26/11/2025
ඕනෑම ගොඩනැගිල්ලක් හදනකොට ඇයි Structural Design එක වැදගත් වෙන්නෙ ඇයි කියල මම කලින් ලිව්වා. ගොඩ අය ඒ ගැන වැඩිදුර දැනගන්න අවශ්‍යයි කියල මට මැසේජ් එවල තිබුණ.
සමහර අය අහල තිබුණ වෘත්තියට පිවිසෙන්නෙ කොහොමද කියල. සියළු විස්තර Institute of Engineers වෙබ් අඩවියට ගිහින් කියවන්න
ඒ හැමෝම වෙනුවෙන් වැදගත් වෙයි කියල හිතෙන දේවල් ටිකක් ලියන්නම්
මුලින්ම ලංකාවේ ඕනෑම තැනක ඔබ නිවසක් හදන්න බලනව නම් මුලින්ම ඔබ ඒ ඉඩම පරික්ෂා කරල බලන්න.
කදු ආශිත ප්‍රදේශවලදි බලන්න අවශ්‍යයි විශේශ දේවල් ටිකක්. සමහර ඉඩම් ලොකු බෑවුමක් සහිතයි. ඔබට ඒ ඉඩම අඩු මුදලකට ගන්න පුළුවන් වෙයි.
නමුත් ඒ බෑවුම ස්වභාවිකව නාය යන එකක් වෙන්න පුළුවන්. ඒ සමස්ත බෑවුමම නිවැරදිව පරික්ශා කරන්න ඕනෙ.
ඉඩම මිල අඩු උනාට නිවැරදි Retaining System එක අනුව ගේ හදන්න විශාල වියදමක් යනව. ඒ ගැන අනිවාර්යයෙන්ම හිතල සුදුසුකම් ලත් කෙනෙක් ලවා ඉඩම පරික්ෂා කරගන්න
Geologist කෙනෙක් Structural Engineer කෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන්. Institute of Engineers වෙබ් අඩවියේ register එකේ ඉන්න Structural Engineer කෙනෙක් සම්බන්ද කරගන්න ඒ සදහා.
මම දැක්ක කඩුගන්නාවෙ සමස්ත බෑවුමම Drone Survey එකක් කරනව කියල. ඒකෙන් බලන්න පුළුවන් කාලෙන් කාලෙට කොහොමද ඒ බෑවුම් වෙනස් වෙන්නෙ කියල
ස්ථාවර නැති බෑවුමක පස් වල බර නිසා ගුරුත්වය යටතේ උනත් වඩා ස්ථාවර තැනකට ඒ බෑවුම Settle වෙනව.
ඉතින් ගොඩනැගිල්ලක අමතර බරක් එකතු උනාම මොකද වෙන්නෙ කියල තේරෙනවනෙ
ඒකට පාංශු ස්ථර වල ස්වභාවය. Bed rock එකේ ස්වභාවය. ඒකෙ කඩතොලු වීම, අභ්‍යන්තර ජලවහනය වගේ සාධක ගොඩක් බලපානව.
මේ ගැන විශේශ දැනුමක් තියෙන්නෙ Geologist කෙනෙක්ට. ඕනෑම බෑවුම් සහිත ඉඩමකට NBRO එකෙ Geologist ල අදාල පරීශණ නිරීක්ෂණ කරල නිර්දේශ ලබා දෙනව.
මුලින්ම ඉඩම පරික්ෂා කරාට පස්සෙ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසු නම් නිවාස සැලසුමක් අපේ අවශ්‍යතාව අනුව ඇදගන්න ඕනෙ.
මම යෝජනා කරන්නෙ හොද Architect කෙනෙක් සම්බන්ද කරගන්න ඒ සදහා. වර්ග අඩි ගාන වැඩි නම් Chartered Architect කෙනෙක් සම්භන්ද කරගන්න වෙනව අනිවාර්යයෙන්ම
Architecture කියන්නෙ යම් කිසි ඉඩමක ස්වභාවය. හිරුඑළිය, සුළගේ දිශාව වගේ ගොඩක් සාධක සලකල නිවැසියන්ගේ අවශ්‍යතාවට ගැලපෙන විදිහට Space එක arrange කරන්නෙ කොහොමද කියන එක.
ඒ වගේම අද්දැකීම් සහිත Building Designer කෙනෙක්ටත් ඒ දේ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ වෘත්තිකයගෙ සුදුසුකම් කලින් වැඩ මොනවද කියල අහල බලන්න
ඉතින් ලංකාවෙ ක්‍රමවේදය අනුව Architect කෙනෙක් නිවාස සැලසුම අදිනව Structural Engineer ගෙ අදහසුත් එකතු කරගෙන.
ඒ සැලසුම මූලිකව NBRO එකට යොමුකරනව. NBRO එක ඉඩම පරීක්ෂා කරල නිර්දේශ ලබා දෙනව
Structural Engineer ඒ නිර්දේශවලට අනුව Structctural Design එක කරනව. සමහර අවස්ථාවල Design Report එකක් submit කරන වෙනව.
මට මතකයි අබේපුස්සෙ කෝවිලේ අඩි 24ක Retaining wall එක Design එක කරන කලින් Slope Stability එක බලන්න කියල නිර්දේශයක් දුන්න.
ඒක වෙන ආයතනයකින් කරා. ඒක අනුව මම ඩිසයින් කරල Drawings අයිතිකාරයට දුන්න.
නමුත් අයිතිකාරයා වැඩේ යනකොට මට කතාකරේ නෑ. ඉතින් මම දන්නෙ නෑ කොහොමද හැදුවෙ කියල.
Inpection කියන එක ඉතාම වැදගත්. අපි Structural Design එකක් කරාට වැඩක් නෑ බාස් හරියට ඒක හදන්නෙ නැත්තම්.
අවුරුදු කීපයකට කලින් මම අයකරා රු 6000ක වගේ මුදලක් පැය කීපයක inspection එකක් සදහා. ඉංජිනේරුවාගේ අද්දැකීම් මත ඒ මුදල වෙනස් වෙනවා.
ගොඩක් අය මේ මුදල ඉතුරු කරන්න inspection වලට කතා කරන්නෙ නෑ. Inspection එක කරල අපි ලිඛිතව අපේ නිර්දේශය දුන්නෙ නැත්තම් මොනව හරි ප්‍රශ්නයක් ඇතිඋනාම Structural Engineer සම්පූර්ණයෙන් වගකිවයුතු නෑ.
මොකද අපි දන්නෙ නෑනෙ දාන්න කියපු කම්බි ප්‍රමාණය දැම්මද foundation එකේ Size එක හරියට දැම්මද කියල.
ඉතින් ඔබේ ගොඩනැගිල්ලක Structural Engineer කෙනෙක් Inspection එකක් කරනව නම් අනිවාර්යයෙන්ම log book එකක් තියල ලිඛිත නිර්දේශය ගන්න. ප්‍රශ්නයක් ඇති උනොත් ඒක වැදගත්.
මට පුළුවන් විදිහට මම දන්න දේ කියන්නම්. ලංකාවේ මට වඩා දක්ෂ වෘත්තිකයො ගොඩක් ඉන්නව. එයාලගෙ සේවය ඔබට ලබාගන්න පුළුවන්
මේ වෙද්දි ලංකාවෙ ගොඩක් තැන් නායයාමේ අවදානමක. ඔබේ වටපිටාව ගැන අවධානයෙන් ඉදල අදාල අංශ දැනුවත් කරන්න. තවත් නායයාමක් උනාම අපි ඒගැන කතා කරල වැඩක් නෑ.
ඒ නිසා ඉඩම ගන්න වෙලාවෙ හෝ ඉඩමක ගොඩනැගිල්ලක් හදන්න පටන්ගන්න අවස්ථාවෙ සියළු දේ සැලසුම් කරන්න
පින්තූර වල තියෙන්නෙ කාලයක් තිස්සෙ ගිලාබහින නිවසක්. ඔබ හිතන එකක් නෑ.මේ නිවස තියෙන්නෙ මහරගම.
මේ නිවස තාම තියෙනවද දන්නෙ නෑ. අයිතිකාරය මාව සම්බන්ද කරගත්තෙ නෑ පළවෙනි Inspection එකෙන් පස්සෙ