25/12/2024
9)i.බ්‍රහ්ම පාදය බලපාන්නේ පන්සල් වලටද??
🔔 මුලින්ම බලමුකෝ මේ බ්‍රහ්ම පාදය කියන්නේ මොකද්ද කියලා. නිවසේ මුලු යා කරමින් අදින විකර්ණ රේඛාවේ චේදන ලක්ශ්‍ය තමයි බ්‍රහ්ම පාදය කියන්නේ. ඕකට අපි Centre Point කියලා වගේම මධ්‍ය ලක්ෂ්‍ය කියලත් කියනවා. වඩාම නිවැරදි ඔය වචන දෙක තමයි.
🔔 වාස්තුකරනය කොටස් තුනකින් සමන්විත වනවා.
i) පූජනීය වාස්තුකරනය
ii) ගෘහස්ත වාස්තුකරනය
iii) ව්‍යාපාරික ස්තාන වාස්තුකරනය
🔔 සමාජයේ අතීතයේ සිට අද දක්වා පැවතගෙන ඇවිත් තියෙන්නේ පූජනීය වාස්තුකරනය තමයි. බෞද්ධයන් වන අප පන්සලක් ඉදිකිරීමේදී තමයි මේ පූජනීය වාස්තු යොදා ගත්තේ. ගොඩනැගිලි, බෝ ගස, චෛත්‍ය, බුදු ගෙය ආදී දේවල් ස්තානගත කල යුතු ස්තාන තීරනය කරනු ලබන්නේ පූජනීය වාස්තු වලට අනුව. පූජනීය වාස්තු කරනයට අනුව බ්‍රහ්ම පාදය සලකනු ලබන්නේ බුදුන් වැඩ සිටිය යුතු ස්තානයයි. එම නිසා බ්‍රහ්ම පාදය ප්‍රදාන වශයෙන් අයත් වන්නේ පූජනීය වාස්තු සදහායි.
🔔 බ්‍රහ්ම පාදය හෙවත් මද්‍ය ලක්ශ්‍ය නිවසක සලකුනු කරගැනීම අවශ්‍ය වන්නේ නිවසේ දිශා සලකුනු කර ගැනීමටයි. නිවසේ මද්‍ය ලක්ශ්‍යයේ සිට මාලිමාවක් ආදාරයෙන් දිශා සලකුනු කරගැනීම පහසුවෙන් සිදු කරගන්න පුලුවන්.
🔔 ගෙයි ප්‍රදාන මුලු හතර යා කොට අදින විකර්න රේඛා දෙක කතුරක හැඩයක් ඇති නිසා ජන වහරේ එය ගිනි කතුර නමින්ද හදුන්වනවා.
🔔 තවද මෙම ගිනි කතුරට දොරවල් ජනේල අසු වීම සුභ නොමැති බව සමාජයේ මතයක්. නමුත් මෙහි කිසිදු විද්‍යාත්මක පසුබිමක් තියෙනවද කියලා නම් ගැටලුවට කරුනක්.. මොකද අපි දෙයක් කරන්න ඕන කිසියම් හේතුවකට අනුව. අනුන් කරනන්න වාලේ කිරීම නෙවෙයි.
🔔 නමුත් සේවාදායකයාගේ ඉල්ලීම පරිදි සියලු දේ සලකා බලා ඔහුගේ සිතැගි පරිදි නිර්මාණය කර දීම ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාව වනවා. නමුත් ඉහත දුර්මත නිසා නිර්මාණ ශිල්පියාටද සාර්තක අලංකාර නිර්මාණයක් සිදු කිරීමට ලොකු භාදාවක්.
🔔 ඉහත කරුනු මා අද්‍යනය කොට, පොත් පත් හදාරා ලබාගත් දැනුම බැවින් එය අභියෝගයට ලක් කරන්න ඔබට පුලුවන්. නමුත් මා හට අවශ්‍ය වන්නේ සත්‍ය කරුනු පමණක් ඔබට අවබෝද කර, සමාජයේ මුල් බැස පවතින දුර්මත සමාජයෙන් ඉවත් කර දැමීමටයි.