27/07/2026
"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ගොඩනැඟීමේ ජාතික මෙහෙවරට කොලොන්නාව CPSTL අපිත් අත්වැල් බැඳගත්තෙමු! 🇱🇰✨
ජනාධිපති ලේකම් කාර්යාලය සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ඒකාබද්ධව සංවිධානය කරන "ජාතික සුපිළිපන් සතියේ" සමාරම්භය සනිටුහන් කරමින්, කොලොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සුවිශේෂී වැඩසටහනක් අද (27) පෙරවරු 9.00ට සාර්ථකව පැවැත්වුණි.
සභාපති ජනක රාජකරුණා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, විධායක අධ්‍යක්ෂ හේමන්ත කුමාර මහතා, සියලුම සාමාන්‍යාධිකාරීවරුන් සහ අංශ කළමනාකාර මහත්ම මහත්මීන් ඇතුළු ආයතනයේ සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව ඉතා අභිමානවත් අයුරින් ක්‍රියාත්මක විය.
මෙම සුවිශේෂී අවස්ථාවේදී අදහස් දැක්වූ සභාපති ජනක රාජකරුණා මහතා, ජාතික සුපිළිපන් සතියේ ප්‍රධාන අරමුණ සහ එහි වැදගත්කම පිළිබඳව සේවක මණ්ඩලය වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරමින් විශේෂ දේශනයක් ද පැවැත්වීය.
මෙහිදී ආයතනික කාර්ය මණ්ඩලය විසින් "ජාතික සුපිළිපන් දිවුරුම" ලබා දීම සහ "ආචාර ධර්ම සංග්‍රහය" ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර, හෘද සාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මකව අපගේ රාජකාරි ඉටුකරමින් දූෂණයෙන් තොර කාර්යක්ෂම සේවාවක් රට වෙනුවෙන් ලබාදීමට CPSTL පවුලේ අපි සියලු දෙනාම මෙහිදී අදිටන් කර ගත්තෙමු. 🤝
රට ගොඩනඟන පිරිසිදු පරිපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපිත් එක්වෙමු!