අතුගාන්නවත් නගින් නැහැ. සරල අවශ්‍යතාව අනුව නිවසක් සැලසුම් කරන්න.
👉👉ඒ සදහා පලපුරුදු කෙනෙක් ගාවට යන්නත් අමතක කරන්න එපා. ගාන අඩුවට කරගන්න කියල draftsman කෙනෙක්ගෙන් අන්දගන්නව. එයාල අදින්න දක්ෂයි. නමුත් සැලසුම් කිරීම නිවැරදිව කරනවාද කියා සොයා බලන්න. එහෙම කරනවනම් අවුරුදු ගනන් ඒ සම්බන්ධයෙන් ගෘහනිර්මාණ ශිල්පී පාඨමාලා තියෙන්න ඕන නැහැ.
👉👉වාස්තු බලන එක ගැන ප්‍රශ්ණය ඊලගට. මොකක්ද මේ වාස්තු කියන්නෙ. ඒක ලොකු විෂයක්. ඒක ගැන වෙනමම කතා කරමු. මේකෙ විද්‍යාවක් තියෙනව. නමුත් දැන් ඒක business එකක්. ඉතින් තැන් තැන් වලින් අහන්න එපා. Plan එක අන්දගෙන තමන්ගෙ එක්කෙනෙක්ට පෙන්නල ඒකෙ අඩුපාඩු සකස්කරගෙන නැවත් හරියට අන්දගන්න. ඉන්පසු කිසිම හේතුවකට වෙන කෙනෙක්ට වාස්තු දොෂ බලන්න දෙන්න එපා. එක එක්කෙනා අනිවාරෙන්ම අඩුපාඩුවක් කියනවමයි.
👉👉තවත් දෙයක් අඩුවට එහෙම කරගෙන ව්‍යුහය ගැන බලන්නෙ කව්ද. පොඩි ගානක් ඒකටත් යොදවන්න. ඒ මුදල අපතේ යාමක් නෙමේ. පෙදරේරු මහතුන් අත්දැකීම් මත යම් යම් දේ කරනව. නමුත් නිවැරදිම දේ නොවෙන්න පුළුවන්. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්.
👉👉ඒ වගේම තමයි සැලසුම් කරන අවස්ථාවේදී light, plug කොහෙද දාන්නෙ කියල බලල ඒකටත් සැලසුමක් ඇදගන්න. නැත්නම් ඔක්කොම හදල ආයෙ කොන්ක්‍රීට් කණු බීම් හරහා කඩනව. ශක්තියට හානියක් වෙන්න පුලුවන්. අවදානමක් ගන් නැතුව ඒක කරගන්න.
👉👉ඒ වගේම තමයි ජල සැපයුම හා කසල ජලය බැහැර කිරීමටත් සැලසුම් කරගෙන ඇදගන්න. හරි දැන් ඔක්කොම කරුණු හරි.
👉👉හොද කොන්ත්‍රාත් කරුවෙකු හෝ පෙදරේරු මහතෙකු හොයාගන්න. Facebook එකෙත් අහල තියෙනව මේ ගේ හදන්න කීයද කියල. Slab එක දාන්න කීයද මේ ප්‍රමානෙ කියල. ගොඩක් දෙනා ගානන් කියනව. ඒවගෙ නිමාව මොකක්ද දන්නෙත් නැතුව. Slab එකේ ඝනකම, යොදන කම්බිවත් නොදැන. හරිම පුදුමයි. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න.
👉👉නිවැරදිව දෙපාර්ශවයම එකග වෙලා මිල ගනන් ලිඛිතව ගන්න. තවත් දෙයක් තමයි අඩුම මිලට සමහර අය වැඩ කරනව. එහෙම දැනට පවතින මිලට වඩා අඩුවෙන් කරන්න පොරොන්දු උනොත් දෙපාරකට වඩා හිතන්න. යම් වැඩක් සදහා යන මිලක් තියෙනව. ඒ මිල කවුරු කලත් යනව. ගුණාත්මක භාවයත් තියාගෙන සාදාරණ මිලකට කරන කෙනෙක් ගාවට යන්න. එයාලටත් ලාභයක් තියාගෙන තමයි වැඩක් කරන්නෙ. ඒ ලාභෙ සාදාරණ වෙන්න ඕන අනිවාරෙන්ම. ලාභ නෙමේ යන මිලවත් නොගෙන අඩුව කරනවනම් බලාගෙන.
කරුණු ගොඩක් තියෙනව කෙටි කරන්න ගිහින් මගහැරුනු කරුණුත් එක්ක තවත් විස්තරයක් දාන්නම්.
ජය..
©Madusanka Jayalath by Navita Homes