Hansilu General Engineering. Homagama.

Hansilu General Engineering. Homagama. All kind of Electrical and electronic repairs and maintenance

24/04/2026

Cooling Tower Design Calculations

11/04/2026

ඔබ කවදාහරි Super Glue (සුපර් ග්ලූ) පාවිච්චි කරද්දී ඒක අතේ ගෑවිලා ඇඟිලි දෙකක් එකට ඇලිලා තියෙනවද? ඒක ගලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සාමාන්‍ය ගම් වේලෙන්න පැය ගාණක් යද්දී, Super Glue තත්පර 10න් ගල් වෙනවා! ඒ විතරක් නෙවෙයි, මේ ගම් එක බිංදුවකින් කිලෝග්‍රෑම් දහස් ගාණක බරක් උස්සන්න පුළුවන්! 🐘💧

හැබැයි මේ පුදුම සහගත ඇලෙන දියරය ලෝකෙට ආවේ කවුරුත් හිතලා කරපු පර්යේෂණයකින් නෙවෙයි, මහා පිස්සු අත්වැරැද්දකින්! 🧪🔥

​මේ සිදුවී​ම පටන් ගන්නේ 1942, දෙවන ලෝක යුද්ධය කාලේ. ඇමරිකාවේ Eastman Kodak සමාගමේ රසායන විද්‍යාඥ Harry Coover ට ඕනේ වුණා අ​ර තුවක්කු වල ඇහෙන් බලලා ඉලක්කය ගන්​න හයි කරලා තියන යකඩ කොටස (Gun sights) වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලි ප්ලාස්ටික් ජාතියක් හදන්න. ඔහු මේකට පාවිච්චි කළේ Cyanoacrylate කියන රසායනිකය. හැබැයි මේකේ ලොකු අවුලක් තිබුණා. මේක ගෑවෙන ගෑවෙන හැමදේටම ඇලුනා! Coover ට මේක මහා වදයක් වු​න හින්දා ඔහු ඒ පර්යේෂණය​ම අතෑරලා දැම්මා. 💥

ඊට අවුරුදු 9කට පස්සේ, 1951 දී ඔහු ආයෙත් මේ Cyanoacrylate පාවිච්චි කරලා ජෙට් යානා වල ගුවන් නියමුවා ඉන්න කොටස ආවරණය කරන විනිවිද පේන ලොකු ප්ලාස්ටික් කොට​ස (Jet plane canopies) හදන්න පුළුවන්ද කියලා බැලුවා. ඔහු තමන්ගේ ගෝලයා වු​න Fred Joyner ට මේක දීලා කිව්වා "මොන දේ කළත් මේක Refractometer (ආලෝකයේ වර්තනය මනින යන්ත්‍රය) නම් දාලා ටෙස්ට් කරන්න එපා, ඒ මැෂින් එක කුඩු වෙයි" කියලා. හැබැයි Joyner ට ඒක අමතක වෙලා මැෂින් එකේ වීදුරු ප්‍රිස්ම දෙකක් මැදට මේක දැම්මා.

විනාඩියකින් ප්‍රිස්ම දෙක ගලවන්න බැරි වෙන්නම ඇලුනා! ඒ කාලෙ හැටිය​ට ඩොලර් 10,000ක් විතර වටින මැෂින් එක විනාශ වුණා කියලා Joyner හොඳටම බය වුණා. හැබැයි Coover ට කේන්ති ගියේ නෑ. ඔහුට තේරුණා තමන් මේ අවුරුදු ගාණක් තිස්සේ අහක දාපු දේ, ලෝකයේ තියෙන ප්‍රබලම මැලියම් වර්ගයක් නේ​ද කියලා! ඒක මොහු ටෙස්ට් කරපු 910 වෙනි රසායනිකය නිසා ඔහු මේකට "Eastman 910" කියලා නම දැම්මා. අද අපි ඒකට කියන්නේ Super Glue කියලා.

මේ අපි එදිනෙදා දකි​න සාමාන්‍ය ගම් (White glue / Wood glue) ඇලෙන්න පටන් ගන්​නේ ඒකේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා ගිහාම. ඒ නිසා ඒකට වෙලා යනවා. හැබැයි Super Glue වැඩ කරන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ⏱️🧊

Super Glue ටියුබ් එක ඇතුළේ තියෙන්නේ Ethyl cyanoacrylate කියන Monomers (ඒකාවයවි​ක). මේ දියරය යම්කිසි පෘෂ්ඨයක් මැදට දැම්මාම, ඒ පෘෂ්ඨයේ තියෙන ඇහැටවත් පේන්නෙ නැති හිඩැස් අස්සට මේ දියරය රිංගනවා. ඊටපස්සේ මේ තනි අණු ඔක්කොම එකට එකතු වෙලා දිග දම්වැලක් වගේ බැඳෙනවා. මේ ක්‍රියාවලියට කියන්නේ Polymerization (බහුඅවයවීකරණය) කියලා. ඊට පස්​සේ දියරයක්ව තිබුණ ​මේ දේ තත්පර ගාණකින් ප්ලාස්ටික් වගේ තද ඝන ද්‍රව්‍යයක් බවට පත්වෙනවා. ඊටපස්සේ මේක අර හිඩැස් වලින් ලේසියෙන් ගලවන්න බෑ!

හැබැයි, මේ අණු ටිකට එකට බැඳෙන්න (Polymerize වෙන්න) කවුරුහරි ආරම්භයක් දෙන්න එපැයි. එහෙම නොවුනා නම් ටියුබ් එක ඇතුළේ තියෙද්දිත් මේක ගල් වෙනවනේ.

Super Glue වලට මේ ආරම්භ​ය දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, වතුර (Moisture/Water)! වතුර අණුවල තියෙන සෘණ ආරෝපිත හයිඩ්‍රොක්සයිඩ් (Hydroxide) අයන, මේ Cyanoacrylate අණුවේ තියෙන ද්විත්ව බන්ධනය කඩලා දානවා. එතකොට ඒ අණුවට තව අණුවක් ඇදලා ගන්න පුළුවන් වෙනවා. මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ අණු මිලියන ගාණක් තත්පරෙන් එකට බැඳෙනවා. 💧🔥

අපේ වායුගෝලයේ, අපි අල්ලන හැමදේකම මතුපිට පොඩි හරි තෙතමනයක් (Moisture) තියෙනවා. ඒ නිසයි Super Glue ගාපු ගමන් වේලෙන්නේ. ඔයාට Super Glue තවත් ඉක්මනින් වේලගන්න ඕනේ නම්, බේකින් සෝඩා (Baking soda / Sodium bicarbonate) ටිකක් දාන්න. බේකින් සෝඩා වලින් තව තවත් හයිඩ්‍රොක්සයිඩ් අයන දෙන නිසා, Super Glue එක ඉක්මන​ට එකට බැඳිලා යකඩ වගේ තද වෙනවා!

එතකො​ට Super Glue අතේ ගෑවුණාම ඇයි ඒක ගලවන්නම අමාරු? මේක​ට හේතු දෙකක් තියෙනවා. 🖐️⚠️

අපේ හමේ ඇහැට නොපෙනෙන රැළි සහ සිදුරු (pores) ලක්ෂ ගාණක් තියෙනවා. ඒ අස්සට මේක රිංගනවා.

අපේ හමේ තියෙන තෙතමනය සහ Collagen ප්‍රෝටීන් වල තියෙන අයන නිසා, Super Glue එක අපේ හමේ තියෙන අණුත් එක්කම කෙලින්ම බැඳෙනවා! ඒ කියන්නේ ඔයාගේ හමත් ඒ ප්ලාස්ටික් දාමයේම කොටසක් වෙනවා.

හදිස්සියේවත් අතේ ගෑවුණොත්, කවදාවත් සබන් දාලා හෝදන්න එපා! වතුර දැම්මාම මේක තවත් හයියට ගල් වෙනවා. මේක දිය කරන්න තියෙන හොඳම දේ තමයි ඇසිටෝන්. (ඒ කියන්නේ නියපොතු වල ගාන ඒවා මකන දියර) හැබැයි ඇහැට Super Glue ගියොත් නම් කවදාවත් ඇසිටෝන් දාන්න එපා, කෙලින්ම ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න.

හැබැයි මේ Super Glue කතාව තාම ඉවර නෑ. 1964 දී අ​ර Coover ට හිතුණා "මේකෙන් තුවාල මහනවා වෙනුවට, තුවාලේ අලවන්න පාවිච්චි කරන්න බැරිද?" කියලා. හැබැයි සාමාන්‍ය Super Glue තුවාලයකට දැම්මොත් ප්‍රශ්න 3ක් එනවා: 🎖️🩸

මේක ගල් වෙද්දී ලොකු රස්නයක් පිටවෙනවා. (පුළුන් කෑල්ලකට Super Glue දැම්මොත් ඒකෙන් දුම් දාලා පිච්චෙනවා!).

ඇඟ ඇතුළේදී මේක ආ​යේ දියවෙලා Formaldehyde වගේ විෂ රසායනික හැදෙනවා.

මේක ගල් වුණාම වීදුරු වගේ කැඩෙනවා (brittle). අපේ හම වගේ ඇදෙන්නේ නෑ.

මේකට විසඳුමක් විදිහට Coover කළේ අර රසායනික අණුවේ තියෙන කාබන් දාමය දික් කරපු එක. එතකොට ප්‍රතික්‍රියාව හිමින් සිද්ධ වෙන නිසා රස්නයක් එන්නේ නෑ, විෂ වෙන්නේ නැහැ, වගේම හොඳට ඇදෙන සුළු වෙනවා.

වියට්නාම් යුද්ධය කාලේ ඇමරිකානු හමුදාව මේ "Medical Super Glue Spray" එක පාවිච්චි කළා. එක වෙලාවක සෙබළෙකුගේ වකුගඩුවට සහ අක්මාවට වෙඩි වැදිලා ලේ ගලන එක නවත්වන්නම බැරි වුණා. දොස්තරලා කෙලින්ම අක්මාවට මේ Super Glue ස්ප්‍රේ කළා. එතනම ලේ ගලන එක නැවතිලා ඒ සෙබළාගේ ජීවිතේ බේරුණා! අද වෙද්දී මේ Medical Super Glue (Dermabond) කියන්නේ ඩොලර් මිලියන 900ක දැවැන්ත කර්මාන්තයක්.

ප්ලාස්ටික් ප්‍රශ්නයටත් විසඳුම Super Glue ද? අද ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි කම. සාමාන්‍ය ප්ලාස්ටික් උණු කරලා ආයෙත් පාවිච්චි කළාම ඒවයේ ප්‍රමිතිය අඩුවෙනවා. හැබැයි Super Glue එහෙම නෑ! 🌍♻️

විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා Super Glue වලින් හදන ප්ලාස්ටික් සෙල්සියස් 210ට රත් කළාම, ඒක ආයෙත් අර පරණ තනි අණු (Monomers) බවටම පත්වෙනවා කියලා (Depolymerization). ඒ කියන්නේ ඒක 100% ක්ම අලුත් තත්ත්වයෙන් ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. Polyethylene වගේ Super Glue ඇලෙන්නේ නැති අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේකෙන් අලුත් ප්ලාස්ටික් ජාතියක් හදන්න දැන් පර්යේෂණ කරනවා.

එදා Harry Coover ට අර Refractometer මැෂින් එක කැඩුණ වෙලාවේ කේන්ති ගියා නම්, අද අපිට Super Glue කියලා දෙයක් නෑ. එයා දැක්කේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒ ප්‍රශ්නය අස්සේ හැංගිලා තිබු​න විසඳුමක්! 🌟

අහම්බෙන් හොයාගත්තු දියරයක්, අද වෙද්දී ලෝකයේම අත්‍යවශ්‍ය දෙයක් වෙලා, මිනිස්සුන්ගේ ජීවිත බේරලා, අනාගතයේ ප්ලාස්ටික් ප්‍රශ්නෙත් විසඳන්න යනවා කියන්නේ මහා පුදුමයක් නේද? මේ කතාව අහලා ඔයාට හිතුණු දේ පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, විද්‍යාවට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🧪👍💬🗣️

මේ ලිපි ලියන මට ඔයාලගේ පොඩි Comment එකක් වුනත් ගොඩක් වටිනවා. ඒ නිසා එක තත්පර 10ක් වැය කරලා Comment එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා!

Written By: Sulochana Dissanayake
Source : YT/Veritasium

11/04/2026

ඔබ කවදාහරි ගමනක් යද්දී, කැලෑ මැදින්, කඳු මුදුන් වල, වෙල් යායවල් මැදින් විදුලිය අරන් යන අර දැවැන්ත යකඩ කුළුණු දිහා හොඳට බලලා තියෙනවද? සමහර ඒවා නිකන් යෝධයෙක් අත් ඈත් කරගෙ​න ඉන්නවා වගේ. සමහර ඒවා ත්‍රිකෝණ ගොඩක් එකතු කරලා වගේ. ගොඩක් අය හිතන්නේ මේවා නිකන්ම නිකන් යකඩ ගොඩක් එකතු කරලා හදපු, කිසිම ලස්සනක් නැති කණු ජාතියක් කියලා. ⚡🗼

හැබැයි මේ යකඩ කණුවල තියෙන හැම ඇණයක්ම, හැම යකඩයක්​ම, කම්බි දෙකක් අතර තියෙන හැම හිඩැසක්ම තීරණය කරලා තියෙන්නේ දශක ගාණක ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පාවිච්චි කරලා.

1994 දී ස්විට්සර්ලන්තයේ ආපු හිම කුණාටුවකින් මේ වගේ කණුවක් කඩාවැටිලා මිලියන 2ක මිනිස්සුන්ට කරන්ට් එක නැති වුණා. පස්සේ හොයලා බලද්දී ඒකට හේතුව වෙලා තිබුණේ කණුවේ එක පුංචි කෝණයක් අංශක කිහිපයකින් වෙනස් වෙලා තිබුණ එක! 💡🔧

ඕනම High Voltage කණුවක් දිහා පැත්තෙන් බැලුවොත් අපි​ට පේන්නේ ඒක ත්‍රිකෝණ ගොඩක් එකතු කරලා හදලා වගේ හැඩයක් කියලා නේද? මේක ලස්සනට කරපු දෙයක් නෙවෙයි. ජ්‍යාමිතියේ තියෙන හැඩතල වලින්, කිසිම පැත්තකින් තල්ලු කරලා හැඩය වෙනස් කරන්න බැරි (Deform වෙන්නේ නැති) එකම හැඩය තමයි ත්‍රිකෝණය. මේකට ඉංජිනේරුවෝ ඉංග්‍රීසියෙන් කියන්නේ "Structural Rigidity" කියලා. 📐

ඒ වගේම මේ කණු වලට මහා දරුණු සුළං වලට මුහුණ දෙන්න වෙනවා. මේ කණු වල Center of Gravity (ගුරුත්ව කේන්ද්‍රය) පල්ලෙහාටම ගන්න, කණුවේ යට කොටස මීටර් 15ක් 20ක් විතර පළල් කරනවා. උඩට යන්න යන්න හීනි කරනවා. එතකොට කොච්චර හුළඟක් ආවත් කණුව පෙරළෙන්නේ නෑ. ඒ නිසා තමයි කණුවේ පහළ කොටස විශාල වෙලා ඉහළට යනකොට හීනි වෙන්නේ.

ත​ව ඔයාට හිතෙන්න පුළුවන් "යකඩ කෑලි ගොඩක් අමාරුවෙන් අමුණනවට වඩා, තනි මහත යකඩ කණුවක් (Solid steel column) හිටෙව්වා නම් මීට වඩා මේ​ක ශක්තිමත් නේද" කියලා. උත්තරේ තමයි "නෑ". 🕸️

මේකට ප්‍රධාන හේතුව තමයි සුළඟ. තනි යකඩ කණුවක් හැදුවොත්, ඒකේ ලොකු මතුපිට වර්ගඵලයක් තියෙනවා සුළඟට වදින්​න. පැයට කිලෝමීටර් 120ක විතර දරුණු හුළඟක් ආවොත් ඒ කණුව අනිවාර්යයෙන්ම කඩාවැටෙනවා. හැබැයි මේ වගේ යකඩ දැලක් විදියට කණු​ව හැදුවාම, ඒක අස්සෙන් හුළඟට ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන් (Wind transparency).

ඒ වගේම, මේ කණු හදලා තියෙන්නේ කොටස් ගලවන්න පුළුවන් විදිහට. අපේ සමහරු මේවා ගලවලා අහුවෙන්නෙත් ඒකනේ. හැබැයි ඇත්තම කතා​ව හදිස්සියේවත් ​මේ කණුවක් කඩාවැටුණොත්, අලුත් කෑලි ගෙනත් දවස් 2කින් කණුව ආයෙත් හදන්න පුළුවන්. ඒක ත​ව ලොකු වාසියක්.

එතකොට මේ කණු හරහා යන විදුලිය ගෙනිය​න කම්බි ඇදලා ගැටගහන්නේ නැතුව දුන්නක් වගේ එල්ලෙන්න (Sag) දාලා තියෙන්නේ ඇයි? ලයිට් කණු දෙකක් අතර තියෙන කම්බි කවදාවත් තදට ඇදලා බැඳලා නෑ. ඒවා හැමතිස්සෙම පල්ලෙහාට එල්ලෙනවා. භෞතික විද්‍යාවට අනුව, කම්බියක් දෙපැත්තෙන් ඇදලා 100% ක් තදට බඳින්න නම් අනන්ත බලයක් යොදන්න ඕනේ. ඒක කරන්න බැරි දෙයක්. 〰️

ඒ වගේම, ශීත රටවල අයිස් බැඳෙද්දී මේ කම්බි වලට අමතර ටොන් ගාණක බරක් එනවා. කම්බිය තදට බැඳලා තිබුණොත් මේ බරට කම්බිය එතනම කැඩිලා යනවා. අර පල්ලෙහාට එල්ලෙන කොටසෙන් කරන්නේ කම්බියට ඇදෙන්න (Stretch වෙන්න) ඉඩක් දෙන එක.

හැබැයි මේක ලොකු ප්‍රශ්නයකුත් ගේනවා. රස්නේ කාලෙට යකඩ ප්‍රසාරණය වෙන නිසා මේ කම්බි තවත් මීටර් 2ක් 3ක් පල්ලෙහාට පාත් වෙනවා. ඉතින් වෝල්ට් 400,000ක විතර කරන්ට් එකක් යන කම්බියක්, පාරක යන වාහනයක හරි මිනිහෙක්ගේ හරි ගෑවුණොත් මොකද වෙන්නේ? (විදුලියට මීටර් ගාණක් දුර ඉඳන් පනින්න/Arc කරන්න පුළුවන්). ඒ නිසා ඉංජිනේරුවෝ උපරිම රස්නයක් ආවොත් කම්බිය පාත් වෙන දුර ගණනය කරලා, ඒ වුණත් කම්බියයි පොළොවයි අතර මීටර් 7ක් 10ක් වත් පරතරයක් (Ground clearance) තියෙන්න තමයි කණුවේ උස තීරණය කරන්නේ. ඒකයි එක එක කණු එක එක උසට තියෙන්නේ.

කෙනෙක් ​මේ කණුවක් දිහා හොඳට බැලුවොත්, අර මහත කම්බි ඔක්කොටම උඩින්, කණුවේ මුදුනේම තියෙනවා හීනි කම්බියක්. මේකෙන් කිසිම කරන්ට් එකක් යන්නේ නෑ! එහෙනම් මේක තියෙන්​නේ මොකටද? ⚡🌩️

මේකට කියන්නේ Shield wire නැත්නම් Ground wire කියලා. මේවගේ එකම රස්සාව තමයි අකුණු ගහද්දී ඒ අකුණ තමන්ගේ ඇඟට අරගන්න එක! මේ යෝධ කණු තමයි ඒ අව​ට තියෙන උසම දේවල්. එතකො​ට අකුණක් නිතරම වදින්නේ උසම තැනට. මේ ආරක්ෂක කම්බිය තිබුණේ නැත්නම්, අකුණ වදින්නේ කෙලින්ම විදුලිය ගෙනිය​න කම්බියට. එතකොට වෝල්ට් බිලියන ගාණක කරන්ට් එකක් ලයින් එක දිගේ ගිහින් උපපොළවල් ඔක්කොම පුපුරලා යනවා. මේ හීනි කම්බියෙන් කරන්නේ අකුණ අරගෙන කෙලින්ම කණුව දිගේ පොළොවට (Earth) යවන එක.

තව දෙයක්! ඔයා කවදාහරි 132kV හෝ ඊට වඩා වැඩි High voltage ලයින් එකක් යටින් යද්දී පොඩි "බීස්" ගාන සද්දයක් ඇහිලා තියෙනවද? සමහර වෙලාවට රෑට කම්බි වටේ පොඩි නිල් පාට එළියක් පවා පේන්න පුළුවන්! 🔊✨

මේකට හේතුව තමයි "Corona Effect" කියන සංසිද්ධිය. කම්බියේ තියෙන අධික වෝල්ටීයතාවය නිසා කම්බිය වටේ තියෙන වාතය අයනීකරණය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන්ට් එක යන්නේ නැති වාතය හරහත් කරන්ට් එක ටිකක් යන්න පටන් ගන්නවා. මේ නිසා කම්බිය වටේට පොඩි ස්පාර්ක් හැදෙනවා. මේකෙන් ලොකු බලශක්තියක් අපතේ යනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්​නේ Corona loss කියලා.

මේක අඩු කරන්න ඉංජිනේරුවෝ පාවිච්චි කරන්නේ "Bundle conductors". ඒ කියන්නේ තනි මහත කම්බියක් ගන්නවා වෙනුවට, කම්බි 2ක් හෝ 4ක් පොඩි පරතරයක් තියලා එකට යවනවා (Space dampers දාලා). මේකෙන් කම්බියේ වර්ගඵලය වැඩි වෙලා Corona effect එක ගොඩක් දුරට අඩු වෙනවා.

මේ විදුලිය ගෙනිය​න කම්බිත් හදලා තියෙන්නෙත් අමුතුම විදිහකට. AC (Alternating Current) කරන්ට් එකක් මහත කම්බියක් දිගේ යද්දී, ඒක යන්නේ කම්බියේ මැදින් නෙවෙයි, කම්බියේ පිටත පෘෂ්ඨය දිගේ. මේකට කියන්නේ "Skin Effect" කියලා. උදාහරණයක් විදිහට 765kV ලයින් එකක කම්බිය සෙන්ටිමීටර් 3.5ක් මහත වුණත්, කරන්ට් එක යන්නේ පිටතින් තියෙන මිලිමීටර් 0.66ක ප්‍රමාණයක විතරයි! 🔌

මේ නිසා තනි මහත කම්බියක් දැම්මොත් ඒක ඉක්මනින් රත් වෙනවා. ඒ නිසා මේ ලොකු කම්බිය හදලා තියෙන්නේ පොඩි කම්බි ගොඩක් එකතු කරලා.
ඒ වගේම, ඇලුමිනියම් කම්බි වලට කරන්ට් එක හොඳට ගෙනියන්න පුළුවන් වුණත් ඒවායේ හයිය මදි. ඒ නිසා කම්බිය මැදට යකඩ කම්බි (Steel core) කීපයක් දාලා තියෙනවා (ACSR - Aluminum Conductor Steel Reinforced). කරන්ට් එක යන්නේ ඇලුමිනියම් වලින් විතරයි, යකඩ කම්බි වලින් කරන්නේ මේ කම්බිය කැඩෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න එ​ක!

නිකන්ම නිකන් යකඩ ගොඩක් වගේ පෙනුණ​ට, Power line tower එකක් කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ, ගණිතයේ සහ භෞතික විද්‍යාවේ පරිපූර්ණ එකතුවක්. ත්‍රිකෝණාකාර හැඩය, අකුණු අදින කම්බිය, ඇදෙන කේබල් මේ හැමදේම තීරණය කරලා තියෙන්නේ නරකම දෙයක් වුණත් කොහොමද බේරෙන්නේ කියලා හිතලා. ඉංජිනේරු විද්‍යාව කියන්නේ හැමදේම හොඳට තියෙද්දී දෙයක් වැඩ කරන විදිහට හදන එක නෙවෙයි, කිසිම දෙයක් හොඳ විදිය​ට නැති වෙලාවටත් කඩාගෙන නොවැටී තියෙන්න හදන එක​ට! 🌟

පුංචි සහහෝගයක් විදියට තත්පර 5ක් වැය කරලා ලිපියට Comment එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. ලිපි ලියන මට ඒක ලොකු හයියක්!

ඊළඟ වතාවේ පාරේ යද්දී මේ යකඩ යෝධයෙක් දැක්කාම, මෙයා ඔයාගේ ඔළුවට උඩින් වෝල්ට් ලක්ෂ ගාණක් උස්සගෙන, හුළඟට නැවීගෙන, අකුණු වලට මුහුණ දීගෙන නිහඬව කරන සේවය මතක් කරගන්න.

මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? මේ වගේ එදිනෙදා දකින දේවල් පිටිපස්සේ තියෙන තාක්ෂණික කතා ගැන තව දැනගන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ වටිනා ලිපියට Like එකක් දාලා, තාක්ෂණය ගැන හොයන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! ⚡👍💬🗣️

Written By : Sulochana Dissanayake
Source : Internet

10/04/2026
09/04/2026
07/04/2026
Commercial clothes dryer.Full service,Successfully done,Hansilu General Engineering,Homagama,0777682487.
07/02/2026

Commercial clothes dryer.
Full service,
Successfully done,
Hansilu General Engineering,
Homagama,
0777682487.

05/01/2026

Indesit gas oven,
Full service,
Successfully done,
Hansilu General Engineering,
Homagama,
0777682487.

Address

Beruketiya
Homagama

Telephone

0777682487

Website

Alerts

Be the first to know and let us send you an email when Hansilu General Engineering. Homagama. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansilu General Engineering. Homagama.:

Share