30/09/2019
සංගීතය යනු කුමක් ද ?
ඉහත ප්‍රශ්නය දෙස බැලූ බැල්මට එහි කිසිදු වැදගත් කමක් නොමැති බව ඔබට දැනෙනවා විය හැක.බොහෝ දෙනෙක් ස්වකීය අවබෝධයෙන් සිතන පරිදි සංගීතය යනු "ගීතයයි" එසේ නැතහොත් ගායකයා ගායනය කරන අතරතුර වාදකයෝ වාදනය කිරීමට අප සවන් දීම "සංගීතය" ලෙස අර්ථ ගන්වා ගෙන ඇත.සත්‍යවශයෙන් ම එය සරල සහ ප්‍රාථමික අදහසකි.මෙය තව දුරටත් සංගීතයෙහි අවබෝධයක් ඇති පුදගලයා සංගීතය යනු සංගීත භාණ්ඩ(musical instruments),ස්වර(musical notes ),සංගීත ග්‍රාම(scales ),රිද්මය(rhythm ),ප්‍රසංවාද (harmony ),ත්‍රිවිධ අෂ්ඨක(octaves/bass,middle,high),තනුව(melody ) වැනි සංගීතමය සාධක වල එකතුවක් සේ සලකනු ඇත.නමුත් එය සන්ධාරක (mechanical ) ක්‍රියාවලියකි.නැතහොත් එය යම් සිද්ධාන්තමය (theoretical )මූලධර්ම සමග බැදි යාන්ත්‍රණයක් සහිත උසස්,දියුණු සංසිද්ධියකි.ඔනෑම රටක සාමාන්‍ය ජනයා සංගීතය "මානසික සුවය"ගෙන දෙන සුඛ දායක(enjoyable ) මාධ්‍යක් ලෙස සරලව අර්ථ ගන්වා ඇත.එමගින් යහපත් චිත්තවේග(emotions )මනසෙහි ණිර්මානය වන බව දැන හෝ නොදැන ඉගියකින් මෙන් වටහා ගෙන ඇත.
සංගීතයේ අර්ථ ගැන්වීම් සර්වකාලීන නොවේ.විවිධ දේශයන්හි පවතින සංස්කෘතික වපසරිය මූලය කොට ගනිමින් එම දේශයන්හි අනන්‍යතාවය සහ සංගීත සම්ප්‍රදායයන්ට අනුගත වන සේ "සංගීතය"යන්න නිර්වචනය කොට ඇත.
සංගීතය පිලිබද නිර්වචන යම් යම් කාලපරිච්ඡේදයන් හි වෙනස් වෙමින් පවතින බවත්, ඒ ඒ කාල වකවානුවන් හි විසූ සංගීතය පිලිබද ප්‍රාමාණික විද්වතුන් තුල පැවති සංගීතමය පරිචය අනුව ද වෙනස් වූ බවත් අප දන්නා කරුණකි.ලෝකයේ පැවතුණු සහ පවතින සෑම දේශයකටම අයත් සංස්කෘතීන්ට අනුගත වූ සංගීත සම්ප්‍රදායක් ඇත.එහි ගායන මෙන්ම වාදන ද ඇතැම් විට ඊට ආබද්ධිත නැටුම් විශේෂයන් ද දැක ගත හැකිය.ඇතැම් නලා වර්ග(flutes ),සහ බෙර වර්ග(drums ) වසර දහස් ගණනක ඈත ඉතිහාසයෙ හි සංගීතමය තොරතුරු සදහා සාක්ෂි සපයයි.එමෙන්ම පැරණි ඊජිප්තු සංගීතය ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් ද ,ඇතැම් අප්‍රිකානු සංස්කෘතීන් ස්වකීය සංස්කෘතීන් හා බද්ධ වූ පූජා විධි සදහා බෙර වර්ග මූලික කොට ගත් සංගීත සම්ප්‍රදායයන් භාවිත කොට ඇත්.
සංගීතය යනු බහුමාන(multi dimensional ),සහ බහු මාධ්‍ය (multimedia )ප්‍රපංචයක් වන බැවින් ඒ පිලිබද අවබෝධය ඕනෑම රටක වෙසෙන පුරවැසියකුට වුවද වැදගත් වේ.දැන හෝ නොදැනුවත්වම දිනයේ පැය විසිහතරක කාලය තුල එක් වතාවක් හෝ ක්‍රමවත් සහ අර්ථපූර්න ක්‍රියාවලියකට අපව සංගීතය විසින් මෙහෙය වනු ලබයි.කිසිදු සංගීතයක් රස විදිය නොහැකි පුද්ගලයෙකුට වුවද ඉහත සංසිද්ධියේ පාලනයට හසු වනු නොඅනුමානය .උදාහරණයක් ලෙස එවැනි පුද්ගලයකු ජංගම දුරකථනයක් භාවිතා කිරීමේදී තමාට ලැබෙන දුරකථන ඇමතුම ලබා ගන්නේ එහි ගබඩා කොට ඇති සංගීතමය නාද රටාව (ringing tone)ශ්‍රවණය වීම නිසාවෙනි.ගමනා ගමන පහසුකම් සපයන බසයකදී වුවද තමාට අවශ්‍ය ස්ථානයෙන් බැසීම සිදු කරන්නේ සීනුවක්(bell ) නාද කිරීමෙනි.සීනුවෙන් නිකුත් වන්නේද සංගීතමය ස්වරයකි.අප එදිනෙදා ජීවිතයේදී මෙවැනි සංගීතමය සාධක රැසක් අප ජීවිතය හා බැදී පවතී.එයින් බැහැර වීම පෘථක්ජන මනුශ්‍යයන් වන අපට කල නොහැක.
සංගීතය වටහා ගැනීමට එහි සංයුතිය මට්ටම් කිහිපයකින් සරලව විග්‍රහ කල යුතුය.එය සංගීතයේ මූලිකාංග (The elements of music ) ලෙස යම් හෝ අවබෝධයක් ලබා දීම සදහා පහත සරලව දක්වා ඇත.ඇතැම් පාරිභාෂික වදන් ඉංග්‍රීසියෙන්ම දැක්වීමට සිදුව ඇති බව සදහන් කල යුතුය.පසුව මේ පිලිබද දීර්ඝ විස්තරයක් ලබා දීමට අදහස් කරමු.
* Rhythm - රිද්මය(beat ,meter ,tempo ....)
* Dynamics - ස්වරයන්හි හඩේ සැර අඩු වැඩි බව
(Cresendo,decresendo,forte,piano)
* Melody - තනුව (pitch ,range ,theme )
* Harmony - ප්‍රසංවාද
( chords ,progression,key,tonality)
* Tone color - විවිධ නාද වර්ග(register ,range )
* Texture - සංගීතමය ආකෘතිය
(Monophonic,polyphonic,homophonic)
* Form -හැඩ ගැස්ම , ආකාරය