Future Fantasy

Future Fantasy FUTURE, FANTASY, TECHNOLOGY, MILITARY ARTS & GRAPICS Image Gallery

 ුරංගනාවිය 🖤🧚🤍ඉබාගාතෙ ඇවිදගෙනකෙලවරක් නොපෙනෙඅගක් මුලක් නොපෙනෙනගැටලු ගොඩක හිරවීගෙනකාලය ගත උනා ඔහොම ඇය හමුවන තුරුමකවුද ඇය ක...
16/10/2024

ුරංගනාවිය 🖤🧚🤍

ඉබාගාතෙ ඇවිදගෙන
කෙලවරක් නොපෙනෙ
අගක් මුලක් නොපෙනෙන
ගැටලු ගොඩක හිරවීගෙන

කාලය ගත උනා ඔහොම
ඇය හමුවන තුරුම
කවුද ඇය කියා ඔබ ඇසුවම
කතාව පටං ගත්තා මෙහෙම

ඇයි ලස්සන පියකරුය
ඇගෙ ලස්සන නොදෙවෙනිය
හම කිරිගරුඬ පැහැතිය
තොල් වල රතු උලාගෙනය

දකින පිරිමියෙකු වරෙක
හැරී ආපසු බලන තරමෙක
ලස්සනකි ඕනිම විටක
එ වගෙම ඈ උගත්ය

කලින් කතා කරත්
මෙවර ආසා නිසාත්
නැවතී දොඩමළුව
මා විචාරා විස්තර

පොත් අතර සිහින ලොවක
ඇය පාවී යන සැටියක
හිතෙනවට වඩා තරමක
ඈ හිටියෙ දැනුම් මට්ටමක

ඉඳින් මා ඇය ලඟ නතර විය
වදන් පෙලවල් හුවමාරු විය
පිපෙන්න එ එලිය ඇති විය
ආදර මල මා සිතේ පිබිදිය

ඇයට මා නිතරම සැකය
විශ්වාසය නොපෙනෙ සේය
නමුත් මා ඇය⁣ට ආදරේය
ඈ මට ආදරෙ නොමැතිය

විචාල කල ඇගෙන් හේතුව
ඇය පිරිමි සංහතියට යැද්දාය
මා කාරනා තේරුම් කාලාට
ඇය කිසිවක් නොපිලිගත්තාය

ඇයට පෙම්වතුන් බොහො සිට
ඔවුන් නික්මි ගිය ඇත්තා සේය
ඒවාට ඇයට හේතූන්ද ඇතිය
මා තවත් විස්තර ඇසුවේය

ගනන් කිරීමට මට ඇගිලි නැත
එ ඇයිදැයි සිතාගත නොහැක
ආදරෙ මෙපමන කලෙ ඇයිද
මට වූ ප්‍රශ්නය එපමණය

ඇගෙ අවසාන ආදරෙ මතකය
ඇයට විඳවන්න සැලැස්වු සේය
පශ්චාත් තාපය ගෙවෙන ⁣සේය
ඇය කැම කන්නෙම නැත

දෑතින් හිස අල්ලාගෙන ඇය
දවස කල්පනාවෙ ඉන්න ඇතිය
කැම රුචිය නැති වී කලෙක
බත්ඇට අහුලාගෙන කැවාය

ඇගේ දුක තාම අවසන් නැත
ශේෂ වූ තුවාල රිදුම් දෙයි සේය
ඇය ඇගෙ කොටසක් ඔවුන් හා
ඉතිරිකර පැමිණි බව මතකය

කාලය ඇයව නැගිටුවාලීය
ඇය දැන් ආදරෙ නොකරන්නීය
ඇගෙ සිත ගල් ගැසී ඇතිය
ඇය දැන් හිත නැති සිරුරකිය

හමු වූ පලමු දින මෙසෙ ඇසීය
ඇය ඇසුවේ නිවන ගැනය
මට වචන පවා අමතක විය
නමුත් අප එය කතා කලේය

ආදරේ තේරුම සොයමින
මා ගෙවන කාලයට
මට හමු වූ යුවතියට
මා සලකනුයෙ කෙසෙද

ඇයට මා රුව අමතකය
ඇයට කම්පා නොනැගෙය
මා ආදරෙයි යැයි පැවසුවද
ඇයි ඇසුවෙ එ මොකද ය

දැන් මා ආදරෙ තේරුම දනිමි
ආදරය යනු පරිත්‍යාගයකි
මා දැන් වතුර පිරුන උල්පතකි
මා සිඳුන විලකට වතුර පුරවති

ඈ දැන් සහෝදරියක සේය
මියගිය ආත්මය පොලවේය
පන දෙන වෙදදුරු මමය
ආදරෙ එන්නත තාම දෑතේය

ඇගෙ හදවතට අඟුළු ලා ඇත
මසාලීමටවත් එය විවර නැත
ඉදිකටුව සහ නුල පෙන්නුවද
ඇය අගුලු අරින්නේම නැත

තාමත් ඇයට මා ගැන සැකය
මා නපුරෙකු වුවද ඇයට නැත
අල්පයකවත් වරදක් සිත තුල
ඇය පිලිබද මගෙ නම් නැත

ඉඳින් මා සමඟ සිට ඇය
වර්තමානයෙ සිට අනාගතයට
මෙයට නම් කෙලවර නැත
නමුත් සැමදා අප යහළුවන්ය

කළුයි සුදුයි හැමදාමත් යාළුයි🤍🖤

~ #පාටවල_කතන්දරය~ඉස්සර ලෝකෙ රාජධානි දෙකයි තිබුනෙ. එකක් හොද අනික නරක. හොද රාජධානියයෙ හැමොම සුදු පාටලු. කළු රාජධානියෙ හැමො...
16/09/2024

~ #පාටවල_කතන්දරය~

ඉස්සර ලෝකෙ රාජධානි දෙකයි තිබුනෙ. එකක් හොද අනික නරක. හොද රාජධානියයෙ හැමොම සුදු පාටලු. කළු රාජධානියෙ හැමොම කළු පාටලු. ඔය රාජධානි දෙක නිතර යුද්ධ කලාලු. ඒත් කවදාවත් එ රාජධානි දෙකෙ දෙන්නෙක් විවාහ වෙලා නැලු. එ සුදු රාජධානියෙ රජතුමාට හිටියෙ දුවෙක්. කළු රාජධානියෙ රජතුමාට හිට්යෙ පුතෙක්. එක්තරා දවසක සූර්යග්‍රහනයක් බලන්න හිතල කළු රාජධානියෙ රජතුමාගෙ පුතා සමකයට ආවලු. එ සූර්යග්‍රහනයම බලන්න සුදු රාජධානියෙ රජතුමාගෙ දුවත් ආවලු. මෙ දෙන්නම ඇවිත් තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වගෙ වෙස් වලාගෙන. සුදු රාජධානිය සහ කළු රාජධානිය සම්බන්ධ කරන්නෙ පාලමකින්ලු. මීට කලිං එයාල සුර්යග්‍රහනයක් දැකල තිබුනෙ නැති අයලු. අන්තිමට සුර්යග්‍රහනය වෙලාවෙ සඳ ඇවිත් ඉර ගිල ගද්දිම පරිසරය අඳුරු උනාලු. මිනිස්සු දුවන්න පටං ගත්තලු. කළු රාජධානියෙ කුමාරයට සුදු රාජධානියෙ කුමාරිව හම්බ වෙන්නෙ මෙ වෙලාවෙදි. කළු රාජධානියෙ කුමාරය සුදු රාජධානියෙ කුමාරි පාලමෙන් වැටෙන්න වගෙ යද්ද අල්ලගත්තලු. අන්තිමට ඔන්න ඔහොමලු එ ආදරෙ පටං ගත්තෙ. මෙකට දෙපැත්තෙම තාත්තල දෙන්නානම්. කැමති වෙලා නැ. මෙ නිසා මෙ දෙන්නා තීරණය කරාලු පැනල යන්න. මෙ දෙන්නා දවසක් පැනල ඇවිදින් මෙ රාජධානි දෙකෙන්ම ඇතක යන්න බෝට්ටුවක් ගත්තලු. අන්තිමට මෙයාල දෙන්නට හම්බුනාලු රාජධානිය දෙකෙන්ම වෙන් වෙච්චි දූපතක්. එහෙ එයාල ගිහිං හදාගත්තලු ලස්සන ගෙයක්. එයාලට ලමයි 3 දෙනෙක් හම්බුනාලු. එ තමයි රතු නිල් කහ. රතු සහ නිල් කියන්නෙ දඩබ්බර පිරිමි ලමයි දෙන්නෙක්. කහ කියන්නෙ අහිංසක ගැනු ලමයෙක්. එකතරා දවසක ආයෙමත් එකපාරටම මහ දවාලෙ අඳුරු වෙන්න පටන්ගත්තලු. ලමයි ගොඩක් බය උනාලු. අම්මා වත්තෙ රෙදි වනන ගමන් හිටියෙ. තාත්ත මාළු බාන්න ගිහිංලු. ලමයි ඉන්න දිහාවට බොට්⁣⁣ටුවක් ආවලු. එ බොට්⁣⁣ටුවෙ හි⁣ටියෙ තාත්තගෙ ජාතියෙ කළු අයලු. එයාල හෙව්වෙ තාත්තව. එයාල තාත්තව බලෙන්ම අරං ගියාලු. අම්ම තාත්ත නැති දුකින් ඉදල කාලයත් එක්ක මැරිල ගියාලු. මං මෙ කතාව ශෘංගාරාත්මක කරන්න කැමති නැ. නමුත් අනික් පා⁣ට ඇති උනෙ දූපතෙ ඉතුරු වෙච්චි ලමයි තුන්දෙනාගෙන්ලු..!


~Future Writer ✍🏻

Address

Mabole

Website

Alerts

Be the first to know and let us send you an email when Future Fantasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share