Sivilimakirillawala

Sivilimakirillawala All roofing materials suitable for your home or office in a variety of colors are available with a h

Our roofing and ceiling products are long lasting and of the highest quality. Your roof and ceiling projects can also be fitted by our skilled workers.

20/08/2024

Check out Dotmo Lanka’s video.

📞Please call us:0721650650😀😀You can oder now!!😀😀
23/03/2024

📞Please call us:0721650650
😀😀You can oder now!!😀😀

23/03/2024
29/09/2023

Call us; 0777725050

05/05/2023

අමා දම් සිසිලෙන් සිත් සතන් නිවී සැනසෙන
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!
Happy Vesak Day.! 😇❤️🙏

05/05/2023

සිදුහත් කුමාරෝත්පත්තිය, බෝසතානන් වහන්සේගේ සම්බුද්ධත්වය හා තථාගතයන් වහන්සේගේ පරිනිර්වානය යන උතුම් තෙමගුල සිදුවූයේ අද වන් වෙසක් පොහෝ දිනකයි.

01/05/2023

පාත්‍ර ධාතුව..!

බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන “පාත්‍ර ධාතුව“නම් වේ.

බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්‍ර කිහිපයක් භාවිතා කර ඇත.

මහ බෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර භාවිතා කළ මැටි පාත්‍රයක් ගැනත් රන් තලියක් ගැනත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. මහ බෝසතුන් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබාගත් දිනයෙහි ඝටීකාර බ්‍රහ්ම රාජයා බෝසතුන්ට අටපිරිකරක් පිදුවේය. ඒ තුළ වූයේ මැටි පාත්‍රයකි. මෙය උන් වහන්සේ පරිහරණය කළ මුල් ම පාත්‍රයයි.

සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පරිභෝග කළේ ඝටීකාර බ්‍රහ්ම රාජයා පිදූ මේ මැටි පාත්‍රය යි. සිටුදියණිය කිරිපිඬු පූජා කරන කල්හි මේ මැටි පාත්‍රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.

මෙයට පසුව මහ බෝසතුන් දන් වැළඳූ බඳුනක් ගැන සඳහන් වන්නේ බෝසතුන් බුදුවීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී ය. එහි දී සුජාතා සිටුදියණිය මහ බෝසතුන්ට රන් තලියකින් කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !” යි කියා අදිටන් කොට රන් තලිය ගඟට දැමුවේය. තලිය ක්‍රමයෙන් ගඟ මැදට ගියේය. ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං ගොස් නදියේ ගිලී ගියේය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග රාජ භවනට ගියේය. මෙසේ අප බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කළ තලි තුන ද ඒ නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇත.

මෙයට පසුව නැවත වරක් පාත්‍ර ධාතුවක් ගැන සඳහන් වන්නේ බුදුරදුන් බුද්ධත්වයට පත්වී සත් වැනි සතිය අවසානයේ දී ය. බුදුහු බුද්ධත්වයට පත් වී සත් වැනි සතිය “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටි සේක. ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ට බැදපු සහල් පිටි හා මී පැණි යොදා කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූහ. බුදුරදුන්ට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවීය.
මේ බව දුටු සතරවරම් දෙව්රජ දරුවෝ ඉන්ද්‍රනීල මාණික්‍යය පාත්‍ර සතරක් බුදුරදුන්ට පූජා කළහ. බුදුහු එය ප්‍රතික්ෂේප කළහ. ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවෝ ගල් පාත්‍ර සතරක් බුදුරදුන්ට පිළිගැන්වූහ. බුදුහු දෙව්රජ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගල් පාත්‍ර සතර පිළිගත්හ. පිළිගෙන ඒ පාත්‍ර සතර එකපිට එක තබා පාත්‍ර සතර එකක් වීමට අදිටන් කළසේක. එය එසේ ම විය. බුදුහු ඒ ගල් පාත්‍රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්‍රයෙනි. එබැවින් මේ පාත්‍ර ධාතුව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම ඉතා වැදගත් වෙයි.

බුදුරදුන් ගේ මේ පාත්‍ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්‍ර නුවර දී “පාත්‍රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇත. මේ ගැන වැඩි විස්තර සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ කඤ්චනදේවී වස්තුව කියැවීමෙන් අවබෝධ කරගත හැක.

ක්‍රි. ව. 5 වැනි සියවස වන විට මේ පාත්‍ර ධාතූන් වහන්සේ පකිස්ථානයේ පුරුෂ පුරයේ (පෙෂාවෝරයේ) අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව ෆාහියන් හිමියන් තම වාර්තාවේ සඳහන් කර ඇත. එසේ ම ඒ වාර්තාවේ පාත්‍රධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු දැ’යි කියාත් සඳහන් කර ඇත. එය මෙසේයි.

“බුදුන් වහන්සේ ගේ පාත්‍ර ධාතුව තිබෙන්නේත් පුරුෂ පුරයේ ය... මේ පාත්‍රයට බුසල් 1/4 ක ප්‍රමාණයේ ද්‍රව්‍ය දැරිය හැකි ය. එය විවිධ වර්ණයෙන් යුක්ත ය. එහෙත් කාල වර්ණය අවශිෂ්ට වර්ණයන් අභිබවා සිටී. පැහැදිලි ලෙස ම මේ පාත්‍රයේ ස්ථර 4ක් දැකිය හැකිය. එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝන ය. එයින් තියුණු කාන්තියක් විහිදෙයි...”

හියුං සියං හිමියන් ද මේ පාත්‍ර ධාතුව ගැන සඳහන් කරයි. හියුං සියං හිමියන් එහි ගියේ ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසුව ය. ඒ වන විට පාත්‍රය ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබූ අතර පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා (ඉරාන) දේශයේ රජතුමා ගේ මාලිගාවේ ය. ඒත් මේ වන විට ඒ පාත්‍ර ධාතූන් වහන්සේ කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ’යි කිව නොහැක.
විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි මහා ස්තූපයක නටබුන් දක්නට ඇත. මේ ස්තූපය තුළ බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් තැන්පත් ව ඇතැ’යි සැලකේ. මේ මහා ස්තූපයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

සර්වඥ පාත්‍ර ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ දැක්වේ. “මධුරායං භගවතො පත්තො” යනුවෙන් එහි සඳහන් කර තිබුණත් එයට වඩා විස්තරයක් දක්වා නැත. ධර්මාශෝක මහාධිරාජයා සතුව බුදුරදුන් ගේ පාත්‍රධාතුන් වහන්සේ නමක් තිබී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක මහ රජු තමා සමීපයේ තිබූ බුදුරදුන් දන් වැළඳූ ඒ පාත්‍ර ධාතුන් වහන්සේත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට දුන්නේය. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්‍රධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ.
දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතු නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවා පාත්‍ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වීය.

එතැන් පටන් පාත්‍ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන් ගේ මහත් වූ පුද සත්කාර ගෞරව ලබමින් ආරක්ෂා විය. මේ අතර වළගම්බා රජු සමයේ දී එක් සොළියෙක් සර්වඥ පාත්‍ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. ගජබා රජු (ක්‍රි. ව. 114 – 136) ඉන්දියාවට ගොස් පාත්‍ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීය. මේ බව රාජාවලියේ දැක්වේ.

සිංහල රජ දරුවෝ දළදා වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් එක ම මැදුරක් තුළ ආරක්ෂිත ව තැන්පත් කර පුද පූජා පැවැත්වූහ. යමෙකුට ලංකාවේ රජ බවට පත්වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය සතුව මේ ශුද්ධ වස්තූන් දෙනම තිබිය යුතු යයි පිළිගැනීමක් විය.
බුද්ධදාස මහ රජුගේ දෙටු පුත්‍රයා වූ උපතිස්ස රජු (ක්‍රි. ව. 365 – 406) සමයේ දී ලංකාවේ දුර්භික්ෂයක් හා රෝග බියක් හට ගත්තේ ය. එකල්හි උපතිස්ස රජු භික්ෂු සංඝයා ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්‍රතිමාවක් තනවා පාත්‍ර ධාතුවට පැන් පුරවා පැන් සහිත පාත්‍ර ධාතුව ප්‍රතිමාවේ දෝතෙහි තබා ඒ බුද්ධ ප්‍රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවීය.
පසුව රජු සිල් සමාදන් වී මහජනයා ද සීලයෙහි පිහිටුවා නුවර මැනවින් සරසවා භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහමගට බැස්සේ ය. භික්ෂු සංඝයා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කළහ. පසුදා හිරු නැඟෙන කල්හි මහ වැසි වැස්සේය. සියලු දුර්භික්ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. රටට සියලු යහපත උදා විය.

මෙයින් මහත් වූ සතුටට පැමිණි උපතිස්ස රජු “අනාගතයේ ලක්දිව මෙවැනි දුර්භික්ෂයක් හා රෝග බියක් ඇති වුව හොත් මෙසේ ක්‍රියා කරන්නැ’යි කියා නියෝගයක් ද කළේය. මේ කථා පුවත චූළවංශයේ දැක්වේ.

ගයාන් චනුක විදානපතිරන මහතා විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන්

උපුටා ගැනීමක්

28/04/2023
28/04/2023

සාදු..! සාදු..! සාදු..! 🙏

Address

Sivilima Kirillawala Ceiling Supplier
Kirillawala
11850

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:45

Telephone

+94777725050

Alerts

Be the first to know and let us send you an email when Sivilimakirillawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sivilimakirillawala:

Share