11/06/2026
ඉතින් එහෙම එකේ අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් නෑ..
පසු තැවෙන්න ඕනී ඒ මිනිස්සු..
මොකද සියලු පැහැදිලි කිරිම් , තේරුම් කිරීම් වලිනුත් පස්සේ ඒ මිනිස්සූ තේරුම් ගත්තේ නැතුව , අපි නිහඩ උනාට පස්සේ තේරුම් ගියාම පසුතැවිල්ල ඇති වෙන්නේ ඒ අයටමයි..
මං දන්නවා සමහර මිනිස්සු අදටත් , මේ දැනුත් පසු තැවෙනවා , එදා කියපු දේ ඇහුවනම් , තේරුම් ගත්තා නම් අද සතුටින් ආදරෙන් ඉන්න තිබ්බා නේද කියන සිතුවිල්ල හිතට එනවා ඇති , හිතට වද දෙනවා ඇති..
මං හැමදාම කියනවා වගේ.. කාලයක් ගියාම තමා මිනිස්සුන්ට අපේ අගේ වටිනාකම දැනෙන්නේ.ඒ දවසට අපිව ගොඩාක් මතක් වෙනවා..අපිව හොයන්න ගන්නවා..
ඒ හෙවිල්ල එදා තිබ්බා නම් , ඒ අගේ , වටිනාකම එදා තිබ්බා නම් අද ඔහොම පසු තැවිලි වෙන්න දෙයක් නෑ..ආදරෙන් ඉන්න තිබ්බා..
මං කියන්නේ ඔයාලා කවමදාවත් දුක් වෙන්න එපා .. ඔයාව දාලා යන අයට යන්න දෙන්න , ඔයාට වටිනාකමක් , ආදරයක් , නොදෙන තැන් වලින් නිහඩ වෙන්න අනිවාර්යයෙන්ම දවසක ඒ මිනිස්සුන්ට අපිව මතක් වෙන දවසක් එනවාමයි..
අපිව පිස්සුවෙන් හොයන දවසක් එයි...එදාට ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන සද්ද නොකර යන්න...හැමදාම ඒ අයට ඔයාගේ වටිනාකම , අගේ තේරුම් ගන්න ඉඩ දීලා නිහඩව ඉන්න...එතකොට ඔයාට කිසිම සිත් රිදීමක් ඇති වෙන්නේ නෑ.