14/06/2023
ඩුබායි සිට තායිලන්තය බලා යන අහස් යානයේ ඉතා ආකර්ශනීය කාන්තාවක් ඇය ලඟ වාඩි වී සිටි භික්ෂුවගෙන් මෙහෙම ඇව්වා...
"හාමුදුරුවනේ, මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද..?"
"පුලුවන් දරුවා.. මොනවද මගෙන් කෙරෙන්න ඕන..?"
"මම අම්මට අලුත් හෙයා ඩ්‍රයර් එකක් ගත්තා, ඒක පාවිච්චි නොකරපු එකක් නිසා රේගුවෙන් තීරු බදු ගහවි. ඔබට පුලුවන්ද ඔබේ ලෝගුව අස්සෙ දාගෙන ගොස් දෙන්න..."
"පුලුවන්... හැබැයි දරුවා මම බොරු කියන්නෙ නැහැ.."
"අනේ හාමුදුරුවනේ.., මම හිතන්නෙ නැහැ රේගු නිලධාරීන් ඔබෙන් ප්‍රශ්න කරාවි කියලා..."
ඇය කී පසු බික්ශූන් වහන්සේ ඔහුගේ චීවරය යට කොටසේ ඇති රහස් සාක්කුවේ හෙයා ඩ්‍රයර් එක සඟවා ගෙන රේගුව හරහා යන විට, රේගු නිලධාරියෙක් ඔහුව නවත්වා.,
"හාමුදුරුවනේ, පෙන්වීමට (declare) යමක් ඇත්ද..?"
කියා ඇසූ විට..,
"ඔලුවේ සිට ඉන දක්වා රේගුවට පෙන්වීමට කිසිම දෙයක් නැත.."
යැයි කීවෙ නිලධාරියා සිනා ගස්සමින්...
"එහෙනම් හාමුදුරුවනේ, ඉනේ සිට කකුල් දක්වා පෙන්වීමට යමක් ඇත් ද..?"
යැයි ඇසුවේ බික්ශූන් වහන්සේගේ අමුතු පිලිතුරෙ හාස්‍ය ගැබ්වී තිබුනු නිසා තවත් හාස්‍ය ජනක පිලිතුරක් බලාපොරොත්තුවෙන්...
"ඔව් කාන්තාවන් සඳහා නිපදවන ලද නමුත්, කිසිදා පාවිච්චි නොකල අනර්ඝ භාන්ඩයක් තියෙනවා පෙන්වීමට..."
කියා පිලිතුරු දුන් විට බඩ අල්ලාගෙන හිනා වුනු රේගු නිලධාරියා..
"හාමුදුරුවෝ යන්න කරුනාකරලා මම හිනාවෙලා මැරෙන්න කලින්.."
කියා බික්ශූන් වහන්සේට එලියට යන දොර පෙන්වීය...