12/06/2023
ඔබ ගොඩනැගිල්ලකට අනුමැතිය ලබා ගන්න සැලසුම් කරන්නෙක් නම් ඔබගේ සාමාන්‍ය දැනුමට ප්‍රයොජනවත් වේවි. රස්තියාදු නොවී තමන්ගේ බිම් කොටස සඳහා අනුමැතිය ගන්න හිතන කෙනෙක් නම් ඔබට පහත විස්තර සදහන් ලිපියෙන් කියැවෙන ලියකියවිලි සකස් කර ගත්තොතින් එක ලෙසියේන්ම කරගන්න පුලුවන් වේවි..👌
මහා නගර සභා වල හා ප්‍රාදේශීය සභා වල ගොඩනැගිලි අයදුම් පත්‍රය පොතක් විදියට තමයි ලැබෙන්නේ. ඉතින් අපි බලමු මේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමේදි මොනවාද අඩංගු වෙන්න ඕන කියලා. 💬
අයදුම්පත් ඉදිරිපත් කිරිමේ සුදුසුකම වෙන්නේ
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.(මොනයම් හෝ ඉදිකිරිමකදි )
1.අදාල බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
2.එම අනුමත මානක සැලැස්මේ (survey plan) පිටපතක් ඉදිරිපත්කල යුතුය.
3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, ඇතුළත් විය යුතුය.
4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.
6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම (structural engineer/charted engineer/electrical engineer/charted architecture.etc).
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 800ක් පමණ.
ඉදිරිපත් කලයුතු වේලාවන් :-
කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා – ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- එය ගොඩනැගිලි ස්භාවය අනුව වෙනස් වේ.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-
සති 02 ක් හෝ 08 ක් අතරතුර.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
1. නේවාසික 🏘️
*පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක් ( පාලාත් පාලන ආයතනය අනුව වෙනස් වේ
*ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.(වරිපනම් කියන්නේ මාර වටිනා ලියවිල්ලක් අනිවාර්යෙන් ගෙවන්න. දැනට ගෙවන්නේ නැත්තන් හද ගන්න )
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ හෝ වරලත් ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
*ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
2. වාණිජ හා කර්මාන්ත. 🏦🏫🏛️🏪
*ප්‍රාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03/04 ක්
*ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
*ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
*කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.
වැඩි විස්තර නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් ලිපිනයට ගිහින් බලා ගන්න..🔎🙏
http://www.uda.gov.lk/index.php?optiid=205&lang=si
කුමන හෝ ගොඩනැගිල්ලක් තනන්න ඔබ අදහස් කරනවා නම් ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.
කොහොමද රජයේ නිතියට අනුව තමන්ගේ සැලසුම් සකස් කර ගන්නේ කියලා ඔබට යම් අදහසක් ලබාගන්න සහ ඔබ මහන්සියෙන් උපයපු ධනය නාස්ති නොවන විදියට කලමණාකරනය කර ගන්න ඔබට හැකි වේවි.
නිවාස ඉදිකිරීම් හා බැඳුණු නගරසභා නීති – නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු
1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.
2. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.
මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය.
SSR Designers & Consultancy Services
Contact us for all your house designs
071-3860290