30/08/2026
පුංචි පවුලකට හොදින් ගැලපෙන සුන්දර නිවසක්!
නවීන පන්නයට නිර්මාණය කර ඇති මෙම නිවස පර්චස් 11ක බිම් ප්‍රමාණයෙන් යුතු ඉඩමක වුවද ගොඩනගාගත හැකිය.
නිදන කාමර දෙකක්, එම කාමර දෙකට මැදි වන ලෙස ගොඩනගා ඇති නාන කාමරය සහිත වැසිකිලියක්, එයට ලගින් රෙදි සෝදන යන්ත්‍රය තබා ගැනීමට පුංචි ඉඩක්, වැ රණ්ඩා වක් සහිත පැන්ට්‍රියක්, සේවක වැසිකිලියක්, සලයක්, මෙම සලයට වඩා අගල් 6ක් උසින් පිහිටන පරිදි සාලයට විවුර්ත වන ලෙස සැකසු කෑම කාමරයක්, විවුර්ථ රථ ගාලක් සහ මෙම රථගලට යාවෙන ලෙස නිර්මාණය කරන ලද සාලය වටා දිවෙන අඩි 5ක් පළල වැරණ්ඩාවකින්ද සමන්විතය.
මෙහි වහල තනි පලයකට වන සේ නිමවා ඇත. විශේෂත්වය වන්නේ වහල පිටතට නොපෙනෙන ලෙස නිර්මාණය කර තිබීමයි.රථගලේ සහ වැ රැ ණ්ඩාවේ වහලට කොන්ක්‍රීට් slab එකක් යොදා ඇත්තේ නිවසේ සංකල්පයට හානියක් නොවන ලෙසය. එමෙන්ම මෙහි ඉදිරිපසට යොදා ඇති විසිතුරු කණු නිවසේ තේමාවට ගැලපෙන ලෙස සහ සුන්දරත්වය වැඩිවන සේ නිර්මාකාය කර ඇත.නිවසේ ජල ටැංකිය නාන කාමරය සහිත වැසිකිලියට ඉහලින් පිහිටන සේ නිමවා ඇත.
මුළු දිග අඩි 40ක්ද, මුළු පළල අඩි 38යි අගල් 6ක් ද වන මෙම නිවසේ මුළු වර්ගපලය වර්ග අඩි 1293කි.
අඩු සාමාජිකයන් පිරිසක් සිටින පුංචි පවුලකට මෙම සුන්දර නිවස හොදින් ගැලපේ.