Jayakodi Construction

Jayakodi Construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayakodi Construction, Construction Company, Malkaduwawa, Kurunegala.

* All Construction Work
* Structural Home Designs & 3D Drowings
* Preparation Estimate for the Bank Loans
* Every Architectural Works
* Voluntary Services as Request

09/08/2024
ඔබ සිමෙන්ති වර්ග  වල වෙනස්කම් අදුරනවද? මේ වෙනස්කම් වලට මූලික වන්නේ සිමෙන්ති සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය සංයුතියේ වෙනස.බොහෝව...
29/04/2024

ඔබ සිමෙන්ති වර්ග වල වෙනස්කම් අදුරනවද? මේ වෙනස්කම් වලට මූලික වන්නේ සිමෙන්ති සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය සංයුතියේ වෙනස.

බොහෝවිට වෙලදපොලේදී සුලභ සිමෙන්ති වර්ගයක් මිලදී ගෙන ඉදිකිරීම් සදහා භාවිතා කිරීම දක්නට ලැබෙනවා.එය වැරදි භාවිතයක්.එක් එක් වැඩ සදහා යෝග්‍ය සිමෙන්ති අපිට වෙන් කරගන්න පුලුවන් .

01.කොන්ක්‍රීට් සදහා OPC හෙවත් Ordinary Portland Cement භාවිතා කරයි. මෙහි සිමෙන්ති කවරයේ SLS 107 ලෙස සදහන් කර ඇත.

මේ සිමෙන්ති යොදාගෙන බේස් එකේ සිට කනු,බීම්,ස්ලැබ්,පෙර සවි කොන්ක්‍රීට් (Pre cast concrete ) ඕනෑම දෙයක් සදහා යොදා ගැනීමේ හැකියාව පවතිනවා.

02.මුහුදුබඩ , වගුරු බිමේදී , පාලම් වැනි වතුර සහිත ස්ථානවල ඉදිකිරීම් වන විට හොදම සිමෙන්ති ලෙස BHC හෙවත් Blended Hydraulic Cement හදුන්වා දෙන්න පුලුවන් .මෙහි සිමෙන්ති කවරයේ SLS 1247 ලෙස සටහන් කර ඇත.

මේ සිමෙන්ති ඕනෑම ඉදිකිරීමක් සදහා භාවිතා කල හැක.

03.PCC- Portland Composite Cement .මෙහි කවරයේ SLS 1697 ලෙස සදහන් වෙනවා.මෙය බොහෝවිට OPC සිමෙන්ති වලට සමානයි.වෙනස් වන්නේ සිමෙන්ති සංයුතියේ ඇති clinker ප්‍රමාණය(OPC 95% PCC 65%) මගින්.OPC සිමෙන්ති තුලින් පරිසරයට වන බලපෑම වැඩි ලෙස එයින් නිගමනය කල හැක.

04.PLC - Portland Lime Stone Cement.මෙහි කවරයේ සදහන් වෙනවා SLS 1253 ලෙස.
මේ සිමෙන්ති ගල් බැදීම , කපරාරු කිරීම වැනි වැඩ සදහා යොදා ගැනීම සුදුසුයි.කොන්ක්‍රීට් වැඩ සදහා සහ ජලය සහිත ස්ථානවලට මෙම සිමෙන්ති යෝග්‍ය නොවේ.

05.MC - Masonry Cement .මෙහි සිමෙන්ති කවරයේ SLS 515 ලෙස දැක්වේ.මේ සිමෙන්ති බැම්මට සහ කපරාරුවට ඉතාමත් යෝග්‍යයි.කොන්ක්‍රීට් වැඩ සදහා භාවිතා නොකරයි.

තවද සිමෙන්ති බෑගයේ strength class එකක් සටහන් කර ඇත.එය 42.5, 32.5 හෝ 22.5 ලෙස සටහන් කර ඇත.අපි බොහෝවිට 42.5 භාවිතා කරනු ලබයි.

ස්තූතියි 🙏
දැනුමට පමණයි

2024 සුබ නව වසරක්ම වේවා..
01/01/2024

2024 සුබ නව වසරක්ම වේවා..

2023 නව වසර ඔබ හට ඉතාම සාර්ථක වසරක් වේවා. ජයග්‍රහණ හා සතුට සපිරි වසරක් වේවා. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා. ඔබටත් ...
01/01/2023

2023 නව වසර ඔබ හට ඉතාම සාර්ථක වසරක් වේවා. ජයග්‍රහණ හා සතුට සපිරි වසරක් වේවා. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.

08/08/2022
Jayakodi Construction 0717071797
01/03/2022

Jayakodi Construction
0717071797

2022 නව වසර ඔබ හට ඉතාම සාර්ථක වසරක් වේවා. ජයග්‍රහණ හා සතුට සපිරි වසරක් වේවා. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා. ඔබටත් ...
01/01/2022

2022 නව වසර ඔබ හට ඉතාම සාර්ථක වසරක් වේවා. ජයග්‍රහණ හා සතුට සපිරි වසරක් වේවා. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.
2022 உங்கள் வாழ்க்கையின் சிறந்த, ஆண்டாக இருக்கும். வெற்றி, மகிழ்ச்சி மற்றும் உங்கள் மனம் விரும்பும் அனைத்தையும் நீங்கள் பெறுவீர்கள். உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் இனிய புத்தாண்டு வாழ்த்துகள்.

බාස් කෙනෙක්ට කියලා ගෙයක් සාදා ගන්නා විට පිළිපැදිය යුතු වටිනාම කරුණු ටිකක්...    නැකත සාදන අතරතුර බාසුන්නැහැලගෙන් ගණන් අස...
16/11/2021

බාස් කෙනෙක්ට කියලා ගෙයක් සාදා ගන්නා විට පිළිපැදිය යුතු වටිනාම කරුණු ටිකක්...


නැකත සාදන අතරතුර බාසුන්නැහැලගෙන් ගණන් අසා ගන්න. දස දෙනෙක්ගෙන් හරි කමක් නැහැ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නේ නැහැ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද එයාලා වැඩේ අදිනව දවස් පඩිය ගන්න අවශ්‍ය නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍ර‍ශ්ණයක් නැහැ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොඳම කෙනා සොයා ගන්න. පුළුවන් නම් කර තිබෙන වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්න නම් එපා. මොකද ඔබගේ නිවස නිසා ඔබගේ මුදල් නැති නාස්ති කර ගන්න ඔබ කැමති නැති නිසා. ඒ නිසා හොඳට සොයා බලා වැඩේ භාර දෙන්න.

අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් විමසන විට මේ දේවල් ටික හොඳට මතක තබා ගන්න. ගණන් මිනුම් පැහැදිලිව අසා දැන ගන්න.

" ආ ඒක ඒ වෙලාවට බලමුකෝ මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කෝ"

ඔය වගේ චාටු බස් වලට නම් අහු වෙන්න එපා. මොකද එයාලා වැඩි හරියක් අපිට ඇති කමට ඉන්න අය නෙමෙයි. මේ අතර හොඳ පිරිසකුත් ඉන්නවා, ඒ වගේ හොඳ බාස් කෙනෙක් සොයා ගන්න. පැහැදිලි ව අසා ගෙන පැහැදිලි ව ලියා ගන්න මෙන්න මේ ටික.

01) බේස් වලක් කැපීමට අය කරන මුදල.
02) අත්තිවාරම කැපීමට අය කරන මුදල.
03) බේස් වලක් බැදීමට අය කරන මුදල. (කම්බි දමා)
04) අත්තිවාරම බැදීමට අය කරන මුදල (සමහර විට කියුබ් ගණනට වෙන්නත් පුළුවන්)
05) සිමෙන්ති ගලක් බැදීමට අය කරන මුදල.
06) කොන්ක්‍රීට් කණුවක් බැදීමට අය කරන මුදල.
07) ලින්ටල් අඩියකට අය කරන මුදල.
08) උළුවස්සක් තැබීමට අය කරන මුදල.
09) කපරාරුව වර්ග අඩියකට අය අය කරන මුදල.
10) බිම පස් තලා කොන්ක්‍රීට් කිරීමට අය කරන මුදල.
11) බදාම කපන්න අය කරන මුදල.
12) ටයිල් අල්ලන්න අය කරන මුදල.
13) කණු කපරාරුව සදහා අය කරන මුදල. (දික් අඩියක්)
14) පොටි ඇද පිලර් කෝඩ් දෙක ආලේප කිරීමට අය කරන මුදල.
15) කම්බි බැද සැටරිම ගැසීමට වර්ග අඩියකටඅය කරන මුදල. (සැටරිම එයාලා රැගෙන විත්)
16) ස්ලැබ් එක දැමීමට අය කරන මුදල. (ඔවුන් බඩු දාලා)

අංක 09 න් කියපු දේ තව පැහැදිලි කරන්න අවශ්‍යයි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දී උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනවා. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85 ක් විතර වෙනවා. බාසුන්නැහැල ක්‍ර‍ම දෙකකට මේක කරනවා.

*එකක් තමයි බිත්තියේ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනවා. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකර)

*එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩු නොකර සම්පූර්ණ බිත්තයට ගණන් හදනවා. හැබැයි එතකොට පට්ටම වලට ගණන් හදන්නෙ නැහැ.

ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අසා ගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අසා ගන්න.
ඊට පස්සේ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න.
අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න අවශ්‍යයි. මෙතනදී ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තිබේ. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතා කර ගන්න අවශ්‍යයි. ඒක දැන්ම කතා කර ගන්න එපා. ඒවා පසුව කතා කර ගන්න පුළුවන්. කතා කර ගන්න අවශ්‍ය ස්ථානයේදී මම කියන්නම්.
ඊට පස්සේ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියා ගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියා ගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාර ගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නේ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවර වෙන්නේ හිතා ගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි.
*අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද? ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලි ව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොඳට හිනා වෙලා අපි දෙන්නගෙ ම විශ්වාසෙට මෙහෙම හොඳයිනේ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනේ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව.

*ඊට පස්සේ ප්ලෑන් එක පෙන්වා අසා ගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවාද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවාද කියලා. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනේ. අපට වැඩේ ඉක්මනට කර ගන්නනේ අවශ්‍ය. ඒ දවස් ටිකත් ඊළග පිටුවේ ලියා ගන්න.

*ඊට පස්සේ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන් ද බැරිද කියලා. ඔයාට කෑම දෙන්න පුළුවන් නම් කෑම වල ගාණ අඩු කරන්න කතා කර ගන්න. නැත්නම් ප්‍ර‍්ශ්ණයක් නෑ. ඔයාට පුළුවන් වේලාවක් තිබේ නම් තේ ටිකක් දෙන්න. පුළුවන් වේලාවක් තිබේ නම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනේ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පව් නෑනේ.

*ඕන් ඊට පස්සේ තමයි අවශ්‍යම දේ කතා කරන්න තියෙන්නේ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියලා. හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන අය ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදු කර ගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාස්ට 2000ක් 3000ක් දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩු කර ගන්න. බාස් එක්ක මෙහෙම කතා කර ගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනවා. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහලා තමයි සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නත. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නේ. අත්තිවාරම බැදලා ඉවර වුණාම පලවැනි කොටස. ඊට පස්සේ බිත්ති භාගයක්වත් ඉවර වුණාම. ඊට පස්සේ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහර විට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නේ මහත්තයෝ අපි හෙට කන්නේ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියලා ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාණ නෙමේ. වැඩේ කෙරිලා තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනි නම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩු කර ගන්න කියලා. රුපියල් 1000ක් දෙන්නකෝ 2000ක් දෙන්නකෝ කියලා ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි)

*එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නේ ඇයි කියල ඔයාලා හිතනවා ඇති. මොකද දන්නවාද? මිනිස්සු වෙනස් වෙනවා. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි.

*බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍ර‍මාණය.
*ඉට පස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න.කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍ර‍ශ්ණ ටික දැන් ඉවරයි.

*වැලි ගේනකොට හාඩ්වෙයාර වලින් කියුබ් එක ගානේ ගන්නේ නැතුව එක පාරින් කියුබ් 3 ලොරියක ට කියලා ගෙන්නව ගන්න එයාල ගේන්නේ වැලි තොටුපලින් එක හුගාක් ලබයි.

*මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඕනිනේ. තමන්ට යාළුවේ එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයා ගන්න පුළුවන් නම් ගෙපල කපන දවසට ඒ අයට කතා කරලා අත්තිවාරම් කපා ගන්න පුළුවන් නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරයිනේ වියදමක් යන්නේ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියලා. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මන් හොදේ.

*වැලි කියුබ් 01
කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12
සිමෙන්ති ගලක් 4 * 8 * 16
මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේ නම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොළවල් තියේ නම් ඒවාටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවද බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දී ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නේ. ඒක නිසා කොහොම හරි තමන්ට අවශ්‍ය තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නේ නැති වෙන්න දාගන්න.

*ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියලා බලලා වැලි ගන්න. විශ්වාසය ගැන කිව්වේ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්ති නම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය වැලි ගෙනාවට පාඩු වෙන්නේ නෑ. මොකද ඕවා දිරන්නේ නැති නිසා. ගල්, වැලි, සිමෙන්ති, කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට.

*හරි දැන් නැකත හදලා ඉවරයි. බාසුන්නැහැලත් සොයා ගත්තා. දැන් නැකත දවස කිට්ටු වෙද්දී කරන්න දේවල් ටිකක් තියනවා. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනවා අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියා ගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශනා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියා ගන්න. කූඤ්ඥ හරිගස්ස ගන්න. සංග්‍ර‍හ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියා ගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ.

උපුටා ගැනීමකි !
සියලු අයිතීන් කතෘ සතු වේ...

ප්‍රධාන දොරටුවනිවසක ප්‍රධාන දොරටුව වූ කලී එහි ප්‍රාණය බඳු වේ. ප්‍රධාන දොරටුව දෝෂ සහිත වූයේ නම් එම දෝෂය නිවැසියාට ඉඳුරාම ...
13/11/2021

ප්‍රධාන දොරටුව

නිවසක ප්‍රධාන දොරටුව වූ කලී එහි ප්‍රාණය බඳු වේ. ප්‍රධාන දොරටුව දෝෂ සහිත වූයේ නම් එම දෝෂය නිවැසියාට ඉඳුරාම බලපාන බව වාස්තු විද්‍යා පූර්වාචාරීන්ගේ මතයයි.

ප්‍රධාන දොරටුව සඳහා පාද පිහිටුවීම,
පාද සලකුණු කරනු ලබන්නේ දක්ෂිණාවර්ත ආකාරයෙනි. සාමාන්‍යයෙන් අට දිශාවෙන් අනු දිශා යොදාගෙන මංගල ද්වාරය තැබීම සිදු නොකෙරේ.
ගෘහයේ ප්‍රධාන දොරටුව පිහිටුවන අක්ෂයේ දිග සමාන කොටස් නවයකට බෙදිය යුතුය. ඉන් එක් කොටසක් පාදයක් වේ. වාස්තු විද්‍යානුකූලව ප්‍රධාන දොරටුව සඳහා පාද බෙදීමේදී දක්වා ඇති පාද නවය පහත අයුරින් පූර්වාචාරීන් විසින් පැහැදිලිකොට ඇත.

01. ශිඛි පාදය
ප්‍රධාන ද්වාරය සඳහා සුදුසු නැත.
ස්වාභාවික විපත්වලට මුහුණපෑමට සිදු වේ.

02. පර්ජන්‍ය පාදය
මෙය ද සුදුසු නැත.
ස්ත්‍රීන් වඳ බව, කනවැන්දුම් බව හා විවාහ නොවූ කාන්තාවන් පහළ වන්නේ යැයි නිගමනය කෙරේ.

03. ජයන්ත පාදය
මෙම පාදය ඉතා ශුභ පාදයකි.
ධන ධාන්‍යාදි සම්පත් ළඟවෙයි.

04. මහේන්ද්‍ර පාදය
මෙය ද ඉතා ශුභ වේ.
ගෞරවණීය තත්ත්වයක්, උගතුන් කුලවතුන් ඇසුරු කිරීම නිතැතින්ම හිමි වෙයි.

05. සූර්ය පාදය
මෙම පාදය ශුභ නොවේ.
රාජ භය, ගිනි භය සහ නීති ප්‍රශ්න මතුවිය හැකිය.

06. සත්‍ය පාදය
ප්‍රධාන ද්වාරයට සුදුසු නොවේ.
අනුන්ගේ රැවටිලිවලට, වාස්තු හානි හා අඩදබරවලට හේතු වේ.

07. භෘෂ පාදය
සුදුසු නැති පාදයකි.
නිවැසියන් කෘෘර ගති ඇත්තෝ වෙති.

08. අන්තරීක්ෂ පාදය
මෙම පාදය ද ශුභ නොවේ.
භූමි දෝෂ, ලෙඩ රෝගවලට ගොදුරු වීම, මානසික ආතතියට ලක් වීම සිදු වේ.

09. අනල පාදය
මෙම පාදය ද අත්හළ යුතු පාදයකි.
රෝග පීඩා, ගිනි බිය, වස විස බිය, ආයුධ බිය ආදිය බලපායි.

Address

Malkaduwawa
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Jayakodi Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayakodi Construction:

Share