11/04/2026
ඔබ කවදාහරි ගමනක් යද්දී, කැලෑ මැදින්, කඳු මුදුන් වල, වෙල් යායවල් මැදින් විදුලිය අරන් යන අර දැවැන්ත යකඩ කුළුණු දිහා හොඳට බලලා තියෙනවද? සමහර ඒවා නිකන් යෝධයෙක් අත් ඈත් කරගෙන ඉන්නවා වගේ. සමහර ඒවා ත්‍රිකෝණ ගොඩක් එකතු කරලා වගේ. ගොඩක් අය හිතන්නේ මේවා නිකන්ම නිකන් යකඩ ගොඩක් එකතු කරලා හදපු, කිසිම ලස්සනක් නැති කණු ජාතියක් කියලා. ⚡🗼
හැබැයි මේ යකඩ කණුවල තියෙන හැම ඇණයක්ම, හැම යකඩයක්ම, කම්බි දෙකක් අතර තියෙන හැම හිඩැසක්ම තීරණය කරලා තියෙන්නේ දශක ගාණක ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පාවිච්චි කරලා.
1994 දී ස්විට්සර්ලන්තයේ ආපු හිම කුණාටුවකින් මේ වගේ කණුවක් කඩාවැටිලා මිලියන 2ක මිනිස්සුන්ට කරන්ට් එක නැති වුණා. පස්සේ හොයලා බලද්දී ඒකට හේතුව වෙලා තිබුණේ කණුවේ එක පුංචි කෝණයක් අංශක කිහිපයකින් වෙනස් වෙලා තිබුණ එක! 💡🔧
ඕනම High Voltage කණුවක් දිහා පැත්තෙන් බැලුවොත් අපිට පේන්නේ ඒක ත්‍රිකෝණ ගොඩක් එකතු කරලා හදලා වගේ හැඩයක් කියලා නේද? මේක ලස්සනට කරපු දෙයක් නෙවෙයි. ජ්‍යාමිතියේ තියෙන හැඩතල වලින්, කිසිම පැත්තකින් තල්ලු කරලා හැඩය වෙනස් කරන්න බැරි (Deform වෙන්නේ නැති) එකම හැඩය තමයි ත්‍රිකෝණය. මේකට ඉංජිනේරුවෝ ඉංග්‍රීසියෙන් කියන්නේ "Structural Rigidity" කියලා. 📐
ඒ වගේම මේ කණු වලට මහා දරුණු සුළං වලට මුහුණ දෙන්න වෙනවා. මේ කණු වල Center of Gravity (ගුරුත්ව කේන්ද්‍රය) පල්ලෙහාටම ගන්න, කණුවේ යට කොටස මීටර් 15ක් 20ක් විතර පළල් කරනවා. උඩට යන්න යන්න හීනි කරනවා. එතකොට කොච්චර හුළඟක් ආවත් කණුව පෙරළෙන්නේ නෑ. ඒ නිසා තමයි කණුවේ පහළ කොටස විශාල වෙලා ඉහළට යනකොට හීනි වෙන්නේ.
තව ඔයාට හිතෙන්න පුළුවන් "යකඩ කෑලි ගොඩක් අමාරුවෙන් අමුණනවට වඩා, තනි මහත යකඩ කණුවක් (Solid steel column) හිටෙව්වා නම් මීට වඩා මේක ශක්තිමත් නේද" කියලා. උත්තරේ තමයි "නෑ". 🕸️
මේකට ප්‍රධාන හේතුව තමයි සුළඟ. තනි යකඩ කණුවක් හැදුවොත්, ඒකේ ලොකු මතුපිට වර්ගඵලයක් තියෙනවා සුළඟට වදින්න. පැයට කිලෝමීටර් 120ක විතර දරුණු හුළඟක් ආවොත් ඒ කණුව අනිවාර්යයෙන්ම කඩාවැටෙනවා. හැබැයි මේ වගේ යකඩ දැලක් විදියට කණුව හැදුවාම, ඒක අස්සෙන් හුළඟට ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන් (Wind transparency).
ඒ වගේම, මේ කණු හදලා තියෙන්නේ කොටස් ගලවන්න පුළුවන් විදිහට. අපේ සමහරු මේවා ගලවලා අහුවෙන්නෙත් ඒකනේ. හැබැයි ඇත්තම කතාව හදිස්සියේවත් මේ කණුවක් කඩාවැටුණොත්, අලුත් කෑලි ගෙනත් දවස් 2කින් කණුව ආයෙත් හදන්න පුළුවන්. ඒක තව ලොකු වාසියක්.
එතකොට මේ කණු හරහා යන විදුලිය ගෙනියන කම්බි ඇදලා ගැටගහන්නේ නැතුව දුන්නක් වගේ එල්ලෙන්න (Sag) දාලා තියෙන්නේ ඇයි? ලයිට් කණු දෙකක් අතර තියෙන කම්බි කවදාවත් තදට ඇදලා බැඳලා නෑ. ඒවා හැමතිස්සෙම පල්ලෙහාට එල්ලෙනවා. භෞතික විද්‍යාවට අනුව, කම්බියක් දෙපැත්තෙන් ඇදලා 100% ක් තදට බඳින්න නම් අනන්ත බලයක් යොදන්න ඕනේ. ඒක කරන්න බැරි දෙයක්. 〰️
ඒ වගේම, ශීත රටවල අයිස් බැඳෙද්දී මේ කම්බි වලට අමතර ටොන් ගාණක බරක් එනවා. කම්බිය තදට බැඳලා තිබුණොත් මේ බරට කම්බිය එතනම කැඩිලා යනවා. අර පල්ලෙහාට එල්ලෙන කොටසෙන් කරන්නේ කම්බියට ඇදෙන්න (Stretch වෙන්න) ඉඩක් දෙන එක.
හැබැයි මේක ලොකු ප්‍රශ්නයකුත් ගේනවා. රස්නේ කාලෙට යකඩ ප්‍රසාරණය වෙන නිසා මේ කම්බි තවත් මීටර් 2ක් 3ක් පල්ලෙහාට පාත් වෙනවා. ඉතින් වෝල්ට් 400,000ක විතර කරන්ට් එකක් යන කම්බියක්, පාරක යන වාහනයක හරි මිනිහෙක්ගේ හරි ගෑවුණොත් මොකද වෙන්නේ? (විදුලියට මීටර් ගාණක් දුර ඉඳන් පනින්න/Arc කරන්න පුළුවන්). ඒ නිසා ඉංජිනේරුවෝ උපරිම රස්නයක් ආවොත් කම්බිය පාත් වෙන දුර ගණනය කරලා, ඒ වුණත් කම්බියයි පොළොවයි අතර මීටර් 7ක් 10ක් වත් පරතරයක් (Ground clearance) තියෙන්න තමයි කණුවේ උස තීරණය කරන්නේ. ඒකයි එක එක කණු එක එක උසට තියෙන්නේ.
කෙනෙක් මේ කණුවක් දිහා හොඳට බැලුවොත්, අර මහත කම්බි ඔක්කොටම උඩින්, කණුවේ මුදුනේම තියෙනවා හීනි කම්බියක්. මේකෙන් කිසිම කරන්ට් එකක් යන්නේ නෑ! එහෙනම් මේක තියෙන්නේ මොකටද? ⚡🌩️
මේකට කියන්නේ Shield wire නැත්නම් Ground wire කියලා. මේවගේ එකම රස්සාව තමයි අකුණු ගහද්දී ඒ අකුණ තමන්ගේ ඇඟට අරගන්න එක! මේ යෝධ කණු තමයි ඒ අවට තියෙන උසම දේවල්. එතකොට අකුණක් නිතරම වදින්නේ උසම තැනට. මේ ආරක්ෂක කම්බිය තිබුණේ නැත්නම්, අකුණ වදින්නේ කෙලින්ම විදුලිය ගෙනියන කම්බියට. එතකොට වෝල්ට් බිලියන ගාණක කරන්ට් එකක් ලයින් එක දිගේ ගිහින් උපපොළවල් ඔක්කොම පුපුරලා යනවා. මේ හීනි කම්බියෙන් කරන්නේ අකුණ අරගෙන කෙලින්ම කණුව දිගේ පොළොවට (Earth) යවන එක.
තව දෙයක්! ඔයා කවදාහරි 132kV හෝ ඊට වඩා වැඩි High voltage ලයින් එකක් යටින් යද්දී පොඩි "බීස්" ගාන සද්දයක් ඇහිලා තියෙනවද? සමහර වෙලාවට රෑට කම්බි වටේ පොඩි නිල් පාට එළියක් පවා පේන්න පුළුවන්! 🔊✨
මේකට හේතුව තමයි "Corona Effect" කියන සංසිද්ධිය. කම්බියේ තියෙන අධික වෝල්ටීයතාවය නිසා කම්බිය වටේ තියෙන වාතය අයනීකරණය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන්ට් එක යන්නේ නැති වාතය හරහත් කරන්ට් එක ටිකක් යන්න පටන් ගන්නවා. මේ නිසා කම්බිය වටේට පොඩි ස්පාර්ක් හැදෙනවා. මේකෙන් ලොකු බලශක්තියක් අපතේ යනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Corona loss කියලා.
මේක අඩු කරන්න ඉංජිනේරුවෝ පාවිච්චි කරන්නේ "Bundle conductors". ඒ කියන්නේ තනි මහත කම්බියක් ගන්නවා වෙනුවට, කම්බි 2ක් හෝ 4ක් පොඩි පරතරයක් තියලා එකට යවනවා (Space dampers දාලා). මේකෙන් කම්බියේ වර්ගඵලය වැඩි වෙලා Corona effect එක ගොඩක් දුරට අඩු වෙනවා.
මේ විදුලිය ගෙනියන කම්බිත් හදලා තියෙන්නෙත් අමුතුම විදිහකට. AC (Alternating Current) කරන්ට් එකක් මහත කම්බියක් දිගේ යද්දී, ඒක යන්නේ කම්බියේ මැදින් නෙවෙයි, කම්බියේ පිටත පෘෂ්ඨය දිගේ. මේකට කියන්නේ "Skin Effect" කියලා. උදාහරණයක් විදිහට 765kV ලයින් එකක කම්බිය සෙන්ටිමීටර් 3.5ක් මහත වුණත්, කරන්ට් එක යන්නේ පිටතින් තියෙන මිලිමීටර් 0.66ක ප්‍රමාණයක විතරයි! 🔌
මේ නිසා තනි මහත කම්බියක් දැම්මොත් ඒක ඉක්මනින් රත් වෙනවා. ඒ නිසා මේ ලොකු කම්බිය හදලා තියෙන්නේ පොඩි කම්බි ගොඩක් එකතු කරලා.
ඒ වගේම, ඇලුමිනියම් කම්බි වලට කරන්ට් එක හොඳට ගෙනියන්න පුළුවන් වුණත් ඒවායේ හයිය මදි. ඒ නිසා කම්බිය මැදට යකඩ කම්බි (Steel core) කීපයක් දාලා තියෙනවා (ACSR - Aluminum Conductor Steel Reinforced). කරන්ට් එක යන්නේ ඇලුමිනියම් වලින් විතරයි, යකඩ කම්බි වලින් කරන්නේ මේ කම්බිය කැඩෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න එක!
නිකන්ම නිකන් යකඩ ගොඩක් වගේ පෙනුණට, Power line tower එකක් කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ, ගණිතයේ සහ භෞතික විද්‍යාවේ පරිපූර්ණ එකතුවක්. ත්‍රිකෝණාකාර හැඩය, අකුණු අදින කම්බිය, ඇදෙන කේබල් මේ හැමදේම තීරණය කරලා තියෙන්නේ නරකම දෙයක් වුණත් කොහොමද බේරෙන්නේ කියලා හිතලා. ඉංජිනේරු විද්‍යාව කියන්නේ හැමදේම හොඳට තියෙද්දී දෙයක් වැඩ කරන විදිහට හදන එක නෙවෙයි, කිසිම දෙයක් හොඳ විදියට නැති වෙලාවටත් කඩාගෙන නොවැටී තියෙන්න හදන එකට! 🌟
පුංචි සහහෝගයක් විදියට තත්පර 5ක් වැය කරලා ලිපියට Comment එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. ලිපි ලියන මට ඒක ලොකු හයියක්!
ඊළඟ වතාවේ පාරේ යද්දී මේ යකඩ යෝධයෙක් දැක්කාම, මෙයා ඔයාගේ ඔළුවට උඩින් වෝල්ට් ලක්ෂ ගාණක් උස්සගෙන, හුළඟට නැවීගෙන, අකුණු වලට මුහුණ දීගෙන නිහඬව කරන සේවය මතක් කරගන්න.
මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? මේ වගේ එදිනෙදා දකින දේවල් පිටිපස්සේ තියෙන තාක්ෂණික කතා ගැන තව දැනගන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ වටිනා ලිපියට Like එකක් දාලා, තාක්ෂණය ගැන හොයන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! ⚡👍💬🗣️
Written By : Sulochana Dissanayake
Source : Internet