Saubhagya Homes

Saubhagya Homes House designs ,Constructions and Property Developers

14/02/2022
2022 නව වසරට 🏘  කාමර දෙකක අර්ධ  සුඛෝපභෝගි නිවසක් ලක්ෂ 40ට සෞභාග්‍යා හෝම්ස් වෙතින් 🏘️ 02  Room  Semi Luxury Home for 4mil...
16/01/2022

2022 නව වසරට

🏘 කාමර දෙකක අර්ධ සුඛෝපභෝගි නිවසක් ලක්ෂ 40ට සෞභාග්‍යා හෝම්ස් වෙතින්

🏘️ 02 Room Semi Luxury Home for 4million from
Saubhagya Homes

👉 සෞභාග්‍යමත් නිවසක් තනාගැනීම
බොහෝ දෙනෙකුගේ ඉමහත් අපේක්ෂාවකි,
එකිනෙකට වෙනස් ආර්ථික රාමුවක් තුල
ජීවත්වන අපගේ අපේක්ෂාවන් ද වෙනස්ය.
ඒ නිසාවෙන්ම කැදැල්ලක සිහිනයන්ද
වෙනස්ය. දිනෙන් දින සිත් ඇදගන්නාසුලු
විවිධ නිර්මාණත්මක නිවාස සැලැසුම් අප
සිත් ඇද බැඳගන්නේ ඒ නිසාය. 2022 වසරේ අප පාරිභෝගිකයන් සිය ගණනකගේ බලවත් ඉල්ලීම නිසාම මෙම සැලසුම ඔබ වෙත ඉදිරිපත් කරමු, මෙම මිල ගණන් 2022 පෙබරවාරි 15දින දක්වා පමණක් වලංගු වේ.

🟤 වයඹ පලාතෙන් ආරම්භ කල අපගේ
ව්‍යාපෘති, වයඹ , බස්නාහිර මෙන්ම මධ්‍යම
පලාත අභිමානවත් නිවාස ඉදිකිරීම්
වෙනුවෙන් ජනතා විශ්වාසයේ පෙරමුණ
ගැනීමට හැකිවීම "SAUBHAGYA HOMES "
අප ලැබු මහත් ජයග්‍රහණයකි.

👩‍⚖ අප සමාගම පිලිබඳව පූර්ණ විශ්වාසය
තැබූ සුවහසක් අප සේවාදායක මහත්ම
මහත්මීන් වෙත නැවත නැවතත් අපගේ
ස්තූතිය පිරිනමමු,

🟤 මධ්‍යම පාන්තික තනිමහල් ආදර්ශ නිවාස
සැලැසුමක් ඉදිරිපත් කිරීමට අප මෙසේ
උත්සාහය කලෙමු.

👉 අප ඔබට ලබාදෙන ගාස්තුව අය නොකරන
(නොමිලේ ) සේවාවන්
1️⃣ ඉඩමට පැමිණ භූමි පරික්ෂාව
2️⃣ පලාත් පාලන ආයතනයෙන් සඳහා සැලැසුම්
3️⃣ ත්‍රීමාන සැලැසුම් හා බාහිර සජීවිකරණය
4️⃣ බැංකු ණය සඳහා ඇස්තමේන්තු
5️⃣ පිලිගත් ඉදිකිරීම් උපදේශක සමාගමක
අධීක්ෂණය හා උපදේශන සේවය
6️⃣ සුදුසුකම් ලත් ගෘහ නිර්මාණශිල්පි
(ඉංජිනේරු ) සේවය.
7️⃣ ඔබට අවශ්‍ය පරිදි සැලැසුම් වෙනස් කිරීම

🏘️

✅ කාමර 02ක අංගසම්පූර්ණ මෙම තනිමහල්
නිවස වර්ග අඩි 730කින් සමන්විතයි.
✅ කාමර - 02
✅ විසිත්ත කාමරය
✅ මුලුතැන්ගෙය
✅ නානකාමර 01
✅ ඉදිරිපස වැරන්ඩාව
✅ රථගාල
✅ සම්පූර්ණයෙන්ම ටයිල් පොලොව .
✅ තත්ත්යෙන් උසස් ඇලූමිනියම් දොර ජනෙල්.
✅ අංගසම්පූර්ණ නානකාමර කට්ටලය.

👉 වැඩි විස්තර සඳහා 0761394270 අංකයට whatsapp , viber , Imo රික්වෙස්ට් කරන්න. (ඉන්බොක්ස් විමසීම සඳහා පිලිතුරු නොකෙරේ )

🇱🇰 මිල ලක්ෂ 40කි.

Architectural Designer Mr Eng; Yohan Niluksha
Structural Consultant The Projects Consullting Corporation ( Pvt)Ltd, (The member of The Institution of Structural Engineers -UK)

SAUBHAGYA PROPERTY HOLDINGS (PVT)LTD
No 42/B, Kandy Road, Pilessa, Kurunegala
☎ 0373 164 520 | 0374 550 966
📲 0761 394 270 | 0761 394 271
0761 394 277 | 0761 394 273
E-mail : [email protected]
Member of International Association of Engineers - Hong Kong
Company Registered No : PV 00232989

ගොඩ දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි ගෙවල් හදනකොට යොදාගතයුතු  සුදුසුම කම්බි වර්ග තෝරාගන්නෙ  කොහොමද කියන  කාරනය. කලින් සිමෙන...
18/12/2021

ගොඩ දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි ගෙවල් හදනකොට යොදාගතයුතු සුදුසුම කම්බි වර්ග තෝරාගන්නෙ කොහොමද කියන කාරනය. කලින් සිමෙන්ති ගැන සම්පූර්ණ විස්තරයක් මම කියලා දුන්නා මතක ඇති. ඒසේම යකඩ ගැනත් නිවැරදි විස්තරයක් පලකරන ලෙස කීපදෙනෙක් මගෙන් ඉල්ලා තිබුනා. එනිසා යකඩ ගැන පැහැදිලි විස්තරයක් හැමෝගෙම යහපත උදෙසා පල කරමි.

විශේසයෙන්ම නිවාස ඉදිකිරීමේදී යකඩ බාවිතා කරන්නෙ කොන්ක්‍රීට් මහල් නිවාස තැනීමටයි. බේස් පතුල් දමා කොන්ක්‍රීට් කනු දැමීමට, ප්ලින්ත් බීම් දැමීමට , ටයි බීම් දැමීමට, ස්ලැබ් දැමීමට ප්‍රදාන වශයෙන් යකඩ බාවිතා කරයි. එනිසා යකඩවලින් වැරගැන්වූ කොන්ක්‍රීට් වලට RCC කොන්ක්‍රීට් කියා කියනු ලබයි. ( Reinforced Cement Concrete )

පොලොව අභ්‍යන්තරයෙ පස් හා මිශ්‍රිතව පවතින යකඩ කනිජය යපස් ලෙස හදුන්වයි. මෙම යපස් උනුකර යකඩ පෙරා ඉවත්කරගෙන සෘජුකොණාශ්‍ර අච්චුවලට දමා සිසිල් කිරීමේදී යකඩ දඩු වශයෙන් ඝනීබවනය වේ. මේ යකඩ දඩු බිලට් යනුවෙන් හදුන්වයි. මේවා පිරිසිදු යකඩ වෙයි. මෙම යකඩ උනුකර එයට වෙනත් මූලද්‍රවය එකතු කර විවිද යකඩ වර්ග නිපදවයි. කාබන්, ටයිටේනියම් වැනි මූලද්‍රවය තමයි වැඩිපුරම යකඩවලට එකතු කරන්නෙ. තව බොහෝ දේ මිශ්‍ර කර විවිද යකඩ තැනිය හැක. වානේ සහ සුදු යකඩ ඔබ හොඳින් දන්නා තවත් යකඩ වර්ග දෙකකි. අවස්‍යතාවයට අනුව විවිධ යකඩ නිස්පාදනය කරගැනීමට හැකියි.යපස් බහුලවශයෙන් චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවතී.

නිවාස ඉදිකිරීමේදී බාවිතා කරනු ලබන්නෙ කාබන් අඩු ප්‍රතිශතයක් එකතු කර නිපදවන mild steel ( MS යකඩ) නම්‍ යකඩ වර්ගයයි .කාබන් ප්‍රතිශතය වැඩිවන විට යකඩ වල තදගතිය වැඩිවේ. එවිට යකඩ කම්බිවල ඇදෙන ගතිය අඩුවී කැඩෙන ගතිය වැඩිවේ. ඔනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී කොන්ක්‍රීට් වලට බර දරාගන්න බැරිවනවිට යොදා ඇති කම්බි යම් ඇදීමට ලක්වීහෝ නොකැඩී තිබීම ඉතා වැදගත් කාරනයක්.එසේ වීමෙන් සිදුවන හානි අවමවේ. එසේම කම්බි නොකැඩී vibration වලට ඔරොත්තු දෙන හෙයින් mild steel ගොඩනැඟිලි ඉදිකිරීමට යොදා ගනී. යකඩ බරින් 0.05 - 0.25 අතර සුළු ප්‍රමානයක් mild steel තුල කාබන් අඩංගුවේ.එනිසා low carbon steel ලෙස හදුන්වයි. මෙම යකඩ වලින් මහල් නිවාස ඉදිකිරීමේදී බාවිතා කරන විශ්කම්බය 6 mm, 8 mm, 10 mm, 12 mm, 16 mm යනාදී විස්කම්බ වලින් සමන්විත කම්බි කුරු නිස්පාදනය කර ඇත.

තවත් සමහරු ඉහතකී බිලට් වලට පරන අබලි යකඩ 0 - 30 % දක්වා විවිද ප්‍රමානයන්ගෙන් එකතු කර උනුකර ගොඩනැඟිලි ඉදිකරන කම්බි කූරු නිපදවා ඇත. මේ යකඩ වර්ග සියල්ලම විවිද නම්වලින් වෙළදපොලේ විකිනීමට ඇත.ලාබ ඉපයීම වියාපාරිකයින්ගේ නියාය නිසා කවුරුත් වගේ අබලි යකඩ යම් යම් ප්‍රතිශත වලින් එකතුකිරීම සිදුකරනු ලබයි. එහි වරදක්ද නැත.යකඩ කම්බිකූරු වල ප්‍රමිතිය ලංකාවෙ නම් SLS 375 :2009 ට අනුවත් අනිකුත් රටවල BS 4449:2005 ට අනුවත් නිපදවේ. දෙකේම ඇත්තේ එකම ප්‍රමිතියයි.

බර වැටීමේදී යකඩ කම්බි කූරු නොකැඩී දරාගත හැකි උපරිම ශක්තියකින් යුත් කම්බි තමා හොඳම කම්බි. බර වැටීමේදී කම්බිකූරු ඇදීම මුලින්ම සිදුවේ. පසුව කැඩී යයි. කැඩීයාමට පෙර උපරිම වශයෙන් ඇදෙන සීමාකාරී අවස්තාවේ කම්බියට දරාගත හැකි උපරිම බලයට maximum tensile strength එක කියලා කියනවා.මේ බලය මනින්නෙ N/mm2 යන ඒකකයෙනි. මේ අගය 540 N/mm2 වඩා වැඩි කම්බි ඉදිකිරීම් වලට සුදුසුයි. යකඩ කම්බි කූර කැඩෙන්න පෙර කම්බියේ තිබුනු දිගට වඩා වැඩිපුර ඇදුනු ප්‍රමානය කම්බියේ මුල් දිගට සාපේක්සව ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එයට කියන්නෙ Elongation කියලා. යකඩ කම්බි කූරු කැඩෙන්න පෙර වැඩිම ප්‍රතිශතයකින් ඇදෙන කම්බි තමයි ඉතාම හොඳ. මේ ඇදෙන ප්‍රතිශතය 14% -18% අතර තියෙනවානම් ඉතා හොඳයි. ඒ වගේම වැඩිම tensile strength එක තියෙන කම්බි කූරු තමයි හොඳම කම්බි. ඔය කරුනු දෙකම සපුරාලන යකඩ කම්බි තමයි ගොඩනැගිලි හැදීමට යොදා ගන්නෙ. එසේ නැතුව Tensile strength එක වැඩිවූ පමනින් එම කම්බි සුදුසුයි කියන්නෙ යකඩ ගැන නොදන්නා අයයි. ඔන්න ඔහොමයි යකඩ කම්බිවල හොද නරක තෝරන්නෙ..

කම්බි කූරකට නොකැඩෙන සේ ඒ මත බලයක් යෙදුවම කම්බිය ඇදෙනවා.එම බලය ඉවත්කලාම නැවත කම්බිය පෙර තිබූ තත්වයටම පත්වෙනවා නම් කම්බියේ ව්‍යූහාත්මක වෙනසක් වෙලා නැහැ. රබර් පටියක් ඇදලා අත ඇරියම නැවත තිබුනු ත්ත්වයට පත්වෙනවා වගේ සිද්දියක්. එසේ කම්බිය නොකැඩී, වියූහයේ වෙනසක් නොවී උපරිම වසයෙන් කම්බිය ඇදෙන්න ලබා දියයුතු ශක්තියට කියන්නෙ yield strength කියලා. මේක මනින්නෙත් N/mm2 යන මිනුම් ඒකකයෙන්. මේකම Mpa කියන මිනුම් ඒකකයෙනුත් මනිනවා. දෙකම එකයි. එතකොට Max. tensile strength එක වැඩි අගයකුත් Max. yield strength එක අඩු අගයකුත් ගන්නා බැව් පැහැදිලි වෙන්න ඇති.

කම්බිකූරු වලට දරාගතහැකි ශක්තිය කම්බියේ සඳහන් කරයි. එය yield strength එකට අදාල බලයයි. සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ රටවල එක් එක් අවස්‍යතා මත විවිධ යකඩ නිපදවයි. ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා Mild steel වර්ග රාශියක් ඇත. ඒවා Fe 415, 415D, 450,500, 500 D, 550, 550D, 600 ආදී වශයෙන් වේ. එනම් yield stress එක (415 - 600) N/mm2 අතර පවතින යකඩ කම්බි රාශියක් නිපදවනු ලබයි.

වෙළඳපොලේ යකඩ කූරු වර්ග කීපයක් පවතී. ඒවා TMT, QST, CTD, CRS, TMX, HYSD ආදී වශයෙන් හදුන්වයි.. අපේ රටේ දැන් බාවිතා වන්නේ TMT- 500 සහ QST-500 යන වර්ග දෙකයි. CTD (tor steel) ඉස්සර බාවිතා කලා, දැන් බාවිතයේ නැහැ.

එතකොට TMT - 500 කියන්නෙ yield strength එක 500 N/mm2 කියන එකයි. TMT - කියන්නෙ යකඩ නිෂ්පාදන ක්‍රියාවලියක්. Thermo Mechanical Treatment කියන නිෂ්පාදන ක්‍රියාවලියයි.

QST -500 කියන්නෙ yield strength එක 500 N/mm2 කියන එකයි. QST කියන්නෙ Quench & Self Tempered කියන එකයි. ඒක නිෂ්පාදන ක්‍රියාවලියයි.

Fe 500 TMT rebar කියා හෝ Fe 500 QST rebar කියා කම්බිකූරුවල සදහන් කර තිබෙනවා ඔබ දැක ඇත. ඊට අමතරව නිෂ්පාදකයාගේ Brand Name එක සදහන් කර ඇත. (Lanwa, Melwa, Melbn, GTB, SR, CN, Gjaba, BSI ආදී වශයෙන්. ) දැන් යකඩවල ලියා ඇති වැකි ගැන ඔබට වැටහෙනු ඇතැයි මම විස්වාස කරමි. තව බොහෝ දේවල් කියාදීමට ඇති නමුත් ඒ සියල්ල ඔබට වැදගත් නැත. Hot rolled steel bar සහ Cold rolled steel bar යන නිෂ්පාදන ක්‍රියාවලි වැදගත් වෙයි. නමුත් ඒ දෙක අතර ඇත්තේ tensile strength එකේ සහ Elongation එකේ වෙනස්කම් දෙකකි. ඉහතකී ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති යකඩ ඔනෑම වර්ගයක් ඉදිකිරීම්වලට සුදුසුයි. යකඩ කූරු කැබැල්ලක් රැගෙන tensile strength පරීක්සාව සිදුකරලා බලාගන්න පුලුවන් කම්බිකූරේ ගහලා තියෙන ශක්තිය තියෙනවද කියලා. ඉතාම සරල පරීක්ෂණයක් ඒක. දැන් ඉතින් යකඩ තෝරාගැනීමේ ප්‍රස්නයට නිසි පිලිතුරු ඔබට ලැබෙන්න ඇතිකියා මම විස්වාස කරමි.එනිසා විසයකරුනු ගැන නිසි දැනුමක් නැතිව නිවාස ඉදිකිරීම් group හරහා ජනතාවට වැරදි උපදෙස් දෙන උපදේශකලාගෙන් ආරක්ෂාවීම ඔබ සතු වගකීමකි.

cc
Anura Rathnayake

Ongoing site wariyapola Consultant site visitConsultant : The Projects Consulting  Corporation (Pvt) Ltd.
19/11/2021

Ongoing site wariyapola
Consultant site visit
Consultant : The Projects Consulting Corporation (Pvt) Ltd.

Today start a new construction site At  Kiribathkumbura , Kandy.
08/09/2021

Today start a new construction site
At Kiribathkumbura , Kandy.

Today start a new construction site at wariyapola, Kurunegala .
08/09/2021

Today start a new construction site at wariyapola, Kurunegala .

22/08/2021

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද

අද අපි සිමෙන්ති ගැන කතා කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට හොල්සිම්,සංස්ථා ,ටෝකියෝ සුපර්,අල්ට්‍රාටෙක්,අම්බුජා. මේ බ්‍රෑන්ඩ් නේම් එක .ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදිත සමාගමේන් දීපු නම.
කොහොම උනත් සිමෙන්ති කොට්ටයක ගහපු විස්තර හොඳින් බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් 1247 හෝ 107 හෝ 1253 කියන නොම්මර .

ඔය 107,1247,1253 නොම්මර වලින් කියන්නේ SLS Standrad එකක් .වෙනත් වචන වලින් කියනවා නම් ලංකාවේ ප්‍රමිති ආයතනය සිමෙන්ති සඳහා දුන් ප්‍රමිති සහතිකයට අනුකූලව නිපදවලා තියෙනවා කියලා තමා ඕකෙන් කියන්නේ .

මොකක්ද ඔය 1247 ,107 සහ 1253 කියන්නේ.කොන්ක්‍රිට් එකට වැඩිය හොඳ ඔය දෙකෙන් මොකක්ද? බැම්මට සහ කපරාරුවට වැඩිය හොඳ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම නොදැනුවත් කම නිසා සිදුවෙන වැරදීම් වගයකුත් තියෙනවා.

මුලින් අපි බලමු 107 සිමෙන්ති කියන්නේ මොකක්ද කියලා.107 සිමෙන්ති කියන්නේ සාමාන්‍ය පොට්ලන්ඩ් සිමෙන්ති.සරලව කියනවා නම් අමතර මුකුත් කලවම් නැති පරණ තාලේට හදපු සිමෙන්ති.එතකොට 1247 කියන්නේ මොකක්ද? ඒ තමා flyash මිශ්‍ර කරපු සිමෙන්ති . Flyash කියන්නේ මොනවද කියලා වෙනම කියන්නම්. 1253 එන්නේ හුණුමිශ්‍ර කරපු සිමෙන්ති

ගෙවල්වල දාන පොඩි පොඩි කොන්ක්‍රිට් සදහා ඔය 107,1247 සිමෙන්ති දෙකම ඉතාම හොඳයි.ඔය දෙකේ වෙනස ගෙයකට දාන පොඩි කොන්ක්‍රිට් එකකදී නොසැලකිය හැකිතරම් කුඩායි.ඒ නිසා ගෙදරකට ඔය මොන නොම්මරේ සිමෙන්ති භාවිත කරලා කොන්ක්‍රිට් දැම්මත් එකයි.හැබැයි ඔබට කොන්ක්‍රිට් එකට හොඳම එක ඕනේ නම් 1247 තමා වැඩියෙන්ම හොඳ .තවත් එකක් මතක තියා ගන්න 1247 සිමෙන්තිය රුපියල් 70ක් විතර වැඩියි, 107 ට වඩා.

එහෙම නම් මොනවද මේ සිමෙන්ති වල වෙනස්කම්.1247 නොම්මරෙන් එන සිමෙන්ති ගත්තොත් ඒකට 107 ට වඩා සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අමතරව කලවම් කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා .එකක් තමයි මේ සිමෙන්තියේ තියෙන මලකෑමට ප්‍රතිවිරෝධී ලක්ෂණය. ඒ නිසා මේ සිමෙන්තිය පාලම්, මුහුද කිට්ටුව ඉදිකිරීම් ,පොළව යට ඉදිකිරීම් වලට හොඳ යි .ඒ වගේම විශාල කොන්ක්‍රිට් වියුහ වලදීත් යොදා ගන්න පුළුවන් .මොකද මේ සිමෙන්තියෙන් වෙන තාප විමෝචනය ගොඩක් අඩුයි .
උදාහරණයක් විදියට පිලිකා රෝගීන්ට විකිරණ ඇල්ලීමට හදපු කොන්ක්‍රිට් බන්කර් ගැන කියන්න පුළුවන් .මොකද ලංකාව පුරාම ඔය ඉදිකිරීම් වලට මං සම්බන්ධ වුනා .මේ කොන්ක්‍රිට් බංකර් වල බිත්ති අඩි 10 විතර පළලයි ඒ වගේම ස්ලැබ් එක අඩි 8 විතර ඝනකමයි.ඒ වගේ එකකදී අපි පාවිච්චි කරන්නේ flyash 20- 25% අතර තියෙන ඔය සිමෙන්තිය.මේ සිමෙන්තියේ තාප විමෝචනය අඩු නිසා කොන්ක්‍රිට් එක පුපුරන්නේ නෑ.එහෙම පිපුරුම් ඇති උනොත් විකිරණ කාන්දුවීමක් වෙන්න පුලුවන් නිසා ඉතාම උසස් තත්ව පාලනයන් යටතේ තමා මේ කොන්ක්‍රිට් වෙන්නේ. පල්ලෙහා මම ඇතුලත් කරපු පිංතූරයක ඇති තාප විමෝචනය සම්බන්දයෙන් ඔය කොන්ක්‍රිට් එකක කරපු උශ්නත්වය නිරීක්ශන කීපයකුත් .මම හිතන්නේ තාක්ෂණික කරුණු ගැන ගැඹුරට යන්න ඕනේ නෑ. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර කියලා දෙන්න පුලුවන්.

ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනව නම් කොන්ක්‍රිට් එකට වඩා සුදුසු මොන සිමෙන්ති ද කියලා වඩා සුදුසු 1247.හැබැයි 107 පාවිච්චි කරා කියලා ගෙදරක කොන්ක්‍රිට් එකකට කිසිම අවාසියක් වෙන්නේ නෑ.මොකද කොන්ක්‍රිට් ප්‍රමාණයන් පොඩි නිසා .

ඒ වගේම මතක තියා ගන්න 1253 එන හුණුගල් මිශ්‍ර සිමෙන්තිය කොන්ක්‍රිට් වලට හොදම සිමෙන්තිය නෙමේ. ඒකට අමතරව එකතු කරලා තියෙනවා හුණු (Lime).ඒක වැඩියම සුදුසු කපරාරුවට සහ බැම්මට. කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් ඇති වෙන්න පුලුවන් මේ සිමෙන්තියෙන් කරන කොන්ක්‍රිට් එකට වතුර වැඩි උනොත්.මේ සිමෙන්තිය අඩු වතුර ප්‍රමාණයකින් අනාගන්න පුලුවන් නම් කොන්ක්‍රිට් එකට ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒක හරියට වෙන්නේ නැති නිසා 107 හරි 1247 හරි ගෙවල් වල කොන්ක්‍රිට් යන්න පුලුවන් නම් වැඩිය හොදයි.

කොන්ක්‍රිට් කියන්නේ ජලය ඇරුනාම මිනිස්සු වැඩිපුරම පාවිච්ච් කරන ද්‍රවයයක්.ඒ නිසා ඒකට අවශ්‍ය සිමෙන්ති නිශ්පාදනයේදී ලොකු පරිසර හානියක් වෙනවා.සිමෙන්ති නිශ්පාදනයේදී සිදුවන carbon footprint එක ගොඩක් වැඩියි.සිමෙන්ති අතරින් ටිකක් හෝ පරිසර හිතකාමී වෙන්නේ 1247 සහ 1253 නොම්මර වලින් එන සිමෙන්ති කියලා කියන්නත් ඔනේ.

ඉතින් ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට මේක කියවලා දැනුවත් වෙලා යන්න.එතකොට වැරදීම් සහ නොදන්නා මිනිස්සුන්ගේ බොරු කතාවලට ඇහුම්කන්න දෙන්න ඔනේ නෑ.

Address

Mawathagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771806902

Website

Alerts

Be the first to know and let us send you an email when Saubhagya Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share